Friday, December 23, 2011

අපිළිවෙල







මේ ඊයේ ගෙදර ඇති වෙච්ච රණ්ඩුවක්. ළමයෝ ගැණු ළමයෙක් නේද? ඔය කාමරේ අස් කර ගන්නකො කවුරු හරි අවොත් මොනවා හිතයිද ඔයා ගැන?. අනික මේ අවුරුද්ද කට මුල එක්ක. යතුර දීල යන්න අස් කරලා තියන්න. ගෙදර යනකොටම අම්ම කෑගහනවා. නැහැ මන් අස් කරන්නේ නැහැ. නොකිව්වත් ඒ විදිහටම බලාගෙන කාමරේ මගේ ලෝකේ තනි උනා. මේක මගේ ලෝකේ මේ මගේ තිබිරි ගෙය මට මේක අවුල් වෙලා තියෙන්න ඕනේ. ඒ අවුල මට සැපක්. ඒක සහනයක්. පිළිවෙලට තිබිච්ච ජිවිතේ අවුල් කර ඔයාට දැන්නෙන ඕනේ. මගේ අවුල රිදෙන්න ඕනේ.

දැන් ඔරවන්න එපා ඔයයි මේ තත්වෙට අදාල දැම්මේ. අම්මට හිතෙන් බැන්න මූණට ගිහින් බැන්නොත් එයා කදුළු පුරෝ ගන්නවා. එතකොට මගේ දුකට ඔය කදුළු වතුර දල බදාම හයි වෙනවා එලියට යන්නේ නැහැ ඉතින් හිත තවත් ගල් වෙනවා. කෝ මගේ හින? අර ඉස්සර ඔලුවේ තියන් හිටිය. තාම මතකයි වදපු හදපු අම්ම කිව්වා උබ වහටිකක් බිල මැරියන් අපේ පරම්පරාවට නින්ද කරන්නේ නැතුව. හිත ගැස්සුනා ඇත්තටම මැරෙන්න හිතුන. ඔව් අර මුහුද ගිල ගන්නකන් පිනුව එත් මගේ මර බිල්ල එපා කියල ගොඩට ගහගෙන ආවා. මතෙන් වගේ රේල් පාරේ ඇවිදන් ගිය කාලකන්නි ජිවිතේ ඇති කියල එත් කොහේදෝ යන එකෙක් අයෙත් ජිවිතේ ඇදල ගත්ත. මං මැරෙන්න බය නැහැ, හීනියට කෙදුරුවා එකම එක දවසක් විතරක් මගේ ජිවිතේ හදපු අම්මට ඕනේ උනා ඒ ලේ පෙරාගෙන වැටිලා ඉන්නකොට ජිවිතේ එක්ක පොර බදිනකොට. දාල
යන්න එපා කියල ඇඩුව එත් ජිවිතේ මාව අල්ලන් හිටිය මගේ කරුමෙට. 

අයෙත් දවසක් උබට පොවපු කිරි දෙන්න බැරි නම්. උගන්නපු සල්ලි අපහු ගෙවපන් කිව්වා. එදා ඉදන් අද වෙනකන් ගෙවනවා. එත් කවදාවත් අහල නැහැ උබ මේවා කරන්නේ කොහොමද කියල. නැහැ මං තවත් නය ගෙවන්නෙක් පමණයි. තවත් එක බෝඩින් කාරයෙක්. ඉතින් මොකටද මගේ ගැන? ඇයි අඩන්නේ? ඇයි හොයන්නේ? මං ගැන හෙව්වේ නැතිව හිටිය නේද? කියට ආවත් කමක් නැහැ කියාගෙන. දුක් දුන්න නේද මට මතක නැද්ද? බය වෙන්න එපා ඉන්නවා මං එත් හැගීමක් නැතිව.
 
කසාදෙ.... කවුද මාව බදින්නේ? මං ඇහුව එපා මට ඔය දේවල් මගේ හිත හිතලයි කාටවත් කගැනවත් හිතෙන්නේ නැහැ. අම්මෙක් ගලක් කරපු මේ  හිත තාත්තෙක්ගේ සෙනෙහස නොලබපු මේ ජිවතය. නැහැ නැතිව නෙමේ. එක වහලක හැගීම් තෙරුන් නොගත් පටලැවිල්ල.  කවුරු කොහොම උණු කරන්නද? මං ඇහුව. එපා මං තනියෙන් ඉන්නම් එකත් ඕගොල්ලොන්ට වදයක් නම් කියන්න මං යන්නම් යන්නම්. හැබැයි එදාට මං අඩන්නේ නැහැ. නිදහස මේ පර්චස් දහයට එහා ගිය ලෝකය. මේ තට්ටු වලට වැඩ උසට දැවෙන ගින්දර ඔව් මට නිවනක් ඕනේ. පැය අටක් මැරිලා මැරිලා ඇවිත් අහන ඔය බණට වඩා නිදහසක් සැනසීමක් ඕනේ අතින අතට මාරු වෙනවට වඩා, නෙලා ගත්ත මල් වට්ටියක සතුටක් ඕනේ. මන් අහිකුන්ටකහයි නවතින්න හිතෙන්නේ නැහැ එක තැනක. කොහොමද නවතින්නේ මෙච්චර ලොකු ලෝකෙක බැහැ මට නවතින්න නැවතිලා හැඩ ගැහෙන්න. ඇයි මං විතරක්? නවතින්න ඔයත් ජිවත් වෙමු අපි අපේ විදිහට බැදීමක් නැතිව නැහැ නිදියහන විතරක් නෙමේ මං කියන්නේ බලමු ලෝකෙට පේන අබුසමියන් වෙන්න. එත් කැමතිනම් විතරක් අවුලට 

තරහව, නැහැ ඒක දන්නෙත් නැහැ මේ හිතල ගල් වෙච්ච පපු කනත්තට. තරහ ගන්නේ මොකටද? නැහැ තරහව නෙමේ ඒක එබෙන්න එපා මගේ ජීවිතේට පිච්චිලා අළු වෙලා යයි. මේ දුම්වැටියට වඩා ඉකමනට. දුක හිතෙන්න මං ගැන නෙමේ මගේ හිත ගැන..

පිස්සුද උබට හිනා වෙලා ඉදපන්. හිනාව රවට්ටන්ද? උදේට අම්මේ මන් යනවා හිනාව. යනනේ අද අයෙත් නොයෙනම් කියන කුපාඩි හිනාව මත රැවැට්ටුව නේද හිනාව. ගිහින් එන්නම් කියන්න. නැහැ මන් යන්නේ එන්න නෙමේ. එන්න වාඩි වෙන්න හිනාවෙලා කිව්වම නැහැ එන්න එපා වාඩි වෙන්නත් එපා. මට ඕනේ නැහැ කවුරුවත් පිළිවෙල කරන්න මාව රැවටුන නේද හිනාවට 

23 comments:

  1. ..හිත ගල් පව්වක් වගේ දැඩි කරගන්න හැඳුවට ඔය හිත තාම දුර්වලයි...මවාගෙන ඉන්න ඔය හියහවෙ වෙස්මූන ටිකකට ගලවල...ඔය හිරකරගෙන ,තෙරපගෙන ඉන්න දුක වේදනාව...කාත් එක්ක හරි බෙදාගෙන ....කඳුලුවලින් හරි ගලාගෙන යන්න ඉඩ හැරියනම් .....හිතේ තියෙන බර පොඩ්ඩක් හරි සැහැල්ලුවෙයි........!!!

    ReplyDelete
  2. අනේ මන්ද මොනවා කියන්නද කියල හැබැයි හිතට දුක දැනෙනවා හිත පතුලටම'....

    ReplyDelete
  3. oya kohomada ohoma inne kiyala post 1k danna.. oya kohomada hitha haiya karagena okkoma duk hithe thiyagena jiwathwenne kiyala post 1k danna.Oya jiwithe dinanaheti kiyal post 1k danna... godak watiiwi oyage adahas.. athdekim..

    ReplyDelete
  4. ජීවිතේ කියන්නේ ඕන එකක්ට ඇවිල්ලා ලගා ගහගෙන ඉඳලා ඇති උනාම යන.., ඕනේ වුණා ම ආපහු එන්න තියෙන අම්බලමක් නෙවෙයිනේ.., ඉතින් එ බව දැන දැනත් ඇයි ඒ මතේම පිහිටලා ජීවිතේ අම්බලමක් කියලා හිතාගෙන එක එකාට උඹේ හිතේ නවාතැන් දෙන්නේ.., කල වැරදි බලලා ඊට කම්පා වෙනවට වඩා වැරදි අස්සෙන් හිනා වෙන්න බලපං..! වැරදි කල එකාට තමා ඒ වැරැද්ද කරන්න එපා කියලා උපදේසයක් දෙන්න වැඩියෙන්ම අයිතිවාසිකම තියෙන එකා.., ඒ නිසා ආවා වගේ තම දෙතුන් ගුණයක් දුර යන්න තියේන බව හිතේ තියාන නැගිටින්න ෆීනික්ස් කුරුල්ලා වගේ..!
    ජය!!

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්... අපි හැමෝ ම දුක තුරුළු කරගෙන මවාගත්තු හිනාවලින් තමා ජීවත් වෙන්නේ.... ඒත් හිත හයිය කරගෙන දුක් කඳුළු අතරින් මොහොතක ට හරි හිනාවෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා............

    ReplyDelete
  6. @නීල නේත්‍ර : එහෙම කරන එකත් ලේසි නැහැ. කදුළු වලට ඉඩ නැතිව ඉදල එක පාරටම එහෙම කදුළු එන්නේ නැහැ එක හරි අමාරු දෙයක්

    ReplyDelete
  7. @වැලිමැඩියා : දුක කියන එකත් එක්තර සීතලක් නේද?

    @නීල නේත්‍ර : කමෙන්ට් එක අයින් කරලා

    @1st Ano : අදහසට ස්තුති අනෝ එත් එක මහා අමාරු වැඩක්. කට හරි එකෙන් පණිවිඩයක් ගන්න පුළුවන් නම් ඉතින් උත්සහ කරන්නම්

    @Lishan Puwakowita : මන් නැගිටලා ඉවරයි. එත් පිච්චෙනවා අම්බානෙකට.

    @මහි : වෙන්න පුළුවන් එත් දැන් ඒවා ගැන එච්චාර හිතන්නේ නැහැ

    ReplyDelete
  8. මට නං ලියා ඇති දේ වැටහෙන්නේ නැහැ.

    ReplyDelete
  9. හ්ම්... තව ටික දුරයි සම්පූර්ණ නිදහසට... :)
    හිතේ තියෙන කේන්තිය අතඇරියනම් ඉතුරු ටික යන්න ලේසිවෙයි.. නැ කියල හිතුවට පොඩි කේන්තියක් ඇති හිතේ කොනක..

    මොන මඟුල වුනත් මේ පෝස්ට් එකට මම පට්ට ලයික් :)

    ReplyDelete
  10. හ්ම්ම්ම්.......... මට හිතෙන්නෙ ඔයා වෙන කාගේ හරි වරදකට, ඔයා ඔයාගෙන් පළිගන්නවා කියලයි...අනේ මංදා.. දුක හිතුනා. හැබැයි හිත ගලක් කරගෙන හරි ජිව්තේට මූණ දෙන්න පුළුවන් නම් ඒකට කමක් නැතිවෙයි. ඒත් ජීවිතෙන් පළිගන්න හදනවනම්, ඒක හරි නෑ...

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. සීතල උපදින්නෙ රස්නෙන්..... රස්නෙ නැත්තං සීතලත් නෑ.....ඔයා සීතලයි කියන හිත හොයන්නෙ මොකද්ද කියල ඕයා දන්නවද..... රස්නෙ.....රස්නෙ ඕන උනාම හිතට සීතල දැනෙනව....

    X-Porter

    ReplyDelete
  13. මේ බ්ලොග් එකේ කතෘ කියල තියනවනෙ එයාගෙ පෞද්ගලික අත්දැකීම් විතරක් නෙවෙයි අහන දකින දේවල් එක්ක ලියන්නෙ කියල. ඒක නිසා, මම මේ ලියන්නේ කතාවට අදාළ තැනැත්තිය ගැන සටහනක්.
    මේ තැනැත්තියගේ ජීවිතය සාර්ථක නෑ. ඇයි ඒ? අනිත් අයගෙ වරද නෙවෙයි. ඒ තැනැත්තියගෙ වරද.
    කොහොමද මං ඒ නිගමනයට ආවෙ?
    මේ ලියල තියන විදිහ බලපුවාම මට හිතාගන්න පුළුවන් ඇය කතා කරනව ඇත්තෙ ‍කොහොමද කියල.
    එහෙම කතා කරන කෙනෙකුට තවත් කෙනෙක් එක්ක සාමයෙන් ජීවත් වෙන්න බෑ.
    ඉස්සෙල්ලම තමන් හැදෙන්න. හිතේ වෛරය දුරු කරගන්න. වෛරයෙන් කතා කරනකොට ලියනකොට ලෝකෙ සමාජයේ ජීවත් වෙන්න බෑ.මේක අවසාන අවවාදයයි.

    ReplyDelete
  14. me kauruhari hutthek boru liyana wada koheda

    ReplyDelete
  15. හ්ම්ම් අක්කි ඔයා ගොඩාක් වෙනස්. මේ වෙනසට මම ගොඩාක් කැමති. දවසක මේ කතාව ඔයාගෙන් මම දැනගන්නවමයි..

    ජිවිතේ විනාශ කරගන්න එපා අක්කියෝ. අපිට කව්රු මොනවා කියලා අපිව පහලට ඇදලා දාන්න හැදුවත් ඒවාට යට වෙන්න එපා. ඔයාගේ හිත ගොඩාක් ශක්තිමත්, ඒ හිතට ඔය දේවල් දරාගන්න පුළුවන්. ඔව් මට විශ්වාසයි. ඒ නිසා ලස්සනට ජිවත් වෙමු අක්කියෝ. කා ගැනවත් හිතන්න එපා.

    ReplyDelete
  16. නීල නේත්‍ර මුලින්ම කියපු කථාවට එකගයි

    ReplyDelete
  17. සහෝදරී...අපි කිසිම කෙනෙක් අනිත් අයට කිසිම දෙයක් කරන්නේ නැහැ. අපි කරගන්නේ තමන්ටමයි.
    තමන් වෙනුවෙන් ජීවත් වෙන්න.
    ඔයාට ජය!

    ReplyDelete
  18. කතාව මැද ටික තේරෙන් නැටියෝ.. භාෂාව amuthuine..ඒ තරම් මල පනින්න දෙයක් කියල නැනේ මුලින් අම්ම..
    වෙන කතාවක්ද මන්ද කියන්නේ. මට තේරෙන පමනටි කිඋවේ..

    ReplyDelete
  19. ජීවිතේ ගොඩක් තැන්වල වරදිනව. වැරැදි නොතිබුණොත් හරි දේ කියන්නෙ මොකක්ද කියන එක දකින්න වෙන්නෙ නෑ. ඒත් මේ කතාව තුළ ඉන්න චරිතය වැරැදි තුළින් හරි දේ දකිනව නෙවෙයි. ඒත් තමා දකින දේ හරියි කියන හිතුවක්කාරී සිතුවිල්ලක ඉන්නව.
    මේ සමාජ ක්‍රමයෙ ගොඩක් දේවල් අසාධාරණයි,විෂමයි තමයි. ඒත් තනි අත් දෙකකින් වතුර අයින් කරල ලොකු විලක් හින්ඳන්න බෑ.

    ඒත් කවුරු වුණත් තමන් ලෝකයට පවසන තරම් දැඩි හිතක් තමන් තුළ ඇත්තටම තියෙනවද කියල බලන්න. මට උත්තර බැඳීම අවශ්‍ය නෑ. මොකද මම ආයෙ උත්තර ලියලද බලන්න එන්නෙ නැති නිසා.
    ඒත් මට එක දෙයක් ඔබට කිව හැකියි. හැම දෙයක්ම ජය ගන්න පුඵවන් එකම සහ නොවරදින මාර්ගය ආදරයයි. මම ආදරය කිව්වේ ස්ත්‍රී-පුරුෂ ආදරය ගැන පමණක් නෙවෙයි. සියල්ලන් වෙත, සියඵ දේ වෙත ඇතිවන ආදරයයි. ඔබ තමා තුළම ආදරයේ සිරස වෙත ගමන් කරන්න. හෙට දවසක ඔබට සිතෙයි ඊයේ මම හිටියේ කොයි තරම් වැරැදි තැනකද කියල. මම මේ කියන්නෙ අත්දැකීමෙන් මිස බණ ටෝකක් විදියට නෙවෙයි. ඔ‍බේ හැම සිතුවිල්ලක්ම, හැම ක්‍රියාවක්ම ආදරයෙන් පුරවන්න. ඔබටම ඔබම අදහාගන්න බැරි දිනයක් ඒවි ඉක්මණින්ම. මම එයට සහතික වෙනව ඔබ ඔබටම අවංක වෙනවනම්. එය දැණුනොත් මේ නොදන්න ඇනෝට ඔබ ස්තූති වන්ත වෙයි මතු දිනෙක.
    ඒත් ඔ‍බේ මනාපය තව දුරටත් දෝතින් විලක් හින්ඳන්නනම් ඔබ හිතන තරම් ශක්තියක් ඔයා තුළ හැමදාම නැතිවෙයි.

    ReplyDelete
  20. පුදුම විදිහට හිතට දැනුණා. සාර්ථකයි ඔයාගේ නිර්මාණය. ඒ අපිළිවෙල, අවුල, ව්‍යාකූල බව මට මේ දැනුත් දැනෙනවා පේනවා වගේ. ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  21. අපි කොයි තරම් එඩිතර නිර්භීත කෙනෙක් කියල කියාගත්තත් අපි හැම කෙනෙක්ගෙම මානසික මට්ටම බිංදුවටම වැටිල පුංචි ළමයෙක් වගේ අහිංසක වෙන අවස්ථාවක් තියෙනව... මේ ලිපිය පුරාම මම දකින්නෙ ඔයාගෙ ඒ අවස්ථාව කියලයි මට නම් හැඟෙන්නෙ...

    ඔයා පව්.... ඒක මගෙ බොක්කටම දැනෙන දෙයක්...
    දැට්ස් ඕල්..

    ReplyDelete