Monday, March 5, 2012



වැහි වළාකුළු
ඇවිත් පුර හඳ
වසා දැමු කල
නිහඬ වේවිද
නගන කෑමොර
අදුරු කුටි තුලින්

පියවි ලෝකය
නොපෙනෙනා තරු
කඩ වැටෙමින් 
පොලෝ තලයට
අවුළුවාවිද මිහි කතුන්

එකම හුස්මට
දැවෙන වාතල
ඔහේ විසිවී ගියාදෙන්
නුබට බර නැති
අපට දුක නැති
අනාවක හෙට ලියාපන්