Friday, December 30, 2011

අනුන්ගේ පස්සෙහි ගු නොපෙනේවා... බලන එකෙක් හරි හොදට හැදෙවා ......


මං මේ බ්ලොග් එක පටන් ගත්තේ මං ගැන ලියන්න නෙමේ මොකද ඊට වැඩ ලියන්න දේවල් තියෙන නිසා එත් ඉතින් කොහෙද අමාරු තියෙන අයට මං ලියන එව්වා දිරවන්නේ නැහැ. එකත් නිකන් අලියා දිවුල් කනවා වගේ අවුලක් නැහැ මොකෝ ඇගේ වදිනවා කියලය... ඔය අස්සේ එකෙක් ඇවිත් කියනවා 8 වසරේ පොඩි එකෙක් මගේ බ්ලොග් එක බලනවා දැක්ක කියල ඉතින් ඔය කිව්ව කෙනා වැඩිහිටියෙක් විදිහට ඕක නවත්තන්න තිබ්බේ නැද්ද? අනේ අපේ අම්මලනම් ඉතින් පොඩි කලේ ඔහොම කලා මට. ලඟින්ම හිටිය මොනවද බලන්නේ කියල හොයා හොයා. තාමත් එහෙමයි(අපි හරහට ගියාට) අනික ඔය සිද්දි පොඩි අය දන ගන්නේ 8 හා 9 වසර වලදී. මගේ බ්ලොග් එකෙන් නෙමේ සුද්ද සිංහලෙන් පිතුරත් එක්ක තියෙනවා සෞඛ්‍ය පොතේ. බොරු නම් අරන් බලන්න. 


අනික මේක මෙතන කියන්නම ඕනේ මගේ ජිවිත කතාව හරි වෙන මගුල හරි ලියන දෙයක් ලියන්නේ දෙයක් ඉගෙන ගන්න. එහෙව් මුන් එනවා මගේ ජිවිතේ අනාගතේ ගැන සාස්තර කියන්න. අනේ හු* .  හරි සුද්ධ සිංහලෙන් කියන්නේ හිතන් ඉන්නේ මගේ ජිවිතේ අතරමග නතර කර ගෙන කියලනම් පුතෝ ඒක වැරදි මොකෝ අද මං ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කෙනෙක්. ඒ වගේම මට ආදරය කරන්න කෙනෙකුත් ඉන්නවා එයත් මේ බ්ලොග් එක බලනවා වගේම ලියන්න ඕනේ මොනවද කියලත් කියනව. අමුතු ජාතියේ පහත් බොලඳ ආශාවන් තියෙන මිනිස්සු අතරේ ජීවිතය දිහා මං වගේ බලන කෙනෙක්. ඒ වගේම තමා මගේ ජිවිතේ අසාර්ථක නැහැ. වෙන එවුන් වගේ මං මේවා කිව්ව කියල මඩම් වල ලැගලා නැහැ. එක එකාට දෙන්න ගිහිල්ලත් නැහැ. එහෙම උනා නම් අද මං මේ ව්‍යාපාරයේ ලොක්කෙක් මං ආඩම්බරයෙන් කියනවා කෙල්ලෙක් කියල පොරෝ පාර පෙන්නලා මං මේ තත්වෙට අවෙත් නැහැ එන්න බැරිකම නෙමේ. ඒක මගේ ක්‍රමේ නොවෙන නිසා. ඒ ක්‍රමේට ගියාම වෙන්නේ ඉක්මනට වලට වැටෙන නිසා. ඒක මුළු පවුලක් හදපු මං දන්නවා.(එව්වා පස්සේ කියන්නම්).


කෙනෙක්ගේ ජිවිතේ ගැනවත් ඒ කෙනාගේ අනාගතේ ගැනවත් ලියන බ්ලොග් එකකින්වත්, ජංජාලේ තියෙන කිසිම දෙකින් තීරණය කරන්න බැහැ. එහෙම උනා නම් සාත්තර කාරයෝ ජොබ් ඒක ඇත හැරලා නෙට් කැෆේ දාගන්නවා. අනුන්ගේ රෙද්දේ කුණු හොයන්නේ නැතුව තමන්ගේ ගු ටික හෝදගන්න ඕක ඉතින් පෙන්නලා දුන්නත් අපේ එවුන් කියන්නේ ගු ගෑවේ උබනේ කියල..  අනික සමහරුන්ට කහනවා අයි කෙල්ලෙක් කට ඇරියම උන්ගේ වැහිලා තියෙන වෙස් මුණු ගැලවෙන හින්ද.


එහෙනම් අයෙ ඊලග අවුරුද්දේ හම්බ වෙමු හොදේ.


මල් මල් නව වසරක් වේවා
ගල් මුල් තව තව සැරට වැදෙවා
ලියන ලියන පද හිතට වැදෙවා
අනුන්ගේ පස්සෙහි ගු නොපෙනේවා
බලන එකෙක් හරි හොදට හැදෙවා 

Thursday, December 22, 2011

බැල්ලි








රිදෙනවා පට්ටෙට හිත
මතක් වෙනකොට ඒ වෙසිව
තුරුල්වෙලා හිටිය මට
මලක් වගේ ඒ බැල්ලිව
බලාගත්තේ කැසිල්ලට
අද යනවලු දීගෙක
මට නැති
උට ඇති 

රෙද්දේ ප**
හොයාගෙන
හු***ක් වෙච්ච හින්ද

රෙද්ද අස්සේ තියෙන එක
බදින්න බෑලු  මාව



**************************************************


හරි මෙන්න හදපු එක. ඕක දැම්ම ම කට්ටිය කිව්වා කිඅලින් එක හොදයි කියල ඉඋතින් කැමති එකක් කියවන්න



රිදෙනවා පට්ටෙට හිත
මතක් වෙනකොට ඒ වෙසිව 
තුරුල්වෙලා හිටිය මට 
මලක් වගේ ඒ බැල්ලිව
බලාගත්තේ කැසිල්ලට
අද යනවලු දීගෙක
මට නැති 
උට ඇති 
කලිසම 
හොයාගෙන 
වෙච්ච හින්ද
තවත් සායක් 
බදින්න බෑලු මාව



Wednesday, December 21, 2011

කෙල්ලෝන්ට මද්‍යසාර තහනම්ද




ඔන්න අද වෙනස් ශයිලියකට වෙනස් දෙයක් හිතුනා. මේක ලියන්න හේතුව උනේ එකතරා සංවාදයක් හා මගේ යම් ක්‍රියා කලාපයක් හේතුවෙන්. 
**********************************************************************************
"ඇයි බිව්වේ?" ජොලියට
ඇයි කෙල්ලෝනට බොන්න හොද නැද්ද? මේක මං කෙනෙක්ගෙන් ඇහුව. 
ඇයි කෙල්ලෝ බොන්නෙ? 
එතකොට මං අහනවා ඇයි කොල්ලෝ බොන්නෙ? කට උත්තර නැහැ.
කෙල්ලෝ බොනකොට හරි නැහැ. අනේ ඕයි කොල්ලෝ බොනකොටත් ගදයි. බොන එක කෙල්ලෝ කරන්න ඕන දෙයක් නෙමේ. කෙල්ලෝ බිව්වම වැඩක් නැහැ
(අවැඩක් වෙයි කොල්ලොන්ට සිහිකල්පනාව නැති කෙල්ලක් එක්ක). එව්වා අදාල නැහැ. ඇත්ත බොන එක අනුමත කරනවා නෙමේ එත් මොකක්ද වැරැද්ද? එකේ කිසිම වරදක් මම දකින්නේ නැහැ. කෙල්ලොන්ට බොන්න පුළුවන් බිල කෙලින් හිට ගෙන යන්න පුළුවන් (පළපුරුද්ද මත) හැබැයි ඉතින් ඔය පඩිපෙල් පොඩ්ඩක් ඇද වෙලා පේනවා ඒක වෙනම කතාවක්. එත් කෙල්ලෝ බිව්වම පෙවෙන්නේ නැද්ද? නැහැ පෙවෙනවා හොදටම. කලවම්ද, නිකන්ද, සැන්ඩි කරලද, ඕනේ විදිහට බිව්වත් පෙවෙනවා. එත් ඇයි මේ කෙල්ලෙක් බිව්වම මිනිස්සු උඩ පනින්නේ?. එපා කියන්නේ ? හොද නැහැ කියන්නේ?

මං කියන්නේ පොඩි කාලෙන්ම බොන්න දෙන්න ඕනේ හැම කෙනාටම කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත්. එකට හේතුවක් තියෙනවා මොකද කෙනෙක් දේකට ඇබ්බැහි වෙන්නේ හෝ  නැති වෙන්නේ පළපුරුද්ද මත. එකත් නිකන් හැමදාම බත් කනවා වගේ, හැමදාම බත් කන්න බැහැ වෙනසක් ඕනේ. ඉතින් ඔය බිමත් ඒවගේ ටික කලක් යද්දී එපා වෙනවා.(මොළේ ඇති අය‍ට)  නැති අය කල්පනා කරන්න. හැම ළමයෙක්ම නොමග යන වයසක් තියෙනවා හැබැයි ඔය වයස එනකොට ඒ ළමය දන්නවා නම් බිම මොකක්ද කියල බිව්වාම මොන වගේද කියල කවදාවත් උත්සහ කරයිද? නැහැ. මොකද එකේ අමුත්තක් නැහැ ඒදේ විදලා තියෙන නිසා. නමුත් ඒ දේ අලුත් නම් වරදට හසු වෙනවා වැඩි. තෙරුන් ගන්න වයසේදී, අත්විදලා තියෙනවා නම් කවදාවත් වැරදි කරන්නේ නැහැ, ඒ විතරක් නෙමේ බිව්වම වැරදි මාර්ගයේ යනවලු. එත් ඇයි ඒ බිල ගෙදර එන්න බයයි තාත්ත බනි කියල. ඉතින් වල බහිනවා එත් නිකමට හිතන්න. ගෙදර බොන්න පුලුවන්නම් බිල ඇවිත් ඉන්න පුලුවන්නම් ගෙදර නේද? අම්ම තාත්ත ගාව නේද?  අවුරුදු 16 පස්සේ බිල වැටෙන්න කියන්න ගෙදර. අම්ම තාත්ත ලග වෙන කොහේ හරි ගිහින් බිල නාස්ති වෙනවට වඩා ඒක හොද නැද්ද? ළමය ආරක්ෂිතව දෙමාපියන් ගාව( අපේ අම්මනම් ගෙදරිනුත් එළවයි)  එතැනදී තෙඋන් ගැනීම මත ළමය හොරෙන් කරන්න තියෙන ආසාව නැතිවෙනවා. ඊට අමතරව හිතන්න ගන්නවා මං ඇයි මෙහෙම නාස්ති වෙන්නේ කියල නමුත් ගෙදරින් තර්ජන ගර්ජන නම් එකේ ෆන් ඒක වැඩි. ඉතින් හැමදාම කරන්න බිල ගෙදරට අහු නොවී ඉන්න. හරි වැරැද්ද තේරුම් ගැනීමක් කරන්න වෙලාවක් නැහැ.  

තව දෙයක් ඉස්සර ඉදං කෙල්ලෝ බිව්වා හොරෙන්, ප්‍රසිධියේ, රජ කාලෙ ඉදලම. යේ අහන්න දෙයක් නැහැ කසිප්පු පොට් අයිති ගමේ රොසලින් නැන්දට. එත් ඇයි දැන් මේ කෙල්ලොන්ට බොන්න බැරි? කෙල්ලෝ බිව්වම නරක? කොල්ලොන්ට බොන්න හේතු තියෙනවා, කෙල්ල බුට් එක තිබ්බ, පඩි දවසට, මලගෙට, මගුල් ගෙට, අරකට මේකට, කවි ලියන්න කතා ලියන්න, සීතලට, රස්නෙට, ඒ බොන හැම එකකටම කොල්ලොන්ට බොන්න පුළුවන් එහෙනම් ඇයි කෙල්ලොන්ට ඔය එක හේතුවක් හින්ද බොන්න බැරි? බිව්වා කියල මොකද වෙන්නේ වෙරි වෙනවා. එත් මෙතන ඇයි එක සමාජ වාදයක්. කෙල්ලොන්ට බොන්න හොද නැහැ කියල?. කොටින්ම කිව්වොත් රටේ නීතියට අනුව කෙල්ලෙක්ට ගිහින් අරක්කු බෝතලයක් මිලදී ගන්න නීතියෙන් තහනම්. ගැහැණියට සමතැන කියන රටේ අරක්කු විතරක් ගැහැණියට තහනම්. ඒ ඇයි? එකට හේතුව මට පෙන විදිහට පිරිමි බයයි ගැහැණියට බොන්න පුළුවන් ගාන ඒ ගොල්ලොන්ට වඩා වැඩි වෙයි කියල. හරි කමක් නැහැ මොනවා වෙනවද?

අවසානය ඇයි කෙල්ලෝ බොන ඒක වැරදි කියන්නේ? සමාජ සම්මතයට විරුද්ධ නිසාද? සමාජ විරෝධී වැඩ වෙන්නේ කෙල්ලෝ බිව්වම විතරද? අනික ඉතින් කෙල්ලෝ බිල වෙරි උනාම වාසිය කොල්ලන්ටනේ කෙල්ලොන්ටද? නැහැනේ 

ප. ලි. : මෙතන බොනවා කියන්නේ රට බිම නෙමේ මද්‍යසාර     


Wednesday, December 14, 2011

ගල් මුල් සහිතව මෙතෙක් ආ දුර

පොඩ්ඩක් බ්ලොග් එක ගැන ලියන්න හිතුන පහුගිය දවස් ටිකේ මුකුත් ලිව්වේ නැති හින්ද. හප්පේ දාපු සමහර කමෙන්ට් වලට නම් මට හිතුන කලන්තේ දාල වැටෙයි කියල. සමහරු කියල තිබ්බ කියල මං වෛශ්‍යාවක් වෙන්න හදනවා කියල කමක් නැහැ මං මේ බ්ලොග් එක ලියන්න ගත්තේ ඔය දේවල් දැන ගෙන තමා. ඕව අහන්න ලෑස්ති වෙලා එත් මේක ලියන්න අත හිත දීපු කෙනෙක් ඉන්නවා ඒ කෙනාව මතක් කරන්න හිතුන ඒ තමා පොඩි මෑන්


අදට බ්ලොග් එක පටන් අරන් මාසයයි දවස් 14 යි. ඇත්තම කිව්වොත් මං ලියන්න දන්නෙ නැහැ. තාම දැම්මේ පොස්ට් දහයයි හිතන්න ඉන්න පොස්ට් වලින් 1% ක් වගේ. එහෙම දාල මෙච්චර බනිනවා එත් කමක් නැහැ මං ලියන එක නවත්වන්නේ නැහැ. ඒක ඒකාන්තයි. සමහරු හිතනවා මං ඉන්නේ අසහනයෙන් කියල. නැත්තම් දුකෙන් නැත්තම් ලිංගිකත්වය කියන මානසිකත්වයෙන් කියල. එහෙම අයට කියන්න තියෙන්නේ නැහැ කොල්ලොන්ට තරම් අසහනයක් කෙල්ලොන්ට නැහැ. මොකද ඉවසීම කියන ඒක පුරුදු කරලා නිසා එහෙම ඉවසීමක් නැති උනානම් උබල අපි වගේ අය අද මෙතන නැහැ. මොකද මාස නයමක් ලමෙක්ව බඩේ  ඇතුලේ තිය ගන්න එකත් ඉවසීමක් ඇතිව කරන්න ඕනේ හින්ද. එහෙම ඉපදිච්ච කොල්ලොම තමා තව කෙල්ලෙක්ට අපහස කරන්නේ.


මට කා එක්කවත් තරහක් නැහැ මොකද මං කාලයක් අසාර්ථක වෙලා ඉදල දැන් ජිවිතේ අලුතෙන් පටන් අරන් තියෙන නිසා. ඒ 2008 දී. මං වැරදි කරලා තියෙනවා, නැහැ කියන්නේ නැහැ පාඩම් ඉගෙන ගෙන තියෙනවා. බැනුම් අහල තියෙනවා අම්මගෙන් ගුටි කල තියෙනවා හැබැයි ඒ පාඩම් ඉගෙන ගන්න. අද මට ඔලුව කෙලින් තිය ගෙන කියන්න පුළුවන් තත්වයක් කියන්න පුළුවන් මගේ වයසේ ඉන්න කෙල්ලෙක්ට වඩා මං ශක්තිමත් ඒ වගේම ජිවිතේ විදලා විදවල ඉන්න කෙල්ලෙක් කියල. අනික් කෙල්ලෝ වගේ තොදොල් වෙන්න දන්නෙ නැතුව නෙමේ. හුරතල් වෙන්න දන්නෙ අන්තුව නෙමේ. එත් සමහරුන්ට කසන් ගතියක් තියෙනවා කෙල්ලෙක් උදව්වක් නොඉල්ල තැනීම වැඩක් කර ගත්තොත් ඒකිගේ පල්ලෙහා ඒක නළලේ කියල කියන්න. නැහැ අදට ජය. මේ බ්ලොග් එකට අපු කමෙන්ට් කරපු හැමෝටම ස්තුති. සාදා ජය.....


ඔය කෙල්ලෙක් නම් කියන්න දෙයක් තියෙනවනම් අනෝ කමෙන්ට් එකක්වත් දාන්න මොකද මේක ලියන්නේ කෙල්ලෙක් නිසා හා අදහස් ප්‍රකාශ කිරීම තමාගේ aithiyak නිසා  

Friday, December 9, 2011

මට හිතෙන දේවල්

මිනිස්සු කියනවා ආදරය කියන්නේ ***** නෙමේලු, පිවිතුරු රෙද්දට නැහැ නැහැ වැරදුනා පිවිතුරු ආදරේට ****ත්වය ගාවන්න බැහැලු. රෙද්ද එහනම් ගංගාරාමේ, ගෝල්ෆේස් එකේ ගල් මුල් අස්සේ, වල් පදුරු අස්සේ, කාමර අස්සේ, පෙට්ටි අස්සේ, පෝය දවසේ, නිවාඩු දවසේ, අනේ මන්ද ඉරිදා, සෙනසුරාදා, සතියේ හැම දවසෙම දවල්ට, රෑට උදේට, ජෝඩු ජෝඩු මක් කරනවද? හරි හරි මතක් උනා. අනාගතේ සැලසුම් කරනවා. කසාද බදින්න කලින් කොච්චර දේවල් කරන්න තියෙනවද? හිතන්න තියෙනවද? එත් එහෙනම් මොකටද හතර වටේ ආරක්ෂක කොපු, රෝසමල් තුන ගානේ වැටිලා. මටනම් තේරෙන්නෙම නැහැ. 

******************************************************

කෙල්ලෙකු කොල්ලෙක්ටයි යාලු වෙන්න පුළුවන්, අරෙහෙ මෙහෙ යන්නත් පුළුවන් ගෙදර එන්නත් පුඋවන් හරි කමක් නැහැ. එත් මට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. කෙල්ලෙක්ට බඳින්නේ නැතිව ළමයෙක් හම්බ උනොත් එකී වල්කමේ ගිහින් එහෙම නැත්තම් දාන්ගලේට, අමාරුව හැදිලා , ගෙදරිනුත් එලවනවා, තවනම් දාහක් දේවල්. ඉතින් ඔය ගැණු ලමයටම කසාද බැදල කියක් හරි වියදම් කරලා හොද හොටෙල් කාමරේක හනි මුන් එකේදී හම්බෙන ළමය බලන්න යන්නෙත් ආඩම්බරෙන්, පාවඩ දල තමා ගෙට ගන්නේ. එතකොට අර විදිහයි මේ විදිහයි වෙනස් වෙන්නේ කොහොමද? ළමය හම්බෙන්නෙත් එක තැනිනම් ඔය සිද්ද වෙන දේවල් වෙනසකුත් නැත්තම් ඔකේ ඇති වැරැද්ද මොකක්ද? වෙනස මං කියන්නම් කලින් ළමය හදා ගත්තේ හොරෙන් තමන් ගේ පාඩුවේ උපරිම උනොත් රුපියල් දාහක් වියදම් කරලා. එත් දෙවනියට එහෙම නෙමේ මන් හනිමුන් යනවා කියල බෙර ගහල ලක්ෂ ගානක් වියදම් කරලා එකයි වෙනස වටේටම කන්න දීල බොන්න දීලනේ. මුන්ගේ බඩචාරී කමට කන්න දුන්නම කටවලුත් වැහිලා ....

දැනට මට මේ කියන දෙකම තේරෙන්නේ නැහැ එකම දේ දෙවිදිහකට කරාම ප්‍රතිපලය එකනම්,  එක විදිහක් වරදින්නේ කොහොමද කියල. මාර ප්‍රශ්නේ උසස්පෙළ කලේ ඉගැන්නුවේ මුලධර්මය මොනවා උනත් උත්තරේ හරියට එනවනම්  හරි කියල, කෙටි ක්‍රමම පාවිච්චි කරා. ඇඩෙනවා අප්පා ඉස්කෝලේ උගන්නපුව ඔක්කොම වැරදි වගේ එලියට ආවාම.

******************************************************




      

Thursday, December 8, 2011

කාගේද මේ ගැනී



හිත
කොහොම
වෙනස් වෙනවද මන්ද
හිතෙන හිතෙන විදිහට
මිනිස්සුන්ගේ
ඇද උඩදී
මගේ ගැනී
ගෙයි සාලේදී 
අපේ එවුගේ අම්ම
පිටදී
ගෙදර එක්කෙනා
ඈ බෝල
එතකොට
මන් උගේ ඇදෙදී විතරද?
**************************************
(මේක මට නිකන් ජොලියට ලිව්වා එකක්) හිකිස්

Wednesday, December 7, 2011

මං ගැන

මේ ජිවිතයේ කීදෙනෙක් තමන් කරපු දේ වැරද්දක් කියල පිළිගන්නවද? එහෙම කරපු දෙයක් වෙනුවෙන් අඩලා  තියෙනවද? මගේ අතිනුත් ලොකු වැරද්දක් උනා. එත් එක හදන්න තරම් මං පරක්කු වැඩි. හිතට දුකයි ඒ වෙන හේතුවක් හින්ද නෙමේ මං එහෙම කරපු එක ගැන. එත් එහෙම කරන වෙලේ මං හිටියේ හුගක් හොද සිහි කල්පනාවේ නෙමේ. ඔව් මං කිව්වනේ ම කෙල්ලෙක්. අවුරුදු ගානක් විකාරෙන් වගේ කොල්ලෙක්ට ආදරය කරපු කෙල්ලෙක් ඊට පස්සේ මං රැවටිලා ඉන්දැද්දී අතටම අහුවෙනකම් ඉවසන් හිටපු කෙල්ලෙක්. පස්සේ පිස්සියෙක් වගේ ඔහේ වැටිලා හිටියේ වෙච්ච දේවත් හිතා ගන්න බැරුව කොහොමද මිනිස්සු මෙහෙම කරන්නේ කියල. දුක කියන එක ඉවසන් ඉන්න බැරි තැනම ඇඩුව එත් කදුළු වලට ඉඩ නැති වෙනකොට හිතහදා ගන්නේ කොහොමද?.  එක පාරක්, දෙපාරක්, තුන් පාරක් සමාවදිදී ජිවත් උනේ ආදරේට. එත් ඒකම මගේ අසරණකම කියල පහර දෙද්දී,  මගේ අහිංසක අම්ම ඉස්සරහ මට වේසි කියල බනින ඒ මිනිහ මගේ මුළු ජිවිතෙන්ම අතුගාල දාන්න කියල කියද්දී මගේ හිතේ බලාපොරොත්තුවක් තිබ්බ. මු ඒකම එක දවසක් හරි මේ හැම දේම තේරුම් අරන් හැදෙයි කියල.


මේ මගේ ආදරේ හැටි : පැය ගණන් වරු ගණන් පාරවල් ගානේ රස්තියාදු වෙලා ඇති තනියම, වෙන දෙයක් හින්ද නෙමේ මොකද එයා පරක්කු හින්ද, යාළුවෙලා හිටියට අවරුදු හතරටම අපි ෆිල්ම් එකක බලල ඇත්තේ තුන් පාරක් එකත් අපේ ගෙදරින් බල කරපු හින්ද විතරයි. වෙන ගෙවල් වල ප්‍රශ්න  තහනම් අපිට තිබ්බේ නැහැ ඕනෑම තැනක එයත් එක්ක යන්න කියල මගේ අම්ම තාත්ත අවසර දීල තිබ්බ. ඒ විතරක් නෙමේ එයාව ඒ තරමට විශ්වාස කරා. සමහර වෙලාවට මටත් වඩා. මෙතැනදී මං කියන්නේ ඒ මිනිහත් එක්ක නිදාගන්න නෙමේ. එත් අද කලේ හුගක් යට නැති නිදහස එයාට ගෙදරටම එන්න. මව කොහේ උනත් එක්කන් යන්න. මගේ දෙමව්පියෝ එයාට සැලකුවේ ඒ ගොල්ලන්ගෙම පුතෙක්ට වගේ. එත් කවදාවත් එයාගේ අම්මවත්, තාත්තවත්, අපේ ගෙදරට කතා කළේවත්, නැහැ.


එයාගේ ආදරය : කෙල්ලෙක්ට කොල්ලෙක්ගෙන් ලැබෙන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා ඒ දේවල් හම්බ වෙන්නේ නැති වෙනකොට කිසිම නීතිමය බැදීමක් නැති කොල්ලෙක්වත් කෙල්ලෙක්වත් වරදේ බැදෙනවා නම් ඒක වරදක් නෙමේ. මෙතැනදී මම මාවම හරි ගැස්ස ගන්නවා නෙමේ එත් එකයි ඇත්ත. මුලින්ම වරදේ බැදුනේ එයා. වෙන කෙල්ලෝ වගේ නෙමේ මං. පුදුම තරම් නිදහස් වගේම සැහැල්ලු විදිහට මං ජීවිතය තේරුම් ගත්ත හින්ද වෙන කෙල්ලෙක් නොදෙන නිදහසක් දීල තිබ්බ. සුද්ද සිංහලෙන් කිව්වා යාලුවෙන්කොට උබට වෙන ක එක්ක හරි නිදා ගන්න ඕනේ නම් එහෙම නැත්තම් බඩුවක් ගහන්න ඕනේ නම් පලයන් කරලා වරෙන් හැබැයි මට කියල. එහෙම දේවල් පිටින් ආරංචි උනොත් මං තමුසෙට සමාව දෙන්නේ නැහැ කියල. කියන තරම් නිදහසක්. මොකද නීතියෙන් බැදුනත් නැතත් වෙන කෙනෙක්ගේ අසාවන් ගැන මට කිසිම අයිතියක් මට නැති හින්ද. මං අදටත් විශ්වාස කරන්නේ ඇත්තටම ආදරයනම් මිනිස්සු දාල යන්නේ නැහැ කියල. එත් අන්තිමට එච්චර නිදහසක් දීපු විව්රතව කතා කරන්න පුළුවන් වෙච්ච මාව අවුරුද්දක් රවට්ටපු ඒ මිනිහට අයෙ සමාව දෙන්න තරම් මං හොද උනා. ඒ මගේ හැටි අපි මිනිස්සු වැරදි කරන්නෙත් අපි සමාව දෙන්නෙත් අපි එත් ඒක දෙයක් තේරෙන්නේ නැහැ. ඇයි එහෙනම් මාත් එක්ක යාලු උනේ? සල්ලි වලට, ලස්සනට, නැහැ කෙහෙල්මල් ආදරේට. එතකොට ඕක ගැන පාපොච්චාරණය කරන්න මං හැමදේම හොයා ගන්නකම් හිටියේ ඇයි? ආදරේ කියන්නේ එකක් එක්ක ලගින් ගමන් අනික් එකාගේ ගෙවල් ගානේ රිංගන එකටද? නැහැ මට තේරෙන්නේ නැහැ එකට උතරයක් තවමත් එයා ගව නැහැ.


මං හිතන්නේ ඉතුරු ටික පස්සේ ලියමු කියල

Sunday, December 4, 2011

බලු කමට ආදරය





පෙම් කලෙමි
හද පුර
රැදෙන්නට
දිවි ඇති තුරා
ජීවිතය,
අතරමං කොට
මා
අනාවකට
දුවිලි ගසා
ඔබ ගිය කල
මට දොස් තියා
ගිය ඔබ ගැන
අංශු මාත්‍රයක්වත්
අහිතක් නොහිතපු
මම
උබව
නැවත පිළිගත්තේ
ආදරයේ නාමයෙන්
එත් උබේ බලු කමට
මට අහු උනේ
උබ ලගිද්දී
අපේ ඇදේ
ඒ වෙසිත් එක්ක

Friday, November 25, 2011

පෙට්ටි කැඩීම ගැන





"ඇයි අක්කෙ කැඩුවාම කෙල්ලෙක් පස්සෙන් එන්නෙ? මට සැහෙන්න ප්‍රශ්නයක් නෙ ඒක?"

මෙන්න මේ ප්‍රශ්නේ ගැන මල්ලි කෙනෙක් මගෙන් අහල තිබ්බ මේක ගැන මං හුගක් හිතුව විතරක් නෙමේ දන්නා කීප දෙනෙකුගෙනුත් ඇහුව. මේ ඇහුව කියල කියන්නේ සමාජයත් එක්ක ගණුදෙනු කරන කෙල්ලෝ දහයකට වඩා ඉදපු කොල්ලොන්ගෙන් මේ ගැන අමු ඕපන් ඇහුව. ඇත්තටම දුක්ඛිතයි උන් දෙන උත්තර අහල පොදුවේ ගත්තොත් මේකයි උත්තරේ "පිස්සුද බන් එක එකා එක්ක ගිය එකියක් බදින්න කොහෙන් හරි හොයල වර්ජින් කෙනෙක් තමා බදින්නේ" මෙන්න මේක තමා බහුතරයකගේ උත්තරය 80% වගේ. 20% හිටිය හිත හොද කෙල්ලෙක් හම්බ උනොත් බදිනවා බන්, ඒකිගේ අතීතෙන් වැඩක් නැහැ අනික අපි කරලා තියෙන වැඩ වලට එහෙම කවදාවත් මන් එකී ගැන වැරද්දක් හිතන්නේ නැහැ කියන්න හිටියේ.

ඔන්න මල්ලියෝ දැන් පොයින්ට් එකට ආව. හුගක් කෙල්ලෝ තාමත් හණමිටි අදහස් තියෙන කොල්ලෙක් කසාද බැන්දට පස්සේ අහන්න වෙන කතාවට බයයි. උන්ට අම්මගේ තාත්තගේ බලාපොරොත්තු කඩ කරන්න බයයි. ඒ විතරක් නෙමේ ඊට පස්සේ අහන්න වෙන කතා සමහරවිට ඕගොල්ලෝ බලල ඇති "දෙවැනි ගමන" කියන චිත්‍රපටිය අන්න ඒ ලැජ්ජාවට බයයි. ඒ වගේමයි ලංකාවේ බහුතර කෙල්ලෝ අහිංසකයි .එනිසා වගේම පවුල ගැන හිතල ඔය ලැජ්ජාවට කැමති නැහැ මොකද අපේ සමාජ සංස්කෘතිය උන්ට ඔබ්බල තියෙනවා පෙට්ටිය කැඩුනට පස්සේ වෙන මිනිහෙක් එක්ක යන්න බැහැ කියල, අන්න එක නිසා පස්සෙන් එනවා උනාට ඇත්තටම ආදරයක් නැති වෙන්න පුළුවන්.  

මේකේ තව පැත්තක් තියෙනවා එකක් තමා අද සමහර වෙලාවට උපතින්ම කෙල්ලගේ කන්‍යා භාවය පිහිටන්නේ නැහැ ඒ කියන්නේ ලේ පැල්ලම හිටින්නේ නැහැ කියන එක. එත් එහෙම කියල ඒක ඒ කෙල්ලගේ වරදක් නෙමේ සමහරවිට කසාද බදිනකම්ම ලස්සන ජිවිතයක් ගෙවපු කිසිම කොල්ලෙක්වත් අතින් නොඇල්ලපු කෙල්ලෙක්ට ඔය කන්‍යාභාවය කියන ලේ පැල්ලම නැති හින්ද අපායක ජිවත් වෙන්න වෙනවා. මිනිහ වෙන ගැණු පස්සේ ගිහින් නුල කඩාගෙන ඇත්තේ අවුරුදු 16 දී එත් අර අහිංසක කෙල්ලගේ ලේ බින්දුව නැහැ කියල ඒකිට පස්සේ වෙස ගැනියකට වගේ සලකනවා. ඒ මදිවට තව හොර ගැනියේකුත් තියාගන්නවා මදි පාඩුවට. ඕක වෙන්න කෙල්ලගේත් මෝඩකම හින්ද මොකද ගෙවල් වලින් වත් කොහෙන්වත් මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියල කියල දෙන්න කවුරුත් නැහැ. මෙකි දන්නේ ලේ තිබ්බේ නැත්තම් ඉතින් අඩල දොඩලා මේකිගේ වැරැද්ද පිළිගන්නවා බැරි නම් මිනිහ පිලිගන්නනවා. ඊට පස්සේ නිල නොලත් වැඩකාරී වෙන්ව. දොස්තර කෙනෙක් ගාවට ගිහින් තමන්ගේ පිරිසිදු භාවය ඔප්පු කරගන්න තරම් ලිංගික අධ්‍යාපනය ගැන කවුරුත් කියල දීල නැති හින්ද මිනිහ රජ වෙනවා. ඔන්න කෙල්ලට වෙන අසාධාරණය  

ඔව්ව ඔහොම වෙද්දී කොල්ලොත් රැවටෙන වෙලාවල් නැතිව නෙමේ. ඒක වෙන්නේ මෙහෙමයි ඔන්න කෙල්ලෙක් ඉන්නවා රට කාපු මේකිගේ ගන්න දෙයක් නැහැ හැබයි ගෙදරින් කසාද බද්න්දල දෙන්නේ අනේ අපේ කෙල්ල කොල්ලෙක් දිහා ඇහැක්වත් ඇරලා බලන්නේ නැහැ කියල. ඉතින් මෙකි කපටි අම්මණ්ඩි කෙනෙක් නම් හනිමුන් එකේදී මුකුත් නොකර කොල්ලව තියාගෙන ඔය කෙල්ලොන්ගේ මාසේ බෝනස් එක හැදෙන්න කිට්ටු වෙලා තියෙද්දී හරි එහෙමන් නැත්තම් ඉවර වෙදිදි හරි ගේමට සෙට් වෙන්ව ලේ පල්ලමත් ඉතුරුයි කෙල්ලත් ගොඩ අනේ පව් අර කොල්ල ඉතින් මොඩය වෙලා අනේ මගේ වයිපරේ හොදායි කියාගෙන ඉන්නවා. ඒ අතරේ වයිපරේ මිනිහ නැත වෙලාවට පරණ ප්‍රේම පුරාණත් දිග අරිනවා. එහම නැත්තම් මං දන්න විදිහට ඔය කැඩිච්ච ඒවා රීපෙයාර් කරන්න පුළුවන් දැන් දොස්තරලට ලක්ෂයක් විතර දුන්නම් එතකොට දැන් කවුද රැවටුනේ කොල්ල පව්.

හැබැයි ම හිතන්නේ පෙට්ටිය කඩුව පලියට කෙල්ලෙක් අනාථ වෙන්න නැහැ ඒ වගේම තමා කොල්ලෙක්ගේ වගකීම තමා කෙල්ලගේ පවුල් පසුබිම හා කෙල්ල ගැන හිතල ඒ වගේ කැත වැඩක් නොකර ඉන්න ඒක. ඇත්තටම කෙල්ලට ආදරේ කොල්ලෙක් කවදාවත් බාපු ගමන් පෙට්ටි කඩන්නේ නැහැ කියල තමා මං හිතන්නේ. අනික් පැත්තෙන් බැලුවොත් කොල්ලෙක් රටේම ඉන්න කෙල්ලොත් එක්ක ඉදල පිරිසිදුකම ගැන හොයනවා නම් ඒක එක්කෝ උගේ පොන්න කම නැත්තම් උගේ ඔය කොලු කම කියල හිතාගෙන ඉන්න ඒක කපන්න ඕනේ.  ඒ වගේම තමා කෙල්ලෝ බොරු කියල කොල්ලෝ  රවට්ටන්න හේතුව විදිහට මං දකින්නේ පෙට්ටිය කැඩුවට පස්සේ කෙල්ලගේ තියෙන හොදකමට කිව්වම බදින්න ඉන්න එකාට උකරන්නේ මහා මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැහැනේ කියල උගේ වැඩ ටික කරගන්න එක. පස්සේ කෙල්ලව දන්න හැමෝටම චාටර් කරලා පැනල යන එක. ඒ තරමට  බලු වෙන්න කොල්ලොන්ට පුළුවන්. අන්න එතනයි අපිට වරදින්නේ.

පොදුවේ බලද්දී කියන්න තියෙන්නේ අපි ඉන්නේ වෙනස් ලෝකෙක වැරදි කරන එවුන් නැත්තේ නැහැ හැබැයි එනිසා වැරදි නොකරන එවුන්ට දඩුවම් දෙන්න බැහැ. කොල්ලනි කෙල්ලෙක් බදින්න කලින් ඒකිගේ කන්‍යාභාවය හොයනවට වඩා හොද නැද්ද පෙට්ටිය කඩන්න කලින් දෙපාරක් හිතුවනම්. මොකද වැරදි කෙල්ලෙක්ට හම්බ උනොත් උබට වෙන්නේ කවදාහරි අඩන්න එකේම අනික් පැත්තම තමා අපිට. ඉතින් වැරදි කරන්නේ නැත්තම් වැරදි ගැන හෙව්වට කමක් නැහැ ඒ නිසා විදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්නේ බලාගෙන කියල තමා කාට කාටත් කියන්න තියෙන්නේ.  

Tuesday, November 22, 2011

කෙල්ලොන්ට sex තහනම්ද?

හරි අදනම් අඩන්න වෙන ටොපික් එකක් කතා කරන්න හදන්නේ. හරි අඩමු හැබැයි පස්සේ. ලිංගිකත්වය නැත්නම් සෙක්ස් ගැන. කොල්ලෝ මොකද හිතන්නේ? අම්මප මෙකි අහන ඒවා නේද? අම්මෝ කට්ටියගේ ඇස් උඩගියානේ. ඔය කෙල ගිලින එක නවත්තනවා දෙනවා හිල් වෙන්න එකක්. ඔන්න ඕකම තමා මටත් දැනගන්න ඕනේ ඇයි උබලට කියන්නයි, කරන්න පුළුවන් අපි කතා කරාම අපි බඩ වෙනවද?


මහා ලොකුවට උඩ දාගෙන අපි පොෂ් එහෙම නැත්නම් අපි බුවාලා කියල හිතන් ඉන්න එවුන් කෙල්ලෙක් ඔය ටොපික් එකට අවම ගල් ටික් වෙනවා නේ? මං ඔය රිංගපු එකී මෙකි නොකී තැන වලදීත්  දැකපු දෙයක් තමා කෙල්ලෙක්ට සෙක්ස් ගැන ප්‍රසිද්දියේ කතා කරන්න බැහැ කියල එහෙම කරත් ඊට පස්සේ කොල්ලෝ මෙකි දිහා බලන්නේ " අම්මප මෙකි නම් දෙකක් තුනක් වත් අනිවා ඇදල තියෙනවා වගේ"  කියන විදිහට අනික බලන්නෙත් නිකන් මේකිට උගන්නන දේකුත් නැහැ වගේ විදිහකට. ඉතින් යකෝ එහෙනම් ඔය ලස්සනට ඔක්කොම ඉගෙන ගන්න චිත්‍රපටි හැදුවේ කජු කන්නද? තව ඒවා ඔය සර්වර් වල හංගන්නේ අපිට ගන්න බැහැ කියල හිතලද?   ඉතින් ඉගෙන ගන්න එව්වා ලගට ගෙනත් දීල දැන් කියනව මුන් පුක දෙන්න එනවා කියල ඔය වෙලාවට තමා ඉතින් කෙල්ලොන්ටත් කියන්න හිතෙන්න ඇයි දුන්නොත් නිකන් ඉදි කියල. ඉතින් ඕක හංගන්න දෙයක්ද? නැහැ වහගෙන කරාට රිසල්ට් එක වහන්න බැහැනේ මොකෝ හානි මුන් යනවා කියල හදට ගිහින් එන්න යන්නෙත් නැනේ. මගුල් කල බෙර ගහල, කරන්න ඕනේ ඔක්කොම කරන්න හොදයි හැබැයි කෙල්ල දැන ගන්න බැහැ හදට අරන් ගිහින් මොනවද කරන්නේ කියලවත්, කොහොමද කරන්නේ කියලවත්, එව්වා කියන්නත් තහනම්. එව්වා හදේ 


අපි ඉපදුනේ එකෙන්නම් ඕක කවුරුත් දන්නවනම් අයෙ හගන්නේ මොකටද? මෙච්චරයි කියන්න ඕනේ උනේ කෙල්ලෙක් ලිංගිකත්වය එහෙම නැත්තම් සිංහලෙන් සෙක්ස් ගැන කතා කරපු පලියට එකී ඒවා ඔක්කම කරල් ඉන්නේ කියන මානසිකත්වයෙන් බලන නකුටනි උබල ගිහින් කරලා ඉගෙන ගත්තට අපිට බලල ඉගෙන ගන්න පුළුවන්. හැදියල්ල නැත්තම් නැහැදීල්ල එකත් බැරිනම් කවද හරි කාගෙන් හරි කන පැලෙන්න කාපල්ලා  

Thursday, November 17, 2011

ඔන්න කෙල්ලෝ

අපි හිතන්නෙම වැරදි කරන්නේ කොල්ලෝ කියලනේ නැහැ කෙල්ලොත් කරනවා මෙන්න අද ඒ ගැන. මේ කියන කෙල්ල මන් චිරාත් කාලයක් දැනගෙන හිටියත් ඉතින් මන් වැඩිය හොයන්න යන කෙනෙක් නෙමේ නේ. ඔන්න අපි මෙයාට අනු කියමුකෝ අනු ඉතින් නො-පොෂ් ඉදල පොෂ් උනා. උනේ කොහොමද කියල කිව්වොත් යාලුවෝ නිසා ඔෆිස් එකේ එක එක අය නිසා. එව්වා වැඩක් නැහැ දැන් ඉතින් කතාවට බහිමු මේ ළමයාගේ ඔය පොෂ් එක අපේ ඔෆියේ බාගයක් දන්නවා හුරුබුහුටි කෙල්ල. අයෙ මොකටද කතා කාට උනත් නොමිලේ අදින්න පුළුවන් බඩුවක් කියල කට්ටියම දැනගෙන හිටිය. අනුට මේ වෙනකොට කොල්ලෙක් හිටියේ නැහැ දවසක් ඔහොම ඉන්නකොට එකෙක් කියපි "මචන් අරකිගේ ඉනේ සලමල්යෙක් ඉන්නවනේ කියල". හැක් මුට එකී එකත් පෙන්නලා පව් බොලව් අනේ ඉතින් ඔය කෙල්ලත් එක්ක කතාවට ගිහින් මට අහගන්න උනේ නංගී ඔයත් යාළුවා වගේ ද කියල තම. එව්වා කමක් නැහැ කිඅමුකෝ මොකෝ ඉතින් අගේ වදිනවය


අනුට හරි හැටි කොල්ලෙක් හිටියේ නැති තරම් මොකද ඒකිට එකෙක්ගෙන් සැහෙන්න බැරි උන හින්ද, ඒ හින්දම තම අන්තිමට එයාට සිද්ද උනේ අපරාදේ බන් ඕකක් දන්නවනම් අපිටත් අදින්න පුළුවන් කියල අහගන්න අන්තිමට අනුව හොර ගැනි කර ගන්න තම කටත් ඕනේ උනේ. ඒක කොල්ලගේ වැරැද්ද නෙමේනේ කෙල්ලගේ අමරුවනේ. ලයිසන් ඕනෙත් නෑ ලේසියි පහසුයි.


මන් දැන් දන්නා විදිහට අනුට කොල්ලෙක් ඉන්නවලු එත් ඉතින් කොච්චර කාලෙකට කියලද දන්නේ නෑ. දුක කියන්නේ මේකයි මුන්ගේ අම්මල තාත්තල නැද්ද මුන් ගැන හොයන්න මේ වගේ කෙල්ලෝ ජාතියටම නිගා කරන එවුන්ට මොනවා කරන්නද කියල හිතෙන්නේ නැද්ද ඉතින් මේ වගේ වැඩ කරන එවුන් ගැන අහන අය අනික් කෙල්ලෝ දිහා නරක විදිහට බලන ඒක අපට නවත්වන්න බැහැ. මුන් මේවා කරන්නේ ජොලියට ෆන් එකට අතල් ගන්න ටෝටලි ෆ්‍රී. අනිවා කතා දෙකක් නැහැ ගනිකවන්ටත් මුන් එක්ක තරහ ඇති උන්ගේ ජොබ් එකට කෙල වෙනවනේ මේවගේ උන් ෆ්‍රී දෙනකොට. අනික මුන් බැලුවද ඔක්කොම කරලා ඉන්නේ නිකන් රු රැජින වගේ ප්‍රශ්නයක් නැහැ උන් මොකා එක්ක කොහේ ගිහින් මොන බලුකම කරත් ඒත් හිතපන් කවද හරි උබේ ළමයෙක්ට වේම අහන්න උනොත්. එකත් අවුලක් නැහැ බලු වැඩ කරපන් එත් කාටවත් හොරෙන් මේ සමාජය එහෙමයි එත් එහෙමයි කියල අපේ සදාචාරය එහෙම වෙන්න ඕනෙද සාධාරණ හේතුවක් නැතිව

Thursday, November 3, 2011

තායි කෙල්ලෝ

මගේ තාත්තගේ සල්ලි
තායි කෙල්ලෝ ලග බෙදති
උන්නැහේගේ බිස්නස් දී
මම කන්‍යාවී අරන් එමි

ගෙදර සුදු රෙදි උඩදී
අගර දගර මම බලමි
තායි කෙල්ලෝ වගේ නැති
තාමත් පැකින් පිටින් ඇති

ලෝකේ වටේ කෙල්ලෝ ඇති
අපේ අම්මගේ බර බරේ ඊට වඩා වෙති
ඕකිට දරුවෙක් දීපන් කියපි
එතකොට දික්කසාද ඕනේ නැති

 

Tuesday, November 1, 2011

කෝ බොලං

කෝ බොලං
උබට නැහැ නොව
කිට්ට කිටි කිටියට
තද වෙන්න අදිනට
කලිසමක්
උබව එක්කන් යන්නේ
කොහොමද
කොලොම් තොට
ගහන්නට කරක්
එහෙ එවුන්නම්
එළියේ දාගෙන
යන්නේ
ආ වරෙන් අර ගනින්
කියනා හැටියෙන්

මගේ පළමු සටහන





වැටෙන වැහි පොද ඉබින ඉගසුග
තෙත් වෙලා පාන මදහස
තවත් කම් සැප සොයා පියබන
බබරෙකුට ඇරයුම් නොවේ 


පියෙක් නැතිවට තනිව උහුලන
පුතුගේ කිරි හිනා දකිනට
මවගේ ලැම සෙනෙහෙන් බර උන
නුබගේ තොල් සනසනු කෙසේ.........


**********************************************************************************
උබට පිස්සුද
ඇයි උබ එහෙම අහන්නේ
යකෝ ඔය වගේ ගුබ්බැයම් වලට රිංගන්නේ කොල්ලෝ
ඉතින් ඔය ගුබ්බැයම් වලට ගිහින් උබ කෙලින්නේ කෙල්ලන්ට නෙමේද?
කෙල්ලන්ට තමා එත් උබ උන් කරන එක කරන්නේ නෑනේ. එහෙම එකේ උබ ඕකෙන් එලියට එනවා දැක්කොත් උබත් ඒ ගානට වැටෙනවා.
හිනා යන කතා කියන්න එපා ඕයි. තමුසේ එතකොට ඕකෙන් එලියට එනකොට මිනිස්සු හිතන්නේ උබ එලිසබත් එක්ක නිදාගෙන ආව කියලද.
මේ අහනව තමුසේ එතනට යන්න එපා එච්චරයි ගිහින් ඇවිත් මගේ ගාවට එන්නත් එපා.
හරි, හැබැයි තමුසේ එතනට හිගින් ඇවිත් මගේ ගාවට එන්නත් එපා මොකද මං යන්නේ උන්ගේ ජිවිත කතාව අහන්න. තමුසේ වගේ එකෙක්ගේ මස් හූරන් කන්න නෙමේ. තව එකක් උබ උන්ගේ කදුළු දකින්නේ වෙන විදිහකට මං දක්කිනේ වෙන විදිහකට අන්න ඒක මතකතියා ගනින්.  


වේසකම් කරන එවුන් සුද්ද කරන්න බැහැ එත් ඇයි ගෑණියෙක් විතරද වේසකම් කරන්නේ? පිරිමි කරන්නේ නැද්ද? වේසකම කියන්නේ ගිහින් ගෑණියෙක් එක්ක නිදා ගන්න ඒක විතරක් නෙමේ. අද සමාජයේ වැස්සකට තෙමිච්ච කෙල්ලෙක් දිහා බලාගෙන ගෙදර ගිහින් තමන්ගේ අතේ පතේ හිරියවා ගන්න කීදෙනෙක් ඉන්නවද? මගේ මේ මුණ ඉස්සරහට ඇවිත් උබට දැක්කම අතේ පාරක්ක්වත් ගහන්න හිතෙන්නේ නෑ කියපු බල්ලෝ කොච්චර නම් ඉන්නවද?. හැබැයි උන්ට අමතක වෙච්ච එක දෙයක් තිබ්බ. උගේ තාත්ත ගිහිල්ල උගේ අම්මට කෙලපු හින්ද තමා උ අද  එතැන ඉන්නේ කියල උගේ අම්ම මාස දහයක් හදපු ගැහැනියක් කියල ඔය කිව්ව ටික උට උගේ අම්මට කියන්න බැහැ. මොකට ඒ අම්ම හින්ද අන්න එතනයි උන්ට වැරදුනේ. මං කතා කරන්නේ ඒ වැරදිච්ච තැන ගැන.


පිරිමි විතරක්ම වැරදි නැහැ ගෑනුත් වැරදි. මේ සමාජයේ අනන්ත අප්‍රමාණ හම්බ වෙලා තියෙනවා තවත් ගෑණියෙක් ඕන වෙච්ච ගැනුන්ව එහෙමත් නැත්තම් සල්ලි වලට, බලයට මිනිස්සු එක්ක ලගින එවුන්. මං මෙතනදී කියන්නේ අසරණකම හින්ද වේසකමේ යන එවුන් ගැන නැතිව තමන්ගේ මන දොළ සපුරන්න ඒ වැරැද්ද කරන එවුන් ගැන අනුකම්පා කරන්න යන්නේ නෑ  දෙපැත්තක් තියෙන හැම දෙකම මැද ඉදන් බලන්න පුරුදු වෙච්ච හින්ද ලෝකයේ පරණම රැකියාවම කරන කෙනෙක් ගාවට ගිහින් එහෙම වෙන්න හේතුව වගේම ගොඩක් නොදන්නා දේවල් ලෝකෙට කියන්න තරම් කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් කෙල්ලෙක් වෙච්ච එක ගැන මං සතුටු වෙනවා. ඒ විතරක් නෙමේ උපාධි, සල්ලිකාර ලෝක වල හැම දේම ගැනත් කියන්න සදාචාරයෙන් කියන කඩතුරාවෙන් වහල දාපු කෙල්ලෙක්ගේ කට වදන් වලින් ලියන මේ වෑයමේදී ඕගොල්ලෝ හැමෝම මාත් එක්ක ඉදි කියල හිතනවා