Friday, December 30, 2011

අනුන්ගේ පස්සෙහි ගු නොපෙනේවා... බලන එකෙක් හරි හොදට හැදෙවා ......


මං මේ බ්ලොග් එක පටන් ගත්තේ මං ගැන ලියන්න නෙමේ මොකද ඊට වැඩ ලියන්න දේවල් තියෙන නිසා එත් ඉතින් කොහෙද අමාරු තියෙන අයට මං ලියන එව්වා දිරවන්නේ නැහැ. එකත් නිකන් අලියා දිවුල් කනවා වගේ අවුලක් නැහැ මොකෝ ඇගේ වදිනවා කියලය... ඔය අස්සේ එකෙක් ඇවිත් කියනවා 8 වසරේ පොඩි එකෙක් මගේ බ්ලොග් එක බලනවා දැක්ක කියල ඉතින් ඔය කිව්ව කෙනා වැඩිහිටියෙක් විදිහට ඕක නවත්තන්න තිබ්බේ නැද්ද? අනේ අපේ අම්මලනම් ඉතින් පොඩි කලේ ඔහොම කලා මට. ලඟින්ම හිටිය මොනවද බලන්නේ කියල හොයා හොයා. තාමත් එහෙමයි(අපි හරහට ගියාට) අනික ඔය සිද්දි පොඩි අය දන ගන්නේ 8 හා 9 වසර වලදී. මගේ බ්ලොග් එකෙන් නෙමේ සුද්ද සිංහලෙන් පිතුරත් එක්ක තියෙනවා සෞඛ්‍ය පොතේ. බොරු නම් අරන් බලන්න. 


අනික මේක මෙතන කියන්නම ඕනේ මගේ ජිවිත කතාව හරි වෙන මගුල හරි ලියන දෙයක් ලියන්නේ දෙයක් ඉගෙන ගන්න. එහෙව් මුන් එනවා මගේ ජිවිතේ අනාගතේ ගැන සාස්තර කියන්න. අනේ හු* .  හරි සුද්ධ සිංහලෙන් කියන්නේ හිතන් ඉන්නේ මගේ ජිවිතේ අතරමග නතර කර ගෙන කියලනම් පුතෝ ඒක වැරදි මොකෝ අද මං ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කෙනෙක්. ඒ වගේම මට ආදරය කරන්න කෙනෙකුත් ඉන්නවා එයත් මේ බ්ලොග් එක බලනවා වගේම ලියන්න ඕනේ මොනවද කියලත් කියනව. අමුතු ජාතියේ පහත් බොලඳ ආශාවන් තියෙන මිනිස්සු අතරේ ජීවිතය දිහා මං වගේ බලන කෙනෙක්. ඒ වගේම තමා මගේ ජිවිතේ අසාර්ථක නැහැ. වෙන එවුන් වගේ මං මේවා කිව්ව කියල මඩම් වල ලැගලා නැහැ. එක එකාට දෙන්න ගිහිල්ලත් නැහැ. එහෙම උනා නම් අද මං මේ ව්‍යාපාරයේ ලොක්කෙක් මං ආඩම්බරයෙන් කියනවා කෙල්ලෙක් කියල පොරෝ පාර පෙන්නලා මං මේ තත්වෙට අවෙත් නැහැ එන්න බැරිකම නෙමේ. ඒක මගේ ක්‍රමේ නොවෙන නිසා. ඒ ක්‍රමේට ගියාම වෙන්නේ ඉක්මනට වලට වැටෙන නිසා. ඒක මුළු පවුලක් හදපු මං දන්නවා.(එව්වා පස්සේ කියන්නම්).


කෙනෙක්ගේ ජිවිතේ ගැනවත් ඒ කෙනාගේ අනාගතේ ගැනවත් ලියන බ්ලොග් එකකින්වත්, ජංජාලේ තියෙන කිසිම දෙකින් තීරණය කරන්න බැහැ. එහෙම උනා නම් සාත්තර කාරයෝ ජොබ් ඒක ඇත හැරලා නෙට් කැෆේ දාගන්නවා. අනුන්ගේ රෙද්දේ කුණු හොයන්නේ නැතුව තමන්ගේ ගු ටික හෝදගන්න ඕක ඉතින් පෙන්නලා දුන්නත් අපේ එවුන් කියන්නේ ගු ගෑවේ උබනේ කියල..  අනික සමහරුන්ට කහනවා අයි කෙල්ලෙක් කට ඇරියම උන්ගේ වැහිලා තියෙන වෙස් මුණු ගැලවෙන හින්ද.


එහෙනම් අයෙ ඊලග අවුරුද්දේ හම්බ වෙමු හොදේ.


මල් මල් නව වසරක් වේවා
ගල් මුල් තව තව සැරට වැදෙවා
ලියන ලියන පද හිතට වැදෙවා
අනුන්ගේ පස්සෙහි ගු නොපෙනේවා
බලන එකෙක් හරි හොදට හැදෙවා 

Thursday, December 22, 2011

බැල්ලි








රිදෙනවා පට්ටෙට හිත
මතක් වෙනකොට ඒ වෙසිව
තුරුල්වෙලා හිටිය මට
මලක් වගේ ඒ බැල්ලිව
බලාගත්තේ කැසිල්ලට
අද යනවලු දීගෙක
මට නැති
උට ඇති 

රෙද්දේ ප**
හොයාගෙන
හු***ක් වෙච්ච හින්ද

රෙද්ද අස්සේ තියෙන එක
බදින්න බෑලු  මාව



**************************************************


හරි මෙන්න හදපු එක. ඕක දැම්ම ම කට්ටිය කිව්වා කිඅලින් එක හොදයි කියල ඉඋතින් කැමති එකක් කියවන්න



රිදෙනවා පට්ටෙට හිත
මතක් වෙනකොට ඒ වෙසිව 
තුරුල්වෙලා හිටිය මට 
මලක් වගේ ඒ බැල්ලිව
බලාගත්තේ කැසිල්ලට
අද යනවලු දීගෙක
මට නැති 
උට ඇති 
කලිසම 
හොයාගෙන 
වෙච්ච හින්ද
තවත් සායක් 
බදින්න බෑලු මාව



Wednesday, December 21, 2011

කෙල්ලෝන්ට මද්‍යසාර තහනම්ද




ඔන්න අද වෙනස් ශයිලියකට වෙනස් දෙයක් හිතුනා. මේක ලියන්න හේතුව උනේ එකතරා සංවාදයක් හා මගේ යම් ක්‍රියා කලාපයක් හේතුවෙන්. 
**********************************************************************************
"ඇයි බිව්වේ?" ජොලියට
ඇයි කෙල්ලෝනට බොන්න හොද නැද්ද? මේක මං කෙනෙක්ගෙන් ඇහුව. 
ඇයි කෙල්ලෝ බොන්නෙ? 
එතකොට මං අහනවා ඇයි කොල්ලෝ බොන්නෙ? කට උත්තර නැහැ.
කෙල්ලෝ බොනකොට හරි නැහැ. අනේ ඕයි කොල්ලෝ බොනකොටත් ගදයි. බොන එක කෙල්ලෝ කරන්න ඕන දෙයක් නෙමේ. කෙල්ලෝ බිව්වම වැඩක් නැහැ
(අවැඩක් වෙයි කොල්ලොන්ට සිහිකල්පනාව නැති කෙල්ලක් එක්ක). එව්වා අදාල නැහැ. ඇත්ත බොන එක අනුමත කරනවා නෙමේ එත් මොකක්ද වැරැද්ද? එකේ කිසිම වරදක් මම දකින්නේ නැහැ. කෙල්ලොන්ට බොන්න පුළුවන් බිල කෙලින් හිට ගෙන යන්න පුළුවන් (පළපුරුද්ද මත) හැබැයි ඉතින් ඔය පඩිපෙල් පොඩ්ඩක් ඇද වෙලා පේනවා ඒක වෙනම කතාවක්. එත් කෙල්ලෝ බිව්වම පෙවෙන්නේ නැද්ද? නැහැ පෙවෙනවා හොදටම. කලවම්ද, නිකන්ද, සැන්ඩි කරලද, ඕනේ විදිහට බිව්වත් පෙවෙනවා. එත් ඇයි මේ කෙල්ලෙක් බිව්වම මිනිස්සු උඩ පනින්නේ?. එපා කියන්නේ ? හොද නැහැ කියන්නේ?

මං කියන්නේ පොඩි කාලෙන්ම බොන්න දෙන්න ඕනේ හැම කෙනාටම කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත්. එකට හේතුවක් තියෙනවා මොකද කෙනෙක් දේකට ඇබ්බැහි වෙන්නේ හෝ  නැති වෙන්නේ පළපුරුද්ද මත. එකත් නිකන් හැමදාම බත් කනවා වගේ, හැමදාම බත් කන්න බැහැ වෙනසක් ඕනේ. ඉතින් ඔය බිමත් ඒවගේ ටික කලක් යද්දී එපා වෙනවා.(මොළේ ඇති අය‍ට)  නැති අය කල්පනා කරන්න. හැම ළමයෙක්ම නොමග යන වයසක් තියෙනවා හැබැයි ඔය වයස එනකොට ඒ ළමය දන්නවා නම් බිම මොකක්ද කියල බිව්වාම මොන වගේද කියල කවදාවත් උත්සහ කරයිද? නැහැ. මොකද එකේ අමුත්තක් නැහැ ඒදේ විදලා තියෙන නිසා. නමුත් ඒ දේ අලුත් නම් වරදට හසු වෙනවා වැඩි. තෙරුන් ගන්න වයසේදී, අත්විදලා තියෙනවා නම් කවදාවත් වැරදි කරන්නේ නැහැ, ඒ විතරක් නෙමේ බිව්වම වැරදි මාර්ගයේ යනවලු. එත් ඇයි ඒ බිල ගෙදර එන්න බයයි තාත්ත බනි කියල. ඉතින් වල බහිනවා එත් නිකමට හිතන්න. ගෙදර බොන්න පුලුවන්නම් බිල ඇවිත් ඉන්න පුලුවන්නම් ගෙදර නේද? අම්ම තාත්ත ගාව නේද?  අවුරුදු 16 පස්සේ බිල වැටෙන්න කියන්න ගෙදර. අම්ම තාත්ත ලග වෙන කොහේ හරි ගිහින් බිල නාස්ති වෙනවට වඩා ඒක හොද නැද්ද? ළමය ආරක්ෂිතව දෙමාපියන් ගාව( අපේ අම්මනම් ගෙදරිනුත් එළවයි)  එතැනදී තෙඋන් ගැනීම මත ළමය හොරෙන් කරන්න තියෙන ආසාව නැතිවෙනවා. ඊට අමතරව හිතන්න ගන්නවා මං ඇයි මෙහෙම නාස්ති වෙන්නේ කියල නමුත් ගෙදරින් තර්ජන ගර්ජන නම් එකේ ෆන් ඒක වැඩි. ඉතින් හැමදාම කරන්න බිල ගෙදරට අහු නොවී ඉන්න. හරි වැරැද්ද තේරුම් ගැනීමක් කරන්න වෙලාවක් නැහැ.  

තව දෙයක් ඉස්සර ඉදං කෙල්ලෝ බිව්වා හොරෙන්, ප්‍රසිධියේ, රජ කාලෙ ඉදලම. යේ අහන්න දෙයක් නැහැ කසිප්පු පොට් අයිති ගමේ රොසලින් නැන්දට. එත් ඇයි දැන් මේ කෙල්ලොන්ට බොන්න බැරි? කෙල්ලෝ බිව්වම නරක? කොල්ලොන්ට බොන්න හේතු තියෙනවා, කෙල්ල බුට් එක තිබ්බ, පඩි දවසට, මලගෙට, මගුල් ගෙට, අරකට මේකට, කවි ලියන්න කතා ලියන්න, සීතලට, රස්නෙට, ඒ බොන හැම එකකටම කොල්ලොන්ට බොන්න පුළුවන් එහෙනම් ඇයි කෙල්ලොන්ට ඔය එක හේතුවක් හින්ද බොන්න බැරි? බිව්වා කියල මොකද වෙන්නේ වෙරි වෙනවා. එත් මෙතන ඇයි එක සමාජ වාදයක්. කෙල්ලොන්ට බොන්න හොද නැහැ කියල?. කොටින්ම කිව්වොත් රටේ නීතියට අනුව කෙල්ලෙක්ට ගිහින් අරක්කු බෝතලයක් මිලදී ගන්න නීතියෙන් තහනම්. ගැහැණියට සමතැන කියන රටේ අරක්කු විතරක් ගැහැණියට තහනම්. ඒ ඇයි? එකට හේතුව මට පෙන විදිහට පිරිමි බයයි ගැහැණියට බොන්න පුළුවන් ගාන ඒ ගොල්ලොන්ට වඩා වැඩි වෙයි කියල. හරි කමක් නැහැ මොනවා වෙනවද?

අවසානය ඇයි කෙල්ලෝ බොන ඒක වැරදි කියන්නේ? සමාජ සම්මතයට විරුද්ධ නිසාද? සමාජ විරෝධී වැඩ වෙන්නේ කෙල්ලෝ බිව්වම විතරද? අනික ඉතින් කෙල්ලෝ බිල වෙරි උනාම වාසිය කොල්ලන්ටනේ කෙල්ලොන්ටද? නැහැනේ 

ප. ලි. : මෙතන බොනවා කියන්නේ රට බිම නෙමේ මද්‍යසාර     


Wednesday, December 14, 2011

ගල් මුල් සහිතව මෙතෙක් ආ දුර

පොඩ්ඩක් බ්ලොග් එක ගැන ලියන්න හිතුන පහුගිය දවස් ටිකේ මුකුත් ලිව්වේ නැති හින්ද. හප්පේ දාපු සමහර කමෙන්ට් වලට නම් මට හිතුන කලන්තේ දාල වැටෙයි කියල. සමහරු කියල තිබ්බ කියල මං වෛශ්‍යාවක් වෙන්න හදනවා කියල කමක් නැහැ මං මේ බ්ලොග් එක ලියන්න ගත්තේ ඔය දේවල් දැන ගෙන තමා. ඕව අහන්න ලෑස්ති වෙලා එත් මේක ලියන්න අත හිත දීපු කෙනෙක් ඉන්නවා ඒ කෙනාව මතක් කරන්න හිතුන ඒ තමා පොඩි මෑන්


අදට බ්ලොග් එක පටන් අරන් මාසයයි දවස් 14 යි. ඇත්තම කිව්වොත් මං ලියන්න දන්නෙ නැහැ. තාම දැම්මේ පොස්ට් දහයයි හිතන්න ඉන්න පොස්ට් වලින් 1% ක් වගේ. එහෙම දාල මෙච්චර බනිනවා එත් කමක් නැහැ මං ලියන එක නවත්වන්නේ නැහැ. ඒක ඒකාන්තයි. සමහරු හිතනවා මං ඉන්නේ අසහනයෙන් කියල. නැත්තම් දුකෙන් නැත්තම් ලිංගිකත්වය කියන මානසිකත්වයෙන් කියල. එහෙම අයට කියන්න තියෙන්නේ නැහැ කොල්ලොන්ට තරම් අසහනයක් කෙල්ලොන්ට නැහැ. මොකද ඉවසීම කියන ඒක පුරුදු කරලා නිසා එහෙම ඉවසීමක් නැති උනානම් උබල අපි වගේ අය අද මෙතන නැහැ. මොකද මාස නයමක් ලමෙක්ව බඩේ  ඇතුලේ තිය ගන්න එකත් ඉවසීමක් ඇතිව කරන්න ඕනේ හින්ද. එහෙම ඉපදිච්ච කොල්ලොම තමා තව කෙල්ලෙක්ට අපහස කරන්නේ.


මට කා එක්කවත් තරහක් නැහැ මොකද මං කාලයක් අසාර්ථක වෙලා ඉදල දැන් ජිවිතේ අලුතෙන් පටන් අරන් තියෙන නිසා. ඒ 2008 දී. මං වැරදි කරලා තියෙනවා, නැහැ කියන්නේ නැහැ පාඩම් ඉගෙන ගෙන තියෙනවා. බැනුම් අහල තියෙනවා අම්මගෙන් ගුටි කල තියෙනවා හැබැයි ඒ පාඩම් ඉගෙන ගන්න. අද මට ඔලුව කෙලින් තිය ගෙන කියන්න පුළුවන් තත්වයක් කියන්න පුළුවන් මගේ වයසේ ඉන්න කෙල්ලෙක්ට වඩා මං ශක්තිමත් ඒ වගේම ජිවිතේ විදලා විදවල ඉන්න කෙල්ලෙක් කියල. අනික් කෙල්ලෝ වගේ තොදොල් වෙන්න දන්නෙ නැතුව නෙමේ. හුරතල් වෙන්න දන්නෙ අන්තුව නෙමේ. එත් සමහරුන්ට කසන් ගතියක් තියෙනවා කෙල්ලෙක් උදව්වක් නොඉල්ල තැනීම වැඩක් කර ගත්තොත් ඒකිගේ පල්ලෙහා ඒක නළලේ කියල කියන්න. නැහැ අදට ජය. මේ බ්ලොග් එකට අපු කමෙන්ට් කරපු හැමෝටම ස්තුති. සාදා ජය.....


ඔය කෙල්ලෙක් නම් කියන්න දෙයක් තියෙනවනම් අනෝ කමෙන්ට් එකක්වත් දාන්න මොකද මේක ලියන්නේ කෙල්ලෙක් නිසා හා අදහස් ප්‍රකාශ කිරීම තමාගේ aithiyak නිසා  

Friday, December 9, 2011

මට හිතෙන දේවල්

මිනිස්සු කියනවා ආදරය කියන්නේ ***** නෙමේලු, පිවිතුරු රෙද්දට නැහැ නැහැ වැරදුනා පිවිතුරු ආදරේට ****ත්වය ගාවන්න බැහැලු. රෙද්ද එහනම් ගංගාරාමේ, ගෝල්ෆේස් එකේ ගල් මුල් අස්සේ, වල් පදුරු අස්සේ, කාමර අස්සේ, පෙට්ටි අස්සේ, පෝය දවසේ, නිවාඩු දවසේ, අනේ මන්ද ඉරිදා, සෙනසුරාදා, සතියේ හැම දවසෙම දවල්ට, රෑට උදේට, ජෝඩු ජෝඩු මක් කරනවද? හරි හරි මතක් උනා. අනාගතේ සැලසුම් කරනවා. කසාද බදින්න කලින් කොච්චර දේවල් කරන්න තියෙනවද? හිතන්න තියෙනවද? එත් එහෙනම් මොකටද හතර වටේ ආරක්ෂක කොපු, රෝසමල් තුන ගානේ වැටිලා. මටනම් තේරෙන්නෙම නැහැ. 

******************************************************

කෙල්ලෙකු කොල්ලෙක්ටයි යාලු වෙන්න පුළුවන්, අරෙහෙ මෙහෙ යන්නත් පුළුවන් ගෙදර එන්නත් පුඋවන් හරි කමක් නැහැ. එත් මට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. කෙල්ලෙක්ට බඳින්නේ නැතිව ළමයෙක් හම්බ උනොත් එකී වල්කමේ ගිහින් එහෙම නැත්තම් දාන්ගලේට, අමාරුව හැදිලා , ගෙදරිනුත් එලවනවා, තවනම් දාහක් දේවල්. ඉතින් ඔය ගැණු ලමයටම කසාද බැදල කියක් හරි වියදම් කරලා හොද හොටෙල් කාමරේක හනි මුන් එකේදී හම්බෙන ළමය බලන්න යන්නෙත් ආඩම්බරෙන්, පාවඩ දල තමා ගෙට ගන්නේ. එතකොට අර විදිහයි මේ විදිහයි වෙනස් වෙන්නේ කොහොමද? ළමය හම්බෙන්නෙත් එක තැනිනම් ඔය සිද්ද වෙන දේවල් වෙනසකුත් නැත්තම් ඔකේ ඇති වැරැද්ද මොකක්ද? වෙනස මං කියන්නම් කලින් ළමය හදා ගත්තේ හොරෙන් තමන් ගේ පාඩුවේ උපරිම උනොත් රුපියල් දාහක් වියදම් කරලා. එත් දෙවනියට එහෙම නෙමේ මන් හනිමුන් යනවා කියල බෙර ගහල ලක්ෂ ගානක් වියදම් කරලා එකයි වෙනස වටේටම කන්න දීල බොන්න දීලනේ. මුන්ගේ බඩචාරී කමට කන්න දුන්නම කටවලුත් වැහිලා ....

දැනට මට මේ කියන දෙකම තේරෙන්නේ නැහැ එකම දේ දෙවිදිහකට කරාම ප්‍රතිපලය එකනම්,  එක විදිහක් වරදින්නේ කොහොමද කියල. මාර ප්‍රශ්නේ උසස්පෙළ කලේ ඉගැන්නුවේ මුලධර්මය මොනවා උනත් උත්තරේ හරියට එනවනම්  හරි කියල, කෙටි ක්‍රමම පාවිච්චි කරා. ඇඩෙනවා අප්පා ඉස්කෝලේ උගන්නපුව ඔක්කොම වැරදි වගේ එලියට ආවාම.

******************************************************




      

Thursday, December 8, 2011

කාගේද මේ ගැනී



හිත
කොහොම
වෙනස් වෙනවද මන්ද
හිතෙන හිතෙන විදිහට
මිනිස්සුන්ගේ
ඇද උඩදී
මගේ ගැනී
ගෙයි සාලේදී 
අපේ එවුගේ අම්ම
පිටදී
ගෙදර එක්කෙනා
ඈ බෝල
එතකොට
මන් උගේ ඇදෙදී විතරද?
**************************************
(මේක මට නිකන් ජොලියට ලිව්වා එකක්) හිකිස්

Wednesday, December 7, 2011

මං ගැන

මේ ජිවිතයේ කීදෙනෙක් තමන් කරපු දේ වැරද්දක් කියල පිළිගන්නවද? එහෙම කරපු දෙයක් වෙනුවෙන් අඩලා  තියෙනවද? මගේ අතිනුත් ලොකු වැරද්දක් උනා. එත් එක හදන්න තරම් මං පරක්කු වැඩි. හිතට දුකයි ඒ වෙන හේතුවක් හින්ද නෙමේ මං එහෙම කරපු එක ගැන. එත් එහෙම කරන වෙලේ මං හිටියේ හුගක් හොද සිහි කල්පනාවේ නෙමේ. ඔව් මං කිව්වනේ ම කෙල්ලෙක්. අවුරුදු ගානක් විකාරෙන් වගේ කොල්ලෙක්ට ආදරය කරපු කෙල්ලෙක් ඊට පස්සේ මං රැවටිලා ඉන්දැද්දී අතටම අහුවෙනකම් ඉවසන් හිටපු කෙල්ලෙක්. පස්සේ පිස්සියෙක් වගේ ඔහේ වැටිලා හිටියේ වෙච්ච දේවත් හිතා ගන්න බැරුව කොහොමද මිනිස්සු මෙහෙම කරන්නේ කියල. දුක කියන එක ඉවසන් ඉන්න බැරි තැනම ඇඩුව එත් කදුළු වලට ඉඩ නැති වෙනකොට හිතහදා ගන්නේ කොහොමද?.  එක පාරක්, දෙපාරක්, තුන් පාරක් සමාවදිදී ජිවත් උනේ ආදරේට. එත් ඒකම මගේ අසරණකම කියල පහර දෙද්දී,  මගේ අහිංසක අම්ම ඉස්සරහ මට වේසි කියල බනින ඒ මිනිහ මගේ මුළු ජිවිතෙන්ම අතුගාල දාන්න කියල කියද්දී මගේ හිතේ බලාපොරොත්තුවක් තිබ්බ. මු ඒකම එක දවසක් හරි මේ හැම දේම තේරුම් අරන් හැදෙයි කියල.


මේ මගේ ආදරේ හැටි : පැය ගණන් වරු ගණන් පාරවල් ගානේ රස්තියාදු වෙලා ඇති තනියම, වෙන දෙයක් හින්ද නෙමේ මොකද එයා පරක්කු හින්ද, යාළුවෙලා හිටියට අවරුදු හතරටම අපි ෆිල්ම් එකක බලල ඇත්තේ තුන් පාරක් එකත් අපේ ගෙදරින් බල කරපු හින්ද විතරයි. වෙන ගෙවල් වල ප්‍රශ්න  තහනම් අපිට තිබ්බේ නැහැ ඕනෑම තැනක එයත් එක්ක යන්න කියල මගේ අම්ම තාත්ත අවසර දීල තිබ්බ. ඒ විතරක් නෙමේ එයාව ඒ තරමට විශ්වාස කරා. සමහර වෙලාවට මටත් වඩා. මෙතැනදී මං කියන්නේ ඒ මිනිහත් එක්ක නිදාගන්න නෙමේ. එත් අද කලේ හුගක් යට නැති නිදහස එයාට ගෙදරටම එන්න. මව කොහේ උනත් එක්කන් යන්න. මගේ දෙමව්පියෝ එයාට සැලකුවේ ඒ ගොල්ලන්ගෙම පුතෙක්ට වගේ. එත් කවදාවත් එයාගේ අම්මවත්, තාත්තවත්, අපේ ගෙදරට කතා කළේවත්, නැහැ.


එයාගේ ආදරය : කෙල්ලෙක්ට කොල්ලෙක්ගෙන් ලැබෙන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා ඒ දේවල් හම්බ වෙන්නේ නැති වෙනකොට කිසිම නීතිමය බැදීමක් නැති කොල්ලෙක්වත් කෙල්ලෙක්වත් වරදේ බැදෙනවා නම් ඒක වරදක් නෙමේ. මෙතැනදී මම මාවම හරි ගැස්ස ගන්නවා නෙමේ එත් එකයි ඇත්ත. මුලින්ම වරදේ බැදුනේ එයා. වෙන කෙල්ලෝ වගේ නෙමේ මං. පුදුම තරම් නිදහස් වගේම සැහැල්ලු විදිහට මං ජීවිතය තේරුම් ගත්ත හින්ද වෙන කෙල්ලෙක් නොදෙන නිදහසක් දීල තිබ්බ. සුද්ද සිංහලෙන් කිව්වා යාලුවෙන්කොට උබට වෙන ක එක්ක හරි නිදා ගන්න ඕනේ නම් එහෙම නැත්තම් බඩුවක් ගහන්න ඕනේ නම් පලයන් කරලා වරෙන් හැබැයි මට කියල. එහෙම දේවල් පිටින් ආරංචි උනොත් මං තමුසෙට සමාව දෙන්නේ නැහැ කියල. කියන තරම් නිදහසක්. මොකද නීතියෙන් බැදුනත් නැතත් වෙන කෙනෙක්ගේ අසාවන් ගැන මට කිසිම අයිතියක් මට නැති හින්ද. මං අදටත් විශ්වාස කරන්නේ ඇත්තටම ආදරයනම් මිනිස්සු දාල යන්නේ නැහැ කියල. එත් අන්තිමට එච්චර නිදහසක් දීපු විව්රතව කතා කරන්න පුළුවන් වෙච්ච මාව අවුරුද්දක් රවට්ටපු ඒ මිනිහට අයෙ සමාව දෙන්න තරම් මං හොද උනා. ඒ මගේ හැටි අපි මිනිස්සු වැරදි කරන්නෙත් අපි සමාව දෙන්නෙත් අපි එත් ඒක දෙයක් තේරෙන්නේ නැහැ. ඇයි එහෙනම් මාත් එක්ක යාලු උනේ? සල්ලි වලට, ලස්සනට, නැහැ කෙහෙල්මල් ආදරේට. එතකොට ඕක ගැන පාපොච්චාරණය කරන්න මං හැමදේම හොයා ගන්නකම් හිටියේ ඇයි? ආදරේ කියන්නේ එකක් එක්ක ලගින් ගමන් අනික් එකාගේ ගෙවල් ගානේ රිංගන එකටද? නැහැ මට තේරෙන්නේ නැහැ එකට උතරයක් තවමත් එයා ගව නැහැ.


මං හිතන්නේ ඉතුරු ටික පස්සේ ලියමු කියල

Sunday, December 4, 2011

බලු කමට ආදරය





පෙම් කලෙමි
හද පුර
රැදෙන්නට
දිවි ඇති තුරා
ජීවිතය,
අතරමං කොට
මා
අනාවකට
දුවිලි ගසා
ඔබ ගිය කල
මට දොස් තියා
ගිය ඔබ ගැන
අංශු මාත්‍රයක්වත්
අහිතක් නොහිතපු
මම
උබව
නැවත පිළිගත්තේ
ආදරයේ නාමයෙන්
එත් උබේ බලු කමට
මට අහු උනේ
උබ ලගිද්දී
අපේ ඇදේ
ඒ වෙසිත් එක්ක