Sunday, February 26, 2012



ඇයි උබ මට එහෙම කලේ? කියපන් උබ දන්නේ නැද්ද ධනුකයි මායි යාළුවෙලා ඉන්න කෙනා කියල. උබට මං මොනවද අඩු කලේ උබ මට මෙහෙම කරන්න කියපන්. ඇයි එහම කලේ? මේ වගේ බලු වැඩක්.


මං රෙහානාව හයියෙන් බිත්තියට හේත්තු කරගත්ත ඒ ලොකු ඇස ගෙඩිවලින් කඳුළු බේරෙනවා ඊයේ වෙනකන් ගොඩක් ආදරයක් තිබ්බ ඇස්වල දැන් එහෙම නැද්ද කියල හිතුන. ඔව් එක බත් කට කට අනල කැව්ව මේ අත් දෙකෙන්ම ඒ කම්මුල් රතු වෙන්න රිද්දෙව්වා. මං වැරදිද තාම මට තේරෙන්නේ නැහැ. මං අත්මාර්ථකමිද? එහෙම නැත්තම් මොකක්ද කියල මං දන්නේ නැහැ. එත් ඒ කෙල්ලට වැරදෙන්න දෙන්න බැහැ.  

ඔයා මට අවසර දීල තිබ්බ ඕනේ වෙච්ච කලෙක වෙන කෙනෙක් ගාවට යන්න. එකයි අනු මං එහෙම කලේ 


ඔව් ඇත්ත එත් ඇයි උබ ධනුකව තොර ගත්තේ? උබ දන්නවා එක මට ඉවසන්නේ නැහැ කියල.


මං හිමින් ලංවෙලා පුරුදු විදිහටම ඒ සිතල තොල් දෙක උණුසුම් කරා නැහැ වෙනසක් නැහැ ඒ ආදරේ එහෙම්මම තවම තියෙනවා මට දැනුන. රෙහනා මගේ තුරුලට වෙලා ඉස්සර වගේම එත් කවද හරි යන්න යාවි ඒ වෙනස හොයා ගෙන මම දිග හුස්මක් ගත්ත පුරුද්දට.


රෙහනා ඔයා ධනුකට කැමතිනම් පරිස්සමෙන් ආශ්‍රය කරන්න. මලක් වගේ බලාගත්ත උබගේ පෙති ටික කුඩු කරයි ඌ. එක මට බලා ගෙන ඉන්න බැහැ බං. 


මගේ තුරුලෙන් විසි වෙච්ච ඇය


එතකොට ඔයා?


මං වෙනස් ඔයා දන්නවා හැබැයි එක දෙයක් ඔයා එහෙම ගියොත් අයෙ කවදාවත් උබවත් ධනුක ඉස්සරහටවත් එන්නේ නැහැ.  අන්න බෙල් එක ගහනව දැන් යන්න.

ගබඩා පොත් කාමරේ මම තනිවම සමුගත් ඇයත් සමුනොදුන් ඔහුත් නොමැතිව.

 "කවුද කියන්නේ ජිවිත් අපි ආදරේ කරන්නේ එකපාරයි කියල එක්කෙනෙක්ට විතරයි කියල". 
මං මටම හිනා උනේ හින්දද කොහෙද

15 comments:

  1. ෂෝට් ඇන් ස්වීට් නෙවෙයි හොට්.... :) පාර...

    ReplyDelete
  2. //"කවුද කියන්නේ ජිවිත් අපි ආදරේ කරන්නේ එකපාරයි කියල එක්කෙනෙක්ට විතරයි කියල"//
    ඇත්ත . . . කවුද කියන්නෙ ???? ආදරේ කියන්නෙත් එක වචනයක් විතරයි රැවටිල්ලට කියන

    ReplyDelete
  3. බ්ලොග් ලියන්න කලින් උක්ත ආඛ්‍යාත ගලපලා වාක්‍යයක් ලියන්න ඉගෙන ගනිං. නැත්නම් මේ මගුල කියවන්න ගිහින් අපිට පිස්සු හැදෙනව.

    ReplyDelete
    Replies
    1. කොච්චර කිව්වත් මෙයාව හදාගන්න බෑ ‍වගේ මටත් පේන්නෙ.

      Delete
    2. මේ අහපන් අපි ලයිෆ් එකේ ඔය උඛ්ත ආඛ්‍යාත ගලපලා ජිවත් වෙන්නේ නැහැ බං ඉතින් කොහොමද ඕව ගලපල ලියන්නේ

      Delete
  4. තවත් එක් බඩුවක් ලියූ කතාවක්,,,,,,

    ReplyDelete
  5. පිංතූරේ ඉන්නේ ලංකාවේ කෙල්ලෙක් ද....

    ReplyDelete
  6. මෙතන ආප්ප සීන් එකකුත් තියෙනවද ...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කවුරැ මොනවා කීවත් හැමොගේම ජීවිත වල සංවේදීම තැන ස්පර්ෂ කරලා තියෙනවා, ලස්සනයි, ජයවේවා.

      Delete
  8. //මං වෙනස් ඔයා දන්නවා හැබැයි එක දෙයක් ඔයා එහෙම ගියොත් අයෙ කවදාවත් උබවත් ධනුක ඉස්සරහටවත් එන්නේ නැහැ.//
    ???
    //මං මටම හිනා උනේ හින්දද කොහෙද //
    ???

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න එත් මක් කරන්නද ඔය මන් ලියන හැටි බලමු ඔය කියන බම්බුව හදාගන්න

      Delete
  9. මොනවා කියන්ටද මන්දා....

    ReplyDelete