Tuesday, February 21, 2012

වැරද්දක් නොවූ වැරද්දක්

වැරද්දක් නොවූ වැරද්දක් එක ඉර බැහැගෙන යන හැන්දාවක්. ලඟින් වැඩිවෙලා ඉන්න පෙම්වතුන් නොවෙන දෙන්නෙක්.  වැරද්දක් නොවූ වැරද්දක්
**************************************************
ඕයි

මොකද තමුසේ කෑගහන්නේ?

මට තමුසේ ඇත්ත කියනවා

හරි ඇත්ත කියන්න තමුසේ මගෙන් ඉස්සෙල්ල දැන් ගන්න ඕනේ මොනවද කියන්න අහනවකෝ.

උබ මට එක දවසක් කිව්වා කතාවක් ?

මොන කතාවද?

අර කොල්ලෙක් එක්ක හිටිය කියල අහම්බෙන්.

එක අහම්බෙන් වෙච්ච දෙයක් නෙමේ. ඇයි මං උබට කිව්වේ ඒක අහම්බයක් නෙමේ එක ආශාව හින්ද වෙච්ච දෙයක් මට ආස හිතුන ඉතින් හිටිය. කොටින්ම කිව්වොත් එතන තිබ්බේ ලිංගික ආශාවක් විතරයි ........ එත්, ඇයි උබ එහෙම අහන්නේ?

මේ අහපන් උබ කරපු වැඩේ වැරදි උබ එහෙම හිටිය එක වැරදි එක කෙල්ලෙක් කරන්න ඕනේ වැඩක් නෙමේ

ඒ කියන්නේ උබ වක්‍රව කියන්න හදන්නේ කෙල්ලෙක් තමන්ගේ ආශාවට මිනිහෙක් එක්ක නිදා ගන්න එක වැරදි කියල එහෙමද? එතකොට උබ අර හැම සතියෙම ගැනියේක්ට සල්ලි දීල උබේ ආසාව ඉෂ්ට කර ගන්න එක හරි එහෙමද?

නැහැ මං ඒක අනුමත කරන්නෙත් නැහැ. මාත් වැරදි එකට අදත් මං දුක් වෙනවා එත් දැන් ඉන්නේ මං නෙමේ

එහෙනම් උබ අහවල් හු**ක් ද කියවන්නේ?

ඒක මේ සමාජය පිළිගන්නේ නැහැ උබ එහෙම කරන්න එපා. අනික...

මොන කැ*රි කතාවක්ද උබ කියන්නේ කියපන් බලන්න. මට උබේ රෙද්දවල් තේරෙන්නේ නැහැ හැබැයි කොල්ලෙක්ට පුලුවන්නම් ආශාව හින්ද ගැනියෙක් ගාවට ගිහින් ඒක ඉෂ්ට කර ගන්න ඇයි කෙල්ලෙක්ට බැරි? ඇයි එහෙම කරාම කෙල්ලෙක් විතරක් වෙසියෙක් වෙලා කොල්ලෙක් වැඩ කාරයෙක් වෙන්නේ? අන්න ඒකට උබ මට උත්තරයක් කියපන් අන්න එදාට මං කියන්නම් හරිද වැරදිද කියල තේරුනාද?

දිගු නිහඩතාවයක් ...........................................

*****************************************************************************************************************************************************






31 comments:

  1. ලව් කරන්න කලින් අතීතය ඈතට වීසි කරමු ....

    ReplyDelete
  2. ඇත්තෝ කති බොති සුකති නැත්තෝ සුත්ත පට ඇර ඇර බලති..
    එහි තේරුම ඇතිතෝ කාමය තත්‍යාකාරයෙන්ම විඳිති..නැති අයවලුන් වීඩියෝ වලින් පොත පතින්..සහ වෙනත් මාර්ග වලින් කාමය නම් මේ යැයි සිතති.
    හැකිනම් ගොනෙක්ට කී්‍යක් හෝ දී වතුරද මාරු කර ගනිති..
    ඒත් කිසිදා. ප්‍රේමය සහ සෙක්ස් නම් සමානම නොවැති...

    ReplyDelete
    Replies
    1. ඇත්තෝ කති බොති සුකති නැත්තෝ සුත්ත පට ඇර ඇර බලති..

      This has a different meaning. I don't care to explain though.

      Delete
    2. //ඇත්තෝ කති බොති සුකති.
      ඇති මිනිසුන් කමින් බොමින් සුක විහරණයේ යෙදෙති
      //නැත්තෝ සුත්ත පට හැර බල සැනසෙති.
      නැති මිනිසුන් සුත්‍ර පිටකය බලා සැනසෙති.(තමන්ගේ කර්මය ගැන හිතමින්)

      Delete
  3. කොල්ලෙක්ට පුලුවන්නම් ආශාව හින්ද ගැනියෙක් ගාවට ගිහින් ඒක ඉෂ්ට කර ගන්න ඇයි කෙල්ලෙක්ට බැරි? ඇයි එහෙම කරාම කෙල්ලෙක් විතරක් වෙසියෙක් වෙලා කොල්ලෙක් වැඩ කාරයෙක් වෙන්නේ?


    සිරාම ප්‍රශ්ණයක්.... උත්තර නැති ප්‍රශ්ණයක්.

    ReplyDelete
    Replies
    1. මොකද උත්තර නැත්තෙ? කෙල්ල වේසි. කොල්ල වේසාව. අපි නං ඉගෙනගන තියෙනව ගොනා එළදෙන බල්ලා බැල්ලි වේසාවා වේසි පූසා පූසි කියල හැම වචනෙකටම ස්ත්රී ලිංග පුරුෂ ලිංග කියල දෙකක්. ඕක නැත්තෙ ගණිකාව කියන වචනෙට විතරයි. ඒක රස්සාවක්. නැති බැරි කමට කරන රස්සාවක්.
      ආසාවට කරන එවුන් තිරිසන්නු නෙවෙයිනං වේසියෝ සහ වේසාවෝ.

      Delete
    2. මචන් දැන් බලපාන් ගෑණු හරි මිනිස්සු හරි වචනයක් හදල තියනව "වේසි" කියල පිරිමිත් එක්ක නිදාගන්න ගෑනුන්ට

      ඒත් ගෑණුත් එක්ක නිදාගන්න පිරිමින්ට එහෙම වචනයක් තියනවද කියල මම නම් දන්නෙ නෑ තියනවනම් මාව දැනුවත් කරන්න

      එහෙම වචනයක් තියනව නම් කෙල්ලො එක්ක නිදාගන්න කොල්ලන්ට, "වැඩ කාරය" වගේ පහත් වචනයක් බාවිතා නොකරන්න කියල මම ඉල්ලීමක් කරනව

      Delete
    3. හදල තියෙන වචනෙ තමයි මං උඩින් කියල තියෙන්නෙ. ඒක සිංහල වචනයක්. ඉංගිරිසියෙන් පුරුෂ ලිංග වචනයක් නෑ. මේල් හුකර් හරි මේල් ප්රොසස්ටිටියුට් කියල තමයි කියන්නෙ. අපි බටහිර ගැති වෙලා නිසා අපේ පුරුෂලිංග වචනය අමතක කරල දාල. හැබැයි ඉතිං අපේ රටේ තිබුන සංස්කෘතියෙ හැටියටනං ඔය දෙකෙන් එකක්වත් නම්බුකාර වැඩ නෙවෙයි. ඒ වගේම දෙකෙන් එකක්වත් ගැරහීමට ලක් කරපු බවකුත් පෙනෙන්න නෑ. අහල ඇතිනෙ “එක ගෙයි කෑම” කියන සිස්ටම් එක එහෙම. වික්ටෝරියානු සදාචාරය ලංකාවට බෝ වුනායින් පස්සෙ තමයි මේ දැන් තියන තත්වය ඇවිල්ල තියෙන්නෙ.
      එක එක ගෑනු පස්සෙ යන පිරිමි වීරයො වෙලා තියෙන්නෙ නිකං නෙවෙයි. ඒක අමාරු වැඩක්. මිනිහෙකුට ගෑනු දහයක් එක්ක එක රෑකට බුදියන්න බෑ. ඒත් ගෑනියකුට මිනිස්සු දහයක් එක්ක බුදියන්න බැරි කමක් නෑ. ඉතිං ඒ හැකියාව තියෙන එකා නිකම්ම වීරයෙක් වෙනව. ඒක ස්වභාවධර්මය. ඒකට විරුද්ධව කෑ ගහල, බ්ලොග් ලියල වැඩක් නෑ.
      අර පහළින් තියෙන සෝඩ ගුනේ ගෙ කොමෙන්ට් එක බලන්න. දොරවල් ගොඩක් අරින්න පුළුවන් යතුරක් මාස්ටර් කී එකක් වෙනව. යතුරු ගොඩකින් ඇරෙන දොරක් නිකම්ම කන්ඩෙම් වෙනව. ඒක ස්වභාවධර්මය. ඒකට විරුද්ධව කෑ ගහල, බ්ලොග් ලියල වැඩක් නෑ.
      ගෑනියෙකුයි මිනිහෙකුයි බුදියගත්තම ළමයෙක් හැදෙන්නෙ ගෑනිගෙ බඩේ. ඒක ස්වභාවධර්මය. ඒකට විරුද්ධව කෑ ගහල, බ්ලොග් ලියල වැඩක් නෑ.
      කවුරුහරි ගෑනියකුට ඕනැනං පිරිමි කීප දෙනෙක් එක්ක බුදියගන්න, ඒක සාධාරණීකරණය කරන්න හදන්නෙ නැතුව බුදියගන්න එකයි ඇත්තෙ. සමහර ගෑනු ඒක කරනව “වෛ.නො.” වගේ චරු චුරු නැතුව.

      Delete
    4. ඇයි බඩුකාරයා, ඔකා හෙන වලා කැ*යා වගේ වචන ඇහිලා නැද්ද ... ඔය තියෙන්නෙ පිරිමින්ට අදාල වචන

      Delete
  4. //ඇයි එහෙම කරාම කෙල්ලෙක් විතරක් වෙසියෙක් වෙලා කොල්ලෙක් වැඩ කාරයෙක් වෙන්නේ? //
    ඉස්කෝලෙ යනකාලෙ මගෙ පංතියෙ හිටපු එකම එක කෙල්ලෙක් විතරක් ඔය කොල්ලො වැඩ්ඩො, කෙල්ලො බඩු කතාවට ගේම ඉල්ලුව . . අන්තිමේදි උනේ ඒකි බඩුව කියල ලේබල් වෙච්චි එක . . මම කියන්නෙ ඕකට කුහකකම කියල . . . .
    කෙල්ලො බඩු, කොල්ලො වැඩකාරයො කියන එකට වෙනස් දෙයක් කියපු මම දන්න එකම කොල්ල මගෙ මල්ලි . . ඌට අනුව ඌ පිරිමි ගොනෙක්

    ReplyDelete
  5. සිරාවටම ප්‍රශ්නෙට උත්තරේ ඕනේ නම් මං හිතන්නේ ඉතිහාසය කණපිට පෙරලන්න වෙයි. එත් බැරි වෙයි.

    ReplyDelete
  6. දිගු නිහැඩියාවකට පස්සෙ තරු පෙනුනද?
    පෙනුන නම් ඒ කාටද ?

    ඇයි මේ තරු දාල තියෙන්නෙ :D

    ReplyDelete
  7. හ්ම්ම් පිරිමි ගොනා,වේසාව ..අනේ මන්දා මොකක්ද හරි කියලා.මොක හරි උනත් නැතත් වදුරෝ බිම යන්නේ නෑ ...

    ReplyDelete
  8. උත්තරයක් නැති ප්‍රශ්නයක් !

    ReplyDelete
  9. ඉතිං උඹ වගේ වේසියෙක්ට වේසි නොකිය වෙන මොනව කියන්නද?

    ReplyDelete
  10. කාමයයි.....ආදරයයි ...කියන්නේ රේල් පීලි දෙකක් වගේ....ප්‍රස්නෙ තියෙන්නේ අපේ ගොඩක් එවුන්ට රාගයෙන් තොර ආලයක් ගැන හිතාගනනවත් බැරි එක....

    ReplyDelete
    Replies
    1. රාගය ආලයෙන් තොර උනාට ආලය කවදාවත් රාගයෙන් තොර වෙන්නේ නෑ ආයුබෝවන්... ආලය රාගයෙන් තොර උනා නම් මිනිස් සංහතිය මිහිමතින් වඳවෙලා ගොඩක් කල්. අවුල තියෙන්නේ අපේ ගොඩක් උන් හිතාගෙන ඉනෙන් ආලය යනු රාගය පමනක්මයි කියන එක.

      Delete
    2. ප්‍රේමය නම් රාගයෙන් තොර කියන එක තනි බයිලාවක්. එහෙම නම් උන් දෙන්න සසර කලකිරුන උන් වෙන්න ඕනෙ. ගුණේ කිවුව වගේ රාගයට නම් ප්‍රේමයක් තියෙන්නම ඕනෙ නෑ.

      Delete
    3. ප්‍රේමය පවත්වාගෙනයන්න රාගයක් ඕනෙ නැහැ බන් කොයිවෙලාවකවත්.... ප්‍රේම කරද්දී හැගීම් අවිස්සිලා රාගය මතුවෙන්න පුලුවන්..හැබැයි රාගය නැතිවුනයි කියල ප්‍රෙමයේ පැවැත්ම නැති වෙන්නේ නැහැ..
      ...කව්රැ හරි එකෙක් සිරාවටම කෙල්ලෙකුට ලව් කරනවනම් ..ඒකිට බැරිවෙලාවත් ඇක්සිඩන්ට් එකක් හරි මොකක් හරි වෙලා ජීවිත කාලෙටම මොනවත්ම කරගන්න බැරි තත්වයක් එනව..එහෙම වුනයි කියල අර ආදරේ නැතිවෙන්නේ නැහැ..කාටවත් කියන්න බැහැ ඌට දැන් කෙල්ල ගැන ආදරයක් නැහැ තියෙන්නේ අනුකම්පාවක් විතරයි කියල...හැබැයි ඌ හැගීම් ඉස්මතුඋනහම බඩුවක් ගහන්න යන්න පුලුවන්...එහෙමවුනත් අර ආදරේ වෙනසක් වෙන්නේ නැහැ..නියම ආදරේ කියන්නේ ආදරේ කරන්න මුලුවුන සාධකය විනාශ වුනත් දිගටම පවතින එකක්....

      Delete
  11. මචන් එක යතුරක් තියනව ඕනම දොරක් අරින්න පුළුවන්... අපි මොකද්ද ඒ යතුරට කියන්නේ ?????? "සුපිරි යතුරක්" එහෙම නේද???? එක දොරක් තියනව ඕනම යතුරකින් ඇරෙන අපි මොකද්ද ඒ දොරට කියන්නේ??? "ශික් චාටර් දොරක් මෙලෝ රහක් නෑ" එහෙම නේද????
    හික්ස් පට්ට ආතල්... ඔයවගේ ගොන් ප්‍රශ්න වලට කවදාවත් උත්තර හොයන්න යන්න එපා බන් කොටුවක් පැනගෙන ආතල් එකේ හිටපන්.....:D

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මේක තමයි හොඳම උත්තරේ . . . ඉන්න ඩිංග ජීවත්වී, සැපෙං ඉදිමු අපි මල්ලී . . . කියල පිස්සු පූසත් කියල තියනව

      Delete
  12. එකම ඉබ්බා යතුරු කිහිපයකින් අරින්න පුලුවන්නම් ඒ ඉබ්බා වැඩක් නැති ඉබ්බෙක් වෙනවා...
    හැබැයි එකම යතුරකින් ඉබ්බෝ ගොඩක් අරින්න පුලුවන්නම් එකට අපි නියම යතුරක් කියනවා.. එක තමා මේ කෙල්ලට දෙන්න වෙන උත්තරේ....

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ගොඩක් කෙල්ලෝ හිතන්නේ කොල්ලෝ කලිසම් අදින නිසා අපිත් අදිනවා, කොන්ඩෙ කොටට කපන නිසා අපිත් කරනවා, උන් වාහන DRIVE කරන නිසා අපිත් කරනවා, උන්ට කරන්න හොදනම් අපි කලාම මොකද? උන් කරන හැම දේම අපිත් කලොත් වරදක් නෑ. එකට ඒගොල්ල දාගෙන තියෙන නම තමා ... 'ගැහැනියට නිසි තැන ලබා දීම ' , හැබැයි මම හිතන්නේ මේකට හේතුව , ගැහනු ස්භාවයෙන්න්ම ලද දෙයින් සතුටු නොවෙන ගතියෙ ..එක පිපිරීමක් විතරයි ..... මේක එක්තරා විදියක විලාසිතාවක් වෙලා ,

    ReplyDelete
    Replies
    1. මේ කතාවත් ඇත්තක් තියෙනවා

      Delete
  15. ආදරය කරන දෙන්නෙක්
    කොල්ලා කැමතියි කෙල්ල තමන්ගේ විතරක් නම්
    කෙල්ල කැමතියි කොල්ලා තමන්ගේ විතරක් නම්
    ..............
    මොන යම් අතපසුවීමකින් කොල්ලා අතින් ඒ ආදරේ අඩු වුනොත් කෙල්ල කොල්ලව දාලා යනවනම් ආසාව කියන වචන තුන පස්සේ එතන ආදරයක් තියෙන්න බෑ
    .............
    කොල්ලන්ටත් මේ දේ අදාලයි...

    ඉතින් මේවා දෙගොල්ලන්ගෙම වැරදි ඒ නිසා එක පැත්තක් නාල්ලා ඉන්න එකයි හොඳ

    ReplyDelete
  16. පොන්නයා කියන එකට ස්ත්‍රී ලිංග පදයක් නැත. එලෙසම වේසී කියන වචනයටත් පුරුශ ලිංග පදයක් නෑ.

    ReplyDelete
  17. මේකනේ වැඩේ... ඔය බඩුව ගොන වේසි... ඔව්වා මෙව්වා වචන හැදෙන්නෙ ගැන්සි අස්සෙන්.. වැඩිපුර ගැන්සි ගැහෙන්නෙ රස්තියාදු ගහන්නෙ කොල්ලො නිසා වෙන්ඩ ඇති කොල්ලන්ට වාසි වාග් මාලාවක් තියෙන්නෙ.. මොනවා උණත් පොඩි කාලෙ ඉඳන්ම අපේ ඔළු වලට යන්නේ ගෑණුන්ගෙන් ගේම ඉල්ලන හැටිනේ.. 2 වසරෙදි කවියක් හැදුවත් කෙල්ලන් බනින්නනේ ඔණෙ

    ReplyDelete
  18. මෙහෙම කතාවක් මම අහලා තියනව ස්ත්‍රී වාදී සාහිත්‍ය ගැන.,

    ඒකෙදි කියනවා, මේ තෙක් ලෝකයේ දේවල් සහා නාමයන් නිර්මාණය වෙලා තියෙන්නේ පුරුෂ වාදී දෘෂ්ඨි කෝණයෙන්, ස්ත්‍රී වාදයේ එක් අරමුණක් තමයි සියළු දේ කඩා බිඳ දමලා නැවත ස්ත්‍රී වාදී දෘෂ්ඨි කෝණයෙන් ඒවා ප්‍රති නිර්මාණය කරන එක කියලා.

    ඒ අනුව ගොඩක් දේ වලට අධිපති බලය, තීරණ ගැනීමේ, නිර්ණය කිරීමේ බලයන් තිබුනේ පුරුෂ මූලිකව. ඒ නිසා නාමයන් සමහරකට ඒක ලිංගික වචන විතරයි තිබුනෙ.

    කොහොම උනත් මට හිතෙනව අපි සංකල්පය ගැන සහ ඒකේ ස්වභාවය ගැන මිසක්, මොන වචනෙ ද පාවිච්චි කරන්නේ කියලා වාද කරන එක වැඩක් නෑ කියලා....

    ReplyDelete