ඔන්න අද වෙනස් ශයිලියකට වෙනස් දෙයක් හිතුනා. මේක ලියන්න හේතුව උනේ එකතරා සංවාදයක් හා මගේ යම් ක්‍රියා කලාපයක් හේතුවෙන්. **********************************************************************************
"ඇයි බිව්වේ?" ජොලියට
ඇයි කෙල්ලෝනට බොන්න හොද නැද්ද? මේක මං කෙනෙක්ගෙන් ඇහුව.
ඇයි කෙල්ලෝ බොන්නෙ?
එතකොට මං අහනවා ඇයි කොල්ලෝ බොන්නෙ? කට උත්තර නැහැ.
කෙල්ලෝ බොනකොට හරි නැහැ. අනේ ඕයි කොල්ලෝ බොනකොටත් ගදයි. බොන එක කෙල්ලෝ කරන්න ඕන දෙයක් නෙමේ. කෙල්ලෝ බිව්වම වැඩක් නැහැ
(අවැඩක් වෙයි කොල්ලොන්ට සිහිකල්පනාව නැති කෙල්ලක් එක්ක). එව්වා අදාල නැහැ. ඇත්ත බොන එක අනුමත කරනවා නෙමේ එත් මොකක්ද වැරැද්ද? එකේ කිසිම වරදක් මම දකින්නේ නැහැ. කෙල්ලොන්ට බොන්න පුළුවන් බිල කෙලින් හිට ගෙන යන්න පුළුවන් (පළපුරුද්ද මත) හැබැයි ඉතින් ඔය පඩිපෙල් පොඩ්ඩක් ඇද වෙලා පේනවා ඒක වෙනම කතාවක්. එත් කෙල්ලෝ බිව්වම පෙවෙන්නේ නැද්ද? නැහැ පෙවෙනවා හොදටම. කලවම්ද, නිකන්ද, සැන්ඩි කරලද, ඕනේ විදිහට බිව්වත් පෙවෙනවා. එත් ඇයි මේ කෙල්ලෙක් බිව්වම මිනිස්සු උඩ පනින්නේ?. එපා කියන්නේ ? හොද නැහැ කියන්නේ?
මං කියන්නේ පොඩි කාලෙන්ම බොන්න දෙන්න ඕනේ හැම කෙනාටම කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත්. එකට හේතුවක් තියෙනවා මොකද කෙනෙක් දේකට ඇබ්බැහි වෙන්නේ හෝ නැති වෙන්නේ පළපුරුද්ද මත. එකත් නිකන් හැමදාම බත් කනවා වගේ, හැමදාම බත් කන්න බැහැ වෙනසක් ඕනේ. ඉතින් ඔය බිමත් ඒවගේ ටික කලක් යද්දී එපා වෙනවා.(මොළේ ඇති අයට) නැති අය කල්පනා කරන්න. හැම ළමයෙක්ම නොමග යන වයසක් තියෙනවා හැබැයි ඔය වයස එනකොට ඒ ළමය දන්නවා නම් බිම මොකක්ද කියල බිව්වාම මොන වගේද කියල කවදාවත් උත්සහ කරයිද? නැහැ. මොකද එකේ අමුත්තක් නැහැ ඒදේ විදලා තියෙන නිසා. නමුත් ඒ දේ අලුත් නම් වරදට හසු වෙනවා වැඩි. තෙරුන් ගන්න වයසේදී, අත්විදලා තියෙනවා නම් කවදාවත් වැරදි කරන්නේ නැහැ, ඒ විතරක් නෙමේ බිව්වම වැරදි මාර්ගයේ යනවලු. එත් ඇයි ඒ බිල ගෙදර එන්න බයයි තාත්ත බනි කියල. ඉතින් වල බහිනවා එත් නිකමට හිතන්න. ගෙදර බොන්න පුලුවන්නම් බිල ඇවිත් ඉන්න පුලුවන්නම් ගෙදර නේද? අම්ම තාත්ත ගාව නේද? අවුරුදු 16 පස්සේ බිල වැටෙන්න කියන්න ගෙදර. අම්ම තාත්ත ලග වෙන කොහේ හරි ගිහින් බිල නාස්ති වෙනවට වඩා ඒක හොද නැද්ද? ළමය ආරක්ෂිතව දෙමාපියන් ගාව( අපේ අම්මනම් ගෙදරිනුත් එළවයි) එතැනදී තෙඋන් ගැනීම මත ළමය හොරෙන් කරන්න තියෙන ආසාව නැතිවෙනවා. ඊට අමතරව හිතන්න ගන්නවා මං ඇයි මෙහෙම නාස්ති වෙන්නේ කියල නමුත් ගෙදරින් තර්ජන ගර්ජන නම් එකේ ෆන් ඒක වැඩි. ඉතින් හැමදාම කරන්න බිල ගෙදරට අහු නොවී ඉන්න. හරි වැරැද්ද තේරුම් ගැනීමක් කරන්න වෙලාවක් නැහැ.
තව දෙයක් ඉස්සර ඉදං කෙල්ලෝ බිව්වා හොරෙන්, ප්‍රසිධියේ, රජ කාලෙ ඉදලම. යේ අහන්න දෙයක් නැහැ කසිප්පු පොට් අයිති ගමේ රොසලින් නැන්දට. එත් ඇයි දැන් මේ කෙල්ලොන්ට බොන්න බැරි? කෙල්ලෝ බිව්වම නරක? කොල්ලොන්ට බොන්න හේතු තියෙනවා, කෙල්ල බුට් එක තිබ්බ, පඩි දවසට, මලගෙට, මගුල් ගෙට, අරකට මේකට, කවි ලියන්න කතා ලියන්න, සීතලට, රස්නෙට, ඒ බොන හැම එකකටම කොල්ලොන්ට බොන්න පුළුවන් එහෙනම් ඇයි කෙල්ලොන්ට ඔය එක හේතුවක් හින්ද බොන්න බැරි? බිව්වා කියල මොකද වෙන්නේ වෙරි වෙනවා. එත් මෙතන ඇයි එක සමාජ වාදයක්. කෙල්ලොන්ට බොන්න හොද නැහැ කියල?. කොටින්ම කිව්වොත් රටේ නීතියට අනුව කෙල්ලෙක්ට ගිහින් අරක්කු බෝතලයක් මිලදී ගන්න නීතියෙන් තහනම්. ගැහැණියට සමතැන කියන රටේ අරක්කු විතරක් ගැහැණියට තහනම්. ඒ ඇයි? එකට හේතුව මට පෙන විදිහට පිරිමි බයයි ගැහැණියට බොන්න පුළුවන් ගාන ඒ ගොල්ලොන්ට වඩා වැඩි වෙයි කියල. හරි කමක් නැහැ මොනවා වෙනවද?
අවසානය ඇයි කෙල්ලෝ බොන ඒක වැරදි කියන්නේ? සමාජ සම්මතයට විරුද්ධ නිසාද? සමාජ විරෝධී වැඩ වෙන්නේ කෙල්ලෝ බිව්වම විතරද? අනික ඉතින් කෙල්ලෝ බිල වෙරි උනාම වාසිය කොල්ලන්ටනේ කෙල්ලොන්ටද? නැහැනේ
ප. ලි. : මෙතන බොනවා කියන්නේ රට බිම නෙමේ මද්‍යසාර