Tuesday, November 1, 2011

මගේ පළමු සටහන





වැටෙන වැහි පොද ඉබින ඉගසුග
තෙත් වෙලා පාන මදහස
තවත් කම් සැප සොයා පියබන
බබරෙකුට ඇරයුම් නොවේ 


පියෙක් නැතිවට තනිව උහුලන
පුතුගේ කිරි හිනා දකිනට
මවගේ ලැම සෙනෙහෙන් බර උන
නුබගේ තොල් සනසනු කෙසේ.........


**********************************************************************************
උබට පිස්සුද
ඇයි උබ එහෙම අහන්නේ
යකෝ ඔය වගේ ගුබ්බැයම් වලට රිංගන්නේ කොල්ලෝ
ඉතින් ඔය ගුබ්බැයම් වලට ගිහින් උබ කෙලින්නේ කෙල්ලන්ට නෙමේද?
කෙල්ලන්ට තමා එත් උබ උන් කරන එක කරන්නේ නෑනේ. එහෙම එකේ උබ ඕකෙන් එලියට එනවා දැක්කොත් උබත් ඒ ගානට වැටෙනවා.
හිනා යන කතා කියන්න එපා ඕයි. තමුසේ එතකොට ඕකෙන් එලියට එනකොට මිනිස්සු හිතන්නේ උබ එලිසබත් එක්ක නිදාගෙන ආව කියලද.
මේ අහනව තමුසේ එතනට යන්න එපා එච්චරයි ගිහින් ඇවිත් මගේ ගාවට එන්නත් එපා.
හරි, හැබැයි තමුසේ එතනට හිගින් ඇවිත් මගේ ගාවට එන්නත් එපා මොකද මං යන්නේ උන්ගේ ජිවිත කතාව අහන්න. තමුසේ වගේ එකෙක්ගේ මස් හූරන් කන්න නෙමේ. තව එකක් උබ උන්ගේ කදුළු දකින්නේ වෙන විදිහකට මං දක්කිනේ වෙන විදිහකට අන්න ඒක මතකතියා ගනින්.  


වේසකම් කරන එවුන් සුද්ද කරන්න බැහැ එත් ඇයි ගෑණියෙක් විතරද වේසකම් කරන්නේ? පිරිමි කරන්නේ නැද්ද? වේසකම කියන්නේ ගිහින් ගෑණියෙක් එක්ක නිදා ගන්න ඒක විතරක් නෙමේ. අද සමාජයේ වැස්සකට තෙමිච්ච කෙල්ලෙක් දිහා බලාගෙන ගෙදර ගිහින් තමන්ගේ අතේ පතේ හිරියවා ගන්න කීදෙනෙක් ඉන්නවද? මගේ මේ මුණ ඉස්සරහට ඇවිත් උබට දැක්කම අතේ පාරක්ක්වත් ගහන්න හිතෙන්නේ නෑ කියපු බල්ලෝ කොච්චර නම් ඉන්නවද?. හැබැයි උන්ට අමතක වෙච්ච එක දෙයක් තිබ්බ. උගේ තාත්ත ගිහිල්ල උගේ අම්මට කෙලපු හින්ද තමා උ අද  එතැන ඉන්නේ කියල උගේ අම්ම මාස දහයක් හදපු ගැහැනියක් කියල ඔය කිව්ව ටික උට උගේ අම්මට කියන්න බැහැ. මොකට ඒ අම්ම හින්ද අන්න එතනයි උන්ට වැරදුනේ. මං කතා කරන්නේ ඒ වැරදිච්ච තැන ගැන.


පිරිමි විතරක්ම වැරදි නැහැ ගෑනුත් වැරදි. මේ සමාජයේ අනන්ත අප්‍රමාණ හම්බ වෙලා තියෙනවා තවත් ගෑණියෙක් ඕන වෙච්ච ගැනුන්ව එහෙමත් නැත්තම් සල්ලි වලට, බලයට මිනිස්සු එක්ක ලගින එවුන්. මං මෙතනදී කියන්නේ අසරණකම හින්ද වේසකමේ යන එවුන් ගැන නැතිව තමන්ගේ මන දොළ සපුරන්න ඒ වැරැද්ද කරන එවුන් ගැන අනුකම්පා කරන්න යන්නේ නෑ  දෙපැත්තක් තියෙන හැම දෙකම මැද ඉදන් බලන්න පුරුදු වෙච්ච හින්ද ලෝකයේ පරණම රැකියාවම කරන කෙනෙක් ගාවට ගිහින් එහෙම වෙන්න හේතුව වගේම ගොඩක් නොදන්නා දේවල් ලෝකෙට කියන්න තරම් කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් කෙල්ලෙක් වෙච්ච එක ගැන මං සතුටු වෙනවා. ඒ විතරක් නෙමේ උපාධි, සල්ලිකාර ලෝක වල හැම දේම ගැනත් කියන්න සදාචාරයෙන් කියන කඩතුරාවෙන් වහල දාපු කෙල්ලෙක්ගේ කට වදන් වලින් ලියන මේ වෑයමේදී ඕගොල්ලෝ හැමෝම මාත් එක්ක ඉදි කියල හිතනවා

22 comments:

  1. සිංඩිවලටනම් දාන්න බැරි වේවි..... :D :D කාක් නෑ... ලියාගෙන යමු.. සිංඩි ඕනෙ නෑ කට්ටිය ඒවි...

    පුල් ආතල්..
    ජය වේවා...

    ReplyDelete
  2. නිකමට වගේ මට අර කලකිරෙන කෝණයකින් බැලවුනා.. මොකද කෙල්ලෙක් නේද මේක ලිවේ කියලා හිතුනු නිසා..
    නමුත් ඇත්ත යතාර්තය මේකයි.. කිසි අවුලක් නැ.. පුල් සොශල් නෙහ් ? ජය වේවා...!! :D

    ReplyDelete
  3. එතන වැරැද්ද ඔයාගේ නෙමේ බනි මේ සංස්කෘතියේ. කෙල්ලෙක්ට කවුරු හරි ඕන දෙයක් කිව්වම කෙල්ල අහගෙන ඉන්න ඕනේ හැබැයි කෙල්ල අනික් අතට මොනවා හරි කිව්වොත් ඒක වැරදි කියන ආකල්පේ.

    ReplyDelete
  4. ස්තුති ඔයාට පොඩි මෑන්

    ReplyDelete
  5. සින්ඩි වලට නම් දාන්ඩ අමාරු වෙයි වගේ..අවුලක් නෑ නියම බ්ලොග් එක..දිගටම ලියන්න..කියවන්න අපි ඉන්නවා..කියන්න ඕන ටික කියලා තියෙනවා එලටම..ජය වේවා එහෙනම්..!

    ReplyDelete
  6. සින්ඩි වල දාන්න බැරි උනාට කමක් නෑ. ෆේස් බුක් එකේ ගෲප් එකේ දාමු. එතකොට හරි නේ.

    යන ගමන් ෆලෝ කරගෙනත් යන්නම්.
    ඇත්ත ඇති සැටියෙන් කතා කරමු !!!
    ගෑනු පිරිමි ඔය කොයි කවුරු උනත් කරන්නේ වැරැද්දක් නම් හෙලා දකිමු !!! හොද දෙයක් නම් අගේ කරමු !!

    ජය වේවා !!! දිගටම ලියන්න.

    ReplyDelete
  7. එළය ලියන්න දිගටම

    ReplyDelete
  8. වෙසඟන තුඟු තන යුග රොන කොකු මගර
    පිස එන මද පවන් වැද වෙල් ලිහිණි සර
    ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ රාහුල හාමුදුරුවෝ තමන්ගේ දුතයට පලයන් කිව්වේ ව්යිශාවන් ගේ උස් තන වල ආලේප කරල තියන කොකු මගර පිසගෙන එන මදනලෙන් සිත් සනසාගෙන. වෙසඟන යනු ව්යිෂා වුර්තියේ යෙදන්නි යයි.... අද ශ්‍රී ලාංකික සමාජයට අනුව එය පහත් රැකියාවක් වුවද එදා සමාජේ උසස් මට්ටමේ ලා සැලකු රැකියාවකි. දිගටම ලියමු ජයවේවා!!!!!!!!

    ReplyDelete
  9. Blog බඩී : ස්තුති යාළුවා

    මධුරංග : ස්තුති යාළුවා

    ශශී : අනිවා ලියනවා

    Soda ගුනේ . : නැහැ මන් හිතන්නේ රැකියාව පහතට හෙළා දැකල තියෙන්නේ මිනිස්සු තමන්ගේ ගනුන්ව පරිස්සම් කර ගන්න

    ReplyDelete
  10. අපිත් සෙට් උනා බ්ලොග් එකට එහෙනං ඔ්ං.....

    ReplyDelete
  11. පිරිමියෙක් කරත් ගැහැනියක් කරත් අනාචාරය පහත් වැඩක් තමයි.හැමදේකටම limit 1 තියනවා, even sexual desires.

    ReplyDelete
  12. පළවෙනි වතාවට අද අහම්බෙන් ගොඩවැදිල ...අග ඉදන් මුලටම බැලුවා....
    එක එක රාමු වලට කොටුවෙන්නේ නැතුව පාට පාට කන්නාඩිවලින් බලන්නැතිව ...කොන්ද කෙලින් තියාගෙන මේ පටන් ගත්ත ගමන දිගටම නොසැලී ඉදිරියට යන්න......

    ReplyDelete
  13. සැහෙන කලකිරීමකින් ලියනවා වගේ.ජීවිතේ කලකිරීම් එමටව තියෙනබව මම පිලිගන්නවා,එත් මිනිසුන් වෙනුවෙන් ලියන්න ගිහිල්ල තමන්ගේ ජීවිතේ වෙනස්කරගන්න එපා,කව්රුත් හුරේ දම දමා එයාලට ඕන දේ ඔයාට කියල කරගන්න බලාවි.ඔය හොඳින් හිතල බලල,අනාගතය ගැනත් හිතමින් ලියන්න.පණිවිඩයක් මිනිස්සුන්ට දුන්නට කමක් නැහැ,එත් ටිකක් පරිස්සමින් හිතල ඉවසීමෙන් ලියන්න.

    ReplyDelete
  14. මූසල කුරුල්ලාNovember 25, 2011 at 6:52 PM

    මේ ලියන්නේ ඇත්තටම ස්ත්‍රියක් වෙන්න තියන සම්භාවිතාවය ගොඩක් අඩුයි. කමක් නෑ කියවලාම බලන්නම්. කරගෙන යන්න.

    ReplyDelete
  15. @Mahesh Wickramasinghe : මරු වෙන්න පුළුවන් හැබැයි වල් බ්ලොග් එකක් නෙමේ. ස්තුති යාළුවා.

    @think tank : ඔව් ඇත්ත එත් ප්‍රශ්නේ එහෙම නැති එකනේ

    @නීල නේත්‍ර : ස්තුති යාළුවන් ඒ වචන ටිකම වටිනවා

    @Tharinduhw122 : කලකිරීමක් තියෙනවා සමාජ ආකල්ප ගැන කමෙන්ට් දැන අනෝ ල ගැන දෙකකම ඇත්තටම කලකිරෙනවා එත් මං ශක්තිමත් කෙල්ලෙක් ඒ නිසා මං කිසි දෙයන් නිසා වෙනස් වෙන්නේ නැහැ.

    @මූසල කුරුල්ලා : එත් පිළිගන්න වෙනවා මොකෝ මං කෙල්ලෙක් කියල මං දන්නා නිසා

    ReplyDelete
  16. අපි ජීවත් වෙන සමාජයේ තියෙන සමාජ ආචාර දර්මයන්ට අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යටත් වෙන්න සිද්ද වෙනවා ඔයා ගනු ළමයෙක් උනත් පිරිමි ළමයෙක් උනත් කතා කරන්න යන්නේ සමාජයේ තියෙන එක අසාදාරනයක් ගැන මුස්ලිම් සමාජයක මේ ගැන කතා කලානම් ඔයාට දෙවැනි ලිපිය ලියන්න වෙන්නේ නෑ ඔයා කතා කරන්නේ සම්මතයට පිටින් ඒ කියන්නේ ඔයා අසම්මතයි පිරිමියෙක් ගණිකාවක් ලගට යන එක මම අනුමත කරන්නේ නෑ එත් අපි බනින්නේ ගණිකාවක් ලගට යන පිරිමියෙක්ට නම් ප්‍රශ්නයට විසදුමක් ලැබෙන්නේ නෑ ගණිකාවක් වෙන්න කාන්තාවකට සමාජයෙන් වෙන බලපෑම කතා කලානම් නිවැරදියි හොයල බලන්න හොදට කොල්ලෙක් අසරණ කළා කියල ගණිකාවක් වෙන කෙල්ලෝ 5 ක් ඉන්නවනම් 95 ක් ඉන්නේ සල්ලි හම්බකරන්න ගණිකාවන් වෙන අය මේ සමාජයේ ගැහැනුන්ටත් පිරිමින්ටත් වටිනාකමක් දීල තියෙනවා පිරිමියෙක් තමන්ගේ වටිනාකම විකුනන්නේ නෑ එත් ගැහැණිය අවස්තාව ලද විගසම විකුනනවා මම මේ කතා කරන්නේ සමස්ත ගැහැණු වර්ගයා ගැනවත් සමස්ත පිරිමි වර්ගයා ගැනවත් නෙවෙයි අපේ සමාජයේ ජිවත්වන බහුතරය ගැන

    ReplyDelete
  17. මධ්‍යස්තව හිතන කෙනෙක් හැටියට මට දැනෙන්නේ මේ පෝස්ට්වල කියවෙන දේ සම්පූර්ණයෙන්ම නොවුනත් බොහෝමයක් හරි කියලයි..හැබැයි සහෝදරී බාසාව පාලනය කරන්න...මොකද ගැහැනිය පිරිමියා තරම් හැඩිදැඩි උනාම ඒක වැඩිපුර දැනෙනවා...හැම පිරිමියාම එක වගේ නැහැ...ඒකත් අමතක කරන්නෙපා... හැබැයි පිරිමින්ගෙ අමාරුකම් පුරවන්න දුක්විඳින ගෑනුන් ඒ දුකට ඇදල දැමීමේ වරද පිරිමි සතුයි..ඒකට ගැහැනුත් හවුල් නොවෙනවා නෙවේ...

    බ්ලොග් එකේ මාතෘකාව කාලීනයි..ගොඩක් වටිනවා.. කිරි දොවන්න ඕනෙනම් අත් පිරිසිදුව කරන්න ඕනෙ...අත් අපිරිදු පිරිමියෙක් කිරි වගේ පිරිසිදු ගෑනියෙක් බලාපොරොත්තු වීම විකාරයක්..ජයවේවා

    ReplyDelete
  18. JEEWAN : සංඛ්‍යාලේඛන වැරදි... 95% ගණිකාවො අසරණකමට දුක්විඳින්නෙ...

    ReplyDelete
  19. සහතික ඇත්ත ලියලා තියෙන්නේ,,

    ReplyDelete
  20. සියලුම පෝස්ට් කියවල තමයි මම මේ කමෙන්ට් එක දාන්නේ,
    බ්ලොගයේ අරමුන යහපත් කියා හිතෙනවා. දිගටම ලියනව නම් රචනා ශෛලිය තව ශක්තිමත් කරගන්න වෙයි, පොඩි මැන් වගේ තව කෙනෙක් ඉඳීම ගැන සතුටුයි.{සමාජයේ බොහෝ විට සිදුවන නමුත් එලිපිට කතා කරන්න බය දේවල් ගැන කතාකරන}.

    ReplyDelete
  21. මම එකඟයි...
    හැබැයි ඔයිට වඩා ටිකක් සංවර බාසාවක් පාවිච්චි කළා නම් තවත් හොඳයි....
    මහ පොළවෙ පය ගහල යථාර්තයක් එක්ක ජීවත් වෙන අපිට නම් ඔය කොයි බාසවත් එකයි ඉතින්.... ඒ උනාට.... අනේ මංද....
    බයි ද වේ අම්මල තාත්තල ගැන කතා කරද්දි ටිකක් සභ්‍ය විදියට කතා කොලා නම් තමයි වටින්නෙ.... අම්මයෙ තන පුඬුවෙ එල්ලිලා කිරි බීපු මට ඔය වගේ දේවල් එයාලට කියල තියෙනව දැක්කම ටිකක් දුකයි සහෝදරී....
    විවේචනයක් විදියට හිතන්ට එපා ඕන්.... මගෙ අදහස ඔයා ඉදිරියෙදි ලියන ඒවට උදවුවක් වේවි කියලයි කිවුවෙ හරිය...
    :)

    ReplyDelete