Friday, November 25, 2011

පෙට්ටි කැඩීම ගැන





"ඇයි අක්කෙ කැඩුවාම කෙල්ලෙක් පස්සෙන් එන්නෙ? මට සැහෙන්න ප්‍රශ්නයක් නෙ ඒක?"

මෙන්න මේ ප්‍රශ්නේ ගැන මල්ලි කෙනෙක් මගෙන් අහල තිබ්බ මේක ගැන මං හුගක් හිතුව විතරක් නෙමේ දන්නා කීප දෙනෙකුගෙනුත් ඇහුව. මේ ඇහුව කියල කියන්නේ සමාජයත් එක්ක ගණුදෙනු කරන කෙල්ලෝ දහයකට වඩා ඉදපු කොල්ලොන්ගෙන් මේ ගැන අමු ඕපන් ඇහුව. ඇත්තටම දුක්ඛිතයි උන් දෙන උත්තර අහල පොදුවේ ගත්තොත් මේකයි උත්තරේ "පිස්සුද බන් එක එකා එක්ක ගිය එකියක් බදින්න කොහෙන් හරි හොයල වර්ජින් කෙනෙක් තමා බදින්නේ" මෙන්න මේක තමා බහුතරයකගේ උත්තරය 80% වගේ. 20% හිටිය හිත හොද කෙල්ලෙක් හම්බ උනොත් බදිනවා බන්, ඒකිගේ අතීතෙන් වැඩක් නැහැ අනික අපි කරලා තියෙන වැඩ වලට එහෙම කවදාවත් මන් එකී ගැන වැරද්දක් හිතන්නේ නැහැ කියන්න හිටියේ.

ඔන්න මල්ලියෝ දැන් පොයින්ට් එකට ආව. හුගක් කෙල්ලෝ තාමත් හණමිටි අදහස් තියෙන කොල්ලෙක් කසාද බැන්දට පස්සේ අහන්න වෙන කතාවට බයයි. උන්ට අම්මගේ තාත්තගේ බලාපොරොත්තු කඩ කරන්න බයයි. ඒ විතරක් නෙමේ ඊට පස්සේ අහන්න වෙන කතා සමහරවිට ඕගොල්ලෝ බලල ඇති "දෙවැනි ගමන" කියන චිත්‍රපටිය අන්න ඒ ලැජ්ජාවට බයයි. ඒ වගේමයි ලංකාවේ බහුතර කෙල්ලෝ අහිංසකයි .එනිසා වගේම පවුල ගැන හිතල ඔය ලැජ්ජාවට කැමති නැහැ මොකද අපේ සමාජ සංස්කෘතිය උන්ට ඔබ්බල තියෙනවා පෙට්ටිය කැඩුනට පස්සේ වෙන මිනිහෙක් එක්ක යන්න බැහැ කියල, අන්න එක නිසා පස්සෙන් එනවා උනාට ඇත්තටම ආදරයක් නැති වෙන්න පුළුවන්.  

මේකේ තව පැත්තක් තියෙනවා එකක් තමා අද සමහර වෙලාවට උපතින්ම කෙල්ලගේ කන්‍යා භාවය පිහිටන්නේ නැහැ ඒ කියන්නේ ලේ පැල්ලම හිටින්නේ නැහැ කියන එක. එත් එහෙම කියල ඒක ඒ කෙල්ලගේ වරදක් නෙමේ සමහරවිට කසාද බදිනකම්ම ලස්සන ජිවිතයක් ගෙවපු කිසිම කොල්ලෙක්වත් අතින් නොඇල්ලපු කෙල්ලෙක්ට ඔය කන්‍යාභාවය කියන ලේ පැල්ලම නැති හින්ද අපායක ජිවත් වෙන්න වෙනවා. මිනිහ වෙන ගැණු පස්සේ ගිහින් නුල කඩාගෙන ඇත්තේ අවුරුදු 16 දී එත් අර අහිංසක කෙල්ලගේ ලේ බින්දුව නැහැ කියල ඒකිට පස්සේ වෙස ගැනියකට වගේ සලකනවා. ඒ මදිවට තව හොර ගැනියේකුත් තියාගන්නවා මදි පාඩුවට. ඕක වෙන්න කෙල්ලගේත් මෝඩකම හින්ද මොකද ගෙවල් වලින් වත් කොහෙන්වත් මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියල කියල දෙන්න කවුරුත් නැහැ. මෙකි දන්නේ ලේ තිබ්බේ නැත්තම් ඉතින් අඩල දොඩලා මේකිගේ වැරැද්ද පිළිගන්නවා බැරි නම් මිනිහ පිලිගන්නනවා. ඊට පස්සේ නිල නොලත් වැඩකාරී වෙන්ව. දොස්තර කෙනෙක් ගාවට ගිහින් තමන්ගේ පිරිසිදු භාවය ඔප්පු කරගන්න තරම් ලිංගික අධ්‍යාපනය ගැන කවුරුත් කියල දීල නැති හින්ද මිනිහ රජ වෙනවා. ඔන්න කෙල්ලට වෙන අසාධාරණය  

ඔව්ව ඔහොම වෙද්දී කොල්ලොත් රැවටෙන වෙලාවල් නැතිව නෙමේ. ඒක වෙන්නේ මෙහෙමයි ඔන්න කෙල්ලෙක් ඉන්නවා රට කාපු මේකිගේ ගන්න දෙයක් නැහැ හැබයි ගෙදරින් කසාද බද්න්දල දෙන්නේ අනේ අපේ කෙල්ල කොල්ලෙක් දිහා ඇහැක්වත් ඇරලා බලන්නේ නැහැ කියල. ඉතින් මෙකි කපටි අම්මණ්ඩි කෙනෙක් නම් හනිමුන් එකේදී මුකුත් නොකර කොල්ලව තියාගෙන ඔය කෙල්ලොන්ගේ මාසේ බෝනස් එක හැදෙන්න කිට්ටු වෙලා තියෙද්දී හරි එහෙමන් නැත්තම් ඉවර වෙදිදි හරි ගේමට සෙට් වෙන්ව ලේ පල්ලමත් ඉතුරුයි කෙල්ලත් ගොඩ අනේ පව් අර කොල්ල ඉතින් මොඩය වෙලා අනේ මගේ වයිපරේ හොදායි කියාගෙන ඉන්නවා. ඒ අතරේ වයිපරේ මිනිහ නැත වෙලාවට පරණ ප්‍රේම පුරාණත් දිග අරිනවා. එහම නැත්තම් මං දන්න විදිහට ඔය කැඩිච්ච ඒවා රීපෙයාර් කරන්න පුළුවන් දැන් දොස්තරලට ලක්ෂයක් විතර දුන්නම් එතකොට දැන් කවුද රැවටුනේ කොල්ල පව්.

හැබැයි ම හිතන්නේ පෙට්ටිය කඩුව පලියට කෙල්ලෙක් අනාථ වෙන්න නැහැ ඒ වගේම තමා කොල්ලෙක්ගේ වගකීම තමා කෙල්ලගේ පවුල් පසුබිම හා කෙල්ල ගැන හිතල ඒ වගේ කැත වැඩක් නොකර ඉන්න ඒක. ඇත්තටම කෙල්ලට ආදරේ කොල්ලෙක් කවදාවත් බාපු ගමන් පෙට්ටි කඩන්නේ නැහැ කියල තමා මං හිතන්නේ. අනික් පැත්තෙන් බැලුවොත් කොල්ලෙක් රටේම ඉන්න කෙල්ලොත් එක්ක ඉදල පිරිසිදුකම ගැන හොයනවා නම් ඒක එක්කෝ උගේ පොන්න කම නැත්තම් උගේ ඔය කොලු කම කියල හිතාගෙන ඉන්න ඒක කපන්න ඕනේ.  ඒ වගේම තමා කෙල්ලෝ බොරු කියල කොල්ලෝ  රවට්ටන්න හේතුව විදිහට මං දකින්නේ පෙට්ටිය කැඩුවට පස්සේ කෙල්ලගේ තියෙන හොදකමට කිව්වම බදින්න ඉන්න එකාට උකරන්නේ මහා මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැහැනේ කියල උගේ වැඩ ටික කරගන්න එක. පස්සේ කෙල්ලව දන්න හැමෝටම චාටර් කරලා පැනල යන එක. ඒ තරමට  බලු වෙන්න කොල්ලොන්ට පුළුවන්. අන්න එතනයි අපිට වරදින්නේ.

පොදුවේ බලද්දී කියන්න තියෙන්නේ අපි ඉන්නේ වෙනස් ලෝකෙක වැරදි කරන එවුන් නැත්තේ නැහැ හැබැයි එනිසා වැරදි නොකරන එවුන්ට දඩුවම් දෙන්න බැහැ. කොල්ලනි කෙල්ලෙක් බදින්න කලින් ඒකිගේ කන්‍යාභාවය හොයනවට වඩා හොද නැද්ද පෙට්ටිය කඩන්න කලින් දෙපාරක් හිතුවනම්. මොකද වැරදි කෙල්ලෙක්ට හම්බ උනොත් උබට වෙන්නේ කවදාහරි අඩන්න එකේම අනික් පැත්තම තමා අපිට. ඉතින් වැරදි කරන්නේ නැත්තම් වැරදි ගැන හෙව්වට කමක් නැහැ ඒ නිසා විදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්නේ බලාගෙන කියල තමා කාට කාටත් කියන්න තියෙන්නේ.  

46 comments:

  1. මොකක්ද අනේ පෙට්ටි කැඩිල්ලයි කන්‍යාභාවයයි අතර තියෙන සම්බන්දෙ.... අහසයි කඩලයි වගේනෙ... කිසිම ගැළපුමක් නෑ.....
    බනින්න එපා... දන්නැති හින්දා ඇහුවෙ...

    ReplyDelete
  2. ඔය කන්‍යාභාවය යනු පට්ටපල් බොරුවකි. ඔය පටලය කැඩුනාම පෙනෙන ලේ පැල්ලම් වලින් එය සොයන්නට බැරිය. සොයන්නට හැකි ක්‍රම තිබුනත් එය සෙවීමෙන් පළක් නැති බව මගේ අදහසයි.

    සත්‍යවශයෙන්ම ජානමය හා ලිංගිකව සම්ප්‍රේෂණය වක රෝග තිබීම සලකා බැලීම සෑහේ

    කලින් බැලූ post වලටත් අදාලව ලිව්වොත්... ඇත්තෙන්ම සංස්කුරුති කතා සදාචාර කතා යනු අදාල පරිසරය තුල ජීවත් වන යම් කොටසක් (දකුණු ආසියාවේ නම් වැඩිහිටියන් හා පුරුෂයන්) අනුන් ගැන නොසිතා, තමන් අතින් වන වැරදි වහගෙන තමා සනීපෙට සිටීම අරඹයා සම්මත කරගත් දෑ මිසක වෙන කිසිඳුම යහපතකට පවතින යමක් නොවන බව මට වැටහේ

    ReplyDelete
  3. අයියො මට බැනලා නැති බංගස්තාන් වෙන්න. මම නම් වනගත වෙනවා.

    ''අපේ සමාජ සංස්කෘතිය උන්ට ඔබ්බල තියෙනවා පෙට්ටිය කැඩුනට පස්සේ වෙන මිනිහෙක් එක්ක යන්න බැහැ කියල, අන්න එක නිසා පස්සෙන් එනවා උනාට ඇත්තටම ආදරයක් නැති වෙන්න පුළුවන්. '''මෙන්න මේක තමා පොයිට් එක. මට මේක අහන්න හිතුනෙ ඇත්තටම දකින්න ලැබුනු දෙයක් නිසා.
    තැන්කු අක්කිට මගෙ ජාතික ප්‍රශ්නෙට උත්තරෙ දුන්නට. තව ප්‍රශ්න හොයන් එන්නන්කො හොදේ..

    ReplyDelete
  4. @Ano
    ,ඇත්තටම මාත් පිලිගන්නවා ඒක , ලොකු කට්ටිය එයාලාගෙ වැරදි වහගන්න කරන වැඩක් කියන එක.

    ReplyDelete
  5. හොඳ මාතෘකාවක්...!! ලංකාවේ තවම කොච්චර උගත් වුනත් ලේ බිංදු දෙක තුනකට ඉරනම විසඳන උන් තාම අපි අතර ඉන්නව..
    ..මගේ මතය නම් කව්රැ හරි කොල්ලෙක් අතින් ඕක කැඩුනට පස්සේ ඌ කෙල්ලව මගහරිනවනම් වැඳ වැඳ ඌ පස්සේ යන එක මහ මෝඩකමක් ...මොකද අමාරැවෙන් හරි කොල්ලව බැඳ ගත්තත් ..එතන සැබෑ ආදරයක් කියල එකක් නැහැ..කෙල්ල කොල්ලව බඳින්නේ ඒකිට වෙන විකල්පයක් නැහැයි කියල හිතන නිසා..
    ......ඇත්තටම ඕක කැඩුනයි කියල කෙල්ලෙක්ගේ අගය අඩුවෙනවද?...මට නම් එහෙම හිතන්නේ නැහැ....

    ReplyDelete
  6. දැන් එකපාරක් කන්‍යාභාවය නැති උනාම ආයෙම ඒක හදාගන්න ඔපරේශන් තියෙනවා.

    ReplyDelete
  7. සුකුමාල් හරිස්චන්ද්‍ර...November 25, 2011 at 1:34 PM

    ලොකුවට කතා කරන්න පුලුවන් මාතෘකාවක්.ප්‍රේමයකදි වැදගත් වෙන්නේ විශ්වාසයයි ආදරයයි...වෙන දේවල් නෙමේ.ඉස්සර කාලේ ගම්වල චණ්ඩි අතින් ගෑණු ළමයින්ගේ කන්‍යා භාවය නැති වෙලා තියෙනවා. නමුත් ඒ හැම ගෑණු ළමයම කසාද බඳිනවා.කවුරුහරි ඉන්නවා පස්සේ බාරගන්න.අපි බොහොම නිදහස් ජාතියක්. දැන් වෙලා තියෙන්නේ සුද්දන්ගේ කාලෙදි උන්ගේ ඒව එක්ක මාරුවෙලා අපේගති...ඉතින් හොයනවා දේවල්. පිවිතුරු තරුණියක් බැඳලා කන්‍යාභාවය නැතිකරනකොට ඒකෙත් ජොලියක් තියෙනවලු.එහෙමයි කියන්නේ. කොහොම නමුත් ආදරය හරියට තියෙනව නම් මළ ඉලව් මොකුත් ඕන නෑ...දෑවැද්දත් එක්කම....

    ReplyDelete
  8. සමහර කොල්ලොන්ට පෙට්ටියක් කැඩුවා කියන්නෙ ලොකු වීරකමක්! හරිද? තමන් බඩු කාරයෙක් කියන එක ලොකුවට ප්‍රසිද්ධියේ යාලුවෝ අතරෙ කියන්න උන් කැමතියි...

    නමුත් කෙල්ලො වෙනස්. උන් විසේට හරි ‍රැවටිලා හරි පෙට්ටිය කඩා ගත්තාට කාටවත් කියන්නෙ නෑ. අඩුගානේ හොඳම යෙහෙළියවත් දන්නෙ නෑ. වැඩේ වැරදුනොත් තමයි නටපු නැ‍ටුම් එළිවෙන්නෙ....

    මේ අපේ සමාජය හැදිලා තියෙන විදිය.

    කන්‍යාභාවය පරීක්ෂාව කියන්නෙ ගැහැනු ළමයින්ට අනාරක්ෂිත ලිංගික සබඳතා වලින් වැලකී සිටිමට යෙදූ සමාජ උපක්‍රමයක්. මොකද ඒ කාලේ අවුරුදු 14 - 16 වෙනකොට කෙල්ලො දීග ගිහින් ඉවරයි. අද කාලේ වගේ ලිංගික අසහනයක් තිබුණේ නෑ.

    පිවිතුරු බව ලේ බින්දු වලට බාර දීලා ඇති වැඩක් නෑ

    ReplyDelete
  9. අනේ අපි නොදන්න අහිංසක කෙල්ලො. බ්ලොග් එකේ නමෙන්ම පේන්නෙ නැද්ද. දැං කාලෙ කොල්ලො කෙල්ලො කියල වෙනසක් නෑ. පඬි වාක්‍ය කියන්නනං දන්නව.

    ReplyDelete
  10. බෝර් නැත්නම් ඕන එකක්...second hand උනත් unregistered
    නම් OK

    ReplyDelete
  11. මේ බ්ලොග් එක ලියන්නෙ කෙල්ලෙක්ද? කොහොම උනත් කතාන නම් එල...

    ReplyDelete
  12. මේ අදහස් ගැන එකග වෙමි.

    ReplyDelete
  13. ගැහැනිය කියන්නෙ මොකද්ද..? වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බඩුවක් ඕයි බඩුවක්. ........පුරුෂ මූලික සමාජය ඇතුලෙ ගෑනි කියන්නෙත් තවත් උපයෝග පරිභෝග වස්තුවක්.... අපි කඩේ ට ගිහිං වොශින් මැෂින් එකක් ගන්නව, ෆ්‍රිජ් එකක් ගන්නව.... අතුගාන කොස්සක් ගන්නව අපිට කන්න උයන්න ගේ දොර අස්කරන්න ලමයි හදන්න වයසක අම්ම තාත්තව බලාගන්න.. වැඩ කාරියෙක් ගත්තොත් වියදම වැඩියි.. ඒ නිසා අපි කසාදයක් බැඳල ගෑනියෙක් ගේනව... ඔක්කොම ප්‍රශ්න හරි.... ඔයා ෆ්‍රිජ් එක බ්‍රෑන්ඩ් නිව්ද ගත්තෙ..පැකිං පිටිං....ආ ඒකතමයි... ටිකක් ගනං වැඩි.. ඒත් අනෙ බ්‍රෑන්ඩ් නිව් නෙ... ඔය සෙකන්ඩ් හෑන්ඩ් එකක් අඩුවට ගන්න තිබ්බා... ඒත් කවුද දන්නෙ පාවිච්චිය කොහොමද කියල.පට්ට ගහලද දන්නෑනෙ.. ඒනිසා පැකිං පිටිං ගන්න එක හොඳයි කීයක් හරි වැඩියෙන් දීල හරි...බඩු ෂුවර්නෙ........ ගෑනිගෙත් වෙනසක් නෑ... පැකිං පිටිං තමයි හොඳ.... ආදරේ... පුහ්... බෑන්දට පස්සෙ ගෑනිට කොච්චර වැඩ තියෙනවද... ඕව කොරන්න වෙලවක් තෙයේයැ... අපිට ඉතිං කොහොමත් එකයිනෙ... ඔය ඉටිකිරිස් කෑල්ලක් හොයා ගන්නව.. ලව් කරන්න.... අපිව ඉතිං නාවල ගත්තහම හරිනෙ... ගෑනි මුකුත් කිව්වොත්..ගෑනි.. බම්බුව... මම කන්න හොයල ගෙනත් දෙන්නෙ... ඒ නිසා මං කියන විදිහට හි‍ටු... නැත්තං පල......අපි නාල ගෙට ආවම ඔක්කොම හරි... අනෙ අම්මට ..... මගෙ කට...අපේ සමාජය හැදිලා තියෙන විදිහ........ලබ්බතමයි......

    තව එකෙක් මේක ලියන්නෙ කෙල්ලෙක් ද කොල්ලෙක් ද හොයනව.... කතාව කියල තියෙන අදහස බැලුවනං... ඒක ඇත්තනං.... තව ලිව්වෙ උලක්ද ගුලක්ද.. හොයන්නෙ රෙද්දටෙයි... ඇයි ගුලක්නං ලියල තියෙන විදිහ ගැලපෙන්නෙ නැත........?

    X-Porter

    ReplyDelete
  14. හරි කතාව හරියටම හරි. ගොඩක් කොල්ලො බලන්නෙ යාළු වෙච්ච ගමන් කෙල්ල කොහෙ හරි අරන් යන්න.( හැමෝම නෙවෙයි) ඒකට එක හේතුවක් කියලා මම හිතන්නේ කෙල්ල තමන් දාලා යයි කියලා කොල්ලාට තියෙන බය.කන්‍යාභාවය නැති උනාට පස්සෙ කෙල්ලට වෙන කොල්ලෙක් එක්ක යන්න බෑ.ඒ නිසා තමන් එක්කම ඉඳියි කියලා බලාපොරොත්තු වෙනවා.ඒ ඉතින් අපේ සමාජෙ හැදිලා තියෙන විදිය.කන්‍යාභාවය නැති කර ගත්තු කෙල්ලෙකුට වටිනා කමක් නෑ කියන එක සම්ප්‍රදායක් වෙලා...
    ඒත් ඉතින් මොනවා උනත් කමක් නෑ ඒ කෙල්ලවම කසාද බඳිනවානම්... එහෙම නැතුව රවට්ටලා දාලා යන එකයි වැරැද්ද..(කොහොමත් ඉතින් තනි අතින් අප්පුඩි ගහන්නත් බෑනේ..කෙල්ලන්ටත් ඒ වැරැද්දෙන් කොටසක් වැටෙනව)ඒත්.. සමහර පිරිමි නම් කරන්න තියෙන වලත්ත වැඩ ඔක්කොම කරලා කසාද බඳින්න හොයන්නේ ඇඟේ මැස්සෙක්වත් වහපු නැති කෙල්ලෙක්ව....

    ReplyDelete
  15. හයියෝ.. තාමත් මේ කෙල්ලො පෙට්ටිය ගැන හොයනවනේ.. මට නන් ලගදි හම්බ උනේ නෑ පෙට්ටිය හොයන කොල්ලෙක්.. හලේ.. කෙල්ලො තමා මෙව්වා අවුස්සලා ගන්නේ.. :-D

    ReplyDelete
  16. කතා කල යුතු දේවල් කතා කිරීම ගැන ස්තූති වෙන්න ඕන... කියවන උන්ටත් කියන්න ඕන බ්ලූ සයිට් එකක් දිහා බලනවට වඩා වෙනස් විදිහකට කියවපියව් කියලා... අද තමයි මේ පැත්තේ එන්න ලැබුනේ.... ඔන්න මගේ රීඩරේටත් දැම්මා.. තවත් එකෙක් හරි ඇවිත් දැනුවත් වෙයිනේ යමක් ගැන....

    ලිපිය ගැන කියනවානම් ඉතින් අර නොමල ගේකින් අබ මිටක් වගේ තමා... ඔබ පිරිසිදුනම් අනෙකාගේ පිරිසිදුකම ගැන හෙව්වට කමක් නැත.... දැන් කාලේ ගොඩාක් අය විවාහ වෙන්නේ අවුරුදු 28ක් 30ක් වගේ වෙද්දි... තරුණ හැගුම් එච්චර කල් හිරකරගෙන ඉන්න කාටද පුළුවන්.... එහෙම උන් ඉන්නවානම් හොඳයි.. නැත්නම් ඉතින් අලවන්නයැ... සාධාරණව බලන්න පැති ගොඩයි.. අසාධාරණව බලන්න තියෙන්නේ එක පැත්තයි.... ඒ නිසා අසාධාරණව බලන්නේ නැතිව සාධාරණව බලන්න තියෙන පැති වලින් එකකින් බලපුවාම හරිනේ ප්‍රශ්ණේ....

    අනිත් එක අවුරුදු 30කට කිටු වෙනකන් එකෙකුටවත් ඕන වුනේ නැති කෙල්ලෙක් මොකටද?

    ReplyDelete
  17. යාළු ඔය කන්‍යාභාවය කියන දේ ගැනම හිතනවා නම් අද අසරණ වුනු කෙල්ලො සේරටම බෙල්ලෙ වැල දාගන්න වෙන්නේ.සමහරු විශ්වාෂය නිසා තමන්ගේ දේවල් පිරිමියෙක්ට පූජා කරන්න ඇති.සමහරු නොලබපු අත් දැකීමක් නිසා එහෙම කරන්න ඇති.පිළිගන්න මේ කතාව-මම අවුරුදු 20ක කොල්ලෙක්.මම ආදරේ කරපු ගෑනු ළමයා තමයි මම බැන්දේ.ආදරේ කෙරුවෙත් මාස 2ක් විතරයි.එයාගේ අසරණ කමක් උඩ මම එයාව බැදලා අද හිතේ සතුටින් ඉන්නවා.ඒත් මගෙ හිතේ දුකක් නැතුවාම නෙවෙයි.ඒ දුක ඇති වෙන්න මේකයි කතාව.ඒ ගෑනු ලමයා අවුරුදු 17න් ගෙදරින් බල කරලා වෙනත් කෙනෙක්ට බන්දලා.ඒත් ගෑනු ළමයාගේ අකමැත්ත නිසාම වෙන්වෙලා.ලමයෙක් ඉන්නවා.ඒත් ඒ ලමයා ඉන්නෙ වෙනම රටක ඒ කියන්නෙ මේ ගෑනු ලමයගෙ තාත්තා ලග.මේ ගෑනු ලමයා පස්සෙ ස්ංගප්පුරූ ගිහින්.එතනදී සිදුවුනු දේ මම කියන්න කැමති නෑ.යම් කිසි දෙයක් මත මෙයා ගනිකා වෘත්තියේ නියැලුනා.මට හම්බවුනෙත් මුහුනු පොතෙන්.මම වත් තවම එයාගේ කුඩා කාලේ විස්තරයක් දන්නෙ නෑ.ඔය කියපු දේ විතරයි යාළුවනේ මම දන්නෙත්.ඒත් මම ඒ කෙල්ල ගෙනවාට පස්සෙ සතුටින් ඉන්නව නම් ඒ දේද වටින්නෙ.නැති නම් මොකක්ද මම ගන්න ඔනා තීරනේ.මට මේ ගැන කියලා දෙන්න.නම් ගම එලිකරන්න මම කැමති නෑ.ඔයාලට බුදු සරණයි

    ReplyDelete
  18. මම තව දෙයක් කියන්න කැමතී.සෙක්ස් නෙවෙයි ජීවිතේ කියන්නෙත්.සෙක්ස් නිසා මම සතුටින් ඉන්නවා ඇති කියන පදනමට එන්නත් එපා.මම දන්නෙ නෑ මගෙ අනාගතේ විනාෂ උනාද නැද්ද කියන්න.නමුත් මේකයි මගෙ කතාව.

    ReplyDelete
  19. අන්තීම කොමෙන්ට් එක දාපු සහොදරය......ඔබට මගෙ ආචරය.....hats off brother....

    ReplyDelete
  20. ලෝකේ තියෙන හැමමගුලම කරලා, රටේ ඉන්න හැම කොල්ලා එක්කම රවුන් ගහලා පෙට්ටිය කඩාගන්නෙ නැතිව ඉන්න කෙල්ලට වඩා
    තමන්ගෙ කොල්ලාට තියෙන ආදරෙට අනේ ඌ පවූ කියලා පෙට්ටිය කඩන්න ඉඩ දෙන කෙල්ල අතරෙ ලොකු වෙනසක් තියෙනවා අර ආදරෙ වැඩි කමට කඩා ගන්න කෙල්ල මෝඩ උනත් ඒකි මාර උතුම් තැනැත්තියක් වෙනවා..එහෙම වෙලා කෙල්ලට බූට් එක තියන කොල්ලා අර ලිංගේන්ද්‍රය නැති එවුන් ගානයි මට නම්..
    එහෙම අසරණ වෙච්ච කෙල්ලෙක් ඉන්නවා නම් මං මාරම කැමතියි බාරගන්න..!
    මෙතැන නෙවේ මං මේ වගේ ලිපි 2-3 කම මේ විදියට කමෙන්ට් කරලා ඇති..!!
    ඔය පෙට්ටිය බෝම අමාරුවෙන් රැකගෙන ඉන්න කපටි කෙල්ලන්ට වඩා අරම කෙල්ලෙක් එක්ක ඉන්න එක සැපයි. එක අතකින් ඒක පිනක්..!

    ReplyDelete
    Replies
    1. uba maara kollek bn.uba wage ela kollek mn ada mayi dakke.wihilu nemey bn sirawatama. suba anagatayak.

      Delete
  21. @Mahesh Wickramasinghe හපොයි ඉතින් ඕක දන්නේ නැද්ද? පෙට්ටි කියල කියන්නේ කෙල්ල හෝ කෙල්ලගේ කන්‍යා භාවයනම් ඕක නැති කරන එක තම පෙට්ටි කඩනවා කියන්නේ

    @Tharinduhw122 Nice

    ReplyDelete
  22. @1st Ano ඇත්ත කතාව එක එත් මෙතැනදී මන් පෙන්නන් හැදුවේ ඒ දේ නිසා අසාධාරණයක් වෙන එක ගැන එකයි සමාජ සම්මත කියල හද ගෙන ඉන්න ගොඩක් දේවල් වාසියට හදා ගෙන ඉන්නවා මිසක් වෙන හේතුවක් නැහැ....

    ReplyDelete
  23. @ashen : බැන්නේ නැහැ ළමයා දැනගන්න කිව්වේ. අනික තමා ඔය පෙට්ටියක් කඩුව කියල බුවෙක් වෙන්නේ නැහැ කියන එක දැනගන්න.

    @නීල නේත්‍ර : නැහැ අගය අඩුවෙන්නේ නැහැ එත් එක පාරක් කැඩුන කිව්වම කොල්ලෝ බලන්නේ ඉතින් වැඩ කරගෙන අයින් කරන්න.

    @මධුරංග : ඔව් එත් හුගක් අය ඒක දන්නේ නැහැ.

    @සුකුමාල් හරිස්චන්ද්‍ර : එකනම් ඇත්ත එත් අද එහෙම නැහැ අපි නොදන්නා ලෝකෙක අපි තනිවෙලා.

    @විසිතුරු : ස්තුති යාළුවා කමෙන්ට් එකට

    @නදීර සඳරුවන් ලියනගේ : It's okay. learn

    ReplyDelete
  24. 2nd@Ano : මං කිව්වේ නැහැ මං අහිංසකයි කියල. මන් අහිංසක නම් මේ වගේ දේවල් කතා කරන්නේ නැහැ. මන් හිතන්නේ සිංහල බැරිද කොහෙද බහුතරය ගැන කතා කරන්නේ එතැනදී මං ගැන කියන්නේ නැහැ.

    3rd@Ano : එල කතාව

    4th@Ano : කෙල්ලෙක් තමා. ස්තුති

    @KC : ස්තුති

    ReplyDelete
  25. @5th Ano : X-Porter කෙල්ලෙක් කියන්නේ බඩුවක් නම්. ඔයාගේ අම්මත් කලෙකදී බඩුවක් නේද? එහෙනම් ඒ බඩුව බලා ගන්න තව බඩුවක් ගේන්නේ මොකටද? ඒ කියන්නේ උබ පිලි ගන්නවා උබ බඩුවකගේ පුතෙක් උබේ තාත්ත බඩුකාරයෙක් කියල එහෙමද? උබට නංගිලා අක්කල නැතිව ඇති ඒක නිසා එහෙම නැත්තම් උබේ අක්ක හරි නංගී හරි තව බඩුවක් ගහන එකකේ උස්සන් යන්නේ කෙලින් කියන ඒක උබට ප්‍රශ්නයක් නැහැ. මේක පුරුෂ මුලික සමාජයක් කියන උබේ ඇස් පෙන්නේ නැහැ එහෙම නැත්තම් මට පෙන්නේ උබ පිටදී සිංහයා වෙලා ඇතුලෙදි පූසා වගේ ඉන්න මිනිහෙක්. මොකද අද තියෙන්නේ සම තැන අන්න ඒක උහුලා ගන්න බැරි උබ වගේ පිරිමින්ගේ අසහනකාරී සිතිවිලි කෙරුම් කියුම් එලි පිට කියන කොට කෙල්ලෝ බඩු. හිනාහයි බන් උබ ගැන දුකයි උබවගේ සිංහ හම පොරව ගත්ත බැටළුවෝ ගැන. මට නිකමට හිතෙනවා උබ කවද හරි කගේ හරි බඩුවක් වෙයි කියල.

    ReplyDelete
  26. @6th Ano : ඔව් මැස්සෙක්වත් වහල නැති කෙල්ලෝ හොයන වලත්තයෝ තමා ගොඩක් ඉන්නේ. ස්තුති කමෙන්ට් එකට.

    @Pasan : හරියට කතා කරලා බලන්න යාළුවා හම්බ වෙයි මට හම්බ වෙලා තියෙනවා ඕනේ තරම්.

    @අභීත මං දන්නා තරමින් සිංහල බ්ලොග් ලියන අයගෙන් විශාල චරිතයක් ස්තුති ප්‍රශංසාවට.
    ඔව් කෙල්ලෙක්ද ලියන්නේ කියල හොයනවා. යමක් ඉගෙනගන්නවා වෙනුවට හිතන්නේ වල් කතා ලියනවා කියල නැත්තම් මේකිට අමාරුව කියල ඒක හදන්න බැහැ පුරුදු වෙලා තියෙන්නේ වැරදි කෝනෙන් බලන්න.

    ReplyDelete
  27. @7th Ano : මල්ලි ඔය කරලා තියෙන්න හුගක් කොල්ලොන්ට කොන්ද කෙලින් තියාගෙන කරන්න බැරි වැඩක්. ඔය අදහන්න වටිනා කොල්ලෙක් ඔය වගේ අය අද නැහැ. කෙල්ල ගණිකාවක් වෙලා හිටිය කියල දැන ගත්තොත් තව කට හරි විකුනන්න හොයා සමාජයක ඔය වගේ උතුම් වැඩ කරන අය හොයා ගන්න නැහැ. ඔය කලේ හරි වැඩක් මල්ලියෝ ආඩම්බරයි එහෙම අය ඉන්නවා කියල අහන්නත් ඔය දෙන්නටම තෙරුවන් සරණයි.

    ඒ වගේම තමා හුගක් මිනිස්සු හිතන් ඉන්නේ සෙක්ස් තමා හැමදේම කියල තමා හුගක් කසාද බදින්නේ. එත් ඒක නෙමේ ඇත්ත

    ReplyDelete
  28. @Bunny : පුදුමයි අහන්නත් සතුටුයි ඔය වගේ කෙනෙක් ඔහොම කතා කරන ඒක ගැන ජය වේවා

    ReplyDelete
  29. මාත් පෙට්ටිය කැඩුනෙ නැති,පිරිසිදු,ලස්සන කෙල්ලෙක් හොයපු කාලයක් තිබුනා,මම මට ගොඩාක් ආදරය කරන කෙල්ලෙක් හොයාගත්තා,එයා වර්ජින් කෙනෙක් නෙමේයි,නමුත් එයා මට වෙච්ච සෙරම අකුරක් නැර කිව්වා,එයා මට විශ්වාසයි,මට ආදරෙයි එක නිසා මට පෙට්ටිය කිසි ප්‍රශ්නයක් නැ
    මම හිතන්නෙ අපිට ඔන කෙනෙක් එක්ක නිදාගෙන කිසි ප්‍රශ්නයක් නැතුව නාගෙන යන්න පුලුවන්,එත් කෙල්ලොන්ට එහෙම බැ,එහෙම එකේ පෙට්ටිය කැඩිලද නැද්ද කියලා හොයන එක මොඩ කමක්,කොල්ලෙක් පෙට්ටිය කැඩිලා කියලා කෙල්ලෙක්ව අත අරිනවානම් ඌ මහා පොන්නයෙක්
    මුල්තැන දෙන්න ඔන ආදරයට

    ReplyDelete
  30. පට්ටිය නොවෙයි ප්‍රශ්නෙ... කෙල්ලන් ළඟ තියෙන කුණු ගඳයි ප්‍රශ්නෙ. ගඳ නිසා කෙල්ලො පව්කාරයෝ හොඳයි. පිරිමි පිං කාරයෝ.

    ReplyDelete
  31. මම ටිකක් වැඩිහිටියෙක් විදිහට මේ ලියන්නෙ. මේ ගැන කල්පනා කරල තව පෝස්ට් එකක් ලියන්න.
    කන්‍යාභාවය කියන එක, විවාහය කියන එක වගේ දේවල්, ඒවා කතා කරන වේදිකාව අනුව වෙනස් වෙන දේවල්. මතුපිට තියන තේරුම නෙවෙයි ඇතුළතින් තියෙන්නෙ.
    සමහර සත්තු මැරෙනකන් එකම ජෝඩුවක් හැටියට ජීවත් වෙනව කැළෑවලදි පවා. ඒත් සමහර සත්තු (පූසා, බල්ලා වුනත්) අහුවෙන එකා එක්ක යනවා.
    මිනිස්සුන්ගෙ සමාජයන් සංකීර්ණයි. ගෝත්‍රික සමාජවල තත්වය අපේ වර්තමාන සමාජයට වෙනස්. ඒත් ඔය “විවාහය” කියන එක “‍දේපොල බෙදා ගැනීම” එක්ක සම්බන්ධ වෙලා තියෙන එකක්.
    කන්‍යාභාවය ගැන කියනවනම්, මම පෞද්ගලිකව කොල්ලො හා කෙල්ලො දෙගොල්ලොම කන්‍යා භාවය තියාගන ඉන්නවට කැමතියි. ඒ වගේම බැන්දට පස්සෙත් පිට නොයා ඉන්නවට කැමතියි. මම මෙතනදි බඳිනව කියල කිව්වෙ පොතේ ලියල අස්සං කරන එක නෙවෙයි. කොල්ලයි කෙල්ලයි එකට ජීවත් වෙනව කියන තීන්දුව ගන්න එකටයි “බඳිනවා” කියන එකෙන් මං අදහස් කරන්නෙ. තවත් පැහැදිළි කරනවනං පෙම්වතුන් යුවලක් ලිංගික වශයෙන් එකතු වුනාට මම වැරැද්දක් කියන්නෙ නෑ. හැබැයි ළමයි හැදුනොත් ලියාපදිංචි කිරීමේ ගැටළු මතුවෙලා අහිංසක පොඩි එකෙක් අමාරුවෙ වැටෙන නිසා ප්‍රවේශම් විය යුතුයි.
    මේ “පිවිතුරු බව”ට මම එහෙම කැමති වෙන්නෙ වෙනත් හේතුවක් නිසා නෙවෙයි. කළවම් වුනාම තේරුම් බේරුම් කරගන්න අමාරු නිසා. මම ඉඳුල් කෑම කන්න කැමති නැහැ. පිරිසිදු ‍නොකරපු කෝප්පෙකින් වතුර බොන්න කැමති නෑ. කෝපයක් හෝදනව වගේ පිරිමියෙකුගෙවත් ගෑනියකුගෙවත් හදවත හා ලිංගය හෝදල පිරිසිදු කරන්න බෑ.

    ජෝඩුවකට වැදගත් වෙන්නෙ විශ්වාසවන්තකම විතරයි. කුහකකම නැත්තං කිසි ප්‍රශ්නයක් නෑ. කෙනෙකුට විවාහ වෙන්න කන්‍යාවක් හොයන එකේ කිසිම වැරැද්දක් නැහැ තමන්ගෙ කන්‍යාභාවය තියෙනවනම්.

    ReplyDelete
  32. පෙට්ටිය කඩලා මාරුවෙන එක වගේ බලු වැඩක් තවත් තියේද....

    ReplyDelete
  33. හොඳ ලිපියක්. මගේ බ්ලොග් ලිස්ට් එකට මම ඔයාගෙ බ්ලොග් එක ඇඩ් කරනවා.(සිංඩිවල නෑ කියලා හිතන්නේ)

    පෙට්ටි ගැන කතා කරනවානං කියන්න තියෙන්නේ තේරුමක් නැති දෙයක් කියලා. ඒ ලෙවල් වලට බයෝ කරපු අය මේ ගැන දන්නවා

    ReplyDelete
  34. //කැඩිච්ච ඒවා රීපෙයාර් කරන්න පුළුවන් දැන් දොස්තරලට ලක්ෂයක් විතර දුන්නම් //

    හික් . . එච්චර යන්නෙ නෑ අප්පා . . . . රුපියල් 5000ට පුලුවං . . . මම දන්න ඩොකෙක් ඉන්නව බුවා (යාලු ‍ෆිට් එකට බුවා කිවුවෙ) නිකං කරන්නෙ . . හැබැයි බුවා කෙල්ලව තියගෙන ඉන්නව සතියක්වත් . . .
    හදිසි අවස්තා යටතේ යාලුවංගෙ කෙල්ලන්ට හදල දෙනව අරක්කු බෝතලේට . . .
    ඒ වගේම තමයි . . ඒ දොස්තර මිත්‍රය මේ බ්ලොග් එක කියවනව . . . .

    ප.ලි.
    මම බැඳපු කෙල්ලගෙ (සහ ඊට කලිං හිටි හැම කෙල්ලගෙම) ඔය මගුල හෙවුවෙත් නෑ, බලාපොරොත්තු උනෙත් නෑ, ඕක කැඩෙද්දි කොහොමද කියල දන්නෙත් නෑ . . . ඔක්කොටොම එහා . . මට ඕක හොයන්න "අයිතියකුත්" නෑ . . . මට ඕකෙං වැඩකුත් නෑ . . .

    ReplyDelete
  35. කොල්ලෙක්ට නම් ඕනේ මඟුලක ගියත් සබන් කෑල්ල අතට දීලා ගෙට ගන්න පුලුවන් කියන මතේ තියෙන සමාජයක් නේ මේක.

    කොහොම නමුත් ජේසු තුමා වෛශ්‍යා වෘත්තියේ යෙදුණු ගෑණු කෙනෙක්ට ගල් ගහලා මරන්න ගිය මිනිස්සුන්ට කිව්ව එක මෙතනටත් අදාළයි.

    "කිසිම පාපයක් නොකළ අයෙක් මේ ස්ත්‍රියට මුල්ම ගල ගසන්න"

    ReplyDelete
  36. කෘලීන සමාජයේ ඇත්ත දකින කෙනෙක්..ජය වේවා...

    ReplyDelete
  37. මුලම කොමෙන්ට් කරපු Mahesh Wickramasinghe..
    ඔයාගේ කොමෙන්ට් එකට මම සම්පූර්ණයෙන්ම එකඟයි.. වෛ.නොවේ, ඔය පෙට්ටි කැඩීමයි කන්‍යාභාවයයි අතර ලොකු සම්බන්දයක් නෑ.. කෙල්ලෙක්ගේ කන්‍යා භාවය නැතිවෙන්නේ ඒකිගේ හිතින්.. මොකද පෙට්ටිය නොකඩාම රැයක් එළිවෙනකම් කරන්න උන්ට දේවල් තියෙනවා. මම දන්න තරමින් නම් ලිංගික තෘප්තියේ කිසිම අඩුවක් නෑ. ඔය පොඩිමෑන් කියනවා වගේ ඇළට බහින්නේ නැතුව ගලේ ඉඳන් නාගෙන ගියාට..

    ඒත් මම නම් ඒවගේ බැඳීමක් තියාගන්නෙත් බඳිනවා කියන බලාපොරොත්තුවෙන් විතරයි.. නමුත් සමහර සිද්ධි නිසා ඒ හැම දෙයක්ම අමතක කරලා දාලා කෙල්ලගෙන් ඈත්වෙන්න වෙනවා. ඔබ කොහොම මේක දකියිද මන් දන්නේ නෑ
    ඒත් ඇත්ත ඒකයි

    ReplyDelete
  38. අනේ මංද බොලවු.... මට ඇත්තටම ආදරේ කරන්වයි කියල මට හිතෙන මගෙ විදියට ගැළපෙන කෙල්ල බඩුවක් වුනත්, ලමෙක් ඉන්න ඩිවෝස් වෙච්ච අම්මන්ඩි කෙනෙක් වුනත් මාව බඳින්නත් කැමති නම් මම එයාව බඳින්න කැමතියි ඕන්... පුදුමෙ කියන්නෙ ඕක අපේ අම්මත් සහ සුද්දෙන්ම දන්න එකනෙ.. ගිය අවුරුද්දෙත් අපෙ නැන්ද කෙනෙක් එක්ක ඒක කිව්ව...
    :D


    මොක කොලත් පිවිතුරු බව තියෙන්න ඕනෙ හිතේ මිස බාහිර සරීරෙ නෙමෙයි කියන එකයි ඕන් මගෙ නම් මතය...

    ReplyDelete
  39. තේරුම් ගැනීමේ පහසුව සඳහා කරුණු 10ක් විදිහට ලියන්නම්.

    1. හොඳයි පෙට්ටිය කැඩිච්ච නැති කෙල්ලෙක්ව කසාද බැන්දා කියමු. මොකද ආයේ ඕක අලව අලව ගහන්න කියලද
    2. කොල්ලොත් එක්ක ගිහින් පෙට්ටිය කඩා ගන්නේ නැතුව ගල් කපාගෙන, පිටිපස්සට කරගෙන ඊට පස්සේ කිසිම දෙයක් දන්නේ නැති කොල්ලෙක්ව කසාද බැඳගෙන උගේ ඉස්සරහා තමන් පිරිසිදුයි කියන එක ඔප්පු කරන කෙල්ලෝ ඕනෙ තරම් ඉන්නවා. මොකද ගලේවත්, පුකේ වත් පාරවල් හිටින්නේ නෑනේ.
    3. සමාජයේ තියෙන තවත් එක් මතයක් තමයි වෙන එකෙක් එක්ක නිදියලා තියෙන කෙල්ලෙක් ලිංගිකව තෘප්තිමත් නූනොත් ආපහු තවත් එකෙක් එක්ක නිදි වදිනවාමයි කියන එක. දෙන්නෙක් අතරේ තියෙන මානුෂීය බැඳීම ඊට එහාට ගිය එකක් කියන කාරණාව උන්ට තේරෙන්නේ නෑ.
    4. හොඳයි අපි කන්‍යා භාවය නැති කරගත්තු කෙල්ලෙක් ගම්මු.අඩුම තරමේ අපි දන්නවා එහෙම එකියක් එකෙක් එක්ක හරි නිදියලා තියෙනවා කියන එක. කන්‍යා භාවය තිබුණට අපි දන්නවද ඒකි කී දෙනෙක්ට කියලා ගල් කපාගෙන තියෙනවද කියලා.
    5. යුග දිවියක් ගෙනියන්න අවශ්‍යය වෙන්නේ අවබෝධයයි විශ්වාසයයි.
    6. වේසකමේ ගියත් ඊට පස්සේ සාර්ථකව පවුල් කන ගෑනු කොච්චර ඉන්නවද? ඒක උන් දෙන්නගෙම තේරුම් ගැනීම සහ අන්‍යෝන්‍යය අවබෝධය.
    7. කවුරු හරි බල්ලෙක් කියනවා නම් ඌ පෙට්ටි දාහක් කැඩුවක් කසාද බඳින්නෙ කන්‍යාවියක්මයි කියලා උගේ අතින් අනාත වෙච්ච එවුන්ට යන කල දසාව මොකද්ද? උන්ගේ ජීවිත ගැන බලන්නේ උගේ මහ එකාද? මොකෙක් හරි එහෙම කියනවා නම් උගේ පුරුෂ ලිංගය කපන්න ඕනේ.
    8. කෙල්ලෙක් තමන් ආදරය කරන එකාට කෙලි කම පූජා කරන්න කළින් හිතන්න ඕනේ කාරණාත් තියෙනවා. මළ ඉලව් ආදරය කියලා ඔක්කොම ටික දුන්නට පස්සේ ඌ තමන්ට ගැලපෙන්නේ නැති වුනොත්?
    9. අවසාන නිගමනය, දෙදෙනෙකුගේ එකතු වීමකට කන්‍යා භාවය අත්‍යාවශ්‍යය කාරණාවක් නොවේ. තිබිය යුත්තේ අවබෝධය, විශ්වාසය සහ විශ්වාසය රැකීමයි

    10. මේ වගේ මාතෘකාවක් මේ තරම් විවෘතව කතා කළාට මේ බ්ලොග් එක ලියන ඔයාට බොහොම ස්තුතියි. දිගටම ලියන්න.

    ReplyDelete
  40. මගේ අතින් ඒ වගේ වැඩක් උනා
    මම එක වැඩිය හිතල නෙමෙයි කරේ. ලොකු සිදියක් එතන උනා.

    ReplyDelete
  41. අනිවා මේ බ්ලොග් එක ලියන අක්කිට මුලින්ම ස්තූතී කරන්න ඕනේ කාලීන මාත්‍ෘකාවක් තෝරගත්තට. අද සමාජේ ඉන්න ඔක්කොම බලන්නේ තමන් අතින් උන වැරදි වහගන්න තවත් කෙනෙක්ගෙ වැරැද්දක් ඕනවට වඩාලොකු කරල පෙන්නන එක. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි කොල්ලෙක් කෙල්ලෙක් කියලා වෙනසක් නෑ පිරිසිදු කම බලන්න ඒ වගේම තමයි වටේ ගිහින් ලොකු ලොකු දාර පොලු වල රස බලලා ඔය පෙට්ටිය ආරක්ෂා කරගෙන ඉන්න කෙල්ලොට වඩා හොදයි පෙට්ටිය නැති උන එකියක් මොකද එතන තියෙන්නෙ ඒකිගෙ අවන්ක කම මිසක් වන්චාව නෙමෙයි. කොල්ලනේ මම උබලට එකක් කියන්නම් කවද හරි දවසක උබලට ඒ වගේ කෙල්ලෙක් සෙට් වෙලා අතට මාට්ටු වෙන්න කලින් ඒකිම ඒකිගෙ අතින් උන වැරැද්ද ගැන උබට කිව්වොත් අනිවා ඒකිව ජීවිතකාලෙටම බලා ගනින් මොකද එහෙම එකියක් තනියම තියල අපිට බය නැතුව ඕන දීපන්කරයක යන්න පුළුවන් හිතේ සැකයක් නැතුව. අනි ඒහෙම කලොත් කොල්ලෝ උබ ඒ කරල තියෙන්නෙ ලොකු පිනක් කියන්න බැරි තරම්.

    ReplyDelete