Wednesday, December 7, 2011

මං ගැන

මේ ජිවිතයේ කීදෙනෙක් තමන් කරපු දේ වැරද්දක් කියල පිළිගන්නවද? එහෙම කරපු දෙයක් වෙනුවෙන් අඩලා  තියෙනවද? මගේ අතිනුත් ලොකු වැරද්දක් උනා. එත් එක හදන්න තරම් මං පරක්කු වැඩි. හිතට දුකයි ඒ වෙන හේතුවක් හින්ද නෙමේ මං එහෙම කරපු එක ගැන. එත් එහෙම කරන වෙලේ මං හිටියේ හුගක් හොද සිහි කල්පනාවේ නෙමේ. ඔව් මං කිව්වනේ ම කෙල්ලෙක්. අවුරුදු ගානක් විකාරෙන් වගේ කොල්ලෙක්ට ආදරය කරපු කෙල්ලෙක් ඊට පස්සේ මං රැවටිලා ඉන්දැද්දී අතටම අහුවෙනකම් ඉවසන් හිටපු කෙල්ලෙක්. පස්සේ පිස්සියෙක් වගේ ඔහේ වැටිලා හිටියේ වෙච්ච දේවත් හිතා ගන්න බැරුව කොහොමද මිනිස්සු මෙහෙම කරන්නේ කියල. දුක කියන එක ඉවසන් ඉන්න බැරි තැනම ඇඩුව එත් කදුළු වලට ඉඩ නැති වෙනකොට හිතහදා ගන්නේ කොහොමද?.  එක පාරක්, දෙපාරක්, තුන් පාරක් සමාවදිදී ජිවත් උනේ ආදරේට. එත් ඒකම මගේ අසරණකම කියල පහර දෙද්දී,  මගේ අහිංසක අම්ම ඉස්සරහ මට වේසි කියල බනින ඒ මිනිහ මගේ මුළු ජිවිතෙන්ම අතුගාල දාන්න කියල කියද්දී මගේ හිතේ බලාපොරොත්තුවක් තිබ්බ. මු ඒකම එක දවසක් හරි මේ හැම දේම තේරුම් අරන් හැදෙයි කියල.


මේ මගේ ආදරේ හැටි : පැය ගණන් වරු ගණන් පාරවල් ගානේ රස්තියාදු වෙලා ඇති තනියම, වෙන දෙයක් හින්ද නෙමේ මොකද එයා පරක්කු හින්ද, යාළුවෙලා හිටියට අවරුදු හතරටම අපි ෆිල්ම් එකක බලල ඇත්තේ තුන් පාරක් එකත් අපේ ගෙදරින් බල කරපු හින්ද විතරයි. වෙන ගෙවල් වල ප්‍රශ්න  තහනම් අපිට තිබ්බේ නැහැ ඕනෑම තැනක එයත් එක්ක යන්න කියල මගේ අම්ම තාත්ත අවසර දීල තිබ්බ. ඒ විතරක් නෙමේ එයාව ඒ තරමට විශ්වාස කරා. සමහර වෙලාවට මටත් වඩා. මෙතැනදී මං කියන්නේ ඒ මිනිහත් එක්ක නිදාගන්න නෙමේ. එත් අද කලේ හුගක් යට නැති නිදහස එයාට ගෙදරටම එන්න. මව කොහේ උනත් එක්කන් යන්න. මගේ දෙමව්පියෝ එයාට සැලකුවේ ඒ ගොල්ලන්ගෙම පුතෙක්ට වගේ. එත් කවදාවත් එයාගේ අම්මවත්, තාත්තවත්, අපේ ගෙදරට කතා කළේවත්, නැහැ.


එයාගේ ආදරය : කෙල්ලෙක්ට කොල්ලෙක්ගෙන් ලැබෙන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා ඒ දේවල් හම්බ වෙන්නේ නැති වෙනකොට කිසිම නීතිමය බැදීමක් නැති කොල්ලෙක්වත් කෙල්ලෙක්වත් වරදේ බැදෙනවා නම් ඒක වරදක් නෙමේ. මෙතැනදී මම මාවම හරි ගැස්ස ගන්නවා නෙමේ එත් එකයි ඇත්ත. මුලින්ම වරදේ බැදුනේ එයා. වෙන කෙල්ලෝ වගේ නෙමේ මං. පුදුම තරම් නිදහස් වගේම සැහැල්ලු විදිහට මං ජීවිතය තේරුම් ගත්ත හින්ද වෙන කෙල්ලෙක් නොදෙන නිදහසක් දීල තිබ්බ. සුද්ද සිංහලෙන් කිව්වා යාලුවෙන්කොට උබට වෙන ක එක්ක හරි නිදා ගන්න ඕනේ නම් එහෙම නැත්තම් බඩුවක් ගහන්න ඕනේ නම් පලයන් කරලා වරෙන් හැබැයි මට කියල. එහෙම දේවල් පිටින් ආරංචි උනොත් මං තමුසෙට සමාව දෙන්නේ නැහැ කියල. කියන තරම් නිදහසක්. මොකද නීතියෙන් බැදුනත් නැතත් වෙන කෙනෙක්ගේ අසාවන් ගැන මට කිසිම අයිතියක් මට නැති හින්ද. මං අදටත් විශ්වාස කරන්නේ ඇත්තටම ආදරයනම් මිනිස්සු දාල යන්නේ නැහැ කියල. එත් අන්තිමට එච්චර නිදහසක් දීපු විව්රතව කතා කරන්න පුළුවන් වෙච්ච මාව අවුරුද්දක් රවට්ටපු ඒ මිනිහට අයෙ සමාව දෙන්න තරම් මං හොද උනා. ඒ මගේ හැටි අපි මිනිස්සු වැරදි කරන්නෙත් අපි සමාව දෙන්නෙත් අපි එත් ඒක දෙයක් තේරෙන්නේ නැහැ. ඇයි එහෙනම් මාත් එක්ක යාලු උනේ? සල්ලි වලට, ලස්සනට, නැහැ කෙහෙල්මල් ආදරේට. එතකොට ඕක ගැන පාපොච්චාරණය කරන්න මං හැමදේම හොයා ගන්නකම් හිටියේ ඇයි? ආදරේ කියන්නේ එකක් එක්ක ලගින් ගමන් අනික් එකාගේ ගෙවල් ගානේ රිංගන එකටද? නැහැ මට තේරෙන්නේ නැහැ එකට උතරයක් තවමත් එයා ගව නැහැ.


මං හිතන්නේ ඉතුරු ටික පස්සේ ලියමු කියල

32 comments:

  1. කතාවනං කියෙවුවා...
    මං වගේ පොටෝෆොබියාව තියෙන එකෙකුට මෙක කියවන්න හෙන ගේමක් දෙන්න වෙනවා... කළු බැක්ග‍්‍රව්න්ඩ් එකේ සුදු චූටි අකුරුනේ..
    අනේ රත්තරං...!! ටෙම්ප්ලේට් එක......??

    ReplyDelete
  2. @නරකයා ඒ කියන්නේ මට මේක වෙනස් කරන්න කියලද?

    ReplyDelete
  3. ඒ බං මං කලින් කියවනකොට තිබ්බ එක නෙමෙනෙ මෙ...

    නෑ නෑ වෙනස් කරන්න ඔනෙම නෑ... මොකෝ තේමාවට ගැලපෙන පාට තෝරන්ඩ ඔ්නෙ ඔයාමනෙ... මම කිවුවෙ මගේ අඩුපාඩුවක් ගැන එහෙම උන් වැඩිය නැතුව ඇති.. අකුරු ටිකක් ලොකු උණාම ඇති මටනං

    ReplyDelete
  4. හ්ම්...ඇත්ත ඇත්ත ඕකා නරකය උනත් කියනඑක ඇත්ත.
    මටත් ඔය පොටෝෆෝබියාව ද මොකක්ද කියන උලව්ව වෙන්න ඇති.
    රහට කොටල තියෙන මේක කියවන් යද්දි ඇස් ගිනිකනාවැටෙනවා ආයිබෝං....

    ReplyDelete
  5. My dear.

    I've read all the posts you posted,and i want to
    cheer you up but got no time to. Today i got the
    chance to do that,everything i wanted to tell u
    is in this note,please don't take this as just a comment.

    Everything happens for a reason,sometimes people come into your life and you know right away
    that they were meant to be there. They serve some sort of purpose,teach you a lesson or help to figure out
    who you are or who you want to become.And sometimes things happen to you and at the time they
    seem horrible,painful and unfair, but in reflection you realize that without overcoming those
    obstacles you would never have realized your potential,strenth, will power of the heart.
    Everything happens for reason nothing happens by chance or by means of good or bad luck,illness
    injury,love,lost moments or true greatness and sheer stupidity all occur to test the limits
    of the soul.Without these small tests,if they be events,illnesses or the relationships, life would be
    like a smooth paved,straight,flat road to nowhere,safe and comfortable but dull and utterly
    pointless.The people you meet who affect your life and successes and downfalls you experince
    they are the ones who create who you are. Even the bad experience can be learned from those
    lessons are the hardest and probably the most important ones..If someone hurts you betrays you
    or breaks your heart forgive them,for they have helped you learn about trust and the importance
    of being cautious to whom you open your heart. If someone loves you ,love them back unconditionally,
    not only because they are teaching you to love and opening your heart and eyes..to things you
    would have never seen or felt without them.Make every day count. Appreciate every moment and take from
    it everything that you possibly can, for you may never be able to experince it again.Talk to
    people you have never talked before,and actually listen,let yourself fall in love,break free and
    set your sights high.You can make of your life anything you wish.Create your own life and then go out
    and live it.I wish you all the best in your endeavors as well as struggles in life.Have a
    fighting spirit and never hesitate to get back in the struggle.

    ReplyDelete
  6. just like my story :)
    @ sithum- what you are saying is true...but how can we forget the love,when we have done it in very honestly.how can we let them the person we love the most to go away from us just thinking that he is some sort of experience or whatever.For me am at the edge of suicidal...coz the pain is unbearable.

    ReplyDelete
  7. මාත් හිතුවා ඔයා මොකක් හරි මානසික අසහනයක් ඇති කියලා. නැත්තම් මේ තරම් මලෙන් ටෝක් කරන්න වෙන්නෙ නැනෙ. මට නම් ඔවා තෙරෙන්නෙ නැ , ඒත් ඉස්ස්රහට සැහෙන්නෙ ඔන වෙයි.

    ReplyDelete
  8. Hi ...my comment is not regarding the story..But for the person who comment last saying "am at the edge of suicidal". My dear, try to be positive..Live one more day, you will realize nothing will remain forever. after some years you will laugh at yourself by thinking how foolish you were. take my word...Theruwan saranai..

    ReplyDelete
  9. @ 1 ano...Nobody can go back and start a new beginning but anyone can start today and make a new ending..just keep that in ur mind

    ReplyDelete
  10. @ 1 ano..just look at my note once again carefully there is no word " Forget" only.. forgive..

    ReplyDelete
  11. ම්... මොනවද කියන්නේ ?

    ReplyDelete
  12. මට කියන්න තියෙන්නේ තමන්ගේ දෙමවුපියෝ ඇරෙන්න වෙන එකෙක්ව කවදාවත් ඕනවට වඩා විස්වාස කරන්න එපා කියලා. හිත හදාගනින් නංගි. උබේ ඔය හිත කඩලා බිඳලා දාන්න එක එකා ආවට හිත හදන්න කවුරුත් එන්නේ නෑ. ඒ නිසා උබම උබේ හිත හදා ගනින්.

    අමාරුයි තමා. ඒත් ඒක කරන්නම ඕනා.මේ ආදරයෙන් රිදුනේ බිඳුනේ විතරමයි කියලා මම් උපකල්පනය කරනවා. ඒ නිසා වැරදුන තැනින් ජීවිතය හදාගන්න බලන්න.

    ඔච්චරයි මට කියන්න තියෙන්නේ.

    ReplyDelete
  13. ආදරේ කොයිතරම් සුන්දර වුනත්..තමුන් පණදීගෙන නැහෙන කෙනා ..විශ්වාසය කඩකරන එක තරම් දුකක් වේදනාවක් තවත් නැතිව ඇති..ඔයාට මේ තරම් දෙයක් ඇත්තටම වෙලා නැවත හිස ඔසවගෙන සමාජයේ ජීවත්වෙන්න පුලුවන්නම්...ඔයා හිත හයිය අගයකරන්න ඕනෙ චරිතයක්...(මොකද කොල්ලෙකුට වඩා කෙල්ලෙකුට මේවායින් ඇලවෙන ලේබල් වැඩියි).. සමහර කෙල්ලෝ මෙහෙම දෙයක් උනහම ජීවිතයටම ආයේ කොල්ලෙක් එක්ක යාලුවෙන්නේ නැහැ...සමහර කෙල්ලන්ට කොල්ලෝ ඇලජික් වෙනව..(තවත් සුලු කොටසකට මේ ඇලජික් එකට අමතරව කපල්ස් පේන්න බැරි ලෙඩක් හැදෙනව ..කපල් එකක් දැක්කොත් කඩන්නමයි හදන්නේ..)ජීවිතේ හැමවෙලාවෙම සාදාරන නැහැ..අපි අතින් වෙන වැරදි නැවත හදාගන්න ලැබෙන ඉඩ කඩ ඉතාමත් අඩුයි...එහෙම වුනත් සමහර සිද්ධි වලින් පසුබැහැල මුලුගැන්විලා ජීවිතේ විඳවනවට වඩා..අභියෝගවලට මුහුනදෙන එක තමයි ..ජීවිතේ විදින්න තියෙන හොඳම විදිහ..(මට හිතෙන විදිහට)
    අපට නීත්‍යානුකූලව බැඳීමක් තිබ්බත් කෙනෙකුගේ ආශාවන් හැගීම් පාලනය කරන්න ..අයිතියක් නැහැ කියලයි මට හිතෙන්නේ ..එහෙම වුනත් අපේ ජීවිතේ තවකෙනෙකුට කෙලිබඩුවක් කරගන්න ඉඩදෙන්න බැහැ..ගැහැනිය කියන්නේ පිරිමියා ඉදිරියේ අසරණ චරිතයක් කියල මම කවදාවත් හිතන්නේ නැහැ.. ආත්මාර්ථකාමී නරැමයෝ ටිකදෙනෙක් අපි අතරෙ ඉන්නව..හැබැයි හැම පිරිමියම එහෙම නැහැ..ගැහැණුන්ගෙත් හැම එකීම සුද්දවන්තියෝ කියල කියන්නත් බැහැ..ඔය කෙල්ලෝ හත අට එක්ක යාලුවෙලා පස්සේ අතහැරලා දාන කොල්ලන්ගේ කථාවල් ඇහුවොත් ..උන් සිරාවටම ලව් කරපු ..උන්ව රවට්ටල පස්සේ උන්ට බූට් එක තියපු කෙල්ලෙක් ගොඩක් උන්ට ඉදලා තියෙනව..ඒකට අනිත් කෙල්ලන්ව රවට්ටන එක සාධාරන නැතිවුනත් අරවගේ කෙල්ලෙක් මුල්වෙලා ඉන්නව..
    මේ වැල්වටාරම අස්සෙන් මට කියන්න ඕනවුනේ ඔයවගේ දේවල් ජීවිතයට බාදාවක් කරගන්නැතිව පුලුවන්නම් ආශිර්වාදයක් කරගන්න කියන එක..කොහොම වුනත් මේ බ්ලොග් එක අනිත් බ්ලොග් වලට වඩා වෙනස් එකක්...ඒ වෙනසට මම කැමතියි..විශේෂයෙන්ම බටර් නොගා කියන දේ කෙලින් කියන එකටත් එක්කම..

    අවසානයට ..පාසැල් පොතක තිබ්බ නිසදසක පද දෙකක් මතක් වෙනව..මේක මොන ශ්‍රේණියේ මොන පොතේ ,කව්රැ ලියපු එකක්ද කියල මතක නැහැ..හැබැයි මේකෙන් කියවෙන අර්ථය මගෙ හිතේ සෑහෙන්න කාවැදිල තියනව.....දුෂ්කරය කියා හැරයායුතුද ජීවිතය...කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස.....

    @නරකයා - කලු පසුබිමේ සුදු අකුරැ කියවන එක සමහර අයට ලොකු අපහසුවක් ඒ වෙලාවට ctrl + A ඔබල බලපන් සමහරවිට පහසුවක් වෙයි...මම නම් ඕනෙම වෙබ් පිටුවක අකුරැ ctrl + මවුස් වීල් එක කරකවල මට ඕන ගානට ලොකු කරගන්නව...කැමතිනම් අත්හදා බලපන්..

    ReplyDelete
  14. මම මෙහෙට ආවේ අද මේ පෝස්ට් එක කියවන්න අqඅස උනත් කියවන්නෙ නැතුවම යන්න වෙලා මොකද මේ ටෙම්ප්ලේට් එක කියවන්න බැහෑ ඇස් වලට හරිම අමාරුයි. නලල කැක්කුමයි. user friendly template දානවනම් හොදයි

    migara

    ReplyDelete
  15. I think black fonts in white background is more user friendly

    ReplyDelete
  16. විසි කරලා දැමිය යුතු ආදරේ....

    ආදරේ යනු ජීවිතේ කොටසක් මිස ජීවිතේ යනු ආදරේ කොටසක් නොවේය....

    ඕක තෙරුම් ගන්න දවස එනකන් බඩු බනිස්....

    ReplyDelete
  17. ටිකෙන් ටික ටිකෙන් ටික. Oba ආවද මේ තරම් දුර.. කටින් කට කටින් කට..ලෝකය දැනගෙන Obe ගැන... විටින් විට විටින් විට සමහරු Oba ගැන ගෙතු පද... එකක් හැර එකක් හැර ජයගත්තා අද Obe ලොව.... අම්මලාට දුන්නාදෝ කඳුළු කෝටියක්‌.... තාත්තලා හැන්ගුවාද මදුවිතෙහි දුකක්.... කොනක ඉඳන් බලන ඉන්නේ.යාළුවෝ කැලක්. පොත් මිටියත් මල් කළඹක් වුවා අද... ඔබේ දෑතේ.... රන් මුදුවක් දිදුලන දිනය වැඩි ඈතක නම් නොවේ සොයුරිය

    ReplyDelete
  18. මෙක හොඳයි සහෝ... එළ


    @නීල නේත්‍ර : සිරාවට ඒක මතක් උනේ නෑනෙ...

    ReplyDelete
  19. ඔය දෙ සිද්ද උන පලවැනියත් ඔයා නෙමෙ , අන්තිමයත් ඔයා නෙමෙ... යන අයට අමාරුවෙන් හරි යන්න දෙන්න .. ඉන්න අයව බලාගන්න.... වැඩි යමක් නැහැ.. හරිම සිම්පල ප්ලැන් එකක් ... තමන්ගෙ හිතට වද දීගන්න එපා...

    ReplyDelete
  20. @නරකයා ; දැන් හරිද? නැහැ මට හිතා ගන්න බහ තමා මේකට හරි යන ටෙම්පලේට් එකක් ගැන.

    @වැලිමැඬියා : ඕන දැන් හරිද අයුබෝන්

    @1stAno : we all are in the same boat.

    @ashen : මල්ලියෝ මට තරහ වෙන්න තරම් හේතුවක් නැහැ. මොකද මේ දේවල් උනේ මට 2008 දී එතකොට මට යන්තම් අවුරුදු 20 ක්. මගේ හිත හයියයි මව වට්ටන්න පුළුවන් උනේ එක කොල්ලෙක්ට විතරයි දැන් ඔයාට ඉගෙන ගන්න තියෙනවා නම් ඉගෙන ගන්න

    @මධුරංග : විශ්වාස කරන්න යේ හදන්න හිතක් මට නැහැ, අඩුව කියල කවුරුත් බලන්නේ නැහැ, අසරණ වෙලා ඉන්නකොට කොහෙට හරි ගිහින් තමන්ගේ ආශාවන් ඉෂ්ට කරා ගන්න හදනව මිසක් දැන් මව වට්ටන්න කාටවත් බැහැ. අනිත් දේ මෙච්චර හොද කියන්න එපා ඊලග පොස්ට් එකේදී මට බනිනවා කියල දන්නා හින්ද

    ReplyDelete
  21. ඔය ඉතින් නංගි/අක්කා මම් ගන හිතන විදිහ තමා.මම ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් දිහා මධ්‍යස්ථව හිතන්න උත්සහා කරන එකෙක් !!!

    මෙහෙම දෙයක් අහන්නද නංගි ? කවදා හරි ඔයාගේ ආශාවල් ඉස්ට කරලා දෙන්න කවුරුත් නැති උනදාට මොකද කරන්නේ ?
    මොකද ඔය ලස්සන ඔය රූපේ සදාකාලික නෑ හරිද !!! මතක තියා ගන්ඩ :)

    ReplyDelete
  22. මගේ පවුලෙත් ඔය දේට මුහුන දුන් කෙනෙක් ඉන්නවා.100%ක්ම.ඒත් එයා නම් සමාව දුන්නෙ නෑ.ඇනෝ කෙනෙක් විදිහට ඒ බව කියන්න හිතුවෙ ඒ දේට මුහුන දුන්නෙ මගේම අම්ම බව බ්ලොග් නමින් කියන්න බැරි නිසයි.වැරදි උන දෙන්නගෙන්ම.සැකය උඩුදුවල ඒක තවත් වැඩිපුර දැනුන.අන්තිමේ දෙන්න දෙපැත්තක.ජීවිතේ අවුරුදු 20ක් වත් සම්පූර්ණ නැති අපි ලමයි 3න් දෙනෙක් තනිවෙලා......... :((((

    ReplyDelete
  23. Man meka kiyewwa keepa parakma mokada mamat oya deta muna deela wadi dawasak na me mase mula. eyata man adare karanna aran awurudu 8k witara. hariyatama adre kiyala awrudu dekahamarai. Itin mat godak santhosen mata adare karanna kenek innawane kiyala wisawasaya kiyana eka hisa mudunenma tiygena wada karapu kenek mama. atta katakaranawanam eyalage ammala tattala lokuwata hithana kattiya. eth mama a dewal ganangatte na mokada a lamaya mat ekka scole yana kale idan adunana aya, ane balagattu athe balagena yanawa harima ahinsak widiyata. 10ta ganinna ba wage hitye ath eya 100 tama ganala man dannet na. wadiya ona na ape gamata meha gama. oya wagema thama matat danune me dewal serama unata passe ai eya mawa athe durin asrya kale kiyala. man hithuwa hadichcha kamata kiyala , mat itin katawat chater nowena widiyata bus eke unat katakale. ekama eka dawasai film 1k balanna giye. ekat eyama gihin issarahinma wadi una, hithaganna puluwanne. parawal gaene rasthiyadu una ewanam kiyanna bari tharam , mama enawa kiyalat cal karakiyalat eyata kalin man wenada enathnanta awillat meya mawa dala hora paren giya. man me kisideyak danagena neme adare karala tiyenne kotinma kiyanawanam mama rawatuna. awasanye mawa kohomahari maga dala giya, ekata hethuwak adatat mama danne na, attama kiyawanam mata eyagen adarayak danunet na, ath mama thaniyama adare kala adatat mama adarei. yaluwonam ahannet na kiyanawata kamatit na. antimata hoyala baladdi danune mata a taram salli bage nathi hinda anit eka eka laga game ne. eya mawa athe durin asraya kale hodata plan karala kiyala dan thama hithana kota terenne .
    matat hoda car ekak tibunanam softwareengineer kenek hari unanam mawa eya bandi.bande nathi unat gedaratawat kiyala balai,

    kiyawanakota hitenawa ati kellekda kollekda kiyala mama kollek. lajja na kiyanna mokada dannawada kello kiyana de mata hirikitha jatiyak kiyala mata pennala dunna eya.

    man eyawa hoyanawa istuti karanna.

    oyata kollekgen ehema deyak una. mata kellekgen ehema deyak une. eka hinda hama kollek ganama kenthiyen katakaranna epa.

    mata antimata eka deyak teruna onama kellek idi adarei kiya kiya salli sapai tiyanawanam.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. කෝ ඉතුරු ටික.. ඔයා ගැලවුනා කියලා හිතන්න

    ReplyDelete
  26. මම හිතනවා මේක ඇත්තම කථාවක් කියලා.
    මට නම් තේරෙන්නෑ මේ ලෝකෙ ස්වභාව ධර්මයෙන් කොහොම හැදුවද කියලා.
    ඔයාට මේ දේ වෙන කොට ඒකම අනික් පැත්තට වෙන අයත් මේ ලෝකේ ඉන්නවා.
    කැමතිනම් ලිපියත් කියවලා බලන්නකෝ

    http://lahirucc.wordpress.com/2011/12/16/

    ReplyDelete
  27. @ShiraN - SL

    ස්තූතියි මගේ කතාවත් මෙතන සඳහන් කළාට..

    මම කලින් දිනකත් වෛශ්‍යාවක් නොවේට කියලා ඇති ඔබ මේ කරන දේ ගැන.. මේ සමාජයේ කාටවත් සාකච්ඡා කරලා හදන්න උවමනාවක් නෑ.. මොකද වැරැද්ද නොකරන එවුන් දන්නේ නෑ.. කරන එවුන් ආසයි ඒ වැරදි දිගටම කරන්න... කරුමේ නම් ඔය වරඩට ලක්වෙන උන්ටත් ඔය ආසාවම ඇතිවෙන එක.. ඒතරම් කාලකණ්නිකමක් මේ රට වෙළාගෙන තියෙන්නේ..

    ඔබ මේ එඩිතරව යන ගමනට සුබ පතනවා. අඩු ගණනේ බ්ලොග් පාඨකයින්ගෙන් කීපදෙනෙක්වත් ඔබව අවබෝධකරගනීවි. එහෙම නොහිත "මෙන්න මචන් එළ බඩුවක්. මේකට අනින්න ඕන" කියල හිතන එවුන් කවදා හරි පාඩමක් ඉගෙනගනියි...

    ReplyDelete
  28. ආදරේ අන්ධයි,,, අත්දැකීම් සහිතයි.

    ReplyDelete
  29. ඔයා කෙල්ලෙක් වෙලයි ඔයාට ඔය දේවල් උනේ. මම කොල්ලෙක් වෙලයි මට ඔහොම උනේ. අපි යාලුවෙලා අවුරුද්ද්කට වඩා ගෙවිලා ගියාට මාව හම්බෙන 1වත් එයාට වැදගත් දේවල් නෙමෙයි. ඔයා 1 පාරක් හරි ෆිල්ම් 1ක් බලන්න ගියා. මම එහෙමවත් ගිහින් නෑ

    ReplyDelete
  30. ඔයා කෙල්ලෙක් වෙලයි ඔයාට ඔය දේවල් උනේ. මම කොල්ලෙක් වෙලයි මට ඔහොම උනේ. අපි යාලුවෙලා අවුරුද්ද්කට වඩා ගෙවිලා ගියාට මාව හම්බෙන 1වත් එයාට වැදගත් දේවල් නෙමෙයි. ඔයා 1 පාරක් හරි ෆිල්ම් 1ක් බලන්න ගියා. මම එහෙමවත් ගිහින් නෑ

    ReplyDelete
  31. හොඳයි... මිනිස්සු තමන්ගෙ ජීවිතේ වටිනාකමින් වැඩි ගොඩක්ම දේවල් ඉගෙනගන්නෙ තමන්ට වරදින දේවල් වලින්.... මංද මම නම් එහෙමයි. හැබැයි තව දුරටත් වරද තේරුම් අරන් ඒක නැවත නොවෙන්න වග බලාගන්නෙ නැත්නම් ඒක මෝඩකම.... අනේ මංද ඕන්....
    ඕව කිවුව කියල මයෙ එක්ක රණ්ඩු වෙන්න එහෙම එපා ඕන්...
    :D

    ReplyDelete