Friday, December 9, 2011

මට හිතෙන දේවල්

මිනිස්සු කියනවා ආදරය කියන්නේ ***** නෙමේලු, පිවිතුරු රෙද්දට නැහැ නැහැ වැරදුනා පිවිතුරු ආදරේට ****ත්වය ගාවන්න බැහැලු. රෙද්ද එහනම් ගංගාරාමේ, ගෝල්ෆේස් එකේ ගල් මුල් අස්සේ, වල් පදුරු අස්සේ, කාමර අස්සේ, පෙට්ටි අස්සේ, පෝය දවසේ, නිවාඩු දවසේ, අනේ මන්ද ඉරිදා, සෙනසුරාදා, සතියේ හැම දවසෙම දවල්ට, රෑට උදේට, ජෝඩු ජෝඩු මක් කරනවද? හරි හරි මතක් උනා. අනාගතේ සැලසුම් කරනවා. කසාද බදින්න කලින් කොච්චර දේවල් කරන්න තියෙනවද? හිතන්න තියෙනවද? එත් එහෙනම් මොකටද හතර වටේ ආරක්ෂක කොපු, රෝසමල් තුන ගානේ වැටිලා. මටනම් තේරෙන්නෙම නැහැ. 

******************************************************

කෙල්ලෙකු කොල්ලෙක්ටයි යාලු වෙන්න පුළුවන්, අරෙහෙ මෙහෙ යන්නත් පුළුවන් ගෙදර එන්නත් පුඋවන් හරි කමක් නැහැ. එත් මට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. කෙල්ලෙක්ට බඳින්නේ නැතිව ළමයෙක් හම්බ උනොත් එකී වල්කමේ ගිහින් එහෙම නැත්තම් දාන්ගලේට, අමාරුව හැදිලා , ගෙදරිනුත් එලවනවා, තවනම් දාහක් දේවල්. ඉතින් ඔය ගැණු ලමයටම කසාද බැදල කියක් හරි වියදම් කරලා හොද හොටෙල් කාමරේක හනි මුන් එකේදී හම්බෙන ළමය බලන්න යන්නෙත් ආඩම්බරෙන්, පාවඩ දල තමා ගෙට ගන්නේ. එතකොට අර විදිහයි මේ විදිහයි වෙනස් වෙන්නේ කොහොමද? ළමය හම්බෙන්නෙත් එක තැනිනම් ඔය සිද්ද වෙන දේවල් වෙනසකුත් නැත්තම් ඔකේ ඇති වැරැද්ද මොකක්ද? වෙනස මං කියන්නම් කලින් ළමය හදා ගත්තේ හොරෙන් තමන් ගේ පාඩුවේ උපරිම උනොත් රුපියල් දාහක් වියදම් කරලා. එත් දෙවනියට එහෙම නෙමේ මන් හනිමුන් යනවා කියල බෙර ගහල ලක්ෂ ගානක් වියදම් කරලා එකයි වෙනස වටේටම කන්න දීල බොන්න දීලනේ. මුන්ගේ බඩචාරී කමට කන්න දුන්නම කටවලුත් වැහිලා ....

දැනට මට මේ කියන දෙකම තේරෙන්නේ නැහැ එකම දේ දෙවිදිහකට කරාම ප්‍රතිපලය එකනම්,  එක විදිහක් වරදින්නේ කොහොමද කියල. මාර ප්‍රශ්නේ උසස්පෙළ කලේ ඉගැන්නුවේ මුලධර්මය මොනවා උනත් උත්තරේ හරියට එනවනම්  හරි කියල, කෙටි ක්‍රමම පාවිච්චි කරා. ඇඩෙනවා අප්පා ඉස්කෝලේ උගන්නපුව ඔක්කොම වැරදි වගේ එලියට ආවාම.

******************************************************




      

28 comments:

  1. විවාහය කියන්නෙ හනිමුන් එකට යෑම කියලමද හිතන්නෙ ? O_O

    ඔයා ඉන්නෙ ලිංගිකත්වය හෙන මාතෘකාවක් කියන මානසිකත්වයකින්..!

    ReplyDelete
  2. වැරදිලා. නැහැ මෙතන මං කියන්න යන එක ඔයාට තේරිලා නැහැ

    ReplyDelete
  3. ලිංගිකත්වය යනු විවාහ ජීවිතයක එක් අංගයක් පමණි....

    බනියාගෙ පළමු කමෙන්‍ටුවට මමත් එකඟයි.

    ReplyDelete
  4. ඔතන බඳින්නෙ නැතුව හම්බුවෙන ළමයින්ට වෙනස් විදියට සලකන එකට මමත් විරුද්ධයි. ඒක මහ කුහක කමක්!

    ReplyDelete
  5. වැරදිලා නැ..
    ඔයා කියන්නෙ කෙල්ලෙක් රටට අඩබෙර ගහන්නෙ නැතිව ගිහින් බබෙක් ලැබෙන්න ඉන්න එකයි
    රටට අඩබෙර ගහලා බබෙක් ලැබෙන්න ඉන්න එකයි අතර වෙනසනේ..

    නැ මං කියන්නෙ විවාහය කියන්නෙ ඒකම නෙවෙයි කියලා..
    ලිපියට අදාලද නැද්ද මං දන්නැ ඒක වෙනම කතාවක්..!

    ReplyDelete
  6. @Bunny මට මෙතන විවාහය හරි වෙන එකක් හරි උලුප්පන්න ඕනේ උනේ නැහැ මට ඕනේ උනේ ඔය මොක උනත් හම්බෙන ළමය ගැනයි මං කතා කරන්නේ. නීතියෙන් නොබදිල හම්බවෙන ළමයෙක් හදා ගන්න බැරි ව කෙල්ලෙක්ට සමාජයෙන් අහන්න වෙන දේවල් ගැන මං උලුප්පන්න හදන්නේ. එහෙම නැතුව වෙන දෙයක් පේනවනම් එක බලන කෙනා දකින කෝණය අනුව වෙනස් වෙනවා

    ReplyDelete
  7. රාමුවෙන් පිට පනින,තරුණ ජීවිත...තවම ප්‍රශ්න කරන්නේ බොහොම ටික දෙනය්.එත් රීති තිබෙන එක හුඟක් අයට පහසුවක් වෙය්.ඒ කියන්නේ ඉස්කෝලේ අපිට කියල දුන්නේ නැතත් අපිට ගුරුවරු ඉගැන්වුවේ නීතිය හෝ රීතිය අනුව උත්තරය පෙන්වන්න කියල.මොකද අපි උත්තරය දැනගෙන ඉන්න පුළුවන් එත් ඔය ප්‍රශ්නය දිහා බලන කෙනා "උත්තරය දුන්නේ මෙහෙමය්" කියල තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕන නිසා අපිට එක පාරට උත්තරේ ලියන්න බැහැ .විබහගෙට උත්තරේ විතරක් ලියල හරි යන්නේ නැහැ .එක අපි කොපි කරේ නෑ කියල බලන කෙනාට තේරුම් යන්නත් ඕන නේ
    .ජීවිතෙත් එහෙමය් අපිට ළමයෙක් හදන එක පොඩි දෙයක් කියල හිතෙන්න පුළුවන් එත් ඒ ළමය පිට මිනිහෙකුගේ කියල හරි නැත්තම් වෙනත් තේරුමක් හරි ....,කියල කියන්න බැරි නෑ නේ.ඉතින් එහෙම කියල අපිට ඔක්කොම ඉස්සරහ ඕක කොරන්නත් බැහැ නේ?? .පොඩ්ඩක් හිතන්න.
    ඔයා ඔය කියන තර්කයට ගියොත් අපිට ඔය හැංගිලා කරන ඔක්කොම එළිපිට කරන්නත් පුළුවන් නේ ද ?.අනික විරුද්ධ පැත්ත අපිට බැන්දට පස්සේ ඕන නම් තව ගෑනියෙකුත්/පිරිමියෙකුත් එක්ක නිදාගන්නත් පුළුවන් නේ..?එහෙම කියාගෙන ගියොත් අපිට ඕන දෙයක් ඕන වෙලාවක කරන්න පුළුවන් නේ.
    ඔයා ගැන හිතන්න,ඔයා ඔයා යන පාර වැරදිය්.කරුණා කරලා ඔයාගේ යාලුවෝ ගෙන් පරිස්සම් වෙන්න.පොත් කියවන්න.මනුස්ස කම ,ආදරය ,බැදීම් ,වගකීම් ,සමාජයට විය යුතු දේ ගැන කියවන්න .ජීවිතයෙන් තවත් ජීවිතයක් ආලෝකමත් කරන්න .තමන්ට වැරදුනාට කමක් නැහැ අනුන්ට වැරදි දේ දෙන්න එපා.ඔයා ඔයා අදහස් කරන දේ ඉස්සරහට ඔයාගේ දුව/නංගි/අක්ක කරොත් ඔයාට කොච්චර නම් දුක හිතෙය්ද?
    ඔයා කියන දේ ගැන බය වෙන්න එපා .හරි දේ කෙලින් කියන්න, එත් ඒ කියන දේ හරිද කියල දෙපාරක් හිතන්න.ඔයාගේ හිත හරි අවංකය් එක නිසාම ඔයාට අනාගතයේදී හරි යන්න පුළුවන් .තාවකාලික දුකක් නිසා ජීවිතේ හදවත අමතක කරන්න එපා....D:

    ReplyDelete
  8. මේක කියවන කොට මේ මම ලියන්ඩ හිටපු බ්ලොග් එක නේද කියලා හිතුනා.මම මගේ බ්ලොග් එක නැවැත්තුවා.මොකද මට ඕනේ දේවල් ලියන්ඩ තියන නිදහස සීමා වුනු හින්දා.මගේ අනන්යතාවය(අකුරු වැරදියි ) සමග බ්ලොග් එක පටන් ගත්තු නිසා.තමන් කවුද කියන එක කවදාවත් හෙලි කරන්ඩ එපා.මොකද මේ සමාජය ඔයා මම වගේ අය පිලිගන්න තාම සුදානම් නැති නිසා.මම පාවිච්චි කරන භාශාව හින්දත් හුඟ දෙනෙක් හිතුවා මං කොල්ලෙක් කියලා.කොටින්ම ලංකාවේ බහුතරය අපි වගේ දමලා ගහලා ඇත්ත කතා කරන කෙල්ලොන්ට කැමති නැ.ඔයා බනියගෙ කොමෙන්ට් එක දකින්න ඇතිනේ.ලංකාවේ කොල්ලෝ හුඟක් කැමතියි කෙල්ලෝ අහින්සක විදිහට කොමලෙට කතා කරනවට.සමහර වෙලාවට මං කල්පනා කරන්නේ එහෙම අයත් එක්ක තමන්ගේ පුරුශබාවය රැකගන්න ලෙසි නිසාද දන්නේ නැ.භාශාවට බනියි.කියන දේවල් වලට බනියි.කොල්ලෙක් කියලා සැක කරයි.ඒත් සැලෙන්න එපා.දිගටම ලියන්න.මොකද මේක ඔයාගේ වගේම මගෙත් හඬ නිසා....

    ප.ලි-හැබැයි මට ඔයාට වගේ දුක්බර ප්‍රේම කතාවක් නැ.දැන්නම් ප්‍රේමයකුත් නැ.මේ ඔයා මම වගේ හිතන කෙල්ලොන්ව ලංකාවේ සමාජයට දිරවන්නේත් නැ.එ හින්දා දැං නම් ප්‍රේමය ගැන බලාපොරොත්තුවකුත් නැ.තනියම ඉන්න එක ඇඟට ගුනයි.කොච්චර කරත් මම නොවෙන කෙනෙක් කියන්නේ වෙනම චරිතයක්.තනියම ජීවත් වෙනකොට දුක අඩුයි.තනිකම විතරයි.ඒක දරාගත්තොත් ගොඩ තමයි.මිනිස්සු හිතන්නේ මෙහෙම කතා කරන්නේ ජිවන අත්දකීම් නිසා කියලා.ඒත් මගේ නං උපතින්ම චින්තනේම මෙහෙමද කොහෙදෝ.ඒකට මට කරන්ඩ දෙයක් නැ.

    ReplyDelete
  9. @ තරිඳුhw122 - මම මේ කරන්නේ අදාල දෙයක් නෙවෙයි.ඒත්...
    මං හිතනවා බ්ලොග් අයිතිකාරිය අදහස් කරන්නේ නොබැඳ ලමයෙක් හදාගන්න ඕනේ කියලා නෙවෙයි.එහෙම උනොත් ඒ ලමයට නින්දා නොකර ඒ ලමයටත් අර නිවැරදි විදිහට(යැයි සමාජය විසින් පිලිගන්නා) හැදුන ලමයට දෙන සැලකීමම දෙන්න බැරි ඇයි කියලා.

    ජය්යා මාමා මෙහෙම සිද්දියක් ගැන - තාත්තා කෙනෙක් නැති ලමයෙක්ට රස්සාවක් දෙන්ඩ ගිහින් ලොක්කෙක් කරපු බලු වැඩක් ගැන ලියලා තිබ්බා.ඒ වගේ දේවල් කරන්නේ ඇයි කියන එක බ්ලොග්කාරිය අදහස් කරා කියලා මම හිතනවා.

    ReplyDelete
  10. http://lankapriyagesithivili.blogspot.com/2011_09_01_archive.html

    ReplyDelete
  11. මම විවේචනය කරන්නේ නැහැ ,මට පෙන දේ කියනවා ,මෙහෙම වෙන්න පුළුවන් කියල තර්කය දිගහරිනවා.හරිද වැරදිද කියන එක කියවන අයගේ නිදහස.
    එත් ඔයා ඔය කියන දේ ඇත්ත .ඔයා කියන ළමයාගේ අනාගතය ගැන තියා දැන් බලන්න කෝ ඉස්කෝලෙකට දාන්නත් ළමයාගේ පාට,පක්ෂය,මුදල් පසුබිම් ...වගේ දේවල් ගොඩක් බලනවා.ඉතින් සාමාන්‍ය කෙනෙකුට හැම තැනින්ම පීඩනය එන එක ලංකාවේ තියෙන දෙයක් තමා.අපි හදන්න පුළුවන් තැනින් කතාකරන්න ගත්තොත් එතන නිවැරදි වෙන්න වෙන්න, අපිට රාමුව ගැනත්,එහි තිබෙන අඩුපාඩු ගැනත් කතා කරන්න පුළුවන්.නිවැරදි රාමුවක් නැතිව තියෙන රටේ,මෙව්වට විසදුම් දෙන්න යන ඔයත් මමත් අමාරුවේ.(අපිව ඉත්තෝ කරන්න හුඟක් අය බලන් ඉන්න නිසා).අපි කුඩාවට මේ දවල් විසඳුවොත් ඔන්න එදාට අපි/පුංචි මිනිස්සු දිනුම්.ලොකු එවුන්ගේ ලොකු මොළ එක්ක,ලොකු සල්ලි එක්ක අපිට හැප්පෙන්න බෑ සහෝ..

    ReplyDelete
  12. ලිංගිකත්වය කියලා කියන්නේ විවාහයේ එක පැත්තක් විතරයි. ඒක හරියට පොතක එක පරිඡ්චේදයක් වගේ. මිනිස්සු ගොඩක් දෙනෙක් ඔය පරිඡ්චේදය ලොකු කරගෙන කෑ ගහනවා. මට නම් කියන්න තියෙන්නේ දවසේ පැය විසි හතරම රෑ වෙලා තියෙන්නේ නෑ කියලා. උදේ වෙනවා දවල් වෙනවා.

    තව දෙයක් කියන්නම්. දෙන්නගේ කැමැත්තෙන්ම මේ දේවල් සිද්ධ වෙනවා නම් ඊට පස්සේ විඳින්න වෙන දේවලුත් දෙන්නම් එක විදිහට බාර ගන්න ඕනා.

    ReplyDelete
  13. @ මදුරංග , බනී , විසිතුරු :- නෑ... විවාහය 100 % ලිංගික පදනමක් මත ගොඩ නැගුනු සම්බන්දයක්.. බැදීමක්... මිනිසා තමනගෙ ලිංගික ක්‍රියාවලිය ශීෂඨ කියන තැනට ගෙනියන්න කරණ " පුරුද්දක් "

    එච්චරයි.....!!!

    ReplyDelete
  14. @ Malya එකගයි ඔබේ කතාවලට..... ජයවේවා... !!!

    ReplyDelete
  15. කොහෙන් පටන්ගන්නද මන්ද?...
    ...අපේ ලංකාවේ ගොඩක් උන්ට තාම..ලිංගිකත්වයෙයි , ප්‍රේමයෙයි වෙනස අඳුනගන්න බැහැ..ගොඩක් එවුන් හිතන්නේ ආදරයයි,ලිංගිකත්වයයි දෙකම එකට යන දෙයක් කියල... තවත් සමහරැන්ට සෙක්ස් කරන්න බදින්නම ඕනෙ.(යකෝ ආදරය කරන්න බඳින්න ඕනෙ නැත්නම් සෙක්ස් කරන්නත් බඳින්න ඕනෙත් නැහැ..)
    ..ආදරය කරන්න සෙක්ස් අවශ්‍යත් නැහැ...සෙක්ස් වලට ආදරය අවශ්‍යත් නැහැ...බඳිනවයි කියල ජීවිත කාලෙටම තමන්ගේ ලිංගේන්ද්‍රය තව කාට හරි සින්නක්කරව ලියලදෙන්න ඕනෙද? මට නම් එහෙම හිතෙන්නේ නැහැ..කොල්ලෙකුයි කෙල්ලෙකුයි බදින්නැතිව දිගටම ආශ්‍රය කරනගමන් කෙල්ලට ළමයෙක් හදන්න ඕනෙනම් ඒකිට ඒකට නිදහස තියෙන්න ඕනේ..(කොල්ල උපපැන්නෙට නම දුන්නත් නැතත්) කෙල්ලෙක් වුනහම බඳින්නම ඕනෙ කියල නියමයක් නැහැ..ඒ වගේම බැන්ඳෙනැහැයි කියල කුමරි බඹසර රකින්න ඕනෙ කියල නියමයකුත් නැහැ...ඒක තමුන්ගේ චින්තනය,නිදහස...
    ....මගුල් පෝරැව,සුදු පිරිවට,දෙවනිගමන,ඉසදිය....සංස්කෘතිය වුනත් නැතත් මට නම් මේව මහ විකාර...
    ..මේ මම හිතන හැටි සමහරැන්ටනම් මේව ගොඩක් දිරවන්නේ නැති වෙන්න පුලුවන්...සංස්කෘතික රාමුවලින් ගතානු ගතිකත්වයන් මිදෙන්න තව ලංකාවට කොච්චර කල් යයිද කියල නම් මම දන්නේ නැහැ...හැබැයි කවද හරි ඒක වෙයි...එතකන් ඉවසපන් සහෝදරී..

    ReplyDelete
  16. සංස්කෘතික රාමු ගතානුගතික සංකල්ප!!! ගෑණුන්ට විතරද?

    ReplyDelete
  17. ඌප්ස්......! නියම මාතෘකාවක්. කොහෙන් පටන් ගන්නද මන්ද.ආදරය හා ලිංගිකත්වය දෙකක් කියල පිලිගන්නව.ඒ වගේම විවාහය ලිංගිකත්වයම නෙවෙයි. හැබැයි වත්මන් සමාජ රාමුව ඇතුලෙ මේ කරුණු දෙකම පැහැදිලි තර්ජනයකට ලක් වෙනව. මොකද විවාහය ගත්තම විවාහය කියන සිදුවීම පැහැදිලිවම නිර්මාණය වෙලාතියෙන්නෙ ලිංගික අර්ථයක් වට කරගෙන.ඉන් පස්සෙ ඒ බන්දනයේ ජීවත් වීමේදී නම් ලිංගිකත්වය කියන එක එක අංගයක් විතරයි කියලයි මට හි‍තෙන්නෙ.පොඩි මෑන් කිව්ව හරි.විවාහය කියන චාරිත්‍රමය සිදුවීම පැහැදිලිවම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය කියන කාරණය වට කරගෙන.එහෙම නැතිනම් අපට ලිවිං ටුගෙදර් සංස්කෘතියක් වුනත් පිළිගන්නට පුළුවන්. නමුත් දැනටත් අපි ඉන්න සමාජය ලිවිංටුගෙදර් වගේ සංකල්පයනට පයින් ගහනවනේ.ආදරයත් ලිංගිකත්වයත් දැක් තමයි හැබැයි ඒකත් ලිංගිකත්වය අයින් කරල කතාකරන්න බැහැ.නැතිනම් සමලිංගිකත්වයත් පිළිගන්න ඕන නේද.එහෙම කියන පාරිශුද්ධ ආදරයට වයස් භේදයක් නැතිවෙන්න ඕන ලිංග භේදයක් නැතිවෙන්න ඕන.බ්ලොග් කාරි කියනදේ ලොකු දෙයක් තියෙනව. ඇත්ත. එතන පැහැදිලි ගැටළුවක් තියෙනව නමුත් මේ සමාජ රාමුව තමයි ඒකට මූලික හේතුව. සමාජය තත්වය ගෞරවය පවුල් අභිමානය වගේ වචන එකතු වුනාම ‍මේ ගැටළුව පැනනගිනව. සහෝදරී අපි කොම කිව්වත් ඉන්නෙ රාමුවක් ඇතුලෙ. මේ රාමුව ඇතුලෙ ඉන්නකන් අපිට කතාකරන්න මිසක් රැඩිකල් වෙන්න ඉඩදෙන්නෙ නෑ. රාමුවක් හදන්න රාමුවක් බිදින්න වෙනව.ප්‍රශ්නෙ තියෙන්නෙ ඒකට අපිට ශක්තිය තියෙනවද නැද්ද කියන කාරණයත් එක්කල.මම කිව්වෙ මට තේරෙන විදිහට වරදින්නත් පුළුවන්.බ්ලොග් කරුට ජය!

    ReplyDelete
  18. මොනවද ***** වලින් කියන්නේ....??

    කතන්දරකාරයා දවසක් කීවා වගේ මේක හනිපොට් එකක්... :ඩී

    ඔය ප‍්‍රශ්නෙනම් ලංකාවට විතරක් තියෙන සීන් එකක් නෙවෙයි... ඒඋණාට රෙඩා පොට් උණාම (queen covered) ඉත්තො වලට දාන්න ලේසිනෙ.... ඉතිං ගෑනු මනුස්සයාට ආරක්ෂාවක් නෑ... ඒ නිසා වෙන්න ඇති සමාජය ඔය වගේ ගෑණු උදවිය දිහා අමුතුවෙන් බලන්නෙ..

    ReplyDelete
  19. කියවන්න ආස හිතෙන බ්ලොග් එකක්....අපේ මිනිස්සුන්ගෙ විකාර....!

    ReplyDelete
  20. ඔච්චර කලබළ වෙලා දඟලලා අමාරුවේ වැටෙන්න එපා.
    ඔබ වෛශ්‍යාවක් "වෙන්න හදනව" වගෙයි මට පෙනෙන්නෙ. මේ කෙහෙම්මල් ලිංගික කාරණා කීපයක් ගැන දැන් කී දවසක් ලිව්වද?

    සියල්ලම ලිංගිකත්වයට යටත් කියල හිතන එකත් මානසික ලෙඩක්. (ඒ ලෙඩේ ෆ්රො‍යිඩ්ගේ සිට හඳගම දක්වා අයට ටික ටික වගේ තියෙනව.)
    සුදත්

    ReplyDelete
  21. විවාහය කියන්නෙ මිනිසාගේ මූලික අවශ්ය තාවයක් රාජ්ය යට ගැටගහන්න අටවපු උගුලක්.
    ඔය පිවිතුරු රෙද්ද පෞද්ගලික දෙයක්. ඒ කියන්නෙ පිවිතුරු කොල්ලෙකුට අයිතියක් තියෙනව තමන් එක්ක එකට ජීවත් වෙන්න ලෑස්ති වෙන කෙල්ලගෙ පිවිතුරුබව බලාපොරොත්තු වෙන්න. අනිත් පැත්තත් එහෙමයි. පිවිතුරුබව චෙක් කරන මෙතඩ් එක නං අප්සෙට් තමයි. ඒත් වෙන සිස්ටම් එකක් ඒ කාලෙ හොයාගෙන තිබුනෙ නෑ.
    වැදගත් වෙන්නෙ හිතේ පිවිතුරුකම මිසක් පෙට්ටිය කැඩිලද කියන එක නෙවෙයි. (මගෙ පෙට්ටිය කැඩුන අහවල් වෙලාවෙදි කියල කියන කෙල්ලත් පිවිතුරුයි).
    හැබැයි මෙහෙම කේස් එකක් තියෙනව.
    සමහර අයට කායික සංසර්ගයේදී මානසික බැඳීමක් ඇති වෙනව. මාතා හාරි ගැන අහල තියනව ඇති නේද? එතකොට වෙනත් කෙනෙක් එක්ක ලිංගිකව හැසිරුණු කෙනෙක් තමන්ට වඩා අනිත් එකාට ආදරේ කරාවි කියන සාධාරණ සැකය මිනිහෙකුට ඇති වෙන්න පුළුවන්. ඉසේ කෙස් ගානෙ බඩු ගහපු එවුන්ට නං එහෙම මානසික බැඳීම් ඇති වෙන්නෙ නෑ.
    මේ බ්ලොග් එක රස කර කර කියව කියව හිටියට වැඩක් නෑ. සමහර විට මේකට ආශිර්වාද කරන්නෙ හිතේ ආසාව තිබුනට කරන්න බය කුහක හිත් නිසා වෙන්නත් පුළුවන්. ආසාව තිබුනට කරන්න හොඳ නෑ තමයි. ඒත් හොඳට හිතල බලල වැරදියි කියල හිතෙනවනං ආසාව අමතක කරල දාන්න. මිනිස්සුන්ට ඒක කරන්න පුළුවනි. සත්තුන්ට බෑ.
    SM

    ReplyDelete
  22. කෙටිම උත්තරයක් තියෙන්නෙ. ලොකු වචන වලින් කිවුවොත් සමාජ ක්‍රමයෙ වැ‍රැද්ද, ඔක්කොටම තේරෙන සිංහලෙන් කිවුවොත් අපේ උන් හිතන ක්‍රමේ වැ‍රැද්ද තමා ඔය හැඳි දෙකකින් බෙදිල්ලට හේතුව.

    සින්ගල් මදර් තියා ඩිවෝස් ගෑනු කෙනෙක්ට පාඩුවෙ ඉන්න දෙන එවුන් ඉන්න රටක්ද මේ?

    ReplyDelete
  23. ඇත්තටම ගොඩක් දෙනා අද විවාහය දකින්නේ ඔයා ****** කිව්වා දේ කරන්න දෙන ලයිසන් එකක් විදියට විතරයි. හැබැයි සුළුතරයක් ඒකෙ ඊට එහා ගිය යමක් දකිනවා. වාහන එලවන්න පුළුවන් උනාට ලයිසන් නැතුව ගියොත් දඩ ගනවනනේ. ඒවගේ තමා මන් හිතන්නේ මේකත්. පිරිමි කොච්චර වෛශ්‍යාකමේ ගිහිල්ල ගෑනු කීයක් pregnant උනත් අන්තිමට මිනිහ දිහා කව්රුත් ඇදේට බලන්නේ නෑ, අර ගෑනු පස් දෙනා දිහා තමා මිනිස්සු අමුතු විදිහට බලන්නේ. මොකෝ ළමයි ඉතුරුවෙන්නේ ගෑනු ළඟ මිසක් මිනිස්සු ළඟ නෙමේ නේ. සමාජයේ හැටි තමා ඉතින්. පිතෘ මූලික සමාජයක රාමු අඳින්නේ පිරිමි මිසක් ගෑනු නෙවේනේ. ඉස්ලාම් රටවල වගේ නැතුව මේ විදියට වත් තියෙන එක ගැන සතුටු වෙනවා ඇරෙන්න වෙන මක් කරන්නද?

    ReplyDelete
  24. ප්‍රේමය රාගයෙන් තොර උනා නම් මිනිස් සංහතිය මිහි මතින් වඳ වෙලා ගොඩක් කල්.....:D මට නම් බැදලා ගැහුවත් එකයි ගහල බැන්දත් එකයි, නොබැන්දත් එකයි....ඒක තනිකරම අදාළ පාර්ශව වල පුද්ගලික කැමැත්ත සහ නිදහස..... හැබැයි සොහොදරී අම්මෙක් අප්පෙක් නැති පොඩි එකෙක්ට අවජාතකය නොකියන තැනට මේ සමාජේ හැඩගැහෙනකම් බැදල ගහන එක තමයි නුවණට හුරු....

    ReplyDelete
  25. තමන්ගේ පාඩුවේ ඉන්නේ නැතුව අනිත් මිනිස්සුන්ගේ මගුල් හොයන නිසා තමයි මෙහෙම වෙන්නේ. ගොඩ අය ඉන්නේ හරි සුචරිතවාදීන් වගේ. ඒ උනාට අනුන්ගේ වැරදි මයි හොයන්නේ.
    ළමය ඉපදෙනකොට තාත්තෙක් නොහිටිය එකට ළමය මොනා කරන්ටද?
    අනිත් එක ළමයාගේ අම්මට හොඳ නම්, අපිට මොකද?

    මෙහෙම දේවල් හැදිලා තියෙන්නේ සමහර විට ඉස්සර ගැණු කෙනෙක්ට තාත්ත කෙනෙක් නැතිව ළමයි හම්බුනොත් ඒ ළමයාට කන්න අඳින්න දෙන එකේ ප්‍රශ්නයක් තිබුනනේ. එතකොට එකෙන් ගැහැණියට තමා දුක් විඳින්න වෙන්නේ. ඒකෙන් ගැණු අයගේ ආරක්ශාවටම මේ වගේ සිරිත් ඇති වෙන්න ඇති. නමුත් දැන් ඕවා ගැලපෙන්නේ නැහැනේ.

    නමුත් මෙහෙම එකක් නම් තියෙනවා. ලිංගිකත්වය කියන්නේ ගොඩක් පුද්ගලික දෙයක්. එකේදී ලොකු වගකීමකුත් තියෙනවා. ඔලුව පාවිච්චි කරන්ට ඕනේ. මේ වගකීම දරන්ට බැරි නම් ලිංගිකත්වයේ ආශ්වාදය විතරක් විඳින්න යාම මෝඩ කමක්. නමුත් අවාසනාවකට අපේ ළමයින්ට ලිංගික අධ්‍යාපනයක් හම්බුවෙන්නේ නැහැ.

    ReplyDelete
  26. දෙය්යනේ raincoat එකක් පාවිච්චි කරනම් ඔය කිසි ප්‍රස්නයක් නැනේ.. කට්ටියට මොලේ වැඩි එක හින්ද සරලව හිතන්න අමාරුයි lol!

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. හැ‍මෝම ආදරය කරන්නෙ ලිංගිකත්වය නිසා තමයි. සමහරු ඒක කියන්න ලැජ්ජයි සමහරුන්ට ඒක තේරෙන්නෙ නෑ. කැත ගැණියෙක් හොයාගන්නෙ නැතිව ටිකක් හිතට අල්ලන ගෑණියෙක් හොයාගන්නෙ ඒකනෙ.

    ReplyDelete