Wednesday, December 14, 2011

ගල් මුල් සහිතව මෙතෙක් ආ දුර

පොඩ්ඩක් බ්ලොග් එක ගැන ලියන්න හිතුන පහුගිය දවස් ටිකේ මුකුත් ලිව්වේ නැති හින්ද. හප්පේ දාපු සමහර කමෙන්ට් වලට නම් මට හිතුන කලන්තේ දාල වැටෙයි කියල. සමහරු කියල තිබ්බ කියල මං වෛශ්‍යාවක් වෙන්න හදනවා කියල කමක් නැහැ මං මේ බ්ලොග් එක ලියන්න ගත්තේ ඔය දේවල් දැන ගෙන තමා. ඕව අහන්න ලෑස්ති වෙලා එත් මේක ලියන්න අත හිත දීපු කෙනෙක් ඉන්නවා ඒ කෙනාව මතක් කරන්න හිතුන ඒ තමා පොඩි මෑන්


අදට බ්ලොග් එක පටන් අරන් මාසයයි දවස් 14 යි. ඇත්තම කිව්වොත් මං ලියන්න දන්නෙ නැහැ. තාම දැම්මේ පොස්ට් දහයයි හිතන්න ඉන්න පොස්ට් වලින් 1% ක් වගේ. එහෙම දාල මෙච්චර බනිනවා එත් කමක් නැහැ මං ලියන එක නවත්වන්නේ නැහැ. ඒක ඒකාන්තයි. සමහරු හිතනවා මං ඉන්නේ අසහනයෙන් කියල. නැත්තම් දුකෙන් නැත්තම් ලිංගිකත්වය කියන මානසිකත්වයෙන් කියල. එහෙම අයට කියන්න තියෙන්නේ නැහැ කොල්ලොන්ට තරම් අසහනයක් කෙල්ලොන්ට නැහැ. මොකද ඉවසීම කියන ඒක පුරුදු කරලා නිසා එහෙම ඉවසීමක් නැති උනානම් උබල අපි වගේ අය අද මෙතන නැහැ. මොකද මාස නයමක් ලමෙක්ව බඩේ  ඇතුලේ තිය ගන්න එකත් ඉවසීමක් ඇතිව කරන්න ඕනේ හින්ද. එහෙම ඉපදිච්ච කොල්ලොම තමා තව කෙල්ලෙක්ට අපහස කරන්නේ.


මට කා එක්කවත් තරහක් නැහැ මොකද මං කාලයක් අසාර්ථක වෙලා ඉදල දැන් ජිවිතේ අලුතෙන් පටන් අරන් තියෙන නිසා. ඒ 2008 දී. මං වැරදි කරලා තියෙනවා, නැහැ කියන්නේ නැහැ පාඩම් ඉගෙන ගෙන තියෙනවා. බැනුම් අහල තියෙනවා අම්මගෙන් ගුටි කල තියෙනවා හැබැයි ඒ පාඩම් ඉගෙන ගන්න. අද මට ඔලුව කෙලින් තිය ගෙන කියන්න පුළුවන් තත්වයක් කියන්න පුළුවන් මගේ වයසේ ඉන්න කෙල්ලෙක්ට වඩා මං ශක්තිමත් ඒ වගේම ජිවිතේ විදලා විදවල ඉන්න කෙල්ලෙක් කියල. අනික් කෙල්ලෝ වගේ තොදොල් වෙන්න දන්නෙ නැතුව නෙමේ. හුරතල් වෙන්න දන්නෙ අන්තුව නෙමේ. එත් සමහරුන්ට කසන් ගතියක් තියෙනවා කෙල්ලෙක් උදව්වක් නොඉල්ල තැනීම වැඩක් කර ගත්තොත් ඒකිගේ පල්ලෙහා ඒක නළලේ කියල කියන්න. නැහැ අදට ජය. මේ බ්ලොග් එකට අපු කමෙන්ට් කරපු හැමෝටම ස්තුති. සාදා ජය.....


ඔය කෙල්ලෙක් නම් කියන්න දෙයක් තියෙනවනම් අනෝ කමෙන්ට් එකක්වත් දාන්න මොකද මේක ලියන්නේ කෙල්ලෙක් නිසා හා අදහස් ප්‍රකාශ කිරීම තමාගේ aithiyak නිසා  

41 comments:

  1. විවාදාත්මක දේ ලියනවා නම් නංගෝ ගල් මුල් වලටත් මුහුණ දෙන්න වෙනවා ඕං!

    ඔයා ලියන හැම දේටම එකඟ නොවුණත් මම මේ බ්ලොග් එකට කැමතියි. ඒ ඔයා මේ සමාජයේ / බ්ලොග් අවකාශයේ එක්තරා හිස්තැනක් පුරවන නිසා.ඒ අනාගතයේ වෙන යහපත් වෙනසකට මඟ පාදාවි.

    හැබැයි කොල්ලොන්ට තරම් ලිංගිකත්වය ගැන අමාරුවක් කෙල්ලොන්ට නෑ. මොකද ජීව විද්‍යාත්මකව දෙගොල්ලො හැදිලා තියෙන විදිය වෙනස්. කොල්ලොන්ට ඇවිස්සෙන්න බොහොම පොඩි දෙයක් වුණත් සෑහෙනවා. නමුත් කෙල්ලොන්ට එහෙම නෑ නේද? මම මේ මතයට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මොක්ද මම කියන දේ වැරදි වෙන්නත් පුළුවන්.

    ජය!

    ReplyDelete
  2. "එත් සමහරුන්ට කසන් ගතියක් තියෙනවා කෙල්ලෙක් උදව්වක් නොඉල්ල තැනීම වැඩක් කර ගත්තොත් ඒකිගේ පල්ලෙහා ඒක නළලේ කියල කියන්න."මේ ටික නං පට්ට ඇත්ත.කොල්ලොන්ට එහෙම උනාම මාර අමාරුවක් තියෙන්නේ.උන් හරි කැමතියි අනේ..පනේ ගාගෙන ඉන්නවනං.උන් හරි බයයි,ගැනුන්ට උන්ගෙන් වැඩක් නැති වෙයි කියලා.සැලෙන්ඩ එපා.දිගටම ලියමු.

    ReplyDelete
  3. අදයි ගොඩවුනේ මම මේ පැත්තට.. කව්රුවත් කියන කතාවට සැලෙන්න එපා, බ්ලොග් අවකාශයේ ගොඩාක් දුර යන්න ජය. ඔය කියන කෙල්ලෝ තමයි එහෙම අසහනයෙන් ඉන්නේ, ඒවාට සැලෙන්න එපා.. නොබියව ඉදිරියට යමු, අපි සැමදා ඔබ සමග,,

    ReplyDelete
  4. නමෙයි, ලියන්න ගත්ත දේවල් වලයි හැටියට ඔයිට වඩා ගටක් තීන්න ඕන. මතක තියාගන්න තමන් ජීවිතේ උත්තර දෙන්නෙ තමන්ටම මිසක් එක එකාට නෙමෙයි!

    ReplyDelete
  5. මම නම් ඇවිත් බලලා ගියා මිසක මේ වෙනකල් ඔයාට මුකුත් කිවේ නැහැ...

    ඔයාගේ අරමුණ පිරිසිදුනම් ජය නියතයි.. හැබැයි ගැහැණු ළමයෙක් විදියට ඔයා දන්න සමහර චවස කියෙව්වේ පළමු වරට මේ බිලොග් එකේ...

    ReplyDelete
  6. කවුරු කොහොම කිව්වත් තමන් හරි දේ කරනවා නම් තමන් යන පර වෙනස් කරන්න එපා. හොද කියන අය මේ රටේ අඩුයි නේ. එනිසා එක ගණන් ගන්න එපා.. අනික ගොඩක් අය එක එක පට කන්නාඩි ගෙන නේ ඉන්නේ. සමහරුන්ට ඒවා ගලවන්න එහෙම අමතක වෙනවා ඒ නිසා කවුරුත් කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා... ඔබට සදා ජය ....

    ReplyDelete
  7. කොල්ලන්ට වඩා කෙල්ලො දුර්වලයි කියලා හිතුවොත් තමයි දුර්වල වෙන්නෙ.නැත්නම් කෙල්ලෙක්ට මේ ලෝකේ ඉන්න බෑ.බ්ලොග් එක ගැන කියනව නම්,ඔය ඕක තරම් අය ලියන්නෙ අමුවෙනුයි, තාර බරවල් අයින් කරලයි,කොටු ඩාල තරු දාල තිත් දාල.එහෙම එකේ මේ බ්ලොග් 1තවත් විවෘත මාතෘකාවක් ඒ විදියට කතා කරනවා.
    ප්‍රශ්නයක් නැහැනෙ කෙල්ලෙක් ලියුවට.අනික මන් හිතනවා වගේම දන්නවා කෙනෙක් තමන්ගේ ජීවිත අත්දැකීමක් නිසා යමක් කරනව නම් කරන්නෙ තමන් අයෙත් පරන තත්වෙට නොවෙටෙන්න වගෙම තව කෙනෙක් එතනට වැටෙන එකෙන් මුඩවගන්න පොඩි හරි උදවුවක් දෙන්න පුලුවන් නම් ඒකටත් එක්ක කියල.කෙල්ලො කොල්ලො කියල වෙනසක් නැහැ.කාටත් ජීවිතේට එකතු කරගන්න දෙයක් තියෙ නම් ගන්න හොඳ බ්ලොග් 1ක්.
    ලියන්න තියන දේවල් ලියලා දාන්න.වානේ පන්නරය ලබන්නෙ සේද රෙදිවලින් පිරිමැදිල නෙවෙයි.
    ජය!!!

    ReplyDelete
  8. මට නම් හිතෙන විදියට වැරද්දක් තියෙනවා නම් තියෙන්න ඕනේ කියන විදියේ මිසක් කියන දේ නෙවෙයි..හොඳට හිතල බලන්න.. හැම දෙයක්ම එහෙමයි..
    ඒ නිසා ඔය සමහරු අමාරුවට කියන දේවල් ගනන් ගන්නෙපා..අක්කද නංගිද දන්නේ නෑ. කොහොම උනත් පුළුවන් විදියට ලියන හැම දෙයක්ම කියවන්න බලන් ඉන්නවා සහෝදරි..:)

    ReplyDelete
  9. ගැහැණිය සිහින දකින්නේ නම් පමණක් පිරිමියා බලවත් වෙයි. ඒ සිහින වලින් අත් මිදුන ගැහැණිය පැමිණෙන දිනට මේ ලෝකය වඩාත් යථාර්තවාදී වනු ඇත. ඔබට ජය!!!

    ReplyDelete
  10. දිගටම ලියන්න.. බයවෙන්න එපා.. ගෑණුන්ට විතරක් නෙවේ ඔයා ලියන දේවල් පිරිමි අපිටත් වැදගත්.. මොකද ස්වභාවයෙන් අපිත් ඔය වැරදි කරන නිසා.. ඒ වැරදි හොඳින් තේරුම්ගන්න ඔයා ලියන දෙවල් වටිනවා.. වහෙන් ඔරෝ නැතුව කියන තියන දේ කෙලින්ම කියන ඔයාවගේ අයට මම ගොඩාක් ගරු කරනවා. මොකද මමත් එහෙම නිසා..

    ඔබට ජය වේවා!

    ReplyDelete
  11. දිගටම ලියන්න... සම්මතයෙන් ඔබ්බට ගිය බ්ලොග් ලියනියනුත් මේ අවකාශයේ ඉන්න ඕන...

    ReplyDelete
  12. දිගටම කෙල්ලෙක් වගේ ලියන්න
    ජය වේවා

    ReplyDelete
  13. "එහෙම අයට කියන්න තියෙන්නේ නැහැ කොල්ලොන්ට තරම් අසහනයක් කෙල්ලොන්ට නැහැ"

    කෙල්ලෝ කියන්නේ මනුස්ස පරාණ නෙමෙයි ද ? :)

    මොනා උනත් මේ ලියන දේවල් මරු. ඇත්ත ලියන නිසා මාත් මේ බ්ලොග් එකට මාරම ලයික් !!!

    ReplyDelete
  14. ස්වාධීන අදහස් එක්ක ජීවත් වෙන කෙල්ලෙක් හැටියට මාත් මේකට කැමතී.....දිගටම ලියන්න...!!

    ReplyDelete
  15. කෙල්ලො දුර්වල නැ..
    අද හයිවේ එකේ මට ඉස්සර කලානේ කාර් එකකින් කෙල්ලෙක්.. :D

    ReplyDelete
  16. සයිබර් අවකාශයේ කෙල්ලෙක් ලියනව දැකපු පට්ටම පට්ට බ්ලොග් එක! ජයෙන් ජය!

    ReplyDelete
  17. ...මුලින්ම ජයෙන් ජය පතනව...මේක ඉදිරියටත් පවත්වාගෙන යන්න.....ගල්,මුල්,අපහාස ,චෝදනා මේව ගැන නම් කියන්න තියෙන්නේ තව ඉස්සරහට මීට වඩා සිය ගුණයකින් ඕවට මුහුන දෙන්න වෙයි...කොහොම වුනත් පටන්ගත්ත ගමන දිගටම නොසැලී ඉදිරියටම යන්න...

    ReplyDelete
  18. හැමෝම දිගටම ලියන්න කියනවා,මම එහෙම කියන්නේ නැහැ.හැමෝම කරන්න කියනවා ,මම එක කරන්න කියන්නේ නැහැ.එත් එපා කියන්නෙත් නැහැ හරිද .මේකය් තමන්ට හිතන්න පුළුවන් ,හිතල ලියන්න පුළුවන් .එත් ඒක නිසා වෙන හානිය සහ ඒකෙන් වෙන යහපත ගැනත් හිතන්න ..ඔන්න ඉතින් මම ඔයත් එක්ක ගේම ඉල්ලනවා නෙමේ,එත් හිතන්න ,,,,හරි දේ හිතට එකඟව ලියන්න.ලියපු දෙයක් ගැන කවදාවත් පසුතැවෙන්න එපා.ලියන දේ ඔයාගේ දුව හරි ,පුතා හරි අනාගතේදී මේක බලල මොකක්හරි ඇහුවොත් එකටත් කෙලින්ම උත්තර දෙන්න පුළුවන් තරම් ගටක් ඔයාට තියෙනවද??....හිතන්න.ලියන්ට එපා කියන්නේ නැහැ එත් හා කියන්නෙත් නැහැ..ඒක තීරණය කරන්නේ ඔයා.කොහොම උනත් ඔයා කරන දේ හරි අමාරු දෙයක් ඒක අමාරු වෙන්නේ අනාගතේ ගැන හිතනකොට...සැකයක් එනවා ඔයා ජීවිතෙන් පැනල යන්න වත් දෝ මේක ලියන්නේ කියල.එත් මතක තියාගන්න එක දවසක ඔයා ඔයාටම සමාව දෙන්න.එතන තමා නියම කොන්ද තියෙන්නේ.හුඟක් දේවල් තියෙනවා එත් දැනට මේක ඇති...තව එකක් මට ඕන නම් මෙහෙම නොලිය තව කොපියක් ගහන්න පුළුවන් එත් මම මේ ලියන්නේ ඔයා කවද හරි එරුනොත් එදාටත් මම මේ වගේම ලියන්න ඉන්නවා කියල (පන පිටින් හිටියොත් විතරය්) කියන්න හොඳේ,තරහක් නෑ නේ ?? හරි හරි පරිස්සමින් ගමන යන්න,ආ මග කෙටිය් යා යුතු මග දුරය්....

    ReplyDelete
  19. කෝ ගල් මුල්...
    මම දැක්කෙ සේරම මල්....
    මෙහෙම අදහස් එක එල්ලේ ලියන්නත් කෙනෙකුට මොනතරම් ධෛර්ය්‍යක් තියෙන්න ඔනෙද?
    මේක "තිරයෙන් එහා ගිය සමාජය ගැන" නෙ ඔය ලියන්නෙ ඉතින් මොටෝ කාගෙවත් රුදාවක්
    ඔහොම යං පුතේ! ඔහොම යං!

    ReplyDelete
  20. "කොල්ලොන්ට තරම් අසහනයක් කෙල්ලොන්ට නැහැ" මේකට නම් එකඟ වෙන්න අමාරුයි... හැගීම දැනීම වෙනස් වෙන්නේ ලිංග බේදය අනුව නෙමේ... අසහනය මේ සමාජේ ජිවත් වෙන අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියනවා... වෙලා තියෙන්නේ අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේන උන්ට තමන්ගේ ඇහේ තියෙන පොල් පාරලේ පෙන්නේ නෑ...:D
    ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් පල්ලෙහා එක නලලේද කියල "මගේ එක නළලට ආවොත් මට කොන්ඩෙන් හරි වහගන්න පුළුවන් අයියලාගේ එක නළලට ආවොත් ගණදෙයියෝ වගේ තියෙයි" කියන්න ආයේ අහන එකක් නෑ......:D
    කොල්ලෙක් ඕන බලුකමක් කුපාඩි කමක් කරාට කමක් නෑ හැබැයි කෙල්ලෝ ඉන්න ඕන කෙල්ලෝ වගේ කියන බමුණු මතේට ඔයාගේ ලිවිල්ලෙන් වදින හින්ද තමයි එවන් බමුණු මතදාරියෝන්ට රිදෙන්නේ....ඒකෙ ගතයුත්තක් නෑ ඔයා දිගටම ලියන්න ජයවේවා!!!!!!

    ReplyDelete
  21. දිගටම ලියන්න ...පළ ඇති රුකට ලු නේ ගල් ගහන්නේ.....

    ReplyDelete
  22. මම මේ බ්ලොග් එක හැමදාම කියෙව්වට මේක තමයි දාන පලවෙනි කමෙන්ට් එක.

    ඕන කෙනෙක්ට තමන්ගෙ හිතට එන දෙයක් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. ඒ වගේම මතක තියා ගන්න, මේ ලෝකෙ වෙනස් කරපු කිසිම කෙනෙක් මල් අතුරපු පාරක ආපු අය නෙමෙයි.

    මම පුද්ගලිකව ඔයාගෙ පෝස්ට්ස් වාට කැමති. ජයවේවා..

    ReplyDelete
  23. අම්මා ගහයි බැට් එකෙන්. ඔයාට අම්මා ගැහුවෙ මොකෙන්ද? ;)
    පුලුවන් නම් බලන්න මාංචු කියන සගරාව. ඕකෙ තියෙනෙ අපරාධ වලින් 50% කටම මුල ඔය ලව් කේස්. ලව් කරන්න එපා වෙනවා අප්පා.

    ReplyDelete
  24. තරිඳුගේ කමෙන්ට් එකේ අදහසට මම එකඟයි. ඒ වගේම ඇනෝගේ මේ වාක්‍යත් කියන්න ඕනේ...

    //වානේ පන්නරය ලබන්නෙ සේද රෙදිවලින් පිරිමැදිල නෙවෙයි.
    ජය!!!//

    බ්ලොග් අවකාශේ එක එක ජාතියේ කට්ටිය ඉන්න ඕනේ. ඔක්කොම tech වුනොත් අප්පිරියයිනේ. වෙනස් මාතෘකා කථාකරන වෙනස්ම බ්ලොග් මේ අවකාශයේ තියෙනවා... ප්‍රශ්ණේ තියෙන්නේ මේක ලියන්නේ ගැහැණු ලමෙක් කියන එකනේ...

    ඒක් ප්‍රශ්ණයක් වෙන්නේ සුළුතරයකට විතරයි. ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න ඕනේ නෑ ලුනේ. හැබැයි මමත් සහෝදරීගෙන් ඉල්ලා හිටින්න කැමතියි තරිඳුගේ අදහස් පොඩ්ඩක් හිතා බලන්න කියලා...

    තමන් ගත්ත තීරණයක් ගැන කවදාවත් පසු තැවෙන්න එපා. එහෙම පසු තැවෙන්න තීරණ ගන්නත් එපා...

    විප්ලවකාරී බ්ලොග් දිවියකට සුභ පැතුම්... !!! මේකත් හරවත් සංවාදයක් ගොඩනැගෙන බ්ලොග් අඩවියක් වේවි ! ජයවේවා !!!

    ReplyDelete
  25. @චතුරන්ග පෙරේරා : උඹේ අදහසට මම එකඟයි මචන්. උඹ කියනව වගේ ඇත්ත කියන්නයි, බිම ඉඳගන්නයි බය වෙන්න ඕන නෑනේ..

    ReplyDelete
  26. මම ගොඩේ එකා...ඒත් නංගි ඔය බලුකම් ගොඩේද මඩේද කියල නෑ හැමතැනම තියෙනව....එලියට බැහැල කතා කරන්න තරම් හයියක් තියන එක ගැනයි...ගොංකං නොකර බ්ලොග් එකක් ලියන එක ගැනයි සන්තෝෂයි..දිගටම ලියන්න..ලියල ඉවරවෙලා ඔයත් කියවන්න..අපේ උන්ට නැවතිලා ජීවිතේ කියවන්න වෙලාවක් නෑ ඒකයි.

    ReplyDelete
  27. ගෑනු ළමයගෙ හිත රිදුන වගේ.
    අද පෝස්ට් එක මගේ කමෙන්ට් වලට රිප්ලයි එකක් කියල හිතුන නිසයි අ‍ායෙත් කමෙන්ට් කළේ.
    ඉස්සෙල්ලම කියන්න තියෙන්නෙ ඔයාට චුට්ටක් විතර වලිගෙ පෑගිලා කියන එකත් මම දැන් කොලු වයස පහු කරල ඉන්න මිනිහෙක් කියන එකත්.

    දැන් මේ ලියන්නෙ පූර්විකාවක්. කමෙන්ට් එක පස්සෙ.
    යම් කිසිවෙක් ලියන දේවල් වලින්, ඒවායේ පේළි අතරින් ලියන්නාගේ ආත්මය කියවන්න පුළුවනි. ඔබ දිගින් දිගටම ලියන දේ අනුව මට ඇති වුනු එක් සැකයක් තමයි ඇත්තටම ඔබ ස්වාත්මය විනාශ කරගන්න හදනවද කියල. ඒ වගේම සනාතන වූ ආඝාතයක් මට දකින්න පුළුවන් වුනා.

    කොහොමත්, පෞද්ගලිකව, රහසෙන්, කාටවත් නොපෙනෙන්න කුණුහරුප කියවන්න කවුරුත් ආසයි. පොතක් පත්තරයක් කියවලා පැත්තකින් තිබ්බහම කවුරුහරි ඒක ආයෙත් ඇරගෙන කියෙව්වොත් එයා දැනගන්නව අපි කියෙව්වෙ මොනවද කියල. ඒත් බ්ලොග් එකක් කියෙව්වහම ලේසියෙන කාටවත් හොයාගන්න බෑ. ඔන්නම් හිස්ට්රි එකත් ඩිලීට් කරල දාන්න පුළුවන්නෙ.

    ඉතින් ඔය‍ා ලියන ඒවයින් රසයක් ලබාගන්න කැමති අය ඇති. ඒ වගේම, කෙල්ලෙක් කුනුහරප කියනකොට කොල්ලන්ට චූන් එක වැඩියි. ඒක මගෙ අත්දැකීම.

    මේ කතන්දර ඔක්කොම කියන්නෙ ලියන දේ ගැන තේරුම් අරගැනීමටත්, වඩා අර්ථවත් දෙයක් ලිවීමටත් කියන එක මම ආයෙත් මතක් කරනව. ඒ වගේම ඔයාගේ භාෂාව හැසිරවීමේ හැකියාව තව චුට්ටක් වැඩි කරගන්න. ලිවීම ඉතා හොඳ‍ දෙයක්. ඒක කියවන්නාට විතරක් නෙවෙයි ලියන්නාටත් අතිශයින්ම පලදායකයි.

    දැන් මෙන්න මගේ කමෙන්ට් එක.
    අපේ සමාජයත් තවත් බොහොමයක් රටවල වගේ පුරුෂාධිපත්‍යය සහිත සමාජයක්. ගෑනු ළමයෙක් වැදගත් විදිහට ඉන්න හදනකොට අර “නලලෙ තියාගන” කියන කතාව කියන්නෙ ඒකයි. ඒ වගේම ඔයාට දැන් ඇවිල්ල තියනවයි කියල කියවන අපට හිතෙන පීඩනයත් ඒ පුරුෂාධිපත්‍යය හරහාම ආපු එකක්. ඒ වුනත් එහෙම නැති අළුත් පරම්පරාවක් ඉන්නව කියන එක මේ වැටිල තියන කමෙන්ට් වලින්ම පෙනෙනව.
    ඒ ඇරුණාම ජීවිතය කියන්නෙත්, පවුල් ජීවිතය කියන්නෙත් ලිංගිකත්වයම නෙවෙයි. සාර්ථක යුග දිවියකට ලිංගිකත්වය වුවමනා බව ඇත්ත. ඒත් එසේ නොවන අවස්ථාවන් ද නැත්තේ නොවේ.
    මේ නිසා, හිතට එන දේවල් ඒ විදිහටම නොලියා, හිතට එන දේවල් ගැන නැවත හිතා, නියමාකාරයෙන් ගලපා අර්ථවත් වෙන විදිහට ලියන්න. ලිපියක් කියවපුවාම, චිත්තරපටියක් බලපුවාම, ජීවිතේට යමක් එකතු වෙන්න ඕනැ. ඒ ගැන හිතන්න යමක් ඉතුරු වෙන්න ඕනැ. ඔබ ලියපු සමහර දේවල් නිකම්ම නිකම් බැණ අඬගැසීමක් පමණයි. ඒකෙන් කාටවත් යමක් ලැබෙන්නෙ නෑ. එකතු වෙන්නෙ නෑ.
    “අනික් කෙල්ලෝ වගේ තොදොල් වෙන්න දන්නෙ නැතුව නෙමේ. හුරතල් වෙන්න දන්නෙ අන්තුව නෙමේ” වගේ කතා කියන්න එපා. අනිත් කෙල්ලො තො‍ඳොල් වුනා කියල උන් නරක නැහැ. ගැහැණු සහ පිරිමි ජීවත් වෙනකොට ජෛව විද්‍යාත්මක වෙනස් කම් තියෙනවා. ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ දෙගොල්ලගෙන් එක ගොල්ලක් උසස් කියල. සමාජයට මේ දෙවර්ගයම එක හා සමානව අවශ්‍යයි. ඒ නිසයි ලෝකෙ බාගෙට බාගයක් ගෑණු සහ පිරිමි (මේක 50ට 50 හෝ 60ට 40 වෙන්න පුළුවනි) හැදිල තියෙන්නෙ. ඒ වගේම, “කොල්ලොන්ට තරම් අසහනයක් කෙල්ලොන්ට නැහැ” කියන කතාවත් වැරදියි.

    Tharinduhw122 ගේ කමෙන්ට් එක බොහොම වැදගත්. ඒක හොඳට බලන්න. ඒ වගේම, ලියන්න පටන් ගන්න ගටක් තිබ්බ එකේ තවත් දියුණු කරගෙන ඉස්සරහටම යන්න. පස්ස ගහන්න එපා. වැරදි අඩුපාඩු හදා ගනිමු. උදව් දෙන්න අය ඉඳීවි ඕනැ තරම්. මටත් හැකි වෙලාවට උදව් කරන්නම්. හැබැයි, ඔයාව මුරුංග අත්තෙ තියන්න බටර් ගාන්න කාටවත් ඉඩදෙන්න එපා.
    Sudath

    ReplyDelete
  28. කාන්තාව හෝ ඇයගේ අදහස් මේ වගේ විය යුතුයි කියලා ප්‍රමිතියක් නෑ. නමුත් ඒ ප්‍රමිතිය ඇති කරගන්නේ ස්වතන්ත්‍රවයි.එය පුරුෂයෙක්ට පවා අදාලයි. වෛශ්‍යාවක් නොවේ යන්න ප්‍රධාන පාඨය කරගන්නට පෙර වෛශ්‍යාවක් යන්න ප්‍රකාශ කරමින් එල්ලවුනු යම් දෙයක් තිබිය යුතුයි...උදාහරණයක් විදියට ලංකා සමාජයේ කොහේ හෝ නගරයක පුද්ගලයෙක් මම ත්‍රස්තවාදියෙක් නොවෙයි කියා කිසිවෙක් අසන්නටත් පෙර ප්‍රකාශයක් කරනවනම් ඒක සාමාන්‍යයි..මොකද ලංකාවේ තමන් ත්‍රස්තවාදියෙක් නොවන බව ප්‍රකාශ කිරීම තම ආරක්ෂාවට හොඳයි.ඒ ලංකාවේ ත්‍රස්තවාදය පැවති රටක් වීම. නමුත් ත්‍රස්තවාදයක් ගෑවී හෝ නොමැති ඉතා සාමකාමී රාජ්‍යයක් පුද්ගලයෙක් කිසිවෙකුගේ ප්‍රකාශයකට පිලිතුරක් ලෙසින් නොව නිකරුනේ තමන් ත්‍රස්තවාදියෙක් නොවන බව පැවසුව හොත් එහි යම් නොගැලපීමක් හෝ ප්‍රායෝගික නොවන යමක් තිබෙනවා. අන්න එහෙයින් මෙම ප්‍රධාන පාඨය ඉදිරිපත් කර ඇත්තේ කුමක් අරඹයාද යන්න නොවැටහේ.

    කෙසේ වෙතත් ලියන්නට ඇති අයිතිය හෝ නිදහස ගැන කතා නොකෙරුවත් කාන්තාවකගේ අදහස් දැක්වීමට ඇති නිදහස හා ඇගේ අදහසට ගරුකරන සමාජ ක්‍රමයක් බිහිවී තිබීම ඉතාමත් හොඳ දෙයක්. ඔබ ලියන දේ පිලිබදව තීරණය කල යුත්තේ ඔබයි..මොකද එය කියවනවාද නැද්ද යන්න පාඨකයන් තීරණය කරන බැවින්. කෙසේ වෙතත් ඕනෑම වෙබ් බ්‍රවුසරයක ක්ලෝස් බොත්තමක් ඇත්තේ අකමැත්තකට ක්‍රියාත්මක විය හැකි පරිදිය. සම්පූර්ණයෙන් ඔබට එකඟ නොවූවත් අනාගතයට දිරි සවි පතමි

    ReplyDelete
  29. ආ... පොඩි මෑන්ද.... ඌ තමයි ඔයාට ගැලපෙන්නෙ... මිනිහත් ඉතිං කුනුහරුප බ්ලොග් එකක්නෙ ලියන්නෙ... ඔයත් එහෙමයි...
    ප්යා කෙල්ලෙක් නිසා ඌත් ඔයාට පුක දීගෙන ඉන්නව ඉතිං කුනුහරුප ලියන්න

    ReplyDelete
  30. මීට කලින් ‍බ්ලොග් එකට ඇවිත් කියවන්න වෙලාව නැතුව ගියාද කොහෙද... අද නම් තියෙන ඔක්කොම පෝස්ට් ටික කියෙව්ව.. සමහර ඒවට එකඟ වෙන්න පුළුවන් තව සමහර ඒවට විරුද්ධත්වයක් නැති වුනත් මම බලන පැත්ත වෙනස්...

    මොනා වුනත් දිගටම ලියමු... :)

    ReplyDelete
  31. Well done Sister.
    I really wish you for bright future.

    ReplyDelete
  32. @ ඇනෝ :- මම කොල්ලො ගහන්නෙ නෑ බං,,, ඒකයි කෙල්ලොන්ට දෙන්නෙ... ගහනවනම් උඹට දෙන්නත් තිබුනා

    ReplyDelete
  33. @විසිතුරු | visituru : ඉස්සෙල්ලම ස්තුති සහයෝගයට. නැහැ සමහර වෙලාවට වැරදි කෙල්ලොන්ට උනත් අවිස්සෙන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ කෙල්ලෝ ඒ දේ කියන්නේ නැහැ හංග ගෙන ඉන්නවා එකයි වෙනස

    @Malya Cruise : මං දන්නේ නැහැ ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල. එත් ඔයාගෙන් හම්බ වෙන උදව්වට ගොඩක් ස්තුති

    @වර්ණා : ගොඩක් ස්තුති උදව්වට හා දිරිමත් වචන වලට

    @ඉන්දික උපශාන්ත : මගේ ජිවිතේ කිසිම දෙකින් මං පැනල ගිහින් නැහැ. මේ බ්ලොග් එක අනුනමිකව ලියන්නේ මගේ අනාගතේ ගැන හිතල මිසක් වෙන හේතුවක් හින්ද නම් නෙමේ

    @සුදු හංසි : බය වෙන්න එපා කියන්න තියෙනවනම් ඇනෝ කමෙන්ට් කරන්න. තව දෙයක් ඉගෙන ගත්තනම් හොඳ උනත් නරක උනත් මොකෝ.

    @N N K : ස්තුති යාළුවා

    @1stAno : ස්තුති ... හැබැයි මං වනේ නෙමේ. හොද සේද රෙද්දක්

    @ගිනි කුරුල්ලා : ස්තුති. සමාවෙන්න උත්තර පරක්කු උනාට

    @2nd Ano : ස්තුති

    @lahirucc : ස්තුති යාළුවා ඔයාගේ බ්ලොග් එක ටික කාලයක් තිස්සේ මං බලන එකක්

    @Dinesh : ස්තුති ගොඩක්

    @3rd Ano : කෙල්ලෙක් වගේ ඇයි එහෙම කිව්වේ

    ReplyDelete
  34. @මධුරංග : මොකද නැත්තේ හොඳට තියෙනවා. සදාචාරය ගැන හිතල හංග ගන්නවා.

    @වින්චැට්කිරිල්ලි. : ස්තුති යාළුවා

    @Bunny : ඔයාව ඉස්සර කරන්න අච්චිලටත් පුළුවන්

    @4th Ano : ගොඩක් ස්තුති

    @නීල නේත්‍ර : විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ හුගල් ගල් මුල් ගවාදී තාප්පයක් වගේ ඉඳගෙන මාත් එක්ක ඉන්නවට

    @Tharinduhw122 : මට ඔයත් එක්ක ගේම ඉල්ලන ඕනේ නැහැ එත් ඔයා තරම් පටු විදිහට හිතන්න එපා. ඔව් මං මගේ ළමයින්ට විතරක් නෙමේ බදින කෙනාට උනත් කියනවා මං මේවගේ එකක් ලියනවා කියල මොකද මං හංග හංග නටන කෙනෙක් නෙමේ නිසා. අනිවාර්යෙන් ඔව් මේකෙන් ඒගොල්ලන්ටත් ඉගෙන ගන්න දේවල් තියෙන නිසා. අසහන කාරී ළමයෙක් සමජයට දෙනවට වඩා මේ විදිහ හොදයි.

    @වැලිමැඬියා : ස්තුති ගොඩක් පුතෙක් නෙමේ දුවෙක්

    @Soda ගුනේ : ගොඩක් ස්තුති උපදෙස් වලට ඊලග පාර අනිවා කියනවා

    @ඔබ නොදු‍ටු ලොවක්..... : ගොඩක් ස්තුති, අනිවාර්යෙන් ලියනවා

    @ashen : එව්වා වැඩක් නැහැනේ ලව් කරන්නේ නැහැ වෙනවා

    ReplyDelete
  35. @5th Ano : රිදෙන්න තරම් හිතක් මේ ගැණු ළමයට නැහැ එක පලවෙනි හේතුව. ආත්මය විනාශ කරගන්න ආත්මය ස්වාභිමානය ඔය දේවල් සංස්කෘතියේ තියෙන වචන විතරක් නේද? කොහොම උනත් මුරුංග නැහැ ස්තුති කමෙන්ට් එකට

    ReplyDelete
  36. @Chathuranga Perera : ස්තුති යාළුවා මෙච්චර කාලෙකට පසු තැවෙන වැඩක් කරේ ලඟදි විතරයි. ලියන්න මං පසු තැවෙන්නේ නැහැ

    @කළු ජෙමා : ස්තුති. නැහැ කියවන්න වෙලාව තියෙනවා හැබැයි හැදෙන්න වෙලාව නැහැ

    @6thAno : පුක දෙන්න ඕනේ නැහැ. දෙන්න වෙන එව්වත් තියෙනවනේ ඔයාට අමාරු එක නිසාද/

    ReplyDelete
  37. මම ඔයාගෙ මේ බොලොක්කෙට කැමතියි...එක වෙලාවකට හිතෙනව පොඩිමෑන්ගෙ අව තාරයක්දකියලත්.....ඔයා කතාකරන්නෙ හැමෝම මග ඇරල යන දෙයක් ඒත් මේකෙදි ඔයාගෙ භාෂාවිලාසය වෙනස් කළොත් හොඳයි කියල හිතෙනව. පලවෙනි එක ඇයි අපි කශඩ භාෂාවක් භාවිතා කරන්නෙ...ඔයා වැදගත් දෙයක් කතාකරන්නෙ.. ඒක අපි ඒ තත්වෙන් කරමු. ඔයාට ගල් වදින්න එක හේතුවක් ඒක...ගොඩක් ඔයාට ගල් ගහන අයට කියන්න දෙයක් නෑ. ඒනිසා ඔයා කතාකරන විලාශය අල්ලං ඔයාට බඩුවක් කියයි... අසහනේ කියයි...වේසියෙක් කියයි... අනික ඔයාගෙ ඕය භාෂා විලාසයනිසා... ඔයා කියනදේගැඹුර දැනෙන්නෙ නෑ... ඉස්ස්කෝලෙ කාලෙ කියපු කුහරප කවිවලින් ශුන්ගාර රසය එන්නෑ වගේ.. ඒකෙන් එන්නෙ කුනු රසය... මිලේච්ච රසය... ඒ නිසා ඔයා ඔයාගෙ භෂාව සහ ඔය වෛරී විලාශය වෙනස් කළොත්.... ඔයාට ගල් අඩුවෙලා... මල් වැඩිවෙයි කියල හිතෙනව....අපි මේ විෂය උසස් සකච්චාවකට අරං යං.... එතකොට මෙච්චර කල් කනෙං බලපු අය හොඳට ඇස් ඇරල බලයි..... ඔබට ජය...... ඔබ සමග අපි ඉන්නව....... (අර පොඩිමෑන්ගෙ අවතාරෙ කියන එක තාම මගෙ හිතේ හොල්මං කරනවා...)

    X-Porter

    ReplyDelete
  38. අත්තා හි අත්තනෝ නාතෝ
    කෝ හි නාතෝ පරෝසියා

    ReplyDelete
  39. "කොල්ලොන්ට තරම් අසහනයක් කෙල්ලොන්ට නැහැ"කියන එකට නම් එකඟ වෙන්න ටිකක් අමාරුයි...
    මොකද ඒකට ළිංග භේදයක් බල නොපාන නිසා...

    පුංචි දෙයක් කියන්නම් ඔයාගෙ ඉදිරි ලිපි වලදි ප්‍රයෝජනයට ගන්න. භාෂාව ටිකක් සංවර වුනා නම් හොඳයි කියල හිතෙනව.. මට නම් ඒකෙ ගැටලුවක් නෑ. කන්ඩ දෙයක් නැතුව ඕල්කොට් පිලිමෙ ලඟ වැටිල ඉන්නකොට පයින් ගහගෙන ගිය වුන් එක්කත් හිටිය එකෙක් වෙච්ච මට ඔයිට වඩා දරුණු භාෂාත් පුරුදුයි... ඒ වුනාට හරි නැහැ නෙහ්? ඒකයි කිවුවෙ...
    අනික සමහර ලිපි වලදි පටන් ගන්නකොට ලියන්න හිතාගෙන ලියන අදහස නෙමෙයි අන්තිමේ බලනකොට ලියවිලා තියෙන්නෙ ගතියක් තියේ.... කෝකටත් ලිපියක් ලියල ඉවර උනාම තව පාරක් කියවල බැලුවනම් හොඳයි කියා හිතේ...

    කොහොම වුනත් ගල් මුල් ප්‍රහාර වලදි ඔයා වෙනුවෙන් ඉන්න ගොඩක් කස්ටිය මෙතන ඉන්නව ප්‍රශංසා වලදි ඒ අය ඔයා ලඟ නොහිටියත්... ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි....

    කොහොම වුනත් ඔබට ජය.....
    තව තවත් ලියන්න සුබ පතනව...

    ReplyDelete
  40. මේ බ්ලොග් එක කලින් දැකල තිබුනට කියවන්න ගත්තේ අද. හැම පොස්ට් එකක්ම කියවන්න බැරි වුනත් පුලුවන් තරම් කියෙව්වා. මගේ අදහසේ හැටියට නම් අපි කාටත් නිදහස තියෙනවා හිතෙන ඕනිම දෙයක් ලියන්න. එත් සහෝදරි තෝරාගෙන තියෙන්නේ සම්මතයේ හැටියට කෙල්ලෙක් තෝරා ගන්නේ නැති මාතෘකාවක්. එක වැරද්දක් නෙවෙයි. අපි කාට වුනත් සමහර වෙලාවට හිතෙනවා සමාජ සම්මතයට විරුද්දව යන්න. එත් අභ්‍යන්තර සහ සමාජයීය හේතු අපිව එකෙන් වළක්වනවා. සහෝදරී කරන්නේ ඒ හැගීම් අකුරු වලට පෙරලන එක. මට නම් එකේ කිසිම වැරද්දක් පෙන්නේ නෑ. එත් මට මෙහෙම දෙයක් හිතෙනවා. මම දැනට කියවල තියෙන ඔයාගේ පොස්ට් වල හැටියට නම් ඔයා ජීවිතේ ගැන ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක්. වැරදි වලින් ජීවිතේ හදා ගත්ත කෙනෙක්. ඒ අත්දැකීම් බෙදා ගත්තොත් ඒක අපි හැමෝටම ලොකු පාඩමක් වේවි. මේක පුංචි යෝජනාවක් විතරයි. ඒ වගේමයි මගේ අදහසට අනුව නම් අපි කොයි තරම් සම්මතයට විරුද්ද වුනත් අපිට එකෙන් තොර pawathmak නෑ කියන එක. මේක මගේ අත්දැකීම් වලින් මම කියන දෙයක්. ape මුළු ජීවිතයම අපි සම්මතයට පටහැනිව පෙළඹෙව්වොත් වෙන්නේ අපිව විනාශ වෙලා යන එක. විනාශ නොවුනත් සමාජය අපිට අලවන්නේ 'විනාශකාරී ' කියන ලේබලය.
    මම කිව්වේ මට හිතෙන දේ. ඒ වගේම තමයි මට හිතෙනවා සමහර වෙලාවට සහෝදරී භාවිත කරන වචන සහෝදරීගේ අදහස් වලට ටිකක් ගැලපෙනවා මදි කියල. ඔයාගේ අදහස් හරිම වෙනස්. ඒ වගේම විප්ලවවාදී. එත් අපි හිතන දේවල් ප්‍රකාශ කරන්න කුණුහරප වලට වඩා හොඳ භාෂාවක් අපිට තියෙනවා.
    කොහොම වුනත් දිගටම ලියන්න. මගෙන් සුභ පැතුම්...

    ReplyDelete