Wednesday, December 21, 2011

කෙල්ලෝන්ට මද්‍යසාර තහනම්ද




ඔන්න අද වෙනස් ශයිලියකට වෙනස් දෙයක් හිතුනා. මේක ලියන්න හේතුව උනේ එකතරා සංවාදයක් හා මගේ යම් ක්‍රියා කලාපයක් හේතුවෙන්. 
**********************************************************************************
"ඇයි බිව්වේ?" ජොලියට
ඇයි කෙල්ලෝනට බොන්න හොද නැද්ද? මේක මං කෙනෙක්ගෙන් ඇහුව. 
ඇයි කෙල්ලෝ බොන්නෙ? 
එතකොට මං අහනවා ඇයි කොල්ලෝ බොන්නෙ? කට උත්තර නැහැ.
කෙල්ලෝ බොනකොට හරි නැහැ. අනේ ඕයි කොල්ලෝ බොනකොටත් ගදයි. බොන එක කෙල්ලෝ කරන්න ඕන දෙයක් නෙමේ. කෙල්ලෝ බිව්වම වැඩක් නැහැ
(අවැඩක් වෙයි කොල්ලොන්ට සිහිකල්පනාව නැති කෙල්ලක් එක්ක). එව්වා අදාල නැහැ. ඇත්ත බොන එක අනුමත කරනවා නෙමේ එත් මොකක්ද වැරැද්ද? එකේ කිසිම වරදක් මම දකින්නේ නැහැ. කෙල්ලොන්ට බොන්න පුළුවන් බිල කෙලින් හිට ගෙන යන්න පුළුවන් (පළපුරුද්ද මත) හැබැයි ඉතින් ඔය පඩිපෙල් පොඩ්ඩක් ඇද වෙලා පේනවා ඒක වෙනම කතාවක්. එත් කෙල්ලෝ බිව්වම පෙවෙන්නේ නැද්ද? නැහැ පෙවෙනවා හොදටම. කලවම්ද, නිකන්ද, සැන්ඩි කරලද, ඕනේ විදිහට බිව්වත් පෙවෙනවා. එත් ඇයි මේ කෙල්ලෙක් බිව්වම මිනිස්සු උඩ පනින්නේ?. එපා කියන්නේ ? හොද නැහැ කියන්නේ?

මං කියන්නේ පොඩි කාලෙන්ම බොන්න දෙන්න ඕනේ හැම කෙනාටම කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත්. එකට හේතුවක් තියෙනවා මොකද කෙනෙක් දේකට ඇබ්බැහි වෙන්නේ හෝ  නැති වෙන්නේ පළපුරුද්ද මත. එකත් නිකන් හැමදාම බත් කනවා වගේ, හැමදාම බත් කන්න බැහැ වෙනසක් ඕනේ. ඉතින් ඔය බිමත් ඒවගේ ටික කලක් යද්දී එපා වෙනවා.(මොළේ ඇති අය‍ට)  නැති අය කල්පනා කරන්න. හැම ළමයෙක්ම නොමග යන වයසක් තියෙනවා හැබැයි ඔය වයස එනකොට ඒ ළමය දන්නවා නම් බිම මොකක්ද කියල බිව්වාම මොන වගේද කියල කවදාවත් උත්සහ කරයිද? නැහැ. මොකද එකේ අමුත්තක් නැහැ ඒදේ විදලා තියෙන නිසා. නමුත් ඒ දේ අලුත් නම් වරදට හසු වෙනවා වැඩි. තෙරුන් ගන්න වයසේදී, අත්විදලා තියෙනවා නම් කවදාවත් වැරදි කරන්නේ නැහැ, ඒ විතරක් නෙමේ බිව්වම වැරදි මාර්ගයේ යනවලු. එත් ඇයි ඒ බිල ගෙදර එන්න බයයි තාත්ත බනි කියල. ඉතින් වල බහිනවා එත් නිකමට හිතන්න. ගෙදර බොන්න පුලුවන්නම් බිල ඇවිත් ඉන්න පුලුවන්නම් ගෙදර නේද? අම්ම තාත්ත ගාව නේද?  අවුරුදු 16 පස්සේ බිල වැටෙන්න කියන්න ගෙදර. අම්ම තාත්ත ලග වෙන කොහේ හරි ගිහින් බිල නාස්ති වෙනවට වඩා ඒක හොද නැද්ද? ළමය ආරක්ෂිතව දෙමාපියන් ගාව( අපේ අම්මනම් ගෙදරිනුත් එළවයි)  එතැනදී තෙඋන් ගැනීම මත ළමය හොරෙන් කරන්න තියෙන ආසාව නැතිවෙනවා. ඊට අමතරව හිතන්න ගන්නවා මං ඇයි මෙහෙම නාස්ති වෙන්නේ කියල නමුත් ගෙදරින් තර්ජන ගර්ජන නම් එකේ ෆන් ඒක වැඩි. ඉතින් හැමදාම කරන්න බිල ගෙදරට අහු නොවී ඉන්න. හරි වැරැද්ද තේරුම් ගැනීමක් කරන්න වෙලාවක් නැහැ.  

තව දෙයක් ඉස්සර ඉදං කෙල්ලෝ බිව්වා හොරෙන්, ප්‍රසිධියේ, රජ කාලෙ ඉදලම. යේ අහන්න දෙයක් නැහැ කසිප්පු පොට් අයිති ගමේ රොසලින් නැන්දට. එත් ඇයි දැන් මේ කෙල්ලොන්ට බොන්න බැරි? කෙල්ලෝ බිව්වම නරක? කොල්ලොන්ට බොන්න හේතු තියෙනවා, කෙල්ල බුට් එක තිබ්බ, පඩි දවසට, මලගෙට, මගුල් ගෙට, අරකට මේකට, කවි ලියන්න කතා ලියන්න, සීතලට, රස්නෙට, ඒ බොන හැම එකකටම කොල්ලොන්ට බොන්න පුළුවන් එහෙනම් ඇයි කෙල්ලොන්ට ඔය එක හේතුවක් හින්ද බොන්න බැරි? බිව්වා කියල මොකද වෙන්නේ වෙරි වෙනවා. එත් මෙතන ඇයි එක සමාජ වාදයක්. කෙල්ලොන්ට බොන්න හොද නැහැ කියල?. කොටින්ම කිව්වොත් රටේ නීතියට අනුව කෙල්ලෙක්ට ගිහින් අරක්කු බෝතලයක් මිලදී ගන්න නීතියෙන් තහනම්. ගැහැණියට සමතැන කියන රටේ අරක්කු විතරක් ගැහැණියට තහනම්. ඒ ඇයි? එකට හේතුව මට පෙන විදිහට පිරිමි බයයි ගැහැණියට බොන්න පුළුවන් ගාන ඒ ගොල්ලොන්ට වඩා වැඩි වෙයි කියල. හරි කමක් නැහැ මොනවා වෙනවද?

අවසානය ඇයි කෙල්ලෝ බොන ඒක වැරදි කියන්නේ? සමාජ සම්මතයට විරුද්ධ නිසාද? සමාජ විරෝධී වැඩ වෙන්නේ කෙල්ලෝ බිව්වම විතරද? අනික ඉතින් කෙල්ලෝ බිල වෙරි උනාම වාසිය කොල්ලන්ටනේ කෙල්ලොන්ටද? නැහැනේ 

ප. ලි. : මෙතන බොනවා කියන්නේ රට බිම නෙමේ මද්‍යසාර     


39 comments:

  1. මම නම් කෙල්ලෝ බොනවට කැමති නැහැ මොකද අපිට මදි වෙන නිසා

    මට තියෙන අත්දැකීම් අනුව නම් කෙල්ලෝ එක්ක කොල්ලන්ට බොන්න තියා හැරෙන්නවත් බැහැ ඒතරම් ප්‍රමානයක් බොන්න පුළුවන් කෙල්ලන්ට කිසිම අපහසුවක් නැතුව. කෙල්ලෝ හෝ වේවා කොල්ලෝ හෝ වේවා කැමති නම් බොන්න නිදහසක් දෙගොල්ලන්ටම තියෙන්නේ ඕනේ කියලා මන් හිතන්නේ

    ReplyDelete
  2. මමනම් බොන්නේ නැහැ , බිලත් නැහැ.
    එත ඉදිරියේදී කියන්නත් බැහැ

    ReplyDelete
  3. වෙනස් විදියට හිතන් කෙල්ලෙක්ක් ඔයා.ඒකට මගේ සුභ පැතුම්.කවද හරි මවක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් නොබී ඉන්න තරමට හොඳයි.

    ReplyDelete
  4. බොන එක කෙල්ලොන්ට කොල්ලොන්ට කියල වෙන් කරන්න ඕනි නෑ... ඒක කැමත්ත. වයස හරි නම් ඔය ඕනි කෙනෙක්ට බොන්න පුළුවන්...

    ඒකෙන් ඉතින් ශරීර සවුක්කියට වෙන හානිය ගැන සියල්ලෝම දන්නව නෙව...

    ඔය කොහොම කිව්වත් ඉතින්... අපි දන්න කියන කොල්ලෙක් බොනව වගේ නෙමේ... කෙල්ලෙක් බොනවට අපි කෑම්ති නෑ.. ඒ ඇයි.. අනේ මන්දා..

    ReplyDelete
  5. මධ්‍යසාර පානය හොඳ දෙයක් නෙවෙයි. ඒත් හොඳ නැති දේවල් කවුරුත් කරනවා. කෙල්ලොත් බොනවා කොල්ලොත් බොනව. මං වගේ පැහිච්ච එවුනුත් බොනවා. මටත් වඩා චමින්දලාත් බොනවා.
    එතන කෙල්ලො කොල්ලො කියල භේදයක් අවශ්‍ය නෑ.
    බිව්වම වෙන්නෙ මොනවද? කල්පනාව ටිකක් විතර අවුට් යනවා. සමහර වගකීම් අමතක වෙනවා. පිස්සු නටන්න හිතෙනවා. ඒ එක පැත්තක්. අනිත් පැත්ත ශරීර සෞඛ්‍යය දුර්වල වීම.
    ගොඩක් බිව්වම අක්මාව දිය වෙනවා වගේ දියවැඩියාව වගේ නැවත සුව කළ නොහැකි රෝග හැදෙනවා.
    ටිකක් බිව්වම එහෙම වෙන්නෙ නෑ. ඒ වුනාට, පොඩි පොඩි දේවල් වෙනවා.
    දැන් කල්පනා කරන්න, අපි ජීවත් වෙන්නෙ ඇයි? අපි කරන්න ඕනැ මොනවද?කොල්ලෙක් කරන්න ඕනැ මොනවද? කෙල්ලක් කරන්න ඕනැ මොනවද? ඒ කරන්න ඕනැ දේට බීමෙන් ඇති වන බලපෑම් මොනවද?
    බලපෑම නරක නම් බොන්න එපා. බලපෑම හොඳනම්, නැත්නම් බලපෑමක් නැත්නම්, බොන්න.
    SM

    ReplyDelete
  6. සමාජවාදය මෙතනට අදාළ වෙන්නෙ නෑනෙ.

    අනිත් ඒක ලංකාවෙ වයස 18ට වැඩි අයට අරක්කු සල්ලි වලට ගන්න පුළුවනි. ගෑනු පිරිමි කියල බලන්නෙ නෑ.
    කෙල්ලන්ට අරක්කු ගන්න තහනම් කරල තියෙන්නෙ මොන පොතේද හලෝ?

    නිකං කටවාචාල කමට කියවන එක නවත්තලා දාලා ටිකක් හිතල මතල ලියනවද?

    ReplyDelete
  7. කෙල්ලෝ බිව්වාම මක් වෙනවද? හැබැයි බීලා වැටෙන්න ඔට්ටුනෑ උස්සං යන එකනම් කරන්න බෑ :D

    ReplyDelete
  8. බොන නොබොන එක තමන්ගේ කැමැත්ත.. හැබැයි ඉතින් ප්‍රතිවිපාකත් හිතනවානම් තමයි හොද..

    ReplyDelete
  9. බොන එක කිසි අවුලක් නෑ,කෙල්ලෝ කොල්ලෝ තරුණ කාලේ පොඩ්ඩක් බීල නැත්තම් ඉතින් ඔකේ ආදීනව දන්නේ නෑ නේ,අනික මිනිස්සුන්ට එකතුවෙන්න ඕන තැන බෝතලේ ගාව ගන්න එකේ,කපල් එකක් එකට ඉඳන් ඔය ප්‍රශ්න එහෙම කතාකර කර බිව්වට ප්‍රශ්නයක් නෑ නේ ,මොකටද ගෙවල් වල ප්‍රශ්න එක එකා ලඟට ගිහින් බි බී කියවන්නේ නේ.හැබය් ඉතින් ළමය ඉන්න යට කියන්නන තියෙන්නේ උන්ට පෙන්න බොන්න එපා කියල තමා..

    ReplyDelete
  10. කෙල්ලො බිව්වට කමක් නෑ කියන්නෙ කොල්ලො බොන හින්දද ?... මම හිතන්නෙ ගොඩක් කොල්ලො බොන හේතුව ඔයා හරියට තේරුම් අරන් නෑ කියල...

    අනිත් අතට කෙල්ලො බොන එකේ වාසිය තියෙන්නෙ කොල්ලන්ට කියන එක මට තේරුම් ගන්න අමාරුයි... එහෙම කිව්ව එකෙන් අදහස් කලේ කෙල්ලෙක් වෙරි වෙලා ඉද්දි ඒකිගෙන් අයුතු ප්‍රයෝජන ගන්න කොල්ලොන්ට චාන්ස් හම්බුවෙනවනෙ කියන්නනම්, මම හිතන්නෙ නෑ හරි හමන් කොල්ලෙක් එහෙම චාන්ස් එනකම් බලන් ඉඳල ඒවගෙන් ප්‍රයෝජන ගනී කියල..

    එතනින් එහාට කෙල්ලො බොන එක ගැන මගේ කිසි විරුද්ධත්වයක් නම් නෑ.. හැබැයි ඒක ෆැෂන් එකට බීමක් නොවෙනවනම් විතරයි.. :)

    ReplyDelete
  11. mama nam hari kamathie kello bonawata.patta fun 1k gathahaki.Bonna withaeak newei bata, joint ehemath gahanna.
    hama dekama experience ganna ona kiyana eka aththa,
    Finally I like the way you think!!keep it up :) :)

    ReplyDelete
  12. මම බොන්නේ නෑ.. ඒත් ඕන එකෙක් බොනවට අකමැතිත් නෑ

    ReplyDelete
  13. ගෑනු වේවා පිරිමි වේවා බොන එක කොහෙත් හොද නෑ.
    නමුත් ලංකාවෙ සංස්කෘතික ගැටුමක්. ගෙදර තාත්ත බොනව වගේ නෙමේ අම්ම බීල පිස්සු නටනකොට.
    වෙන උදාහරණයක් කිවොත් කොල්ලො කුණුහරප කිය කියා යන එකයි, කෙල්ලො සෙට් එකක් කුණුහරප කිය කියා පාරෙ යන එකයි ලංකාවෙදි පේන්නෙ දෙවිදිහකට.
    තවත් උදාහරණයක්:- ගිය මාසේ දෙහිවල බීඅච් එකේ සෙට් වෙච්ච කෙල්ලො ටිකක් බීල වැඩිවෙලා දන්නෙම නැතුව පිරිමි දෙතුන් දෙනෙක්ගේම පහස ලැබිල. එතැනදී කොල්ලො ටික වැරදි උනත් කෙල්ලො බොනකොට ඔය වගේ කරදර වෙනව කියල මුලින් හිතන්න බැරි "හැදි මිටේ නුවණ හින්ද"
    මේ බ්ලොග් එක ලියන මිස්ගෙ හැදි මිටේ තරම මම නොදනී.

    ReplyDelete
  14. උඹ බීපං බන් ඔය එක ඔකා කියන ඒවා අහන්නැතුව.... සූස්ති කුඩු එහෙමත් තියේ මදිනං... පණිවිඩයක් දුන්නොත් ගෙන්නලත් දෙන්නං හැබැයි සල්ලි වලට....

    ReplyDelete
  15. ආදරණිය අක්කේ,

    මම ඔයාගේ බ්ලොග් එක අද දැක්කා මුල ඉදන්ම කියෙව්වා මට කියන්න ගොඩක් දේවල් තියෙනවා
    එත් කිව්වට වැඩක් නෑ මොකද අපි ඔයාගේ පැත්තෙනුත් බලන්න ඕනේ නිසා.
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ ලෝකේ අපි හැමෝටම නරක දේවල් වෙනවා අපි කොච්චර හොදට ජිවත් උනත්
    ඒ දේවල් වෙනවා. හැබැයි උනාට පස්සේ ඇයි මට මෙහෙම උනේ හරි ඒ දේවල් ගැන වයිරයෙන් මේ වගේ බ්ලොග් ලිව්වට කාටවත් ප්රෝයෝජනයක් නැ
    අපි මේ පොස්ට් එකක් කියවලා computer එක shutdown කරලා යනවා. ඔය පන දා ගෙන ලිව්වට ඔයාට ලැබෙන දෙයක් නෑ.
    කෙල්ලෙක් කුණුහරප කියනවා බලලා එකෙන් fun ගන්න උන් හැමදාම comment දායි එත් දවස අන්තිමේදී ඔය ඔයාමයි.
    පරණ දේවල් අමතක කරලා ලෝකේ දිහා ලස්සනට බලන්න පුලුවන්නම් අන්න ඔය දිනුම්.
    අනික අක්කේ ඔය කතා කරන මාතෘකා අමුතු controversially දෙයක් නැ. sex,virginity කෙල්ලෝ බොන එවයි sexism බ්ලොග් කියවන ඉන්ටෙර්නෙට් එන හැමෝම දන්නා දේවල්.
    එක්කෝ මොන බම්බුවක් ද ඔය කැමති ඕනේ දෙයක් ලියන්න. හැබැයි ඉස්කොල්ලේ ළමයිනුත් එන නිසා මේ බ්ලොග් එක වැඩිය syndiyata ගැලපෙන්නේ නෑ කියල හිතෙනවා.
    අපරාදේ මගේ කාලය එක ගියාට පස්සේ තමයි තේරෙන්නේ.

    ReplyDelete
  16. කෙල්ලෝ බිව්වහම මරු.... සෙල්ලමට.........

    ReplyDelete
  17. කෙල්ලෝ බොන එක වැරදි වෙන්න පුළුවන්...හැබැයි කොල්ලෝ බොන එකත් වැරදි වෙන්න ඕන..

    ReplyDelete
  18. බොන එක හොඳ හරි නරකහරි කෙල්ලන්ටත් එකයි කොල්ලන්ටත් එකයි... ඒක හරි..

    ඒත් මේක...

    //මං කියන්නේ පොඩි කාලෙන්ම බොන්න දෙන්න ඕනේ හැම කෙනාටම කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත්.//

    තකතිරු අදහසක්...

    ReplyDelete
  19. කෙල්ලෝ බිව්වට නං කමක් නෑ හැබැයි බයයි ඒගොල්ල එක්ක බොන්න....

    ReplyDelete
  20. කතාව සිරා.එකෙක් මගේ බ්ලොග් එකට ඇවිත් කියල තිබ්බා වෛශ්‍යාවක් නොවේ කියන බ්ලොග් එකයි මගේ බ්ලොග් එකයි යන්නේ එකම පාරේ කියල .ඒ නිසාම මට ඕනි උනා මේ පැත්තේ ඇවිත් විසිට් එකක් දාන්න..පොර ඇයි එහෙම කිව්වේ කියල දැන් තමයි තේරුනේ..

    ReplyDelete
  21. කෙල්ලොන්ට අරක්කු ගන්න බැරිද.... ??? එහෙම එකක් තියෙනවද...

    ඔන්න මම බෝතලයක් අරන් එන්නම් අපි දෙන්න දවසක ගහමු මචන්.. ෆ්‍රෙන්ඩ් ෂිප් එකට..:D

    ReplyDelete
  22. පොඩි මෑන් : ඔව් බන් පොඩි කෙල්ලොන්ට අරක්කු වෙකුනන්නේ නැහැ. ඒක නිතිය එල සෙට් වෙමු දවසක එහෙනම්

    ReplyDelete
  23. @ramesha : මන් තාම උබේ බ්ලොග් ඒක කියවන ගමන් ඉන්නේ. මට කියන්න හිතුන හැම දේම කියල තියෙනවා මට වැඩ හොදට. බලන් ඉන්නවා දුර ගමනක් යමු

    ReplyDelete
  24. @ඔබ නොදු‍ටු ලොවක් : මොකෝ පරාද වෙයි කියල හිතලද

    ReplyDelete
  25. @4th Ano : ඉතින් එහෙනම් බැලුවේ මොකොටද කොල්ලෝ. බලන්න එපා ඔය නොබැලුව කියල මන් නොලිය ඉන්නේ නැහැ

    ReplyDelete
  26. මද්‍යසාර ශරීර ගත වුණ ගැහැනු අයගෙ ලිංගික හැඟීම් වර්ධනය වෙනවා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරපු සත්‍යයක්! ඕන්නම් ගූගල් දෙයියාගෙන් අහලා බලන්න..

    "සුරා පානය කළ කත පහසු ගොදුරකි"

    ප.ලි - පිරිමි අයට වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. ලිංගික හැඟීම්/ශක්තිය අඩපණ වෙනවා

    ReplyDelete
  27. අනේ බීපල්ල ,කන පාත්වෙනකන් , වැටෙනකන් ,කුණුවෙනකන් ඕන තරමක් සැන්ඩි ඇතුව හරි නැතුව හරි (ගමේ බඩු,රට බඩු, ලංකාවේ ස්පෙෂල් ඕන දෙයක්) ...හැබැයි බොනඑක මොකා බිව්වත් ශරීර සවුක්කියටනම් හොද නැහැ...පුලුවන්නම් නොබී ඉන්න එකයි අමාරැවෙන් හරි කරන්න ඕනෙ.....මේ වැදිබණ කිව්වට මාත් බොනව....

    ...බොන්ඩ ඕනෙ නැහැ ...බීම කියන වචනෙ ඇහුනම ගෙවල් දොරවල් වලින් ඇහෙන මදුර මනෝහර සංගීතෙ මතක්වෙනකොට මට නම් හිතෙන්නේ මේ සිරිලංකාව ඇතුලෙන් බොනවට කැමති(බොන්ඩ කැමතියි කියන්නේ බොනවටත් කැමතියි කියන එකනේ)ගෑනු පරානයක් හොයාගන්න එක සෑහෙන්න අමාරැදෙයක් ....ඒක හින්ද වන් ශොට් කෙල්ල බොන්න කැමතියි කියනවනම් කැමති වෙයල්ල....මොකද දෙන්නට එකට ඉදන්ම ෂොට් එක දැම්මහැකි.... විහිලුවට හොදේ..
    ....
    ....කෙල්ලෙක් බොනවයි කියන එකනම් මහලොකු දෙයක් නෙමේ...ඔය මුහුදුබඩ පළාත්වල එහෙම බොනගෑනු ඕන තරම් ඉන්නව...ඔය ගමේ ගොඩේ දේශිය නිෂ්පාදන නිපදවන ගෑනු අයත් බොනව...තව සබ්ජෙක්ට් එක කරන අයත් බොනව එළිපිටම... කෙල්ලෙක් බියර් එකක් වගේ පාටියකට ගියාම බොනවට ගොඩක් එවුන් විරැද්ද නැහැ..හැබැයි කෙල්ලෙක් අරක්කු බොනව කිව්වොත් ගොඩක් එවුන්ට දිරවන්නේ නැහැ.(අර කෙල්ල කියන වචනේ හින්ද වෙන්න ඇති)...

    ....ඔය මොන මගුල වුනත් ගැබිනි මාතාවක් එහෙම බොනවනම් මම නම් විරැද්දයි...වෙන මොකටවත් නෙමෙයි අර ඉපදෙන්න ඉන්න පරානේ ගැන හිතලා....

    ReplyDelete
  28. ....තව දෙයක් අමතකවුනා ..සිරාවටම මේ ලංකාවේ කාන්තාවන්ට මද්‍යසාර මිලදීගන්න තහනම් කියන එක මම දන්නැති දෙයක්....ඒක නම් හොයල බලන්න වටිනව....

    ReplyDelete
  29. ඔයාට බොන්න ඔනේ නම් බොන්න.කගේවත් අදහස් අහන්න යන්න එපා.මේ මම වගේ.හැබැයි ඒ වෙලාවට ඔයා ඉන්නේ ආරක්ශිත තැනකද කියලා ඔයාට ඔනේ නං හිතලා බලන්නත් පුලුවන්.කෙල්ලොන්ට බොන්න තහනම් නැ.කොල්ලෝඅ අපෙන් අහ අහ බොන්නේ නැනේ.ද්වේශයෙන් දේවල් ලියනවට වඩා බුද්දිමත්ව හිතලා තේරුමක් තියන දෙයක් ලියන්න.

    මේ පොඩි ලමයින්ට බොන්න දෙන්න කියන එක නම් මෝඩ කතාවක්.

    ඔයාට කැමති විදිහට ජීවත් වෙන්නත් තව කෙනෙක්ට කරදරයක් නොවෙන තාක් කල් ඕනැම කෙනෙක්ට තමන් කැමති දේවල් කරන්ඩත් නිදහස තියනවනේ.

    ReplyDelete
  30. මගේ අවංක අදහස නම් - බොන නොබොන එක තමන් ගේ තීරණයක්. අනුන්ට කරදරයක් නොවෙන කං අපිට ප්‍රශ්ණයක් නෑ.

    සිගරට් බොන එකත් එහෙමයි. ඒකනේ පොදු තැන්වල බොන්න තහනම්.

    මට පෙන්නන්න බැරි දෙයක් තමයි නොබොන අය බොන අය වැරදියි කිය කිය බණ දෙසන එක.

    ReplyDelete
  31. ගෑණුන්ට අරක්කු නොවිකුණන සුරා බදු නීතියත් වෙනස් කළ යුතුයි!

    http://kathandara.blogspot.com/2011/02/blog-post_21.html

    ඒක හරිම ඩිස්ක්‍රිමිනේෂන් එකක්.

    ReplyDelete
  32. හොදකුත් තියෙනවා , නරකකුත් තියෙනවා

    ReplyDelete
  33. ලංකාවෙ නීතියක් තියෙනවා ගෑනුන්ට අරක්කු ගන්න බැහැ කියලා.{උඩින් කමෙන්ට් කරලා තියෙන ඇනෝට කිව්වෙ}

    ගෑනු ,පිරිමි කියලා වෙනසක් ඕනේ නැහැ ඕනේ එකෙක්ට කැමතිනම් බොන්න පුලුවන්, මම කියන්නේ පුලුවන්කම තියෙන්න ඕනේ...

    ReplyDelete
  34. කෙල්ලන්ට බොන්න තහනම් කොල්ලෝ බීවට කමක් නෑ කියලා මම කියන්නේ නෑ. බොන්න ඕන කෙනෙක් ඉන්නවනම් බීපල්ලා. ඕනේ නැති එකෙක් ඉන්නවා නම් නොබී හිටහල්ලා.

    මම නම් නොබොන එකාට බොන්න කියලා බල කරන්නෙත් නෑ. බොන එකාට බොන්න එපා කියලා කියන්නෙත් නෑ. සල්ලි වියදම් කරලා මම බොන්නෙත් නෑ. නොමිලේ බොන්න තියෙනවා නම් නොබී එන්නෙත් නෑ. :)

    ReplyDelete
  35. බොන එක වැරදියි.එත් බොනවානම් හැමෝටම ඒ අයිතිය සමානව තියෙන්න ඕන.....ඒත් තමන්ගේ අම්මා බොනවාට කවුරුත් ලමයි කැමති නැතිව ඇති.අනික් පැත්තටත් එහෙමයි..............මගෙ gf බොනවට මම විරුද්ද වෙන් නෑ.ඒත් බිරිද බොනවට මම කැමති නෑ................ඔය කියන දෙන්නම වෙලාවට මට නෑ

    ReplyDelete
  36. "එකට හේතුව මට පෙන විදිහට පිරිමි බයයි ගැහැණියට බොන්න පුළුවන් ගාන ඒ ගොල්ලොන්ට වඩා වැඩි වෙයි කියල. හරි කමක් නැහැ මොනවා වෙනවද?" ---> සෝක් විහිලුව.... :D :D :D

    මම නම් කෙල්ලො බොන එකට විරුද්ද නෑ..... මම කෙල්ලො එක්ක බීල තියෙනව කියන්න ලැජ්ජත් නෑ. වැඩි වෙච්ච දවස් වල මම කෙල්ලන්ව උස්සගෙන ගිහින් තියෙනව වගේම මට වැඩි වෙච්ච දවස් වලට මාවත් වුන් උස්සගෙන ගිහින් තියේ කියන්නත් මට ලැජ්ජ නෑ... කොහොමත් ඔය බාර් එකකින් අරක්කු ගන්ඩ තහනම් නීතිය තියෙන්නෙ දුප්පත් අපිට මිසක් කිරිබත්ගොඩ නුගේගොඩ කොළඹ ඉන්න ධනවත් පැළැන්තියෙ අයට නම් නෙමෙයි ඕන්.. (මොකද ඒ දවස් වල සෙට් වෙන්න බොන්ඩ අරන් එන්නෙ අපේ කෙල්ලෙක් :-D )

    හැබැයි මෙහෙම දෙයක් තියේ, අපේ සමාජෙ හැදිල තියෙන විදිය නිසා කොල්ලෙක් බීල වැනි වැනි පාරෙ යනවට වඩා කෙල්ලෙක් පාරෙ වැනි වැනී යනකොට ඒ වගේ සිද්ධි වලදි ගත යුත්තක් තිබේ කියල ගොඩක් අය හිතනව (except me)
    වඩා හොඳ කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් ඩීසන් පිට බීල ඩීසන් පිට චුත වෙන එක තමයි ඕන්....

    අපි නම් ගහෙන් බාපු බඩු වලට තමයි ගොඩක් කැමති.... ඒව එන්නෙ සූරිය සිංහ මාර්ක් එකත් එක්කනෙ...
    :D

    ReplyDelete
  37. මම නම් කැමතියි කෙල්ලො බොනවට.

    ReplyDelete