Wednesday, January 4, 2012

දතක් හා සරල කොල්ලෙක් අතර වෙනස

ඔන්න මේක කෙල්ලොන්ගේ වර්ෂන් ඒක මේක ඇත්තටම ගත්තේ කොහෙන්ද කියන ඒක දැක්කේ නැහැ. ඔන්න කට්ටිය කිව්ව තරුණයා පත්තරේ ගුරු පාරට සමන් එදිරිමුණි. කියන රචකයාගේ අදහසක් කියල හරි ඔන්න ඉතින් මන් මට හිතිච්ච විදිහට මේක අපිට ගැලපෙන විදිහට හැදුව.... යේ කියනවා හැදිච්ච ගැහැණු ළමයි නම් එන්න එපා මේක බලන්න ඒ වගේම තම පිරිමි ළමයිත් එන්න නම් එපා. හැබැයි මේ සමන් එදිරි මුනිට වැරදිලා තිබ්බ දෙයක් තියෙනවා ඒ තමා හැම පට්ට කෑල්ලම ඒක වගේ නැහැ. සමහර පට්ට කලි අතරේ හැංගිච්ච සරල කෙල්ලෙක් ඉන්නවා කියන එක

මේක හදිස්සියේ ලිව්වේ ඉතින් වචන හදල දාන්නම් ඉන්නකෝ හැබැයි ටිකක් ඉන්න හොදේ

******************************************************


කෙල්ලෙක් අද කාලේ තවත් කෙල්ලෙක්ගෙන් කොල්ලෙක් යාළු කරගෙන ඉන්නවද කියලා අහන්නෙ කොහොමද? හරිම සරලයි.
උඹ දතක් ද ඉන්නෙ?” , “උඹට දතක් ඉන්නවද?”

සරළ භාෂා ව‍්‍යවහාරයේදී ඒ වචනය භාවිත වුණාට කොල්ලෙකුට දතක් කියන භාවිතය තුළ පුංචි පුංචි අවුල් ටිකක් තියෙනව. එහි ගෞරව සම්පන්න බවින් පුංචි අඩුවක් තියෙනවා. භාවිතයෙ අර්ථයෙන් ගත්තම සමාජ විද්‍යාත්මක අරුත් අරන් බැලුවත් දතක් සහ කොල්ලෙක් අතර බරපතල වෙනස්කම් තියෙනවා. කෙල්ලෝ හැමෝම කැමතියි කල වයස ආවම දතක් සෙට් කරගන්න. ඒකත් එසේ මෙසේ දතක් නෙමේ පට්ට දතක්. බරපතල වෙනස්කම් තියෙනවා. ඉතින් පට්ට දතක් සෙට් කර ගත්තු හැම එකිම හරි ආඩම්බර වෙනව. ඒ වගේම පොරටෝක් දෙනවා.

පට්ට දතක් සරළ කෙල්ලෙක් කියන්නෙ කවුද කියල බලමු. පට්ට දතක් කියන්නෙ ඉතාම ආකර්ෂණීය විලාසිතා අනුගමනය කරන කාගේත් සිත් දිනා ගතහැකි රූපකාය වශයෙන් ගත්තම කිසි අඩුපාඩුවක් නැති දෙයක්. තුන්සිය හැටපස් දවසෙම දතට තියෙන්නෙ එක දෙයයි. ඒ කාර් එක සහ පෙනුම නඩත්තු කිරීම. හෙට මුණ ගැහෙන ඇය හෝ අනෙකා පිනවන්නේ කෙසේද යන ගැටලුවට අමතරව ගැටලුවක් ඔහුට නෑ. සාමාන්‍යෙයෙන් දතට වැඩ බෑ. ගෙවල් දොරවල් හරියට නැහැ. දරුවෝ හදන්න පුලුවන් උනාට උන්ව නලවන්න බෑදරුවන්ට හොඳ තාත්ත කෙනෙක් වෙන්න බෑ. නමුත් දතක් සාමාන්‍යයෙන් තාක්ෂණික වශයෙන් යවත්කාලීනයි (Updated). ඔහු වෙළඳපල තුල පවතින සෑම සියලු ආකර්ෂණීය භාණ්ඩයක් ගැනම දන්නවා, ඒවා මිලදී ගන්නවා, සහ භාවිතා කරනවා. කලින් කලට වෙනස් වන නවීන පන්නයේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, නවීන පන්නයේ විලාසිතාමය ඇඳුම් පැළඳුම් ඔහුට තියෙනවා. දතක් පාරේ ගමන් කරන්නෙ හිතලා. ඇඟට අරන්. අඟල් 2ක් උඩින්. කාර් එක දිහා හැමෝම වගේ බලනවා. ආකර්ෂණීය හැමදේම කරන්නේ රටට ලෝකෙට පේන්න. නමුත්  සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොඳයි වගේ පෙනුනත් හොඳ නෑ. අහිංසකයි වගේ පෙනුනුට අහිංසකත් නෑ. සංවරයි වගේ පෙනුනට සංවරත් නෑ. දිනපතා ක්ලබින් ගියත් ඇති දෙයක් නැහැ. හැබැයි ලෝකෙට පෙන්න බුවා වගේ.
සරල කොල්ලෙක් ඊට හාත්පසින්ම වෙනස්. දතක් ඔබ ළඟට වෙලා කරන්නෙ දිලිසෙන එක. සරල කොල්ලෙක් කරන්නෙ ඔබව දිරිමත් කරන එක. සරල කෙල්ලෙක් හරිම සංවරයි. ගැහැනුන්ට ගරු කරන්න දන්නවා. නමුත් අවශ්‍ය තැන් වලදී කතා කරනවා. ගැහැණු සමග පවත්වන ගණුදෙනුව ඉතා සීමිතයි. ඔහු ආශ්‍රය කරන්නෙ අතිශය විශ්වාසවන්ත ගැහැණු  විතරයි. චාම් සංවර විලාසිතා අනුගමනය කරනවා. තමන්ගේ රූපයට ආදරෙයි, නමුත් මානුෂීය සබඳතා වෙනුවෙන් තම රූපය සහ සුන්දරත්වය නොසලකා හරින්න ඔහු  සූදානම්. ආදරයක් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් නොකා නොබී වෙහෙසෙන්නත් පුලුවන්. සරල කොල්ලෙක් තාත්ත කෙනෙක් උනාම දවසක දරුවෝ වටිනවා සරල කොල්ලෙකුට  ගේ දොර වැඩ ඕනෑම එකක් පුලුවන්. කටට රහට උයන්න. තමන්ගේ බිරිඳව මරා නොගෙන උදව් කරනවා ඒ වගේම කෙල්ලෙක්ගෙ හිතක් උස්සලා ගෙනිහින් හඳේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් පුලුවන්. දතක් ළඟ තියෙන්නෙ ආකර්ෂණීය කාමයක් හා ලිංගිකත්වයක් පමණයි. සරල කොල්ලෙක්  ළඟ ආදරයේ උණුසුම පිරී ඉතිරී ගිය සුන්දර ශෘංගාරය තියෙනවා. දතක් අපිට සැරින් සැරේට ළං වෙනවා, ඈත් වෙනවා. ඒ උනාට ආදරය කරන සරල කොල්ලෙක්ව ජීවිතේ හැමදාම ළඟ තියාගන්න හිතෙනවා. දතත් එක්ක තරහා උනාම උව බැනලා එළවගන්න හිතෙනවා. සරල කොල්ලෙක්  එක්ක තරහා උනාම වුනත් ළඟට වෙලා ඉන්න හිතෙනවා. දතක් ළඟ ඉද්දි අපිට උව  හුරතල් කරන්න හිතෙන්නේ  නැහැ, සරල කොල්ලෙක්  එක්ක ඉද්දි අපිට ඒ කොල්ල  එක්ක හුරතල් වෙන්න හිතෙනවා. දතකට සාමාන්‍යයෙන් ඔබව අවශ්‍යතාවලදී මතක් වෙනවා. සරල කොල්ලෙකුට  ඔබව හැම වෙලාවෙම මතක් වෙනවා, ඒ නිසාම වෙලාවකට ඇණයක් කියලත් හිතෙනවා. දතක, කෝල් කරන්න එපා කිව්වම, ඊළඟ අවශ්‍යතාවය එනකං සද්ද වහලා ඉන්නවා. ඒත් ඒත් ආදරේ කරන කොල්ල  එපා කියද්දිත් වාත වෙනවා. කෑවද බිව්වද නෑවද අහනවා. ගෙදර යන්නේ  කීයටද අහනවා, පරෙස්සමෙන් ඉන්න කියනවා. කොටින්ම කිව්වොත් දත සුවද ගහනවා. නිතරම කොලොන් පාවිච්චි කරනවා. සරල කොල්ලෝ   කොලොන් නැතත් හැමදාම සුවඳ හමනවා. මොකද එයාල හැමදාම නානවා. දතක් ඉන්න කෙල්ලන්ට සුභ පැතුම්, සරළ කොල්ලෙක් ඉන්න කෙල්ලන්ට බුදුසරණයිදෙවිපිහිටයි.

29 comments:

  1. එළකිරි. දත් සීයක් විතර පහු කරලා මාත් දැන් සරළ කොල්ලෙක් ළඟ නතර වෙලා. හිතාගන්න බැරි තම් අමුත්තක් දැනුනා තමයි. ඒත් ඒ මේ හින්දා කියලා තෝරගන්න මට බැරි උනා. ඔයාගේ මේ ලිපිය කියෙවුවම මට හිතුණා මේක තමයි ඒ මටත් වෙලා තියෙන්නේ කියලා. බුදු සරණ සහ දෙවි පිහිටනම් එපා සහෝදරී. මමත් සුභ පැතුමක් බලෙන් ගන්නවා...

    ReplyDelete
  2. මම මේ වගේම Post එකක් කියෙව්වා News Paper එකකින්. මට නම් පෙන්නේ මේ එකේ Opposite Post එක වගේ. එකේ තිබුනේ පට්ට කැල්ලක් හා සරල කෙල්ලෙක් ගැන. Any way thanks for the post. Keep it Up.

    ReplyDelete
  3. කාට හරි බොක්කෙන් ලව් කරන්න අරන්ද?...

    ReplyDelete
  4. මේක ගත්තෙ කොහෙන්ද කියලත් දැම්මානම් තව ත් හොදයි.මාත් මේක බුකියෙ තියෙනවා දැක්කා..

    ReplyDelete
  5. මේකෙ ඔපසිට් එක මම එලකිරියෙ දැක්කා

    ReplyDelete
  6. @1 වෙනි ඇනෝ : ඔව් මටත් ලිව්වට පස්සේ තම තේරුනේ. හා හා බලෙන් ගන්න සුබ පැතුම

    @2 වෙනි ඇනෝ : ඔව් ඔව් නිධන කතාව කියන්නම් කෝ

    @සාතන් : බොක්කෙන්ම ද කියල තේරුනේ මේක ලිව්වට පස්සේ හැබැයි එයා බොක්කෙන්ද දන්නේ නැහැ මටත් අවුල් හිත ගන්න බහ දතක්ද නැද්ද කියල

    @නිසුපා : මෙහෙමයි සිද්ධිය මන් දැක්ක සරල කෙල්ලෙක් හා පට්ට ක ලල කියල කීප තැනක කොල්ලෝ උජාරුවට කියවනවා අරෙහෙ මෙහෙ දල තියෙනවා ඔය වගේ වෙලවට ඉන්තින් මට ඇස කන් වහන් ඉන්න බැහැනේ. ඉතින් මන් පන ගෙන ලිව්වා පොස්ට් එකක් කොහෙද එක දන්නා යද්දී ගියානේ විදුලිය. ඊට පැසී එකම අර ගෙන මන් දැම්ම මේකේ කෙල්ලොන්ගේ හිතන විදිහට. හප්පා හිතුවෙත් නැහැ ඔන්න හැබැයි ඉතින් බලද්දී කොල්ලෝ මේවගේ තමා. ගත්තේ මුණු පොතෙන්.

    ReplyDelete
  7. ඕක ලියලා තියෙන්නේ ගුරු පාර කියන ආටිකල් එකේ සමන් එදිරිමුණි කියලා කෙනෙක්.

    ReplyDelete
  8. sumithra
    මමත් දැක්ක මේක මිට කලින්.
    සමන් එදිරිමුණි තමා ලියලා තියෙන්නේ.

    ReplyDelete
  9. මේකනං පට්ට එක්සෙකියුටිව් පෝස්ට් එකක්.

    අර පත්තරේට ලියල තිබුන එකත් කොහෙන්ද ගහපු කොපියක් වගේ. මේක ලියනකොට හැබැයි පොඩ්ඩක් මුල් ලිපිය ගැන කියන්න තිබුනා.
    දතක්, සරළ කොල්ලෙක් ඇරුනම ටැම්පරියෙක් එහෙමත් ඉන්නව නේද?

    ReplyDelete
  10. මේ හලෝ, මේක ඔයාගෙ මුල් පෝස්ට් එක්කලා හැප්පෙනව නේද?

    ReplyDelete
  11. මම නම් මේක කලින් කියවල නෑ ඕන්...
    මේකෙ සාර්ථක වගේම නොගැළපීමුත් ගොඩක් තියේ...
    මේ විදියට සමාජෙ හැඩ ගැහුනෙ මීට දසකෙකට විතර කලින් ඕන්... ඊට කලින් නම් මේව මෙහෙම නෑ ඕන්.... බයි ද වේ කොල්ලො ගැන නම් මෙතන නොගැළපීම් තියේ...
    ඒ උනාට හොඳයි....

    ReplyDelete
  12. මූණු පොතේ article එක දැක්කම හිතුනා මේක අපේ පැත්තෙන් ලිව්වොත් කොහොම තියෙයිද කියල. ඔය ලියල තියෙන්නේ අපූරුවට.
    තැන් කීපයක කොල්ලා කෙල්ල මාරු වෙලාද මන්ද.

    ReplyDelete
  13. මම නම් අදමයි ඉස්සෙල්ලම කියෙව්වේ.
    මරු.

    ReplyDelete
  14. මම දැනුයි කියෙව්වේ.. හිහි. දතක්නම් එපෝ....

    ReplyDelete
  15. අශේන් මලින්දJanuary 5, 2012 at 9:04 AM

    මේක ගිය සතියෙ තරුණයා පත්තරේ තිබුන ආටිකල් එකක්. ඒක නෙට් එකෙත් දාලා තිබ්බා . ඒකෙ තිබ්බෙ පට්ට කෑල්ල හා සරල කෑල්ල අතර වෙනස කියලයි. ඇත්තටම බොහොම හොද ආටිකල් එකක්. ඒත් ඔය දතක් කියන එක කෙල්ලො අතර එච්චර ප්‍රායෝගික නෑ. උන්ගෙන් ඇහුවොත් දන්නෙ නැත් වෙයි. අදමයි දතේ සීන් එක ඇහුවෙ. හැබැයි මේ ටික බොහොම ගැලපෙන්නෙ කෙල්ලන්ට.. අනික මේවා හරි කියන්නත් බෑ, ඔය චා කෙල්ලො ඉන්නෙ මෙලෝ වැඩක් බැරි. මමත් දන්නවා ඕන තරම්,, අනික කෙල්ලෙක් ගෙ කෝනෙන් කොල්ලෙක්ව මනින්න බෑ. අනික තමා මේක ලියලා තියෙන්නෙ කෙල්ලො ගැන. ඒක නිසා මේක කොල්ලන් වර්ග කරන්න ගැලපෙන්නෙ නෑ වගේ. ස්තුතියි

    ReplyDelete
  16. විකාරයක් වගේනේ! උපුටා ගත්තා නම් උපුටා ගත්ත තැන හරියටම දාන්න. අනික පෝස්ට් එක දාලා ආයෙත් කියවලා බලන්න. ඕකේ අක්ෂර වින්‍යාසය සෑහෙන වැරදියි. ඉස්පිලි පාපිලි හැලිලානේ!

    ReplyDelete
  17. එළ කෑල්ලක් සහ සරල කෙල්ලෙක් කියලා මම මේකේ කෙල්ලන් ගැන ලියපු එකක් කියෙව්වා. ඒක කියවලා කොල්ලන් ගැන ද්වේශ සහගතව ලිව්වා ද කියා හිතෙනවා.

    ReplyDelete
  18. කෙල්ලෝ කීපදෙනෙක්ම මගේ නං දත් ගැලෙව්වා.....

    ReplyDelete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  20. ගිය සතියේ තරුණයා පත්තරේ ගුරු පාරට සමන් එදිරිමුණි ලිව්ව ආර්ටිකල් එකක් මේක... පොස්ට් එක එඩිට් කරලා මුලශ්‍රයත් ලිව්ව නම් තවත් හොඳයි. තාමත් ප්‍රමාද නැනේ.

    එතන සමන් එදිරිමුණි ලියල තිබුණ කතාව නම් හරි,
    කොල්ලෙක් තවත් කොල්ලෙක්ගෙන් අහන්නේ 'උඹට කෑල්ලක් ඉන්නවද' කියල? ඒ කතාව ඇත්ත. ඒකට කොල්ලොත් එකඟ වෙයි. මොකද එක එයාලගේ භාෂාව.

    ඒත් හැම කෙල්ලම තවත් කෙල්ලෙක්ගෙන් 'දතක් ඉන්නවද' කියල නම් අහන්නේ නෑ. අහන එවුන් ඇති. ඒත් තාමත් ලංකාවේ බහුතරයක් එහෙම නෑ අක්කේ...

    මේ වගේ දේවල් ලියනකොට හැමෝම එහෙමයි කියල ලියන්න එපා.
    හැමෝම බබ්බු කියල නෙමෙයි මං කියන්නේ. ඒත් තාමත් ගොඩක් හොඳ කෙල්ලොත් ඉන්නවා. කොල්ලොත් ඉන්නවා. ඒකෙන් බහුතරයකට වෙන්නේ අසාධාරණයක්..

    ReplyDelete
  21. හැබැයි ඉතින් තියෙන වචන පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා දැම්මා කියලා තමන්ගේ වෙන්නේ නැහැ.......

    . මේක තමන්ගේ හිතට වැදුනානම් ඒක ඔයා දාන්න තිබුනා මෙතනින් ගත්තේ......... කියලා. මේක මුලින්ම ලියපු කෙනාට අගෞරවයක් වගේ දෙයක් ඔයා මෙහෙම තමන්ගේ වගේ පලකරනවා කියන්නේ.........

    පොඩ්ඩක් ඒ ගැනත් කල්පනා කලානම් මේ පෝස්ට් එකට මීට වඩා වටිනාකමක් එන්න තිබ්බා..........

    (තරුණයා පත්තරයේ තිබුණ එකක් කියලා ගොඩක් අය දන්නවා ඇති මේක)

    ReplyDelete
  22. කොපි රයිට් නම් බඩුම තමා..

    ReplyDelete
  23. මට කියන්න කොහේ කෙල්ලොද ඔය "දත" වල් කියන වචනේ පාවිච්චි කරන්නේ?

    ඔයා කෙල්ලෙක් කියලා අඟවන්නෙ බොරුවට! ඔය වචනේ කොල්ලන්ගෙ එකක්! අනික ඒක ගැහැනු පිරිමි දෙපාර්ශවයටම යොදනවා

    දත = සල්ලිකාර

    ReplyDelete
  24. @ Prabhani සහතික සච්ච

    ReplyDelete
  25. මේකට comment එකක් දෙන්න කලින් සමන් එදිරිමුණි ගුරැ පාරට ලියල තිබ්බ සටහන හොයල කියවන්න වුනා.....ඒක බලපු නැති අය ඉන්නවනම් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න...
    http://imageshack.us/f/543/kallavskella.jpg/

    ...කොල්ලෙක්ගේ පැත්තෙන් ලියල තියෙන එකට කෙල්ලෙක්ගේ කෝනයෙන් පිළිතුරක් දෙන්න සෑහෙන හොද උත්සාහයක් දරල තියෙනව...කොල්ලෙක් හින්දද කොහෙද මට නම් හිතෙන්නේ වඩා සාරථක සමන් එදිරිමුනිගේ සටහන කියල...
    .....කොහොම වුනත් මේක මෙතෙක් පළකරපු හැම පොස්ට් එකටම වඩා සෑහෙන්න වෙනස් එකක්.(භාෂා ශෛලිය සෑහෙන්න සීරැමාරැවෙන් හසුරවල තියෙනව මීට කලින් ඒවට වඩා)

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. godaak ridila wage eka patta kallakata..kohewath yana patta kallak kiyana ekiyakata dathak wechcha gotha halparuwekta nam meyage talks hariyaawi..... Saman Edirimunee aiyawa copy karata eyage level ekata enna nam godak amaru wei nangi....Thunuruwanema saranai bola wage ekiyanta............

    ReplyDelete
  28. ඒත් හැම කෙල්ලම තවත් කෙල්ලෙක්ගෙන් 'දතක් ඉන්නවද' කියල නම් අහන්නේ නෑ. අහන එවුන් ඇති. ඒත් තාමත් ලංකාවේ බහුතරයක් එහෙම නෑ අක්කේ...

    මේ උඩ ටික ලියපු වගේ කෙනෙක්ට තමයි ඕනෙම කොල්ලෙක් කැමති.මොකද මම කොල්ලෙක් විදියට දන්නවා කොල්ලෝ කැමති අහිංසක කෙල්ලන්ට . හැමකෙල්ලම නෙවෙයි ගොඩක් කුණුහරුප කියන කෙල්ලෝ.වරදේ බැඳෙනවා වැඩියි.කොහොම උනත් මොනවහරි ලියන්න.එන්නම් දිගටම බලන්න.

    ReplyDelete
  29. ඒ වගේමයි අක්කේ සමන් එදිරිමුණි කියන කෙනා ගැන ඔයා දන්නවද කියන්න මම දන්නේ නෑ.එයා තමයි තරුණයා පත්තරේ ප්‍රධාන කතෘ මමදන්න විදයට.එයාට ගොඩක් කොල්ලෝ සලකන්නේ තමන්ගේ තාත්තට වගේ.එහෙම ලිපියක් ගන්නකොට මුලාශ්‍රය දාන්න ඒක කොහොමටත් හොඳයිනේ.එහෙම නොදාපු නිසා තමයි ගොඩක් දෙනෙක්ට තරහ ගිහිල්ල තියෙන්නේ.

    ReplyDelete