Monday, January 23, 2012

ජැක් ගහද්දි බලන් හිටිය විතරද ?

මේ දවස් වල බ්ලොග් කරණය ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා ඉතින් මාත් ටිකක් බලන් ඉඳල මෙහෙම ලියන්න හිතුනේ. වටේ නොගිහින් කෙලින්ම කතාවට බහිමු. මෙහෙමයි මං මුලින්ම කියනව කෙල්ලෝ මේක බලන්න එපා බැලුවට කමක් නැහැ කමෙන්ට් කරන්න යන්න එපා. අකමැත්තෙන්.  මේ ලියුමේ ලියන කොට ඉතින් බනින්න අය ඉඳි එත් සමාවෙන්න ඇප්රුව් කරන්නේ නැහැ අනිත් එක කුණුහරුප දාන්නත් එපා මොකද මං අයින් කරනවා. බ්ලොග් එක තිබ්බ තත්වෙට ගෙන්න ඕනේ නිසා

ඉතින් දැන් කතාවට බහිමු මං ඔය පොස්ට් එකේ තිබ්බ හැම පොස්ට් එකක්ම කියෙව්වා මේකෙදි මෙහෙම දෙයක් තියෙනවා අපි හිතමු කොල්ලෙක් බස් එකේදී ජැක් එකක් ගැහුවා කියල හරි කෙල්ල කැමති නම් ඉතින් උදව්වක් දෙන එක ඒ දෙන්නගේ වැඩක් එක ඉතින් කතා කරලා වැඩක් නැහැ. නිකමට හිතමු අකමැති කියල කෙලින්ම මූණට කියන්න අපිට කටක් කියල දෙයක් තියෙනවා වෙන වෙලාවට ඔකේ සද්දේ ඉවසන්න බැහැ. එත් ඇයි කරදරයක් වෙලාවට අසරණ වෙන්නේ? නැහැ ගැහැණිය අසරණයි කියල හිතන නිසා තම ඔය දේවල් තියෙන්නේ, මිනිස්සු ජැක් ගහන්නේ, හැබැයි පොඩ්ඩක් හයියෙන් කෑගහල කිව්වොත් කවුරුත් නොදැක්ක වගේ ඉන්නේ නැහැ. මොකද තමන්ගේ ආරක්ෂාව ගැන තමන් බලාගන්න ඕනේ නිසා කොටින්ම මට ඔහොම දෙයක් උනා වැඩ ඇරිලා යද්දී 8 විතර, ඉතින් කොල්ලෝ දෙන්නෙක් ඇවිත් මගේ ගාවම හිට ගත්තත් මං ගණන් ගත්තේ නැහැ පස්සේ මුන් දෙන්න ෆෝන් එක බලන නියායෙන් මගේ කරේ. මං කෙලින්ම කතා කරලා ඇහුව මොකක්ද ප්‍රශ්නේ කියල. එතැනදී මං තනි උනේ නැහැ වටේ අයගේ බැල්ම නිසාම බස්සෙකෙන් බැහැල ගිය එතැනදී  බස් එකේ හැමෝම මගේ පැත්තේ ගත්තේ.
නිකමට කියන්න ගැණු ළමයෙක් උනාම කොල්ලෙක්ට සමාජයේ පිළිගැනීමක් තියෙනවා කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ට කරදරයක් උනාම මිනිස්සු බලනවා ඒ මේ සමාජයේ හැටි ඉතින් ඇයි අපි අසාධාරණයක් වෙනකම් බලන් ඉන්නේ. අපිට කටක් තියෙනවා නම් කියන්න බය වෙන්නේ ඇයි.? ලැජ්ජාව ඉවසන් ඉන්නවට වඩා එතැනදී කගහල හරි තියෙන උපරිම විදිහෙන් තමන්ගේ ආරක්ෂාව පැතුවා කියල එක පහත් කමක් වෙන්නේ නැහැ. පහත් කම හරි ලැජ්ජාව හරි වෙන්නේ අසහනයෙන් හරි ජැක් එක ඉවසන් ඉඳල බැහැල යනකොට මිනිස්සු ඒක වැරදි විදිහට හිතන කොට. එතැනදී තමන් හොද උනත් නරක වෙලා. ඉතින් මං මෙතනින් එහා හිතන්න දෙයක් ඕගොල්ලොන්ට ඉතිරි කරලා අනිත් කතාවට යනවා

කොල්ලෝ තමන් යාලු වෙලා ඉන්න කෙල්ල ගැන යාළුවන්ට කියන්න අකමැති කියන එක. මෙතැනදී මෙහෙම දෙයක් වෙනවා කොල්ලෙක් කෙල්ලව විශ්වාස කරන තරමට තමා කොල්ල කෙල්ලව ඔහුගේ සමාජයේදී පිළිගන්නේ. කොටින්ම කිව්වොත් හොඳම උදාහරණය මං කලින් යාළුවෙලා හිටිය කෙනා අපි දෙන්න අවුරුදු හතරක් යාළුවෙලා හිටියත් ගෙදරින් කැමැත්ත දීල හිටියත් එයාව මගේ යාළුවන් ගෙන් අයින් කරලා තියන්න මට හේතු තිබ්බ. ඉතින් කිසිම දවසක් මං එයට මගේ යාලුවන්වත් මට එයාගේ යාලුවන්වත් මුණ ගැහුනේ නැහැ. පස්සේ වෙන කෙනෙක් එක්ක එයා ඉන්නකොට අහු උනාම මට තේරුණා මං එහෙම කරන්න හේතුව විශ්වාසය එක නැති නම් ඉතින් කොහෙත්ම හිතෙන්නෙත් නැහැ සමාජයේදී එයාව පිළිගන්න. ඊට පස්සේ ඔකේ අනිත් පැත්ත. දැන් කෙනෙක්ට මං ආදරෙයි එත් එයා මව හම්බ වෙන එකවත් කාටවත් කියන්නේ නැහැ දැන් මට එක බලෙන් කියන්නත් බැහැ. කොටින්ම කිව්වොත් සමාජයේදී එයා මාව පිළි ගන්න කැමති නැහැ එත් එකට නොකී හේතුවක් ඇති. මං අහන්නෙත් නැහැ ඉතින් එකට මං හිතන කාලය උත්තර දෙයි කියල. දැනට ඇති කියල හිතෙනවා.

ඊලග පොස්ට් එකෙක් අභීත ගේ පොස්ට් එකේ ඉතුරු ටිකට උත්තර ලියන්නත් බලාපොරොත්තු වෙනවා   

46 comments:

  1. සම්පුර්ණයෙන්ම එකගයි.මටනම් තාම එහෙම දෙයක් වෙලා නැහැ. වුනොත් මමත් නිකන් ඉන්නේ නැහැ..

    ReplyDelete
  2. සම්පූර්ණයෙන්ම ඇත්ත. මම පිළීගන්නවා. ඒත් හැම වෙලාවෙදිම මිනිස්සු කෙල්ලගෙ පැත්ත ගන්නේ නෑ.කොල්ලගෙ පැත්ත ගන්නෙත් නෑ. පැත්තකට වෙලා ඉඳන් සිද්ධිය රස විඳිනවා.

    මම දැක්කා ඇත්තටම ඒ වගේ සිද්ධියක්. වාඩි වෙලා හිටපු මනුස්සයෙක් ලඟ හිටිය කෙල්ලගෙ ඇඟ අත ගාන්ට උත්සාහ කරනවා. ටිකක් වෙලා ඉඳලා කෙල්ල අර මනුස්සයට කතා කරලා කිවුවා ටිකක් එහාට වෙන්ට කියලා. මේ මනුස්සයා එකපාරම අහගෙන ඉන්ට තරම් වත් බැරි තරම් කුණුහරප ගොඩක් කියලා අර කෙල්ලට බැණගෙන බැණගෙන ගියා. පව්.. පුංචි කෙල්ලක් ඉස්කෝලෙ යන වයසෙ. කෙල්ලට ඇඬුණා. බස් එකේ කවුරුවත් වචනයක්වත් කතා කළේ නෑ.මාත් එක්ක හිටියා අපේ කන්තෝරුවෙ වැඩ කරන මිස් කෙනෙක්. එයයි මායි දෙන්නා එකතු වෙලා අර ගෑණු ලමයගෙ පැත්තට කතා කලා. ඒත් අර මනුස්සයගෙ කට වහන්න ලැබුණේ නෑ. රණ්ඩුවටමයි ආවේ.කුණූහරුප වරුසාවයි.කාර් ගන්ට සල්ලි තියෙනවා නම් බස් වල තෙරපි තෙරපි මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න එන්නේ නැහැනෙ.ඒකවත් ඒ මෝඩයා තේරුම් අරන් තිබුණේ නැහැ.

    අන්තිමට මාත් එක්ක හිටිය මිස් (එයා ටිකක් වැඩිහිටි කෙනෙක්) කිවුවා ඩ්‍රයිවර්ට බස් එක ලඟම තියෙන පොලිසියට ගෙනියන්ට කියලා.නැත්නම් ඩ්‍රයිවර්ටත් විරුද්ධව පැමිනිලි කරණවා කිවුවා.
    ඒත් අර මනුස්සයා ඊලඟ හෝල්ට් එකෙන් බස් එක නවත්තනකොටම බැහැලා ගියා.
    එදා අර මිස් කතා නොකලා නම් බස් එකේ ඒ ගෑණු ලමයාගෙ පැත්තට කවුරුත් නෑ.සමහර විට මම උණත් කතා නොකරන්ට ඉඩ තිබුණා.

    හැමදේම හැම වෙලාවෙම ප්‍රායෝගික නැහැ කියලයි මට නම් හිතෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගිකද නැද්ද කියල බලන්න ඉස්සෙල්ල ට්‍රයි එකක් දෙන්න. (ඔය කියන තත්වය ඉතා දුර්ලභයි)

      Delete
    2. මෙහෙමයි ඔහොම වෙන්න පුළුවන්. එත් කලාතුරකින් එතකොට හොඳම දේ පොඉසියේ පිහිට පතන එක

      Delete
  3. මම නම් කොල්ලෙක් තමන්ගෙ කෙල්ල මෙයයි කියල කියන්න බය වෙනව දැකල නෑ(ඇත්තටම තමන්ගෙ පෙම්වතිය නම්).. සාතන් නම් කවදාවත් ඕක කියන්න බය වුනේ නෑ.. හැබැයි සාතන්ගෙ හිටපු පෙම්වතියගෙ හොඳම යාලුවවත් එයා මාත් එක්ක යාලුවෙලා හිටිය කියන එක දැනගෙන හිටියෙ නෑ.. තාමත් දන්නෙ නෑ මම හිතන්නෙ... ;)

    ReplyDelete
    Replies
    1. ඒ අයියේ පස්සේ හරි අයියට චාන්ස් එකක් ගන්න කියලා වෙන්න ඇති :)

      Delete
    2. ඔහොම වෙනවා මන් කිව්වේ මන් උනත් කියන්නේ නැහැ හරියටම ෂුවර් වෙනකම් එත් මන් නම් දැන් කියල ඉවරයි

      Delete
  4. මෙතන ජැක් ගැසීම සාමාන්‍ය දෙයක් බවට පත් කරලා වගෙඉ මටනම් පෙන්නේ.

    #අපි හිතමු කොල්ලෙක් බස් එකේදී ජැක් එකක් ගැහුවා කියල හරි කෙල්ල කැමති නම් ඉතින් උදව්වක් දෙන එක ඒ දෙන්නගේ වැඩක් එක ඉතින් කතා කරලා වැඩක් නැහැ#

    කෙල්ල කැමතිද නැද්ද කියල මුණ බලලා ද දන්නේ නැහැ නේ තීරණය කරන්නේ? ඔයාගේ කතාවේ හැටියට අකමැති කෙල්ලෙක්ට ජැක් 1 ක වැදුනොත් කියා අයින් වෙන්න ඕනේ .

    එතකොට ලංකාවේ බස එකක මානසික නිදහසකින් තමන්ගේ ගරුත්වය තියාගෙන යන්න බේරී වෙඉ.

    ReplyDelete
    Replies
    1. කැමතිද නැද්ද කියල තප්පර ගානකින් තේරෙනවා ... ජැක ගහන එකත් කලාවක් .. :)

      Delete
    2. එතකොට දැනුමක් තේරුමක් නැති පොඩි එවුන්ට වදින ජැක්‌ ගැන ඔහේ මොකද කියනේ? එකත් තප්පර ගානකින් තේරෙනවා ඇති. තේ කන කට්ටිය නේ මේ රටේ ඉන්නේ බලාගෙන ගියාම ..

      Delete
    3. ඔය හරියට විහිලු කරනවා වගේ. මන්දිර වලින් බැහැල සුන්දර කතා කියන ගිරවෙක් වගේ නොයිඳ ඊට වැඩ ප්‍රයෝගිකව කතා කරන්න. එක්කෝ ඔයාට සිංහල තේරෙන්නේ නැහැ. මේකේ තියෙන්නේ ජැක ගහන එක ගැන නෙමේ. ඒකට එහෙම වෙන්නේ නැති වෙන්නේ නැතිව ඉන්නේ කොහොමද කියල

      Delete
    4. වෛශ්‍යාවක් නොවේ මම කතා කලේ බොහොම ප්‍රයෝගිකව තමයි. මොකද මම මේ රටේ බස් වල ගිහින් තියෙන නිසා. එහෙම ජැක වදින්නේ නැති වෙන්න ඉන්න හැටි ජැක එකක් වදිනවවත් කියල දන්නේ නැති පොඩි ළමයෙක්ට කියල දෙන්නේ කොහොමද?

      Delete
  5. අනෙ මන්ද ...යකෝ ජැක ගහන වෙලෙ වැලක් අදල පාඩුවෙ ආතල් එක ගනිල්ලකො ..පිරිමි කමට ලැජ්ජ කරන්නෙ නැතුව...

    ReplyDelete
    Replies
    1. අයෙත් අහල මොකට නටනවද ප්‍රසිද්ධියේ

      Delete
  6. ඔය ගැන මට කියන්න තියෙන්නෙ ...
    ඕවා අතීතයෙත් වුනා .. දැනුත් වෙනවා .. අනාගතයෙත් වේවි.
    මමත් කැමති නෑ .. කෙල්ල හෝ කොල්ලගෙ අකමැත්තෙන් ඔය දේ සිද්ද වෙනවට. ඒක වෙන්න ඕන කාටවත් කරදරයක් නොවෙන විදිහට.

    ReplyDelete
    Replies
    1. ඊලඟ පාර තට්ටු කරලා අහන්න " නංගි මම ජැක් එකක් ගැහුවට කමක් නැද්ද කියල " නැත්නම් අකමැති අය පවුනේ

      මොකෝ මුනේ ලියවිලා තියෙන එකක් යැ

      Delete
    2. Shenzy ..
      ඇයි ඉතින් ඔයා නංගිල ගැන විතරක් කතා කරන්නෙ... මම නංගිල සහ මල්ලිල දෙගොල්ලන්ටම පොදුවෙ යි කියල තියෙන්නෙ.

      Delete
    3. අනේ ඉතින් මල්ලිලා ටික ඉන්නේ ජැක් එකක් වදිනකන් අසාවෙන් බලගේනනේ . අකැමති කෙනෙක් අයින් වෙන්න නේ. එකනේ ඔය කට්ටියගේ තියරි එක.

      කැමැත්තෙන් ඕන එකක් ගිහින් ජැක් බැරිනම් වෙන එකක් හරි ගහගත්තට මට මොකෝ. මට අල ද?

      Delete
    4. ඔයාට අල නෙමේ මට පෙන්නේ ඔයාට වෙන ලෙඩක් වගේ

      Delete
  7. ඔය ගැන මට කියන්න තියෙන්නෙ ...
    ඕවා අතීතයෙත් වුනා .. දැනුත් වෙනවා .. අනාගතයෙත් වේවි.
    මමත් කැමති නෑ .. කෙල්ල හෝ කොල්ලගෙ අකමැත්තෙන් ඔය දේ සිද්ද වෙනවට. ඒක වෙන්න ඕන කාටවත් කරදරයක් නොවෙන විදිහට.

    ReplyDelete
    Replies
    1. දෙන්නගෙ කැමැත්තට වෙන ඒවට ජැක් ගහනව කියන නම පාවිච්චි කරන්න ඕනැ නෑ

      Delete
  8. අද පෝස්ට් එක නං වැදගත් කාරණාවක් ගැන කතා කරන්නෙ. ස්තුතියි මුලින්ම.
    බස් වල ජැක් ගහන එක වැරදියි. මං නං ජැක් ගහන්නෙ නෑ (දැන්නං වයසයි කියමුකො. ඒ කාලෙ ගැහුවෙත් නෑ) හැබැයි ඔටෝ ජැක් වදින වෙලාවල් තියනව.
    තරු අරුන්දතියෙ, මේ අහන්න. කළාතුරකින් කෙල්ලගෙ පැත්තට කතා කරන්න කෙනෙක් නැති වුනා වෙන්න පුළුවන්. ඒත් 99% අවස්ථාවලදි වැඩි සපෝර්ට් එක කෙල්ලට හම්බවෙනව ෂුවර්.
    අනිත් එක කෙල්ලනේ බය නැතුව ගනිල්ල සෙරෙප්පුව අතට.

    ReplyDelete
    Replies
    1. මාර වැඩේ! දැන් බලාගෙනය යද්දී ලංකාවේ වැඩියෙන්ම ජැක් ගහන්නේ ගෑනුනේ...
      පවු අප්පා ලංකාවේ පිරිමි

      Delete
    2. එක කෙල්ලනේ බය නැතුව ගනිල්ල සෙරෙප්පුව අතට.
      එල

      Delete
    3. Shenzy beLLa කියන්නෙ මොකක්ද කියල මටනං තේරෙන්නෙ නෑ. කවුද කියන්නෙ ගෑනු ජැක් ගහනව වැඩියි කියල? ජැක් ගස්සවාගන්න ගෑනු ඉන්නව කියල කවුදො කියල තිබුන. ඒක ඇත්ත. ඒ වුනාට බස්වල ජැක් ගැසීම වැඩියෙන් කරන්නෙ පිරිමි. ඒ වගේ වෙලාවකදි ජැක් එක වැදිච්ච එක්කෙනා ගත යුතු පියවර ගැනයි මේ වැදගත් සාකච්ඡාව.

      Delete
    4. @Shenzy beLLa : well maybe u damn bloody have a problem of understanding sinhala. this is not about something that how women do it. this is about something why do girls keep their mouth shut when such kind of harshness happen in side the bus IF U DON't understand it's not my problem women..

      Delete
    5. Mobileman මට තියෙන ප්‍රශ්නේ ඇයි මේ හැමෝම ජැක වැදුනම ගතයුතු පියවර ගැන කතා කරන්නේ?
      ජැක ගැසීම සාමාන්‍ය සමාජයක නොවිය යුතුයි . මොකද ලංකාවේ නීතියට අනුව අවුරුදු 5ක් දක්වා සිර දඩුවම් ලැබිය හැකි වරදක්. ( මේ නීති කොතෙක් දුරට ක්‍රියාත්මක වෙනවද කියන එක ප්‍රශ්නයක් සහ නීති පිහිට ලබන්න යන කාන්තාව බොහෝ අතවර වලට පත් වෙනවා )
      ජැක ගැසීම කියන්නේ ලින්ගික අසහනයකින් ඉන්න මිනිස්සු කරන දෙයක්.( මගේ දැනුමේ හැටියට) ඒ නිසා එක නතර කිරීම ගැන කතා කලයුතු නැද්ද?

      වෛශ්‍යාවක් නොවේ : මට සිංහල තේරුම ගැනීමේ අපහසුවක් නැහැ. මම කියන සිංහල මේ අයට වැටහෙන්නේ නැති එක තමා මට තියෙන ලොකුම ප්‍රශ්නය. මම කියන්න උත්සහ කරන්නේ" ජැක ගැසීමෙන් වළකින්නේ කෙසේද" කියන එක කතා කරනවට වඩා " සියලු දෙනාට සුරක්ෂිත සමාජයක් ඇති කරන්නේ කොහොමද" කියන කතාව වැදගත් කියල.

      Delete
    6. Shenzy beLLa - Comment 1
      මාර වැඩේ! දැන් බලාගෙනය යද්දී ලංකාවේ වැඩියෙන්ම ජැක් ගහන්නේ ගෑනුනේ...
      පවු අප්පා ලංකාවේ පිරිමි
      Shenzy beLLa - Comment 2
      ඇයි මේ හැමෝම ජැක වැදුනම ගතයුතු පියවර ගැන කතා කරන්නේ?
      ජැක ගැසීම සාමාන්‍ය සමාජයක නොවිය යුතුයි
      ?????????

      Delete
  9. අඩේ මැක්සා වැඩේ,, අදත් අපේ ඉස්කෝලෙ කොල්ලො සෙට් එක කතා වුනේ ඔය ජැක් ගැසීම සම්බණ්දයෙන්.. මෙයත් අදම ජැක් ගැන ටෝකක් දීලා... මට ඉතින් ඔය වාසනාව නෑ බස් වල යන්න. අඑ උන් කියනකොට ඉරියාවෙන් අහගෙන ඉදියා මුන්ගේ වාසනාව කියලා..

    ReplyDelete
  10. මෙහෙම එකක් තියෙනවා ... ඩෙස්මන්ඩ් මොරිස් ගේ පොතකට අනුව පිරිමි පළමු වරට සුරාන්තයට පත්වුණු විදිහ මුළු ජීවිතේටම බලපානවා .... ලංකාවේ ගොඩක් පිරිමි පළමු වරට ලිංගික (වගේ) අත්දැකීමක් ගන්නේ බස් එකේදී වෙන්න ඇති .... මෙහෙම අයට අර වැඩේ කරාටත් වඩා හැගීමක් මේකෙන් ලැබෙනවා ඇති ..........

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවනි. ඒත් ඒක ලිංගික හිංසනයක්. සමාව දෙන්න බෑ.

      Delete
  11. බස් එකකදි කෙල්ලෙක් කට ඇරියොත් අනිවා 90% ගන්නේ කෙල්ලගෙ පැත්ත...හැබැයි බැරිවෙලාවත් ජැකාගෙ පැත්කට කතාකරන්න දෙතුන් දෙනෙක් හිටියොත් ඉතින් කෙල්ලට සොරි තමයි...කෙල්ලගෙ පැත්තට කතාකරපු අර 90% ම අර ජැකාගේ පැත්තට හැරෙනව...කොටින්ම කෙල්ල කොල්ලට කියල බලෙන් ජැක් එකක් ගස්සව ගත්ත වගේ වෙනව..ඒවගේ වෙලාවට කරන්න තියෙන හොඳම දේ පොළිසියට යන්න හඳන එක .ගොඩක් උන්ගේ හුලං බහිනව එහෙම කලහම....
    ....හැබැයි දැන් කාලේ ගොඩක් කොල්ලන්ට ජැක් ගහන්න තරම් අසහනයක් නැහැ...ඔය අසහනේ වැඩියෙන් තියෙන්නේ 40+ වයසක අංකල්ලට ....
    ....කොල්ලෙක් කෙල්ලෙක්ට සිරාවට ලව් කරනව නම් ඌට ඒක යාලුවන්ගෙන් හංගන්නවත් සමාජයෙන් හංගන්නවත් ඕනෙ නැහැ...ඌ ඒක එළිපිටම කරනව....එහෙමමත් එකෙක් තමයි ,රෑම් වලටයි.බොක්ස් වලටයි දක්කල කෙල්ලව චා කරන්නේ....මොකෙක් හරි එකෙක් හැංගිලා කෙල්ලෙක්ට ලව් කරනවනම් එතන ලොකු ප්‍රස්නයක් තියෙනව....

    ReplyDelete
  12. හප්පේ ජැක් ගහන තරං ආතල් එකක් කොහෙන්ද..ඒක දන්නේ ගහන එකයි ගහපු එකයි වැදිච්ච එකයි....ජැකට එන්ටර් වෙනකොට එන රිප්ලයි එක අනුව තමයි වැඩේ යන්නේ....ග්‍රීන් ලයිට්නං වැඩේ ගියා දිගටම..රෙඩ් ලයිට් වගේනං වෙන එකකට එන්ටර් වෙනවා...සමහර වෙලාටම ඔටෝම ජැක් සෙට් වෙනවා...මේවා ඉතිං හංගන්න දේවල්ද...

    ReplyDelete
  13. "ඇයි කෙල්ලන්ට කටක් නැද්ද? ඇයි විරුද්ධ වෙන්න බැරි?" කියල අහන එක හැම වෙලේම සාධාරණ නැහැ. මේ මම ඉස්කෝලේ යන කාලේ වෙච්ච සිද්ධියක්. ඉස්කෝලේ සුදු ඇඳුමෙන් ම බස් එකේ යමින් ඉඳපු ගෑනු ළමයෙක්ට (අපේ ඉස්කෝලෙම ළමයෙක්) ඔහොම වැඩක් වෙලා එයා විරුද්ධත්වය ප්‍රකාශ කළා...අර මිනිහගෙන් එයාට අහගන්න හම්බ උනේ මොනවද දන්නවද?

    "තමුසේ හිතන් ඉන්නේ නෙලුම් මලක් කියලද?....ඉන් එහාට &^%^%^&%&^#$##%$%$"

    බස් එකේ හිටපු වැඩිහිටි ගෑනු පිරිමි කවුරුත් කටක් ඇරියේ නැහැ..අර ළමයා ඊ ළඟ හෝල්ට් එකෙන් බැස්සා..මමත් ඒ වෙලාවේ කට ඇරියේ නැත්තේ ඒ මිනිහගෙන් කුණු හර්ප අහගන්න මටත් ඕන කමක් නොතිබුන නිසා. ඒ නිසා පාසල් යන වයසේ අයට ඔය "විරුද්ධ වෙනවා" කියන එක හැම තිස්සෙම ප්‍රායෝගික නැහැ.

    මෙතන ඔයා වැරැද්ද පටවලා තියෙන්නේ ගැහැනුන්ට. ජැක් ගහද්දි ගැහැණු කට අරින්නේ නැහැ කියලා. ඒක වැරදියි.

    ReplyDelete
    Replies
    1. මමත් ඉස්සරල කිවුවෙ ඒකයි.මම උනත් එදා මගෙ සහයට කවුරු හරි නොහිටියනම් ඒ ගෑණු ලමයා වෙනුවෙන් කතා නොකරන්ට තිබුණා. විඳින හිරිහැරේ මදිවට විරුද්ඬ උණාම කුණුහරපත් අහගන්ට වෙනවනම්, ශාරීරික අතවරේ මදිවට මානසික අතවරයකුත් සිද්ධ වෙනවා.
      තමන් වෙනුවෙන් තමන් කතා කළාට තමන් වෙනුවෙන් අනිත් අය නම් කතා කරයි කියලා බලා පොරොත්තු වෙන්ට බෑ අද කාලේ. තමන් හිසට තම අතමය සෙවනැල්ල.

      නමුත්... බස් වල යද්දි තමන්ට හිරිහැරයක් සිද්ධ වෙනවනම් ඒකට විරුද්ධව කතා කරන්ට බය වෙන්ට එපා.එතනින් එහාට තවත් කරදර වෙනවනම් බස් කොන්දොස්තර හා ඩ්‍රයිවර් දැනුවත් කරන්ට. එයාලා බැඳිලා ඉන්නවා බස් ටිකට් එකට ඔයාලාගෙන් සල්ලි ගන්නවා වගේම පහසුවෙන් ගමන යන්ට අවස්තාව සලසලා දෙන්ටත්.( ඒ කියන්නේ අදාල පුද්ගලයා බස් රථයෙන් බැස්වීම, එහෙම නැත්නම් ලඟම තියෙන පොලිස් ස්තානයට භාර දිම ආදී නිසි පියවරක් ගැනීම ඔවුන් කල යුතුයි)

      බස් කොන්දොස්තර හා ඩ්‍රයිවර් වරයා විසිනුත් ඊට එරෙහිව පියවරක් නොගත්තොත් ඔයාලට පුළුවන්ඔවුන්ට විරුද්ධවත්, තමන් මුහුණ දුන් අතවරය පිළිබඳවත් ලඟම තියෙන පොලිස් ස්තානයේ ළමා හා කාන්තා කාර්‍යාංශයට පැමිනිලි කරන්ට.ගමන් කළ බස් රථයේ අංකය බලා ගන්ටත් අමතක කරන්ට එපා. ළමා හා කාන්තා කාර්‍යාංශය මගින් ඔවුන් පිළිබඳව සුදුසු පියවර හැකි ඉක්මනින්ම ගනීවි.

      Delete
  14. බ්ලොග් එක පරණ තත්වෙට එනවනම් මමත් ආයෙ කමෙන්ට් දානවා.....
    ගෑණූ කෙනෙක් අපහසුතාවයට පත්වෙනවනම් මම ඇතුලු තව ගොඩක් අය උදවුවට ඉදිරිපත් වෙනවා... මම එහෙම එක පාරක් ටිංකිරි ගාගත් හින්දා...දැන් ජැක් එකකදි කෙල්ල මොකුත් නොකියා ඉන්නවනං මමත් ගහගනින් කියලා පාඩුවේ ඉන්නවා..

    ReplyDelete
  15. සෙරෙප්පුවෙන් ගහන්න යන්නත් එපා, කටුවලින් අයිනව වගේ ගොන් වැඩකරන්නත් එපා. ඔහොම සිද්ධියක් උනාම කරන්න තියෙන්නෙ එතනින් වෙන තැනකට යන එක. (බයට නෙවෙයි හොදේ) ඒකත් කරන්න බැරිනම් කටඇරල කතා කරන්න.
    දැන් ඉතින් කියන්න එපා, නැත්තම් මුන් පාඩමක් ඉගෙන ගන්නෑ අරකයි මේකයි, මොකද සෙරෙප්පුවට බයේ ගහන එකා නොගහ ඉන්නෑ. අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. කරන්න පුලුවන් අපිට වෙනස් වෙන එක විතරයි. ඔය චන්ඩි පාට්ස් දාන අයට පුලුවන් කියන්න විතරයි. අනික අපිට කරදරයක් උනාම ඔය කවුරුත් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහෝ වෙලාවට ජැක් ගැසීම කරන්නෙ බස් වල අතුරු සිදුරු නැතුව සෙනග පිරිල ඉන්නකොට. වෙන තැනකට යනව කියන එක ප්‍රායෝගික නෑ. පුළුවන්කමක් තියෙනවනං එහෙම නොගිහින් ඉන්නෙත් නෑනෙ. කටු වලින් අනින එක හාස්‍යජනකයි. ඒත් සෙරෙප්පුව කියන්නෙ කාන්තාවන් විසින් පාවිච්චි කරනු ලබන සමාජය පිළිගත් ආයුධයක්. ඒ වගේ වෙලාවක ගෑනු එක්කලා ගහගන්න යන පිරිමි කොහෙද ඉන්නෙ?
      කතා කරල බේරගන්න බැරි නිසානෙ මේ විකල්ප හොයන්නෙ.
      "අපිට කරදරයක් උනාම ඔය කවුරුත් නෑ" කියල හිතනවනං මොකවත්ම කරන්න බෑ. දීගෙන ඉන්ඩ තමයි වෙන්නෙ.

      Delete
  16. කියන්න තරම් දෙයක් නෑ පොස්ට් එක ගැන මොකද මේ වගේ පොස්ට් දෙක තුනකම එකම විදියේ කමන්ට් දාපු නිසා.

    ReplyDelete
  17. මෙහෙමයි අක්කෙ ඔයා හිතන විදියෙ මහා දරුණු දෙයක් නම් නෙමෙ..ඔන්න බස් එකට නැග්ග පොඩ්ඩක් කෙල්ලට කිට්ටු කලා..කෙල්ල අකමැති නැත්තං ඔන්න වැඩේට පොඩ්ඩක් සෙට් වෙනව..අකමැතිනම් අකුලං නිකම් ඉන්නව...
    මේක මහා විශාල සංසිද්දියක් නෙමෙ..මං උනත් කෙල්ල අකමැති වගේනම් පොඩ්ඩක් ඇහැ දාල බලනව පුලුවං කමක් තියෙනවනම් කතාකරනව..
    කැමති වගේනම් ඉතින්..අයියො මට නැති ලූල් මාලු අරූ කනව කියල හිත හිත ඔහෙ ඉරිසියාවෙන් යනව...
    මේ ජැක් ගහනව කොල්ලො කෙල්ලො රූම් වලට යනව කියන දේවල් ජාතික ප්‍රශ්ණ කරගෙන තියෙන්නෙ පත්තරකාරයො..උන්ට ලියන්න මොනාහරි කෙහෙම්මලක් නැති උනාම පත්තරේ පිරෙන්න..අද සමාජය,අද කාන්තාව, කාන්තා හින්සනය, බවුමික අකන්ඩතාවය, ලිංගික සූරාකෑම, වහල් සේවයට කාන්තාව..වගේ ඇඩ් දානව..ඒ උන්ගෙ ජොබ් එකනේ..බොස් ..අපි එතනින් එලියට එන්න ඕනි...
    ගහන කෙනාටත් වදින කෙනාටත් අවුලක් නැත්තං..ඔතන ලමයි හම්බෙන්නෙත් නැත්තං කාටද ඕකෙ තියෙන අමාරුව...

    ReplyDelete
    Replies
    1. @ amila chathuranga
      ඔයා කියන දේ තේරුම් ගන්න.
      ගහන කෙනා සහ වදින කෙනා අතර අවුලක් නැත්තං වෙන කාටවත් ඒකට හොට දාන්න උවමනාවක් නෑ. මේ අපි කතාකරන්නෙ කෙල්ලොන්ගෙ අකමැත්ත පිට බලහත්කාරෙන් ‍වල් කොල්ලො කරන වැඩේ ගැන නෙ. ඒක ජාතික වැදගත්කමක් තියෙන කාරණාවක්.
      (කොල්ලට කෙල්ල බලහත්කාරයෙන් කළත් ඒ වගේම තමයි. ඒත් එහෙම තත්වයක් පේන්න නෑ තවම අපේ රටේනං)

      Delete
    2. මීට මාස ගානකට පෙර ජැග් ගැසීම ගැන මා ටිකක් පුලුල්ව ලිව්වා මේක ජාතික වැදගත්කමක් නැති එහෙත් වැදගත් දෙයක් මේන් මේකට ගොඩ වෙලා එන්න වෙන වැඩක් නැත්තං...
      http://ansathudinapotha.blogspot.com/2011/07/blog-post_30.html
      මෙය ඇඩ් දැමීමක් නොවේය...මට දීර්ඝ කොමෙන්ටුවක් දැමීම අපාසු හෙයින් කල සෝට් කට් එකකි..

      Delete
    3. මං බැලුවා ඒක. සමාවෙන්න දිගට කියවන්න වෙලාව මදිවගේ. ඔයාගෙ විශ්ලේෂණය හොඳයි. ඒත් මෙහෙම දෙයක් තියනව. පිරිමි අපි ඔය ජැක් එක ගහන්නෙ කොහාටද කියල හිතන්න. ඒකෙන් එයාලට එහෙමට වින්දනයක් ලැබෙන්නෙ නෑනෙ. වින්දනයකට වඩා හිරිහැරයක් වගේනෙ. ඉතින් එතකොට ඒක සාධාරණ වැඩක් වෙන්න බෑනෙ.
      මැදි වියේ සහ මහලු වියට ආසන්න වූ අය මේවට වැඩිපුර යොමු‍ වෙන්නෙ ඔයා කියන හේතු නිසා තමයි.
      තමන්ගෙ බිරිඳගෙ උනන්දුව (වයස 45 විතර වෙනකොටම) නැති වී යාම
      ගෙදර දරුවන් වැඩි වියට පත් වුනාම ඔය කාරණා කටයුතු ගෙදරදි කරන්න අපහසු වීම
      ඉන්ටනෙට් ඩීවීඩී බලන්න දන්නැතිකම, ඇස් පෙනීම අඩු වීම, අවස්ථාවක් නැති වීම
      කොල්ලො ජැක් ගහනව අඩු ඇති. ගැහුවත් කෙල්ලො එච්චර අකමැති නැතුව ඇති. සමහරවිට අනුකම්පා කරනව වෙන්නත් පුළුවනි.

      Delete
  18. හැම අවස්ථාවකම කෙල්ල්ගෙ පැත්ත ගන්නවා කියලා පූර්ව නිගමන වල ඉන්න බෑ.

    ReplyDelete