Monday, April 23, 2012

උත්ත

උත්තෝ උබ මොන උත්තක්ද කරන්නේ?
එයි බං උත්තෝ උබනේ මට ඒම කරන්ඩ කිව්වේ
රෙද්ද ඇයි දැන් උබ මට උත්ත උත්ත ගාන්නේ
අලි දැන් එක උත්ත නෙමේද?
උත්තෝ ඒ "උ" නේ  "උ" නෙමේ බන්
නැහැ නැහැ බන් එක "උ" තමා
අලි අලි බන් උබේ කොන කොට නිසා යේක උත්ත වෙනවා
මගේ දිව කොත නිසා ඒක උ වෙනවා  

Monday, March 5, 2012



වැහි වළාකුළු
ඇවිත් පුර හඳ
වසා දැමු කල
නිහඬ වේවිද
නගන කෑමොර
අදුරු කුටි තුලින්

පියවි ලෝකය
නොපෙනෙනා තරු
කඩ වැටෙමින් 
පොලෝ තලයට
අවුළුවාවිද මිහි කතුන්

එකම හුස්මට
දැවෙන වාතල
ඔහේ විසිවී ගියාදෙන්
නුබට බර නැති
අපට දුක නැති
අනාවක හෙට ලියාපන්  

Sunday, February 26, 2012



ඇයි උබ මට එහෙම කලේ? කියපන් උබ දන්නේ නැද්ද ධනුකයි මායි යාළුවෙලා ඉන්න කෙනා කියල. උබට මං මොනවද අඩු කලේ උබ මට මෙහෙම කරන්න කියපන්. ඇයි එහම කලේ? මේ වගේ බලු වැඩක්.


මං රෙහානාව හයියෙන් බිත්තියට හේත්තු කරගත්ත ඒ ලොකු ඇස ගෙඩිවලින් කඳුළු බේරෙනවා ඊයේ වෙනකන් ගොඩක් ආදරයක් තිබ්බ ඇස්වල දැන් එහෙම නැද්ද කියල හිතුන. ඔව් එක බත් කට කට අනල කැව්ව මේ අත් දෙකෙන්ම ඒ කම්මුල් රතු වෙන්න රිද්දෙව්වා. මං වැරදිද තාම මට තේරෙන්නේ නැහැ. මං අත්මාර්ථකමිද? එහෙම නැත්තම් මොකක්ද කියල මං දන්නේ නැහැ. එත් ඒ කෙල්ලට වැරදෙන්න දෙන්න බැහැ.  

ඔයා මට අවසර දීල තිබ්බ ඕනේ වෙච්ච කලෙක වෙන කෙනෙක් ගාවට යන්න. එකයි අනු මං එහෙම කලේ 


ඔව් ඇත්ත එත් ඇයි උබ ධනුකව තොර ගත්තේ? උබ දන්නවා එක මට ඉවසන්නේ නැහැ කියල.


මං හිමින් ලංවෙලා පුරුදු විදිහටම ඒ සිතල තොල් දෙක උණුසුම් කරා නැහැ වෙනසක් නැහැ ඒ ආදරේ එහෙම්මම තවම තියෙනවා මට දැනුන. රෙහනා මගේ තුරුලට වෙලා ඉස්සර වගේම එත් කවද හරි යන්න යාවි ඒ වෙනස හොයා ගෙන මම දිග හුස්මක් ගත්ත පුරුද්දට.


රෙහනා ඔයා ධනුකට කැමතිනම් පරිස්සමෙන් ආශ්‍රය කරන්න. මලක් වගේ බලාගත්ත උබගේ පෙති ටික කුඩු කරයි ඌ. එක මට බලා ගෙන ඉන්න බැහැ බං. 


මගේ තුරුලෙන් විසි වෙච්ච ඇය


එතකොට ඔයා?


මං වෙනස් ඔයා දන්නවා හැබැයි එක දෙයක් ඔයා එහෙම ගියොත් අයෙ කවදාවත් උබවත් ධනුක ඉස්සරහටවත් එන්නේ නැහැ.  අන්න බෙල් එක ගහනව දැන් යන්න.

ගබඩා පොත් කාමරේ මම තනිවම සමුගත් ඇයත් සමුනොදුන් ඔහුත් නොමැතිව.

 "කවුද කියන්නේ ජිවිත් අපි ආදරේ කරන්නේ එකපාරයි කියල එක්කෙනෙක්ට විතරයි කියල". 
මං මටම හිනා උනේ හින්දද කොහෙද

Tuesday, February 21, 2012

වැරද්දක් නොවූ වැරද්දක්

වැරද්දක් නොවූ වැරද්දක් එක ඉර බැහැගෙන යන හැන්දාවක්. ලඟින් වැඩිවෙලා ඉන්න පෙම්වතුන් නොවෙන දෙන්නෙක්.  වැරද්දක් නොවූ වැරද්දක්
**************************************************
ඕයි

මොකද තමුසේ කෑගහන්නේ?

මට තමුසේ ඇත්ත කියනවා

හරි ඇත්ත කියන්න තමුසේ මගෙන් ඉස්සෙල්ල දැන් ගන්න ඕනේ මොනවද කියන්න අහනවකෝ.

උබ මට එක දවසක් කිව්වා කතාවක් ?

මොන කතාවද?

අර කොල්ලෙක් එක්ක හිටිය කියල අහම්බෙන්.

එක අහම්බෙන් වෙච්ච දෙයක් නෙමේ. ඇයි මං උබට කිව්වේ ඒක අහම්බයක් නෙමේ එක ආශාව හින්ද වෙච්ච දෙයක් මට ආස හිතුන ඉතින් හිටිය. කොටින්ම කිව්වොත් එතන තිබ්බේ ලිංගික ආශාවක් විතරයි ........ එත්, ඇයි උබ එහෙම අහන්නේ?

මේ අහපන් උබ කරපු වැඩේ වැරදි උබ එහෙම හිටිය එක වැරදි එක කෙල්ලෙක් කරන්න ඕනේ වැඩක් නෙමේ

ඒ කියන්නේ උබ වක්‍රව කියන්න හදන්නේ කෙල්ලෙක් තමන්ගේ ආශාවට මිනිහෙක් එක්ක නිදා ගන්න එක වැරදි කියල එහෙමද? එතකොට උබ අර හැම සතියෙම ගැනියේක්ට සල්ලි දීල උබේ ආසාව ඉෂ්ට කර ගන්න එක හරි එහෙමද?

නැහැ මං ඒක අනුමත කරන්නෙත් නැහැ. මාත් වැරදි එකට අදත් මං දුක් වෙනවා එත් දැන් ඉන්නේ මං නෙමේ

එහෙනම් උබ අහවල් හු**ක් ද කියවන්නේ?

ඒක මේ සමාජය පිළිගන්නේ නැහැ උබ එහෙම කරන්න එපා. අනික...

මොන කැ*රි කතාවක්ද උබ කියන්නේ කියපන් බලන්න. මට උබේ රෙද්දවල් තේරෙන්නේ නැහැ හැබැයි කොල්ලෙක්ට පුලුවන්නම් ආශාව හින්ද ගැනියෙක් ගාවට ගිහින් ඒක ඉෂ්ට කර ගන්න ඇයි කෙල්ලෙක්ට බැරි? ඇයි එහෙම කරාම කෙල්ලෙක් විතරක් වෙසියෙක් වෙලා කොල්ලෙක් වැඩ කාරයෙක් වෙන්නේ? අන්න ඒකට උබ මට උත්තරයක් කියපන් අන්න එදාට මං කියන්නම් හරිද වැරදිද කියල තේරුනාද?

දිගු නිහඩතාවයක් ...........................................

*****************************************************************************************************************************************************






Monday, February 20, 2012

රෝස පාට තොල්







මේ හිනි පොද වැස්ස අස්සෙන් හිමිහිට පාවෙලා එන උබ දැක්කම සිරාවට මට උබව ඉබින්න හිතෙනවා බන් උබ මාරම හුරතල් පොඩි එකෙක් වගේ සිරාවට ඔය තෙමිච්ච කම්මුල් දෙක ඒ වගේම දිලිසෙන ටීක් බෝල වගේ  දුබුරු පාට ඇස් දෙක සිරාවටම උබ කොහොමද තනියෙන් ඉන්නේ? උබේ ඔය හා පැටියෙක් වගේ මුණ ඕන එකෙක් පිස්සු වට්ටනවා බං මට බයයි උබව තනියම අතාරින්න. උබ මගේ උරහිස ගාවට වෙලා ඔය රෝස පාට තොල් දෙක බේරෙන වැහි පොද හීතලට උණුහුම්  කරන්න හිතෙනවා. උබ දිස්නේ ගහනවා. සිරාවට මට ලංවෙලා මගේ මේ මුණ ගාවට ඉන්න කොට ඇඩෙනවා බං ගැවෙන නොගැවෙන ගානට ඉන්න බැහැ නිකම්ම ඔහේ බලාගෙන අනේ මන්ද උබ මගේවත් මම උබෙවත් නෙමේ එත් සිරාම ඇත්තක් එත් කුමාර /කුමාරි බබසර නැති වෙනවා ඔය රස්නෙට පිස්සු වගේ බං සුස්තියේ නැති සැප උබ ගාව තියෙනව හිමිහිට ලංවෙලා උබේ උනුහුමට මේ හිතල පිච්චෙන හැටියට කොහොමද බං යන්න දෙන්නේ මං?

ඔව් මං උබට අසයි පට්ටම අසයි එත් ඔය බැඳීම් මට අල්ලනේ නැහැ බං ඉතින් අපි ඔන්න ඔහේ මේ හිතට වහල් වෙමු. ලෝකෙට පෙන්න තියෙන නිකම්ම නිකන් යාළුකම කියන ලේබලේ දාලා අපි නමක් දාමු. එත් ඇත්තටම පිස්සු හැදෙන්න ලන්වෙච්ච උතුරන මේ හිත නිවන්න ලං වෙන්න බැරිද අපිට. උබව නාස්ති කරන්න හිතෙන්නේ නැහැ බං. වෙනද වගේම උබ බැහැල යනවා මගින් මං ඔහේ බලන් ඉන්නවා   

Tuesday, February 14, 2012

මට හරියට පේන වැරදි

කාමර සකල්පය :-


හුඟක් දෙනාට මේක වැරදි ගොඩක් වැරදි. හරි එහෙනම් අපේ මල් මාමට බැරිද ඕක නවත්තන්න කොහේ නවත්තන්නද මං අහන්නේ අපේ කැබිනට එකටම ඕන එපා කම් වලට යට වෙච්ච කාමරේ. හරි කෙලින්ම මෙහෙම දෙයක් අහනව ලංකාවේ කාමර සංකල්පයට හේතුව මොකක්ද? අපිම තමා හේතුව පැහැදිලි මුන් කියනව ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරෙන්න එපා කියල පාරේ යනකොට කිස් එකක් දුන්නත් කට අරන් බලන් ඉන්නවා ඒ මදිවට දැන් නම් කෙලින්ම කුඩුවේ එතකොට ඉතින් අපිට උබලට මතක් වෙන්නේ අර කාමර සංකල්පය කිසි කරදරයක් නැහැ, කාටවත් පේන්නෙත් නැහැ ඉතින් එකේ ඇති වැරැද්ද මොකක්ද? එළිපිට කරන්න එපා නම් එහෙනම් හැංගිලා කරමු කියන සංකල්පය ඔළුගෙඩි ඇතුලට දාපු එවුන්ගෙන් හරි වැරැද්ද හොයන්න ඕනේ. ඔය කාමර එපා නම් අපේ ගෙවල් වල්නුත් ඔය සංකල්පය අයින් කරන්න ඕනේ දොරවල් දාල බිත්ති හරතරකට කොටු නොකර තියන්න ඕනේ. ඇයි එහෙනම් එතනින් අපි මේ වෙනස පටන් ගන්නේ නැත්තේ? කුජීතයි නේද? අනිවා උබල කියයි මට පිස්සු කියල නැහැ එත් එකයි ඇත්ත උබල කෑගහන ඔය කාමරේ වෙනස තියෙන්නේ ගෙයක් ඇතුලෙයි හොටෙල් එකක් ඇතුලෙයි තියෙන නිසා. නැහැ එකමත් නෙමේ මොකද හනිමුන් යනවා කියල යන්නේ කාමරේකට නෙමේද? මොකෝ නැත්තේ? හැබැයි ගාන වැඩි එහෙමත් නැත්තම් සිරාවටම මොන අහවල් එකක් හින්ද කෑගහනවද? බොරුව අමුලික බොරුව පට්ට පල බොරුව ඔකේ ඇති වැරද්දක් නැහැ. ඔය කාමර සංකල්පය එහෙම නැත්තම් වහගන කිරිල්ල අවේ අපේ අතිතයෙන්ම තමා මතකනම් අග්නිදාහය චිත්‍රපටියේ ඔය කාමර සංකල්පය තිබ්බේ නැහැ කොටින්ම කිව්වොත් ගෙපැලේ ජනේලයක් දාන්නෙත් නැහැ ඔන්න ඔයවගේ වෙද්දී ඇයි දැන් අපි මේ කාමරේට කෑගහන්නේ ?

මගේ නම් එක හෙලා අදහස කාමර සංකල්පය එහෙම නැත්තම් කාමරේට රිංගන්නේ ලජ්ජාවක් තියෙන එවුන් නැත්තම් එළිපිට ඕව කරන්න ඕනේ නැති එවුන් එහෙම නැති උන නම් ඔය බීච් එකේ පඳුරක් පඳුරක් ගානේ අපිට ෆ්‍රී ශෝව් දෙන එක මරුවට බලන්න තිබ්බ එත් තමන් ගැන පොඩ්ඩක් හරි හිතන එකෙක් කාමරේකට ගිහින් කරගන්න එක සිරාවට කිසි අවුලක් නැහැ උන්ගේ සල්ලි උන්ගේ බඩු එහෙනම් මොකටද අපි කෑ ගහන්නේ අපිට කිසි අයිතියක් නැහැ උන්ට හොඳ නම් වැලන්ටයි දවසේ නැත කියල වෙනසක් නැහැ ඒක නම්ම්බුයි ඒක ඒක අහුමුලු වල දඟලනවට වඩා. මං මේ කියන දේට අකමැති නම් ඉතින් කරන්න දෙයක් නැහැ එත් මං නම් කියන්නේ අපි හැමෝම දන්නා නවත්තන්න බැරි සිමාවේ දී දෙදෙනෙකුගේ එක්වීම වැරදි නැහැ එකට උදව්වක් දෙන මේ බිත්ති හතර උබල අපි හැමෝටම එක පාරක් හරි මේ ලෝකෙට එන්න උදව් කරලා තියේ නම් ඇයි මේ එකට ගරහන්නේ 

ප. ලි. :-  හැබැයි මේකෙදි එක දෙයක් දන ගන්න ඕනේ ඔය යන තැන ගැන හොයල බලල යන්න දැන් ගන්න. 

Tuesday, January 31, 2012

මට හිතෙන දේවල් 2







සල්ලි
දෙයියන්ගේ මල්ලි. කවුරුහරි කියනවනම් මට සල්ලි තියෙන කොල්ලෙක් හෝ කෙල්ලෙක් එපා කියල අමු බයිලාවක්. තොපිලට අපිලට හැමෝටම සල්ලි ඕනේ දුමක් උරන්න පිනට හම්බ වෙන්නේ නැහැ, ඒ හින්ද විකුනවා අපි ගාව තියෙන දේ විකුනනවා. හම්බ කරන්න කන්න හිඟා නොකා හිඟා කනවා එත් අපිට සල්ලි එපා කියන්නේ නැහැ. නාථ වෙනවා. හැබැයි මේ මල්ලි ඕනවට වඩා වැඩි උනත් ලෙඩේ අඩු උනත් ලෙඩේ ඉතින් මද්‍ය්ස්ත්ව තිබ්බම ඇති. එත් නොදුන්නොත් එපා නොකියන වහ සල්ලි. අපි ලොක්කි ගාව බදු වෙනවා ඒ පඩියට පඩිය කියල උන් අපිට කන්න අර දෙන්නේ බොන්න දෙන්නේ නැහැ දෙන්නේ සල්ලි. උබල එහෙම කියනවනම් පඩි නැතිව වැඩ කරනවා සල්ලි මට අරහං කියල. ඉස්සර කිව්වා ලුනුයි බතුයි කාල මැටි ගේක ජිවත් වෙන්න සුරඟන කතා. ඉස්සර හොරෙන් පැනල ආවත් ජොලියේ හිටිය කුබුරක් කරලා කන්න දුන්න ක්‍රිකට් ගහන්න ළමයි හැදුව එත් දැන් ළමයෙක් හදන්න කලින් දෙන්නට කන්න තරම් දේවල් තියෙනවද බලන්න ඕනේ. කෙල්ලෙක් කොල්ල්ක්ට හම්බ කරලා දෙන එක මදි කමක් වෙනවා. අපි ඔක්කොම දුවනවා පස්සේ මොකද සල්ලි. කොච්චර තිබ්බත් මදි රෙද්දේ සල්ලිය

බැඳීම්
කුනුරහුප වගේ එත් මිහිරියි අහන ඉන්න දුකයි බලන් ඉන්න බයයි අයෙත් අහල එපා වෙනවා අයි බැඳීමක් ඕනේ? තනියම ජිවත් වෙන්න බැරිද? අපි දුක් විඳිනවා කොහොම කව්රුත් නැහැ කිව්වත් දුකක් තයෙනවා. එකෙක් බිබී නසින්ව අනික ගැනියෙක් නිසා නිසිනවා. සර්පයෝ හැම තැනම හැබයි පෙන්න අම්බුවෝ හිටියට වැඩක් නැහැ ගෙදර ගියොත් අබු නාසි මග හිටියොත් තෝ නසී. දැන දැන අපි විනාස වෙනවා එත් මේ කුණුහරුප යන්න දෙන්නේ නැහැ බැඳලා අල්ලලා තියාගන්නවා. නැහැ මට ඕනේ නැහැ බැඳීමක් විකාර ලෝකයක්. කෙනෙක්ට බැඳිලා එතිලා ඇතිවන ජීවයත් දුකක් අපි වගේම නරකද ඒ වෙනුවට හද ගන්න බැරි පවුලකින් එකේ අරන් හදා ගන්න එක මොක උනත් නීති පොතේ ලිව්වට. හිතින් ගතින් අපේ නොවෙයි පරිණාමය හා එක් වෙලා වෙන්වස් වෙලා සොන්යෝජනය වෙලා ඔහේ යන එක අපි අයි බැඳෙන්නේ ඇත දෙමු අහිතක් නැතිව අපේ නොවෙන එකෙක්ට ගොඩ යන්න නමුත් ඇති කර ගන්න නෙමේ අපේ කම මගේ කම හෝ බැඳීම.

කඳුල
කෙල්ලොන්ගේ ආයුධය කොල්ලොන්ගේ අසරණකම. මේක කෙල්ලොන්ගේ වෙළඳ පොලේ බෝතලයක් පනහයි. එත් කොල්ලක්ගේ හිතේදී, ඇස් ලඟදි, මාසික ගතමනාව අනුව මිල කෙරේ. පිස්සු හැටන් කිව්වලු අඩන්නේ මහවැලිය ගැලුවා වගේ ඇඩුවේ නැතත් කොල්ල හිතනවා අඩනව කියල දුවල ගිහින් ගෙනාව රෝස මල් ගොඩක්, මල් ගොඩේ හයයි, කෙල්ලගේ එකයි හතයි මල් හතයි (හතු මල්). කෙල්ලොන්ගේ කඳුළු ඇත්තටම බලන්න පලයල්ලා කොට්ටේ ගාවට ගිහින් අහපන් මෙකි උබේ ගාවදීද වැඩියෙන්ම අඩන්නේ මගේ ගාවදීද කියල. කෝට්ටේ තියෙන කඳුළු වැඩි නම් ඒ කඳුළු ඇත්ත උබේ ගවාදී නම් සොලී ල්රියයි පුතෝ එකී උබව අන්දනවා.

      

Monday, January 30, 2012

උණ්ඩය


වැදුණු කල පසාරු කරන
ලඟින් ගියත් විනාස කරන
ඉලක්යට නොවැදුනත් රිදවන
මේ වෙඩිල්ල මට
තියපන් දිව්‍යලෝකයට යන්න

Thursday, January 26, 2012

ගිනිගත් මොක්පුරය



ගිනි ගෙන දැවෙන
මේ ගිනි කන්දට
තවත් මොකට දානවද
භුමිතෙල් පිපිරෙන්න
හීනියට ඇවිත්
නිවා දැම්මනම් හොඳ නැද්ද
පොඩ්ඩකට ඔය ගින්න
ඇවිත් උණුහුම් වෙනව
වෙනුවට නිවන්න
ගිනිගන්න පෙර
මේ මොක්පුරය
පාට දෙදෙනු වේලිලා යන්න
නිල දියවර පිටාර යන්න
රත් වෙලා ලෝදිය ගලන
මේ සොඳුරු නිම්නය
එකතුවෙලා
නිවමු දැන් හෙට ඉතිරියට

Monday, January 23, 2012

ජැක් ගහද්දි බලන් හිටිය විතරද ?

මේ දවස් වල බ්ලොග් කරණය ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා ඉතින් මාත් ටිකක් බලන් ඉඳල මෙහෙම ලියන්න හිතුනේ. වටේ නොගිහින් කෙලින්ම කතාවට බහිමු. මෙහෙමයි මං මුලින්ම කියනව කෙල්ලෝ මේක බලන්න එපා බැලුවට කමක් නැහැ කමෙන්ට් කරන්න යන්න එපා. අකමැත්තෙන්.  මේ ලියුමේ ලියන කොට ඉතින් බනින්න අය ඉඳි එත් සමාවෙන්න ඇප්රුව් කරන්නේ නැහැ අනිත් එක කුණුහරුප දාන්නත් එපා මොකද මං අයින් කරනවා. බ්ලොග් එක තිබ්බ තත්වෙට ගෙන්න ඕනේ නිසා

ඉතින් දැන් කතාවට බහිමු මං ඔය පොස්ට් එකේ තිබ්බ හැම පොස්ට් එකක්ම කියෙව්වා මේකෙදි මෙහෙම දෙයක් තියෙනවා අපි හිතමු කොල්ලෙක් බස් එකේදී ජැක් එකක් ගැහුවා කියල හරි කෙල්ල කැමති නම් ඉතින් උදව්වක් දෙන එක ඒ දෙන්නගේ වැඩක් එක ඉතින් කතා කරලා වැඩක් නැහැ. නිකමට හිතමු අකමැති කියල කෙලින්ම මූණට කියන්න අපිට කටක් කියල දෙයක් තියෙනවා වෙන වෙලාවට ඔකේ සද්දේ ඉවසන්න බැහැ. එත් ඇයි කරදරයක් වෙලාවට අසරණ වෙන්නේ? නැහැ ගැහැණිය අසරණයි කියල හිතන නිසා තම ඔය දේවල් තියෙන්නේ, මිනිස්සු ජැක් ගහන්නේ, හැබැයි පොඩ්ඩක් හයියෙන් කෑගහල කිව්වොත් කවුරුත් නොදැක්ක වගේ ඉන්නේ නැහැ. මොකද තමන්ගේ ආරක්ෂාව ගැන තමන් බලාගන්න ඕනේ නිසා කොටින්ම මට ඔහොම දෙයක් උනා වැඩ ඇරිලා යද්දී 8 විතර, ඉතින් කොල්ලෝ දෙන්නෙක් ඇවිත් මගේ ගාවම හිට ගත්තත් මං ගණන් ගත්තේ නැහැ පස්සේ මුන් දෙන්න ෆෝන් එක බලන නියායෙන් මගේ කරේ. මං කෙලින්ම කතා කරලා ඇහුව මොකක්ද ප්‍රශ්නේ කියල. එතැනදී මං තනි උනේ නැහැ වටේ අයගේ බැල්ම නිසාම බස්සෙකෙන් බැහැල ගිය එතැනදී  බස් එකේ හැමෝම මගේ පැත්තේ ගත්තේ.
නිකමට කියන්න ගැණු ළමයෙක් උනාම කොල්ලෙක්ට සමාජයේ පිළිගැනීමක් තියෙනවා කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ට කරදරයක් උනාම මිනිස්සු බලනවා ඒ මේ සමාජයේ හැටි ඉතින් ඇයි අපි අසාධාරණයක් වෙනකම් බලන් ඉන්නේ. අපිට කටක් තියෙනවා නම් කියන්න බය වෙන්නේ ඇයි.? ලැජ්ජාව ඉවසන් ඉන්නවට වඩා එතැනදී කගහල හරි තියෙන උපරිම විදිහෙන් තමන්ගේ ආරක්ෂාව පැතුවා කියල එක පහත් කමක් වෙන්නේ නැහැ. පහත් කම හරි ලැජ්ජාව හරි වෙන්නේ අසහනයෙන් හරි ජැක් එක ඉවසන් ඉඳල බැහැල යනකොට මිනිස්සු ඒක වැරදි විදිහට හිතන කොට. එතැනදී තමන් හොද උනත් නරක වෙලා. ඉතින් මං මෙතනින් එහා හිතන්න දෙයක් ඕගොල්ලොන්ට ඉතිරි කරලා අනිත් කතාවට යනවා

කොල්ලෝ තමන් යාලු වෙලා ඉන්න කෙල්ල ගැන යාළුවන්ට කියන්න අකමැති කියන එක. මෙතැනදී මෙහෙම දෙයක් වෙනවා කොල්ලෙක් කෙල්ලව විශ්වාස කරන තරමට තමා කොල්ල කෙල්ලව ඔහුගේ සමාජයේදී පිළිගන්නේ. කොටින්ම කිව්වොත් හොඳම උදාහරණය මං කලින් යාළුවෙලා හිටිය කෙනා අපි දෙන්න අවුරුදු හතරක් යාළුවෙලා හිටියත් ගෙදරින් කැමැත්ත දීල හිටියත් එයාව මගේ යාළුවන් ගෙන් අයින් කරලා තියන්න මට හේතු තිබ්බ. ඉතින් කිසිම දවසක් මං එයට මගේ යාලුවන්වත් මට එයාගේ යාලුවන්වත් මුණ ගැහුනේ නැහැ. පස්සේ වෙන කෙනෙක් එක්ක එයා ඉන්නකොට අහු උනාම මට තේරුණා මං එහෙම කරන්න හේතුව විශ්වාසය එක නැති නම් ඉතින් කොහෙත්ම හිතෙන්නෙත් නැහැ සමාජයේදී එයාව පිළිගන්න. ඊට පස්සේ ඔකේ අනිත් පැත්ත. දැන් කෙනෙක්ට මං ආදරෙයි එත් එයා මව හම්බ වෙන එකවත් කාටවත් කියන්නේ නැහැ දැන් මට එක බලෙන් කියන්නත් බැහැ. කොටින්ම කිව්වොත් සමාජයේදී එයා මාව පිළි ගන්න කැමති නැහැ එත් එකට නොකී හේතුවක් ඇති. මං අහන්නෙත් නැහැ ඉතින් එකට මං හිතන කාලය උත්තර දෙයි කියල. දැනට ඇති කියල හිතෙනවා.

ඊලග පොස්ට් එකෙක් අභීත ගේ පොස්ට් එකේ ඉතුරු ටිකට උත්තර ලියන්නත් බලාපොරොත්තු වෙනවා   

Friday, January 6, 2012

ආරක්ෂාව, නිදහස, නමක් නැති එක





ඔන්න මේ දවස්වල අපේ ගෙදර හනුමා ගිනි තියපු ලංකාව වගේ අරෙහෙන් මෙහෙන් හිටු කියල පත්තු වෙනවා දොරවල් දාඩන් බඩන් ගාල වැහෙනවා මේකත් අර හනුමා මොකක්ද අරන් යද්දී වැටිච්ච කැල්ලක් බලන්න යන ගමනක් ගැන. ආයෙත් මගේ තිබිරි ගෙට. ඕනවට එපාවට කැරකෙන මොකක්ද එක. දොර අගුල්ල කදුළු නොඑන මගේ හිත.. හිත නතර වෙලා කොහෙද කියාගන්න බැරි තැනක මේකත් නිකන් ලංකාව වගේ ආරක්ෂාවක් මතක් වෙලා. කොහෙවත් තිබ්බ නැති ලංකාවේ ආරක්ෂාව වගේ. ඉස්සරම කොටි ගහද්දි දළදා මාලිගාවට, ලෝක බැංකුවට හිතුවේ නෑලු කොටි ගහයි කියල ඊට පස්සේ ඉතින් ගැහුවා කොටි නාස්ති කරා හොදට තිබ්බ හැමදේම. පස්සේ දෙනවා අධි ආරක්‍ෂිත කලාප කරලා. වැඩක් නැහැ පරක්කු වැඩි ඉස්සර තිබ්බ විදිහට හදන්න බැහැ. කල් යනවා හැදෙයිද? හිතන්නත් බැහැ. ඒ වගේ තමා නිකන් හොයන්න බල්ලෙක් නැහැ පන්ති ඉවර වෙලා නුගේගොඩ ඉදන් තනියෙම එනවා ඇවිත් තවත් කිලෝමීටර් 3 ක් විතර පයින් යනවා රෑ 08.30ට. බස් නැහැ. එත් ආරක්ෂාවට පාරේ බල්ලෙක් වත් නැහැ. දැන් එනවා ආරක්ෂාව දෙන්න. මතක් වෙන්ව මට හොද කුණුහරුප එත් නොකිය ඉන්නවා

නිදහස..... ලංකාව වගේමයි ඉස්සරම දැනන් හිටිය නිදහස් නිවහල් දේශයක අගය. ආවා ප්‍රභාකරන් වට කරා දුන්න අරෙහෙන් මෙහෙන් දැන් ඉල්ලනවා රටෙන් භාගයක් දෙයිද? පිස්සුද කොහේ දෙන්නනද? අපි දන්නවා නිදහස පට්ට ආතල් කියල යටත් නැති නිවහල් දේශයක්. දැන් ඉතින් යුද්ධ පටන් ගන්නවා. කට්ටිය මැරෙනවා මගේ හිතිවිලි වගේ. එත් ප්‍රභා අත් අරින්නෙම නැහැ. ඔන්න එනවා ලංකාවේ හොද වෙලාව. එත් මගේ වෙලාව මට වෙලාවක් නැද්ද කොහෙද ඕක හොද වෙච්ච දවසක් තිබ්බෙම නැහැ. මේක දැන් වැඩක් නැහැ නිදහසක් නැහැ. හිරගේ වගේමයි මගේ ලංකාව, මගේ නිදහස, මගේ නිවහල්බව. එත් හිර කරලා මාවම. ලජ්ජා නැද්ද යකෝ මේක මගේ ෆැන්ටසිය ඇයි දෙයියනේ මේක මට දිපියවූ. නෑ අහන්නෙම නැහැ. හරි මෙන්න ලියුම් කියුම් දෙන්න මගේ නිදහස. නැහැ මුන් අහන්නේ නැහැ. ගිනි ගන්නවා හිත රත් වෙලා ගිනියමට, පිච්චෙනවා අවොත් ලගට කට්ටිය. මන්ම ගිනිගෙන මන්ම පිච්චිලා නැගිටිනිව අළු මතින් ආයෙම. මැරිලා මම මටම කොහොම ඉන්නද කියන්න නැති වෙද්දී මගේ නිදහස රට මට.

රාගයද, ප්‍රේමයද, මොකක්ද මේ ලදී හම්බ උන අරුම දෙයක් වගේ මට හිතට වවන්නේ නැහැ දැක්කේ නැත්තම් රුව. දෙසවන් බිරි වගේ නොඇහුනම හඬ නොපෙනෙන්නට නැති උනාම පිස්සු හැදිලා වගේ දුවනවා හොයා හොයා කොහෙද මේ හිත. මම ගින්දර වගේ දැවෙන ඔබ සීතලයි හිම මිදෙන එත් ඔය ඇස ඔය හිනාව ඔය වදන් කෝ මන් කෝ මව කොහෙද එක්කන් ගියේ අනේ වදින්නම් තියල යන්න මාව. මට බැහැ දුක් විදින්න එත් එත් මොකක්ද වෙන්නේ අපිට. මේ උණුහුම මේ දයාව, මේ අහන්න අපි අපේද? අපි කවුද? අපි යාලුවෝ එහෙනම් ඇයි මෙහෙම ලං වෙලා මේක ආදරය නෙමේද? එතකොට ........



  




 ........

Wednesday, January 4, 2012

දතක් හා සරල කොල්ලෙක් අතර වෙනස

ඔන්න මේක කෙල්ලොන්ගේ වර්ෂන් ඒක මේක ඇත්තටම ගත්තේ කොහෙන්ද කියන ඒක දැක්කේ නැහැ. ඔන්න කට්ටිය කිව්ව තරුණයා පත්තරේ ගුරු පාරට සමන් එදිරිමුණි. කියන රචකයාගේ අදහසක් කියල හරි ඔන්න ඉතින් මන් මට හිතිච්ච විදිහට මේක අපිට ගැලපෙන විදිහට හැදුව.... යේ කියනවා හැදිච්ච ගැහැණු ළමයි නම් එන්න එපා මේක බලන්න ඒ වගේම තම පිරිමි ළමයිත් එන්න නම් එපා. හැබැයි මේ සමන් එදිරි මුනිට වැරදිලා තිබ්බ දෙයක් තියෙනවා ඒ තමා හැම පට්ට කෑල්ලම ඒක වගේ නැහැ. සමහර පට්ට කලි අතරේ හැංගිච්ච සරල කෙල්ලෙක් ඉන්නවා කියන එක

මේක හදිස්සියේ ලිව්වේ ඉතින් වචන හදල දාන්නම් ඉන්නකෝ හැබැයි ටිකක් ඉන්න හොදේ

******************************************************


කෙල්ලෙක් අද කාලේ තවත් කෙල්ලෙක්ගෙන් කොල්ලෙක් යාළු කරගෙන ඉන්නවද කියලා අහන්නෙ කොහොමද? හරිම සරලයි.
උඹ දතක් ද ඉන්නෙ?” , “උඹට දතක් ඉන්නවද?”

සරළ භාෂා ව‍්‍යවහාරයේදී ඒ වචනය භාවිත වුණාට කොල්ලෙකුට දතක් කියන භාවිතය තුළ පුංචි පුංචි අවුල් ටිකක් තියෙනව. එහි ගෞරව සම්පන්න බවින් පුංචි අඩුවක් තියෙනවා. භාවිතයෙ අර්ථයෙන් ගත්තම සමාජ විද්‍යාත්මක අරුත් අරන් බැලුවත් දතක් සහ කොල්ලෙක් අතර බරපතල වෙනස්කම් තියෙනවා. කෙල්ලෝ හැමෝම කැමතියි කල වයස ආවම දතක් සෙට් කරගන්න. ඒකත් එසේ මෙසේ දතක් නෙමේ පට්ට දතක්. බරපතල වෙනස්කම් තියෙනවා. ඉතින් පට්ට දතක් සෙට් කර ගත්තු හැම එකිම හරි ආඩම්බර වෙනව. ඒ වගේම පොරටෝක් දෙනවා.

පට්ට දතක් සරළ කෙල්ලෙක් කියන්නෙ කවුද කියල බලමු. පට්ට දතක් කියන්නෙ ඉතාම ආකර්ෂණීය විලාසිතා අනුගමනය කරන කාගේත් සිත් දිනා ගතහැකි රූපකාය වශයෙන් ගත්තම කිසි අඩුපාඩුවක් නැති දෙයක්. තුන්සිය හැටපස් දවසෙම දතට තියෙන්නෙ එක දෙයයි. ඒ කාර් එක සහ පෙනුම නඩත්තු කිරීම. හෙට මුණ ගැහෙන ඇය හෝ අනෙකා පිනවන්නේ කෙසේද යන ගැටලුවට අමතරව ගැටලුවක් ඔහුට නෑ. සාමාන්‍යෙයෙන් දතට වැඩ බෑ. ගෙවල් දොරවල් හරියට නැහැ. දරුවෝ හදන්න පුලුවන් උනාට උන්ව නලවන්න බෑදරුවන්ට හොඳ තාත්ත කෙනෙක් වෙන්න බෑ. නමුත් දතක් සාමාන්‍යයෙන් තාක්ෂණික වශයෙන් යවත්කාලීනයි (Updated). ඔහු වෙළඳපල තුල පවතින සෑම සියලු ආකර්ෂණීය භාණ්ඩයක් ගැනම දන්නවා, ඒවා මිලදී ගන්නවා, සහ භාවිතා කරනවා. කලින් කලට වෙනස් වන නවීන පන්නයේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, නවීන පන්නයේ විලාසිතාමය ඇඳුම් පැළඳුම් ඔහුට තියෙනවා. දතක් පාරේ ගමන් කරන්නෙ හිතලා. ඇඟට අරන්. අඟල් 2ක් උඩින්. කාර් එක දිහා හැමෝම වගේ බලනවා. ආකර්ෂණීය හැමදේම කරන්නේ රටට ලෝකෙට පේන්න. නමුත්  සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොඳයි වගේ පෙනුනත් හොඳ නෑ. අහිංසකයි වගේ පෙනුනුට අහිංසකත් නෑ. සංවරයි වගේ පෙනුනට සංවරත් නෑ. දිනපතා ක්ලබින් ගියත් ඇති දෙයක් නැහැ. හැබැයි ලෝකෙට පෙන්න බුවා වගේ.
සරල කොල්ලෙක් ඊට හාත්පසින්ම වෙනස්. දතක් ඔබ ළඟට වෙලා කරන්නෙ දිලිසෙන එක. සරල කොල්ලෙක් කරන්නෙ ඔබව දිරිමත් කරන එක. සරල කෙල්ලෙක් හරිම සංවරයි. ගැහැනුන්ට ගරු කරන්න දන්නවා. නමුත් අවශ්‍ය තැන් වලදී කතා කරනවා. ගැහැණු සමග පවත්වන ගණුදෙනුව ඉතා සීමිතයි. ඔහු ආශ්‍රය කරන්නෙ අතිශය විශ්වාසවන්ත ගැහැණු  විතරයි. චාම් සංවර විලාසිතා අනුගමනය කරනවා. තමන්ගේ රූපයට ආදරෙයි, නමුත් මානුෂීය සබඳතා වෙනුවෙන් තම රූපය සහ සුන්දරත්වය නොසලකා හරින්න ඔහු  සූදානම්. ආදරයක් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් නොකා නොබී වෙහෙසෙන්නත් පුලුවන්. සරල කොල්ලෙක් තාත්ත කෙනෙක් උනාම දවසක දරුවෝ වටිනවා සරල කොල්ලෙකුට  ගේ දොර වැඩ ඕනෑම එකක් පුලුවන්. කටට රහට උයන්න. තමන්ගේ බිරිඳව මරා නොගෙන උදව් කරනවා ඒ වගේම කෙල්ලෙක්ගෙ හිතක් උස්සලා ගෙනිහින් හඳේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් පුලුවන්. දතක් ළඟ තියෙන්නෙ ආකර්ෂණීය කාමයක් හා ලිංගිකත්වයක් පමණයි. සරල කොල්ලෙක්  ළඟ ආදරයේ උණුසුම පිරී ඉතිරී ගිය සුන්දර ශෘංගාරය තියෙනවා. දතක් අපිට සැරින් සැරේට ළං වෙනවා, ඈත් වෙනවා. ඒ උනාට ආදරය කරන සරල කොල්ලෙක්ව ජීවිතේ හැමදාම ළඟ තියාගන්න හිතෙනවා. දතත් එක්ක තරහා උනාම උව බැනලා එළවගන්න හිතෙනවා. සරල කොල්ලෙක්  එක්ක තරහා උනාම වුනත් ළඟට වෙලා ඉන්න හිතෙනවා. දතක් ළඟ ඉද්දි අපිට උව  හුරතල් කරන්න හිතෙන්නේ  නැහැ, සරල කොල්ලෙක්  එක්ක ඉද්දි අපිට ඒ කොල්ල  එක්ක හුරතල් වෙන්න හිතෙනවා. දතකට සාමාන්‍යයෙන් ඔබව අවශ්‍යතාවලදී මතක් වෙනවා. සරල කොල්ලෙකුට  ඔබව හැම වෙලාවෙම මතක් වෙනවා, ඒ නිසාම වෙලාවකට ඇණයක් කියලත් හිතෙනවා. දතක, කෝල් කරන්න එපා කිව්වම, ඊළඟ අවශ්‍යතාවය එනකං සද්ද වහලා ඉන්නවා. ඒත් ඒත් ආදරේ කරන කොල්ල  එපා කියද්දිත් වාත වෙනවා. කෑවද බිව්වද නෑවද අහනවා. ගෙදර යන්නේ  කීයටද අහනවා, පරෙස්සමෙන් ඉන්න කියනවා. කොටින්ම කිව්වොත් දත සුවද ගහනවා. නිතරම කොලොන් පාවිච්චි කරනවා. සරල කොල්ලෝ   කොලොන් නැතත් හැමදාම සුවඳ හමනවා. මොකද එයාල හැමදාම නානවා. දතක් ඉන්න කෙල්ලන්ට සුභ පැතුම්, සරළ කොල්ලෙක් ඉන්න කෙල්ලන්ට බුදුසරණයිදෙවිපිහිටයි.

Friday, December 30, 2011

අනුන්ගේ පස්සෙහි ගු නොපෙනේවා... බලන එකෙක් හරි හොදට හැදෙවා ......


මං මේ බ්ලොග් එක පටන් ගත්තේ මං ගැන ලියන්න නෙමේ මොකද ඊට වැඩ ලියන්න දේවල් තියෙන නිසා එත් ඉතින් කොහෙද අමාරු තියෙන අයට මං ලියන එව්වා දිරවන්නේ නැහැ. එකත් නිකන් අලියා දිවුල් කනවා වගේ අවුලක් නැහැ මොකෝ ඇගේ වදිනවා කියලය... ඔය අස්සේ එකෙක් ඇවිත් කියනවා 8 වසරේ පොඩි එකෙක් මගේ බ්ලොග් එක බලනවා දැක්ක කියල ඉතින් ඔය කිව්ව කෙනා වැඩිහිටියෙක් විදිහට ඕක නවත්තන්න තිබ්බේ නැද්ද? අනේ අපේ අම්මලනම් ඉතින් පොඩි කලේ ඔහොම කලා මට. ලඟින්ම හිටිය මොනවද බලන්නේ කියල හොයා හොයා. තාමත් එහෙමයි(අපි හරහට ගියාට) අනික ඔය සිද්දි පොඩි අය දන ගන්නේ 8 හා 9 වසර වලදී. මගේ බ්ලොග් එකෙන් නෙමේ සුද්ද සිංහලෙන් පිතුරත් එක්ක තියෙනවා සෞඛ්‍ය පොතේ. බොරු නම් අරන් බලන්න. 


අනික මේක මෙතන කියන්නම ඕනේ මගේ ජිවිත කතාව හරි වෙන මගුල හරි ලියන දෙයක් ලියන්නේ දෙයක් ඉගෙන ගන්න. එහෙව් මුන් එනවා මගේ ජිවිතේ අනාගතේ ගැන සාස්තර කියන්න. අනේ හු* .  හරි සුද්ධ සිංහලෙන් කියන්නේ හිතන් ඉන්නේ මගේ ජිවිතේ අතරමග නතර කර ගෙන කියලනම් පුතෝ ඒක වැරදි මොකෝ අද මං ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කෙනෙක්. ඒ වගේම මට ආදරය කරන්න කෙනෙකුත් ඉන්නවා එයත් මේ බ්ලොග් එක බලනවා වගේම ලියන්න ඕනේ මොනවද කියලත් කියනව. අමුතු ජාතියේ පහත් බොලඳ ආශාවන් තියෙන මිනිස්සු අතරේ ජීවිතය දිහා මං වගේ බලන කෙනෙක්. ඒ වගේම තමා මගේ ජිවිතේ අසාර්ථක නැහැ. වෙන එවුන් වගේ මං මේවා කිව්ව කියල මඩම් වල ලැගලා නැහැ. එක එකාට දෙන්න ගිහිල්ලත් නැහැ. එහෙම උනා නම් අද මං මේ ව්‍යාපාරයේ ලොක්කෙක් මං ආඩම්බරයෙන් කියනවා කෙල්ලෙක් කියල පොරෝ පාර පෙන්නලා මං මේ තත්වෙට අවෙත් නැහැ එන්න බැරිකම නෙමේ. ඒක මගේ ක්‍රමේ නොවෙන නිසා. ඒ ක්‍රමේට ගියාම වෙන්නේ ඉක්මනට වලට වැටෙන නිසා. ඒක මුළු පවුලක් හදපු මං දන්නවා.(එව්වා පස්සේ කියන්නම්).


කෙනෙක්ගේ ජිවිතේ ගැනවත් ඒ කෙනාගේ අනාගතේ ගැනවත් ලියන බ්ලොග් එකකින්වත්, ජංජාලේ තියෙන කිසිම දෙකින් තීරණය කරන්න බැහැ. එහෙම උනා නම් සාත්තර කාරයෝ ජොබ් ඒක ඇත හැරලා නෙට් කැෆේ දාගන්නවා. අනුන්ගේ රෙද්දේ කුණු හොයන්නේ නැතුව තමන්ගේ ගු ටික හෝදගන්න ඕක ඉතින් පෙන්නලා දුන්නත් අපේ එවුන් කියන්නේ ගු ගෑවේ උබනේ කියල..  අනික සමහරුන්ට කහනවා අයි කෙල්ලෙක් කට ඇරියම උන්ගේ වැහිලා තියෙන වෙස් මුණු ගැලවෙන හින්ද.


එහෙනම් අයෙ ඊලග අවුරුද්දේ හම්බ වෙමු හොදේ.


මල් මල් නව වසරක් වේවා
ගල් මුල් තව තව සැරට වැදෙවා
ලියන ලියන පද හිතට වැදෙවා
අනුන්ගේ පස්සෙහි ගු නොපෙනේවා
බලන එකෙක් හරි හොදට හැදෙවා 

Thursday, December 22, 2011

බැල්ලි








රිදෙනවා පට්ටෙට හිත
මතක් වෙනකොට ඒ වෙසිව
තුරුල්වෙලා හිටිය මට
මලක් වගේ ඒ බැල්ලිව
බලාගත්තේ කැසිල්ලට
අද යනවලු දීගෙක
මට නැති
උට ඇති 

රෙද්දේ ප**
හොයාගෙන
හු***ක් වෙච්ච හින්ද

රෙද්ද අස්සේ තියෙන එක
බදින්න බෑලු  මාව



**************************************************


හරි මෙන්න හදපු එක. ඕක දැම්ම ම කට්ටිය කිව්වා කිඅලින් එක හොදයි කියල ඉඋතින් කැමති එකක් කියවන්න



රිදෙනවා පට්ටෙට හිත
මතක් වෙනකොට ඒ වෙසිව 
තුරුල්වෙලා හිටිය මට 
මලක් වගේ ඒ බැල්ලිව
බලාගත්තේ කැසිල්ලට
අද යනවලු දීගෙක
මට නැති 
උට ඇති 
කලිසම 
හොයාගෙන 
වෙච්ච හින්ද
තවත් සායක් 
බදින්න බෑලු මාව



Wednesday, December 21, 2011

කෙල්ලෝන්ට මද්‍යසාර තහනම්ද




ඔන්න අද වෙනස් ශයිලියකට වෙනස් දෙයක් හිතුනා. මේක ලියන්න හේතුව උනේ එකතරා සංවාදයක් හා මගේ යම් ක්‍රියා කලාපයක් හේතුවෙන්. 
**********************************************************************************
"ඇයි බිව්වේ?" ජොලියට
ඇයි කෙල්ලෝනට බොන්න හොද නැද්ද? මේක මං කෙනෙක්ගෙන් ඇහුව. 
ඇයි කෙල්ලෝ බොන්නෙ? 
එතකොට මං අහනවා ඇයි කොල්ලෝ බොන්නෙ? කට උත්තර නැහැ.
කෙල්ලෝ බොනකොට හරි නැහැ. අනේ ඕයි කොල්ලෝ බොනකොටත් ගදයි. බොන එක කෙල්ලෝ කරන්න ඕන දෙයක් නෙමේ. කෙල්ලෝ බිව්වම වැඩක් නැහැ
(අවැඩක් වෙයි කොල්ලොන්ට සිහිකල්පනාව නැති කෙල්ලක් එක්ක). එව්වා අදාල නැහැ. ඇත්ත බොන එක අනුමත කරනවා නෙමේ එත් මොකක්ද වැරැද්ද? එකේ කිසිම වරදක් මම දකින්නේ නැහැ. කෙල්ලොන්ට බොන්න පුළුවන් බිල කෙලින් හිට ගෙන යන්න පුළුවන් (පළපුරුද්ද මත) හැබැයි ඉතින් ඔය පඩිපෙල් පොඩ්ඩක් ඇද වෙලා පේනවා ඒක වෙනම කතාවක්. එත් කෙල්ලෝ බිව්වම පෙවෙන්නේ නැද්ද? නැහැ පෙවෙනවා හොදටම. කලවම්ද, නිකන්ද, සැන්ඩි කරලද, ඕනේ විදිහට බිව්වත් පෙවෙනවා. එත් ඇයි මේ කෙල්ලෙක් බිව්වම මිනිස්සු උඩ පනින්නේ?. එපා කියන්නේ ? හොද නැහැ කියන්නේ?

මං කියන්නේ පොඩි කාලෙන්ම බොන්න දෙන්න ඕනේ හැම කෙනාටම කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත්. එකට හේතුවක් තියෙනවා මොකද කෙනෙක් දේකට ඇබ්බැහි වෙන්නේ හෝ  නැති වෙන්නේ පළපුරුද්ද මත. එකත් නිකන් හැමදාම බත් කනවා වගේ, හැමදාම බත් කන්න බැහැ වෙනසක් ඕනේ. ඉතින් ඔය බිමත් ඒවගේ ටික කලක් යද්දී එපා වෙනවා.(මොළේ ඇති අය‍ට)  නැති අය කල්පනා කරන්න. හැම ළමයෙක්ම නොමග යන වයසක් තියෙනවා හැබැයි ඔය වයස එනකොට ඒ ළමය දන්නවා නම් බිම මොකක්ද කියල බිව්වාම මොන වගේද කියල කවදාවත් උත්සහ කරයිද? නැහැ. මොකද එකේ අමුත්තක් නැහැ ඒදේ විදලා තියෙන නිසා. නමුත් ඒ දේ අලුත් නම් වරදට හසු වෙනවා වැඩි. තෙරුන් ගන්න වයසේදී, අත්විදලා තියෙනවා නම් කවදාවත් වැරදි කරන්නේ නැහැ, ඒ විතරක් නෙමේ බිව්වම වැරදි මාර්ගයේ යනවලු. එත් ඇයි ඒ බිල ගෙදර එන්න බයයි තාත්ත බනි කියල. ඉතින් වල බහිනවා එත් නිකමට හිතන්න. ගෙදර බොන්න පුලුවන්නම් බිල ඇවිත් ඉන්න පුලුවන්නම් ගෙදර නේද? අම්ම තාත්ත ගාව නේද?  අවුරුදු 16 පස්සේ බිල වැටෙන්න කියන්න ගෙදර. අම්ම තාත්ත ලග වෙන කොහේ හරි ගිහින් බිල නාස්ති වෙනවට වඩා ඒක හොද නැද්ද? ළමය ආරක්ෂිතව දෙමාපියන් ගාව( අපේ අම්මනම් ගෙදරිනුත් එළවයි)  එතැනදී තෙඋන් ගැනීම මත ළමය හොරෙන් කරන්න තියෙන ආසාව නැතිවෙනවා. ඊට අමතරව හිතන්න ගන්නවා මං ඇයි මෙහෙම නාස්ති වෙන්නේ කියල නමුත් ගෙදරින් තර්ජන ගර්ජන නම් එකේ ෆන් ඒක වැඩි. ඉතින් හැමදාම කරන්න බිල ගෙදරට අහු නොවී ඉන්න. හරි වැරැද්ද තේරුම් ගැනීමක් කරන්න වෙලාවක් නැහැ.  

තව දෙයක් ඉස්සර ඉදං කෙල්ලෝ බිව්වා හොරෙන්, ප්‍රසිධියේ, රජ කාලෙ ඉදලම. යේ අහන්න දෙයක් නැහැ කසිප්පු පොට් අයිති ගමේ රොසලින් නැන්දට. එත් ඇයි දැන් මේ කෙල්ලොන්ට බොන්න බැරි? කෙල්ලෝ බිව්වම නරක? කොල්ලොන්ට බොන්න හේතු තියෙනවා, කෙල්ල බුට් එක තිබ්බ, පඩි දවසට, මලගෙට, මගුල් ගෙට, අරකට මේකට, කවි ලියන්න කතා ලියන්න, සීතලට, රස්නෙට, ඒ බොන හැම එකකටම කොල්ලොන්ට බොන්න පුළුවන් එහෙනම් ඇයි කෙල්ලොන්ට ඔය එක හේතුවක් හින්ද බොන්න බැරි? බිව්වා කියල මොකද වෙන්නේ වෙරි වෙනවා. එත් මෙතන ඇයි එක සමාජ වාදයක්. කෙල්ලොන්ට බොන්න හොද නැහැ කියල?. කොටින්ම කිව්වොත් රටේ නීතියට අනුව කෙල්ලෙක්ට ගිහින් අරක්කු බෝතලයක් මිලදී ගන්න නීතියෙන් තහනම්. ගැහැණියට සමතැන කියන රටේ අරක්කු විතරක් ගැහැණියට තහනම්. ඒ ඇයි? එකට හේතුව මට පෙන විදිහට පිරිමි බයයි ගැහැණියට බොන්න පුළුවන් ගාන ඒ ගොල්ලොන්ට වඩා වැඩි වෙයි කියල. හරි කමක් නැහැ මොනවා වෙනවද?

අවසානය ඇයි කෙල්ලෝ බොන ඒක වැරදි කියන්නේ? සමාජ සම්මතයට විරුද්ධ නිසාද? සමාජ විරෝධී වැඩ වෙන්නේ කෙල්ලෝ බිව්වම විතරද? අනික ඉතින් කෙල්ලෝ බිල වෙරි උනාම වාසිය කොල්ලන්ටනේ කෙල්ලොන්ටද? නැහැනේ 

ප. ලි. : මෙතන බොනවා කියන්නේ රට බිම නෙමේ මද්‍යසාර     


Wednesday, December 14, 2011

ගල් මුල් සහිතව මෙතෙක් ආ දුර

පොඩ්ඩක් බ්ලොග් එක ගැන ලියන්න හිතුන පහුගිය දවස් ටිකේ මුකුත් ලිව්වේ නැති හින්ද. හප්පේ දාපු සමහර කමෙන්ට් වලට නම් මට හිතුන කලන්තේ දාල වැටෙයි කියල. සමහරු කියල තිබ්බ කියල මං වෛශ්‍යාවක් වෙන්න හදනවා කියල කමක් නැහැ මං මේ බ්ලොග් එක ලියන්න ගත්තේ ඔය දේවල් දැන ගෙන තමා. ඕව අහන්න ලෑස්ති වෙලා එත් මේක ලියන්න අත හිත දීපු කෙනෙක් ඉන්නවා ඒ කෙනාව මතක් කරන්න හිතුන ඒ තමා පොඩි මෑන්


අදට බ්ලොග් එක පටන් අරන් මාසයයි දවස් 14 යි. ඇත්තම කිව්වොත් මං ලියන්න දන්නෙ නැහැ. තාම දැම්මේ පොස්ට් දහයයි හිතන්න ඉන්න පොස්ට් වලින් 1% ක් වගේ. එහෙම දාල මෙච්චර බනිනවා එත් කමක් නැහැ මං ලියන එක නවත්වන්නේ නැහැ. ඒක ඒකාන්තයි. සමහරු හිතනවා මං ඉන්නේ අසහනයෙන් කියල. නැත්තම් දුකෙන් නැත්තම් ලිංගිකත්වය කියන මානසිකත්වයෙන් කියල. එහෙම අයට කියන්න තියෙන්නේ නැහැ කොල්ලොන්ට තරම් අසහනයක් කෙල්ලොන්ට නැහැ. මොකද ඉවසීම කියන ඒක පුරුදු කරලා නිසා එහෙම ඉවසීමක් නැති උනානම් උබල අපි වගේ අය අද මෙතන නැහැ. මොකද මාස නයමක් ලමෙක්ව බඩේ  ඇතුලේ තිය ගන්න එකත් ඉවසීමක් ඇතිව කරන්න ඕනේ හින්ද. එහෙම ඉපදිච්ච කොල්ලොම තමා තව කෙල්ලෙක්ට අපහස කරන්නේ.


මට කා එක්කවත් තරහක් නැහැ මොකද මං කාලයක් අසාර්ථක වෙලා ඉදල දැන් ජිවිතේ අලුතෙන් පටන් අරන් තියෙන නිසා. ඒ 2008 දී. මං වැරදි කරලා තියෙනවා, නැහැ කියන්නේ නැහැ පාඩම් ඉගෙන ගෙන තියෙනවා. බැනුම් අහල තියෙනවා අම්මගෙන් ගුටි කල තියෙනවා හැබැයි ඒ පාඩම් ඉගෙන ගන්න. අද මට ඔලුව කෙලින් තිය ගෙන කියන්න පුළුවන් තත්වයක් කියන්න පුළුවන් මගේ වයසේ ඉන්න කෙල්ලෙක්ට වඩා මං ශක්තිමත් ඒ වගේම ජිවිතේ විදලා විදවල ඉන්න කෙල්ලෙක් කියල. අනික් කෙල්ලෝ වගේ තොදොල් වෙන්න දන්නෙ නැතුව නෙමේ. හුරතල් වෙන්න දන්නෙ අන්තුව නෙමේ. එත් සමහරුන්ට කසන් ගතියක් තියෙනවා කෙල්ලෙක් උදව්වක් නොඉල්ල තැනීම වැඩක් කර ගත්තොත් ඒකිගේ පල්ලෙහා ඒක නළලේ කියල කියන්න. නැහැ අදට ජය. මේ බ්ලොග් එකට අපු කමෙන්ට් කරපු හැමෝටම ස්තුති. සාදා ජය.....


ඔය කෙල්ලෙක් නම් කියන්න දෙයක් තියෙනවනම් අනෝ කමෙන්ට් එකක්වත් දාන්න මොකද මේක ලියන්නේ කෙල්ලෙක් නිසා හා අදහස් ප්‍රකාශ කිරීම තමාගේ aithiyak නිසා  

Friday, December 9, 2011

මට හිතෙන දේවල්

මිනිස්සු කියනවා ආදරය කියන්නේ ***** නෙමේලු, පිවිතුරු රෙද්දට නැහැ නැහැ වැරදුනා පිවිතුරු ආදරේට ****ත්වය ගාවන්න බැහැලු. රෙද්ද එහනම් ගංගාරාමේ, ගෝල්ෆේස් එකේ ගල් මුල් අස්සේ, වල් පදුරු අස්සේ, කාමර අස්සේ, පෙට්ටි අස්සේ, පෝය දවසේ, නිවාඩු දවසේ, අනේ මන්ද ඉරිදා, සෙනසුරාදා, සතියේ හැම දවසෙම දවල්ට, රෑට උදේට, ජෝඩු ජෝඩු මක් කරනවද? හරි හරි මතක් උනා. අනාගතේ සැලසුම් කරනවා. කසාද බදින්න කලින් කොච්චර දේවල් කරන්න තියෙනවද? හිතන්න තියෙනවද? එත් එහෙනම් මොකටද හතර වටේ ආරක්ෂක කොපු, රෝසමල් තුන ගානේ වැටිලා. මටනම් තේරෙන්නෙම නැහැ. 

******************************************************

කෙල්ලෙකු කොල්ලෙක්ටයි යාලු වෙන්න පුළුවන්, අරෙහෙ මෙහෙ යන්නත් පුළුවන් ගෙදර එන්නත් පුඋවන් හරි කමක් නැහැ. එත් මට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. කෙල්ලෙක්ට බඳින්නේ නැතිව ළමයෙක් හම්බ උනොත් එකී වල්කමේ ගිහින් එහෙම නැත්තම් දාන්ගලේට, අමාරුව හැදිලා , ගෙදරිනුත් එලවනවා, තවනම් දාහක් දේවල්. ඉතින් ඔය ගැණු ලමයටම කසාද බැදල කියක් හරි වියදම් කරලා හොද හොටෙල් කාමරේක හනි මුන් එකේදී හම්බෙන ළමය බලන්න යන්නෙත් ආඩම්බරෙන්, පාවඩ දල තමා ගෙට ගන්නේ. එතකොට අර විදිහයි මේ විදිහයි වෙනස් වෙන්නේ කොහොමද? ළමය හම්බෙන්නෙත් එක තැනිනම් ඔය සිද්ද වෙන දේවල් වෙනසකුත් නැත්තම් ඔකේ ඇති වැරැද්ද මොකක්ද? වෙනස මං කියන්නම් කලින් ළමය හදා ගත්තේ හොරෙන් තමන් ගේ පාඩුවේ උපරිම උනොත් රුපියල් දාහක් වියදම් කරලා. එත් දෙවනියට එහෙම නෙමේ මන් හනිමුන් යනවා කියල බෙර ගහල ලක්ෂ ගානක් වියදම් කරලා එකයි වෙනස වටේටම කන්න දීල බොන්න දීලනේ. මුන්ගේ බඩචාරී කමට කන්න දුන්නම කටවලුත් වැහිලා ....

දැනට මට මේ කියන දෙකම තේරෙන්නේ නැහැ එකම දේ දෙවිදිහකට කරාම ප්‍රතිපලය එකනම්,  එක විදිහක් වරදින්නේ කොහොමද කියල. මාර ප්‍රශ්නේ උසස්පෙළ කලේ ඉගැන්නුවේ මුලධර්මය මොනවා උනත් උත්තරේ හරියට එනවනම්  හරි කියල, කෙටි ක්‍රමම පාවිච්චි කරා. ඇඩෙනවා අප්පා ඉස්කෝලේ උගන්නපුව ඔක්කොම වැරදි වගේ එලියට ආවාම.

******************************************************




      

Thursday, December 8, 2011

කාගේද මේ ගැනී



හිත
කොහොම
වෙනස් වෙනවද මන්ද
හිතෙන හිතෙන විදිහට
මිනිස්සුන්ගේ
ඇද උඩදී
මගේ ගැනී
ගෙයි සාලේදී 
අපේ එවුගේ අම්ම
පිටදී
ගෙදර එක්කෙනා
ඈ බෝල
එතකොට
මන් උගේ ඇදෙදී විතරද?
**************************************
(මේක මට නිකන් ජොලියට ලිව්වා එකක්) හිකිස්

Wednesday, December 7, 2011

මං ගැන

මේ ජිවිතයේ කීදෙනෙක් තමන් කරපු දේ වැරද්දක් කියල පිළිගන්නවද? එහෙම කරපු දෙයක් වෙනුවෙන් අඩලා  තියෙනවද? මගේ අතිනුත් ලොකු වැරද්දක් උනා. එත් එක හදන්න තරම් මං පරක්කු වැඩි. හිතට දුකයි ඒ වෙන හේතුවක් හින්ද නෙමේ මං එහෙම කරපු එක ගැන. එත් එහෙම කරන වෙලේ මං හිටියේ හුගක් හොද සිහි කල්පනාවේ නෙමේ. ඔව් මං කිව්වනේ ම කෙල්ලෙක්. අවුරුදු ගානක් විකාරෙන් වගේ කොල්ලෙක්ට ආදරය කරපු කෙල්ලෙක් ඊට පස්සේ මං රැවටිලා ඉන්දැද්දී අතටම අහුවෙනකම් ඉවසන් හිටපු කෙල්ලෙක්. පස්සේ පිස්සියෙක් වගේ ඔහේ වැටිලා හිටියේ වෙච්ච දේවත් හිතා ගන්න බැරුව කොහොමද මිනිස්සු මෙහෙම කරන්නේ කියල. දුක කියන එක ඉවසන් ඉන්න බැරි තැනම ඇඩුව එත් කදුළු වලට ඉඩ නැති වෙනකොට හිතහදා ගන්නේ කොහොමද?.  එක පාරක්, දෙපාරක්, තුන් පාරක් සමාවදිදී ජිවත් උනේ ආදරේට. එත් ඒකම මගේ අසරණකම කියල පහර දෙද්දී,  මගේ අහිංසක අම්ම ඉස්සරහ මට වේසි කියල බනින ඒ මිනිහ මගේ මුළු ජිවිතෙන්ම අතුගාල දාන්න කියල කියද්දී මගේ හිතේ බලාපොරොත්තුවක් තිබ්බ. මු ඒකම එක දවසක් හරි මේ හැම දේම තේරුම් අරන් හැදෙයි කියල.


මේ මගේ ආදරේ හැටි : පැය ගණන් වරු ගණන් පාරවල් ගානේ රස්තියාදු වෙලා ඇති තනියම, වෙන දෙයක් හින්ද නෙමේ මොකද එයා පරක්කු හින්ද, යාළුවෙලා හිටියට අවරුදු හතරටම අපි ෆිල්ම් එකක බලල ඇත්තේ තුන් පාරක් එකත් අපේ ගෙදරින් බල කරපු හින්ද විතරයි. වෙන ගෙවල් වල ප්‍රශ්න  තහනම් අපිට තිබ්බේ නැහැ ඕනෑම තැනක එයත් එක්ක යන්න කියල මගේ අම්ම තාත්ත අවසර දීල තිබ්බ. ඒ විතරක් නෙමේ එයාව ඒ තරමට විශ්වාස කරා. සමහර වෙලාවට මටත් වඩා. මෙතැනදී මං කියන්නේ ඒ මිනිහත් එක්ක නිදාගන්න නෙමේ. එත් අද කලේ හුගක් යට නැති නිදහස එයාට ගෙදරටම එන්න. මව කොහේ උනත් එක්කන් යන්න. මගේ දෙමව්පියෝ එයාට සැලකුවේ ඒ ගොල්ලන්ගෙම පුතෙක්ට වගේ. එත් කවදාවත් එයාගේ අම්මවත්, තාත්තවත්, අපේ ගෙදරට කතා කළේවත්, නැහැ.


එයාගේ ආදරය : කෙල්ලෙක්ට කොල්ලෙක්ගෙන් ලැබෙන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා ඒ දේවල් හම්බ වෙන්නේ නැති වෙනකොට කිසිම නීතිමය බැදීමක් නැති කොල්ලෙක්වත් කෙල්ලෙක්වත් වරදේ බැදෙනවා නම් ඒක වරදක් නෙමේ. මෙතැනදී මම මාවම හරි ගැස්ස ගන්නවා නෙමේ එත් එකයි ඇත්ත. මුලින්ම වරදේ බැදුනේ එයා. වෙන කෙල්ලෝ වගේ නෙමේ මං. පුදුම තරම් නිදහස් වගේම සැහැල්ලු විදිහට මං ජීවිතය තේරුම් ගත්ත හින්ද වෙන කෙල්ලෙක් නොදෙන නිදහසක් දීල තිබ්බ. සුද්ද සිංහලෙන් කිව්වා යාලුවෙන්කොට උබට වෙන ක එක්ක හරි නිදා ගන්න ඕනේ නම් එහෙම නැත්තම් බඩුවක් ගහන්න ඕනේ නම් පලයන් කරලා වරෙන් හැබැයි මට කියල. එහෙම දේවල් පිටින් ආරංචි උනොත් මං තමුසෙට සමාව දෙන්නේ නැහැ කියල. කියන තරම් නිදහසක්. මොකද නීතියෙන් බැදුනත් නැතත් වෙන කෙනෙක්ගේ අසාවන් ගැන මට කිසිම අයිතියක් මට නැති හින්ද. මං අදටත් විශ්වාස කරන්නේ ඇත්තටම ආදරයනම් මිනිස්සු දාල යන්නේ නැහැ කියල. එත් අන්තිමට එච්චර නිදහසක් දීපු විව්රතව කතා කරන්න පුළුවන් වෙච්ච මාව අවුරුද්දක් රවට්ටපු ඒ මිනිහට අයෙ සමාව දෙන්න තරම් මං හොද උනා. ඒ මගේ හැටි අපි මිනිස්සු වැරදි කරන්නෙත් අපි සමාව දෙන්නෙත් අපි එත් ඒක දෙයක් තේරෙන්නේ නැහැ. ඇයි එහෙනම් මාත් එක්ක යාලු උනේ? සල්ලි වලට, ලස්සනට, නැහැ කෙහෙල්මල් ආදරේට. එතකොට ඕක ගැන පාපොච්චාරණය කරන්න මං හැමදේම හොයා ගන්නකම් හිටියේ ඇයි? ආදරේ කියන්නේ එකක් එක්ක ලගින් ගමන් අනික් එකාගේ ගෙවල් ගානේ රිංගන එකටද? නැහැ මට තේරෙන්නේ නැහැ එකට උතරයක් තවමත් එයා ගව නැහැ.


මං හිතන්නේ ඉතුරු ටික පස්සේ ලියමු කියල

Sunday, December 4, 2011

බලු කමට ආදරය





පෙම් කලෙමි
හද පුර
රැදෙන්නට
දිවි ඇති තුරා
ජීවිතය,
අතරමං කොට
මා
අනාවකට
දුවිලි ගසා
ඔබ ගිය කල
මට දොස් තියා
ගිය ඔබ ගැන
අංශු මාත්‍රයක්වත්
අහිතක් නොහිතපු
මම
උබව
නැවත පිළිගත්තේ
ආදරයේ නාමයෙන්
එත් උබේ බලු කමට
මට අහු උනේ
උබ ලගිද්දී
අපේ ඇදේ
ඒ වෙසිත් එක්ක